
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2019 December| 2019-12-18
අද දවස ඔබට
2019 දෙසැම්බර් මස 18 වන බදාදා
ඉර උදාව - පෙරවරු
06.16 ට
ඉර බැසීම - පස්වරු 17.59
රාහු කාලය
දිවා 12.16 සිට 13.45 දක්වා
රාත්‍රී 00.16 සිට 01.45 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත
මේෂ
ගැටලු මධ්‍යයේ තම වෘත්තිය කටයුතු කිරීමට සිදු වන දිනයකි. බණ භාවනා දී
ආගමික කටයුතු සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වේ. ගමන් බිමන් යෙදේ. මානසික අසහනය
ඇති වේ. ධන හානි ඇති වීමට ඉඩකඩ ඇත. සහෝදර සහෝදරියන් හදිසි අනතුරුවලට මුහුණ දීමට ඉඩ
පවතී. සතුරු කරදර අඩු වීමට ඉඩ ඇත. ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග වැළඳීමට හැකියාව
පවතී. අඹු සැමියන් අතර සමඟිය වර්ධනය වේ. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය
වර්ණය - රතු, ජය
අංකය -
09
වෘෂභ
කාව්‍ය නිර්මාණ කටයුතුවල නිරත වන්නන්ට ඉතා සුබදායකයි. දියවැඩියාව හා
හෘද ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් වඩාත් කල්පනාකාරීවන්න. විදේශ ගමන් සාර්ථක වීමට ඉඩ
පවතී. ප්‍රිය සම්භාෂණ සඳහා සහභාගි වීමට ඇරයුම් ලැබේ. ලොතරැයි දිනුම් ලැබීමට භාග්‍ය
පවතින දිනයකි. තමන් ව්‍යාපාරවල නිරත වන්නේ නම් ඒ තුළින් ලාභ උපයා ගැනීමට හැකි වේ.
නීතිමය කටයුතුවලින් පරාජයන් අත්විඳීමට හැකි විය හැකිය. කල්පනාකාරී වන්න. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය
වර්ණය - නිල්, ජය අංකය
- 05
මිථුන
ලාභ ලැබීමේ අදහසින් කරන කටයුතු අසාර්ථක විය හැකිය. මවු පාර්ශ්වයේ දේපළ
ඉඩකඩම් උරුම වීමට ඉඩ පවතී. තම දූ දරුවන් නිරත වන්නා වූ රැකියාවන් නිලතල තනතුරු
ලැබීම් පෙන්වයි. මෙතෙක් පැවැති මානසික ව්‍යාකූලතා නැති වී සිතට සහනය උදා වේ. විවාහ
ජීවිතය තුළ තරමක් ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ
අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අලුතින් වාහන මිල දී
ගැනීමට සුබදායක දිනයකි. කුරුල්ලන්ට
කෑමට ආහාර දමන්න. ජය වර්ණය - කොළ, ජය අංකය -
05
කටක
ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන දිනයකි. තමාට එන අභියෝගයන්ට
ශක්තිමත්ව මුහුණ දීමට හැකි වේ. අඹු සැමියන් අතර මතභේද තත්ත්වයන් පැන නැඟීමට ඉඩකඩ
පවතින බැවින් ඉවසීමෙන් කටයුතු කිරීමට උත්සාහ කරන්න. තුනටිය ආශ්‍රිත රෝග පීඩා
මතුවිය හැකිය. මවු පාර්ශ්වයෙන් ලැබීමට ඇති උරුමකම් හිමි වීමට ඉඩ පවතින දිනයකි. තමා
යටතේ සිටින සේවකයන් සම්බන්ධයෙන් විවිධ ගැටලු පැන නැඟිය හැකිය. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා
කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
තමාගේ තැන්පත් ධනය වර්ධනය වේ. ආදායම් තත්ත්වය ද යහපත් වේ. සේවකයන් අතර
ආරවුල් ඇති වීමට ඉඩකඩ පවතී. ප්‍රේම සබදතාවලට බාධා පැමිණීමට හැකියාව පවතී. තම සහෝදර
සහෝදරියන්ගේ රැකියාවන්හි දියුණුව අපේක්ෂා කළ හැකි වේ. නඩු හබවලින් ජය ලැබෙයි.
විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටු වේ. දරුවන් වෙනුවෙන් වැඩිපුර
කාලයත් ශ්‍රමයත් වැය කිරීමට වේ. සුරතල් සතුන්ට හානිදායකයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය
වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
තම ආදායම් මාර්ග වර්ධනය වන දිනයකි. ලොතරැයි දිනුම් ලැබීමට භාග්‍ය
හිමිවන සුබදායක දිනයකි. කතාවෙන් අන් අය පාලනය කර ගැනීමට හැකි වේ. ජලය ආශ්‍රිත
රැකියාවල නිරත පුද්ගලයන්ට ලැබීම් සඳහා සුබදායකයි. පවුලේ සාමාජිකයින් තුළ සතුට
සමාදානය වර්ධනය වේ. විදේශගතව අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම්
ඉටු වේ. මවට අපලදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග
කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
රැකියා කටයුතු සාර්ථක වුවත් ආයතන ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී
කල්පනාකාරී වන්න. පියාගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි. කීර්ති ප්‍රශංසා නම්බුනාම
හිමිවන දිනයකි. බෙල්ල ආශ්‍රිත රෝගාබාධ මතු වීමට ඉඩකඩ පවතී. තම දරුවන් සම්බන්ධයෙන්
සතුටුදායක ආරංචි ලැබේ. මෙතෙක් පැවති සතුරු කරදර තරමක් අඩුවීමක් විය හැකිය. ගේ දොර, ඉඩකඩම්, යාන වාහන සම්බන්ධයෙන් ගැටලූ මතුවිය
හැකිය. වාහන ධාවනය දී කල්පනාකාරී වන්න. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග
කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
නව ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතාමත් යහපත් දිනයකි. උසස් අධ්‍යාපන
කටයුතුවල නිරත වන දූ දරුවන්ට යහපත්ය. දීර්ඝ ගමන් බිමන් යෙදේ. වැය පක්ෂය ඉහළ යයි.
නීතියේ රැහැනට හසු වූවන්ට සහන සලසනු ඇත. පවුල තුළ සන්සුන් වාතාවරණයක් ගොඩ නැඟීමට
ඉඩකඩ පවතී. ඇස්, නාසය ආශ්‍රිත ආබාධ ඇති වීමට හැකියාව පවතී. මංගල
කටයුතු සාර්ථක වේ. ඥාතියකුගේ හමුවක් බලාපොරොත්තු වන්න. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා
කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය
- 09
ධනු
වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් තම දෛනික කටයුතු සාර්ථක කර ගැනීමට
හැකි වේ. හිසේ ආබාධ ඇති වීමට ඉඩකඩ පවතී. ආදායම් තත්ත්වය යහපත්ය. විශේෂයෙන් ව්‍යාපාරවල
නියුතු පුද්ගලයන්ට ලාභ උපයා ගත හැකිය. පවුලේ සාමාජිකයන් අතර මතභේද ඇති වීමට ඉඩකඩ
ඇත. කලා අංශය නිර්මාණකරණය තම වෘත්තිය කරගත් අය හට තම වෘත්තිය කටයුතු සාර්ථක කරගත
හැකි වේ. සුරතල් සතුන් නිසා ලෙඩ රෝග ඇති වේ. අලුයම අවදිව කිසිවක් පානය නොකර
සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය
- 03
මකර
රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන් ඉතා සුබදායක දිනයකි.
බලාපොරොත්තුවෙන් සිටි නිලතල, තනතුරු හිමිවීමට ඉඩ පවතී. පිය උරුමයෙන් ලබන ධනය
ලැබීම පෙන්වයි. පාද ආශ්‍රිත ආබාධ ඇති වීමට ඉඩකඩ පවතී. කලක් තිස්සේ පැවති ගැටලු
තත්ත්වයක් අවසන් වී සහනයක් ලැබීමට හැකියාව පවතී. කලා අංශයෙන් අධ්‍යාපනය ලබන දූ
දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ඉඩකඩ පවතී. ප්‍රේම සබඳතාවලට යහපත්
දිනයකි. වියළි ආහාර හා
තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
උෂ්ණාධික රෝග වැළඳීමට ඉඩකඩ පවතී. සතුරු කරදරවලට මුහුණ දීමට විය හැකිය.
දණහිස් ආශ්‍රිත රෝග පීඩා ඇති වීමට ඉඩකඩ පවතී. දරුඵල අපේක්ෂාවෙන් සිටි විවාහකයන්ගේ
බලාපොරොත්තු ඉටු වේ. විනෝද කටයුතුවලට කාලය වැඩිපුර යොදවයි. සේවක ගැටලු පැන නැඟුනත්
ඒවා විසඳා ගැනීමට හැකි වේ. ධාර්මික යහපත් මිතුරන් ඇසුරුට ලැබේ. අධ්‍යාපනය ලබන්නන්ට
යහපත් දිනයකි. ප්‍රිය සම්භාෂණයකට ආරාධනා ලැබෙයි. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය -
නිල්, ජය අංකය - 06
මීන
කාර්මික අංශයේ රැකියාවල නියුතු අයට සුබදායකයි. විවාහ අපේක්ෂිත තරුණ
තරුණියන්ට තම බලාපොරොත්තු ඉටු වේ. ආදායම් තත්ත්වය අඩු වේ. මව හදිසි අනතුරුවලට
මුහුණ දීමට ඉඩ පවතී. දායාද උරුම වේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත්ය.
කාලත්‍රයාට අසනීප ගති පෙන්වන දිනයකි. ව්‍යාපාර කොටස් මිල දී ගැනීමට යහපත් දිනයකි.
මවු උරුමයෙන් ලැබෙන දේපළ පිළිබඳ සතුටුදායක ආරංචි ලැබෙයි. කැකුළු සහල්වලින් තැනූ
කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්,
ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2019-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2019-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2019 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2019-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2019-Sinhala Baby
Girl Names 2019-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2019-sinhala
Baby Names with Meaning 2019-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2019-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2019-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2019 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2019-Rahu kalaya 2019-Rahu kalaya Today 2019-Rahu
kalaya August 2019-Rahu kalaya May 2019-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2019-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2019-Rahu kalaya in sri lanka-Rahu kalaya july
2019-Rahu kalaya july-Rahu kalaya litha 2019-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2019-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2019-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2019-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2019 july-Rahu kalaya 2019 january-Rahu
kalaya 2019 july 11-Rahu kalaya 2019 May 3
No comments: