Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-05

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-05 

අද දවස ඔබට

2020  ජනවාරි මස 05 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 06.24 
ඉර බැසීම  - පස්වරු 18.08
රාහු කාලය
දිවා 16.54 සිට 18.23 දක්වා
රාත්‍රී 04.54 සිට 06.23 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
ව්‍යාපාරික කටයුතුවලට යහපත් පරිසරයක් ගොඩනැඟේ. පිය උරුමයේ දේපළ ලැබෙයි. රැකී රක්ෂා දියුණු වන දිනයකි. දරුවන්ගේ අධ්‍යාපනයට කාලය කැප කිරීමට වේ. නිවසේ බඩු බාහිර ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. කැඩීම් බිඳීම්වලට හේතු වේ. ආදායම් ලැබීම් අතින් යහපත් මට්ටමක සිටියි. මිත්‍රයන් සමඟ අමනාපකම් ඇති වේ. වැඩිමහල් සහෝදරයෙකුගේ ගැටලුවකට මැදිහත් වේ. උරහිස්, බාහු ආශ්‍රිත වේදනා මතු කරයි. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
වැඩිහිටි අවවාද නොරුස්සයි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ගනුදෙනුවල දී ප්‍රවේශම් වන්න. නඩුහබවල දී ජය අත්වේ. චිත්ත පීඩාවලින් වැළකීමට ආගමික කටයුතුවල යෙදීම වඩාත් යහපත්ය. නිවසින් බැහැර දුර ගමනක් යෑමට සිදු වේ. මහජන සම්බන්ධතා කාර්යවල දී සැලකිලිමත් වන්න. තමා වෙත චෝදනා එල්ල විය හැකිය. උදරයේ ඉහළ කොටසේ වේදනා ඇතිවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල වැඩිදුර යෙදෙයි. බුද්ධිය මෙහෙයවා කරන වැඩවලට සුබයි. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
පපුව ආශ්‍රිත සෙම් රෝග හට ගනී. රැකියා ස්ථානයේ රාජකාරි බහුල දිනයකි. තමාට හිමි දේවල් අස්ථාන ගතවිය හැකිය. කල්පනාකාරීවන්න. තෙල් සහිත ආහාර උදරයේ ගැටලු ඇති කරයි. කලකින් හමු නොවූ මිතුරකු හමුවීමට අවස්ථාව සැලසේ. මවගේ උදවු උපකාර ලැබේ. වාහන මිල දී ගන්නන්ට යහපත්ය. ගෘහ ජීවිතය සාමකාමී වේ. සිතේ සැනසීමෙන් තම කටයුතු ඉටු කරගත හැකිය. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් පරිසරයක් උදා වේ.  දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
විද්‍යාව, සාහිත්‍ය, වෛද්‍ය කටයුතුවලට සුදුසු දිනයකි. ගමන් බිමන් අධික වේ. ගෘහ ජීවිතයේ ප්‍රීතිය අඩු කරයි. රහස් තොරතුරු එළි වෙයි. එමනිසා කතා කිරීමේ දී ප්‍රවේශම් වන්න. සහෝදරාදීන්ගේ සබඳතා අඩු වේ. කථික, විවාද වැනි තරගවලින් ජය ලැබේ. මුත්‍රා ආබාධ දණහිස් ආබාධ ආදිය ඇති විය හැකිය. නිවසේ වැඩකටයුතුවල දී කඩිසර වේ. අවස්ථානුකූලව තම කාර්යයන් බාධාවකින් තොරව ඉටු කර ගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය ලැබේ. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
කාලයක් තිස්සේ නිම නොකළ වැඩ අවසන් වේ. අලංකාරය වෙනුවෙන් මුදල් වියදම් වේ. ආමාශයේ උෂ්ණ රෝග හා ස්ත්‍රීන්ට ගර්භාෂයේ දෝෂ ඇති කරයි. අධ්‍යාපන කටයුතු සාර්ථකයි. මංගල යෝජනාවලට සුභයි. ගෘහ ජීවිතය අවබෝධයෙන් යුතුව ගත කරයි. හවුල් ව්‍යාපාර ආදියේ යෙදෙන අයට සුබදායක තත්ත්වයන් වේ. ක්‍රියාශීලී දිනයකි. සේවකයෝ ද මහත් උනන්දුවෙන් වැඩ කරයි. මවු පාර්ශ්වයේ කෙනෙකුගේ රෝගී තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙයි. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
අධ්‍යාපනය ලබන්නන්ට යහපත් දවසකි. කෙටි ගමන් බිමන් යෙදේ. පොළොව ආශ්‍රිත කටයුතුවල දී වැඩි ආදායමක් ලැබේ. ඉඩකඩම්, ගේදොර, යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ. ප්‍රයෝගවලට හසු වීමට සිදු වේ. ප්‍රේම සබඳතාවලට බාධා පැමිණිය හැකිය. උෂ්ණාධික රෝග හට ගනී. චිත්ත ශක්තියෙන් සියලු ගැටලුවලට මුහුණ දුන්නොත් ජය ලැබේ. උද්යෝගයෙන් වැඩ කළ හැකි දිනයකි. බොහෝ කාලයක් තිස්සේ පැවතුණු ගැටලුවක් විසඳේ. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
තමාගේ යහපත පිණිස දුර ගමනක් යෑමට සිදු වේ. දූ දරුවන් සම්බන්ධයෙන් ප්‍රීති වීමට අවස්ථාව උදා වේ. ණය මුදලක් පියවීමට අවස්ථාව සැලසේ. විවාහකයන්ට දරුඵල බලාපොරොත්තු ඉටුවන දිනයකි. සේවක පාර්ශවයෙන් ගැටලු සහගත දේ වේ. රැකියා ස්ථානයේ කාර්යක්ෂමව වැඩ කරයි. රජයේ ගෞරවයට හා ප්‍රසිද්ධියට පත්වේ. රාජකාරියේ දී ප්‍රශංසා හිමි වේ. විවාහයෙන් දේපළ ලැබේ. උපක්‍රම යොදා කරන වැඩවලට දක්ෂ වෙයි. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
අධ්‍යාත්මික අංශයට වැඩි නැඹුරුතාවක් ඇත. වැඩිහිටියන්ගේ උපකාර ලැබේ. උසස් අධ්‍යාපනයට ජයයි. පියාට ඉතාම සුබයි. ප්‍රේමවන්තයන්ට බාධක මඟ හැරේ. අඹුසැමි සබඳතා වර්ධනය වේ. ගෘහ ජීවිතය යහපත්ය. නිවසට අලුතින් පිරිසක් පැමිණේ. සහෝදරයන්ගේ කාර්යයක් සඳහා කාලය ශ්‍රමය කැප කරයි. ඔබගේ උපදෙස් බොහෝ දෙනා පිළිගනිති. වාසනා ගුණය ඉස්මතු වී පෙනෙන දිනයකි. උසස් සිතුවිලි අනුව ක්‍රියා කරයි. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
ආදායම් ලැබීම මෙන්ම වියදම් ද අධික වේ. උරුමයෙන් ලැබෙන දේපළ හිමි වීමට ඉඩ ඇත. උරහිස් හෝ පෙනහළු ආශ්‍රිත ආබාධ මතු විය හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත අය අවධාන‍යෙන් සිටිය යුතු දිනයකි. හදිසි තීරණ ගැනීමෙන් පාඩු සිදුවිය හැකිය. එම නිසා කල්පනාකාරීව තම කාර්යයන්හි යෙදීම මැනවි. සතුරු පීඩාවලින් ජය ලබයි. ගෘහ ජීවිතයේ කටයුතුවල දී සුළු පසුබැස්මක් හටගනී. නව සොයා ගැනීම් ආදියට සුබයි. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03
මකර
ඥාති සම්බන්ධතා වර්ධනය වේ. උසස් අධ්‍යාපනයට නැඹුරුතාව ඇති වේ. හැරගිය හිත මිතුරන් නැවත එක් වේ. විදේශ සංචාර බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. එදිනෙදා කටයුතු වෙනදාට වඩා උද්යෝගයෙන් සිදු කරයි. ශරීරයේ ලේ ගමන පිළිබඳ සැලකිලිමත්වන්න. ධෛර්යය හීනවන දිනයකි. ශරීරයේ දෙඅත් ආශ්‍රිත රෝගාබාධ හට ගනී. සිතේ දුබල ගතිය ඉස්මතු වෙයි. දේපළ ඉඩකඩම් ගෙවල් දොරවල් වැනි නිශ්චල දේපළවලින් වාසි අත්වේ. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
ගෙදර දොර වැඩ කටයුතු පිළිවෙලයි. සේවකයන්ගේ වැරදි අතටම හසු කර ගනියි. ප්‍රේම සබඳතාවලට බාධක ගෙන දේ. පවුලේ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් දුර ගමනක් යෙදේ. රැකියා ස්ථානවල තම හැකියාව ප්‍රදර්ශනය කරයි. ආගමික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වයි. මහජන සම්බන්ධතාවලට සුභ දිනයකි. වැඩිහිටියන්ගෙන් උරුම වස්තු හිමි වේ. බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගනියි. දේශපාලනයෙහි නිරත වන්නන්ට ඉතාමත් සුභ දිනයකි. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
කාර්යබහුල තත්ත්වයේ පසුවන්නන්ට විවේකය ලැබේ. හිසේ ස්නායු සම්බන්ධ රෝග ඇති වීමට පුළුවන. අධ්‍යාපනයේ නිරත වන්නන්ට එතරම් සුබ දිනයක් නොවේ. චිත්ත පීඩා ඇති වේ. අනතුරු ඇති කරවන බැවින් කල්පනාකාරී වන්න. දිනයේ සවස් කාලයේ අලස බව ඇති කරයි. ගෘහ ජීවිතයට බාධක කරදර පැමිණේ. තමා පදිංචි ස්ථානයේ ගැටලු ඇති වේ. සතුරන් ඉදිරියේ පසු නොබසින දිනයකි. මිත්‍රයන්ගෙන් උදවු උපකාර ලැබේ. පොදු සේවා සඳහා කාලය කැප කරයි. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03






















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.