
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-07
අද දවස ඔබට
2020 ජනවාරි මස 07 වන අඟහරුවාදා
ඉර උදාව - පෙරවරු 06.25 ට
ඉර බැසීම - පස්වරු 18.09 ට
රාහු කාලය
දිවා 15.25 සිට 16.54 දක්වා
රාත්‍රී 03:25 සිට 04.54 දක්වා
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර
මේෂ
මිතුරුන් සමඟ කටයුතු කිරීමේ දී වෙනදාට වඩා
කල්පනාකාරී වන්න. ඔබගේ සහෝදර සහෝදරියන් සමඟ සුහදව අද දිනයේ කටයුතු කිරීමට ලැබෙයි.
අධ්‍යාපන කටයුතුවල නිරත අයට තරමක් වෙහෙසකාරී දිනයක් වනු ඇත. පියාට තරමක් අපලකාරී
බවක් පෙන්නුම් කරයි. ආදායම් තත්ත්වය සුබදායක නැත. හෘද රෝග අවදානමක් පෙන්නුම් කරන
බැවින් තෙල් සහිත ආහාර ගැනීමේ දී කල්පනාකාරී වන්න. ආගමික කටයුතුවලට යොමු වන්න. කැකුළු
සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායකය. මානසික
පීඩනය වැඩි කරවන දිනයකි. පියා සතු දේපළ ඉඩකඩම් ලැබීමක් පෙන්නුම් කරයි. අද දිනය තුළ
ඔබට ආදායම් තත්ත්වය වැඩි කර ගැනීමට නම් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුවේ. නඩු හබ
ආදියට පැටලීමට ඉඩකඩ ඇති බැවින් අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. ප්‍රේම
සබඳතාවලට කරදර බාධා ඇති වේ. උදරාබාධවලට හේතු වේ. කල්පනාකාරී වන්න. ගුණවත්
කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
තම මතයට අනුවම කටයුතු කිරීමට ගොස් අනවශ්‍ය ප්‍රශ්නකාරී
දේ ඇති කර ගනියි. ගෘහ ජීවිතයේ දී තරමක් කල්පනාකාරී ලෙස කටයුතු කරන්න. රැකියා
කටයුතුවල සාර්ථක දියුණුවක් පෙන්වන දිනයකි. කරන සියලු කටයුතු ආත්ම විශ්වාසයෙන්
යුතුව කිරීමෙන් ලැබෙන වාසි ඔබගේ යහපත පිණිස හේතු වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු
කෙරෙහි දවසේ වැඩි කාලයක් වැය කරයි. ප්‍රේම සබඳතාවලට අසුබදායක වේ. නින්දට බාධා ඇති
කරයි. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
ජය වර්ණය - කොළ, ජය
අංකය - 05
කටක
අද දිනය ඔබට ධනය ලැබීමට සුභ දිනයකි. දරුවන්ගේ අධ්‍යාපන
කටයුතු තුළ සුළු වශයෙන් බාධා පෙන්නුව ද උත්සාහවන්තව කටයුතු කිරීමෙන් එම බාධා මඟහැර
ඉදිරියට යෑමේ හැකියාව ඇති වේ. අන් අය සමඟ කටයුතු කිරීමේදීත් සිත් රිදවීම් ආදිය
සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවනුු ඇත.
පිත්තාශය සම්බන්ධ රෝග හට ගැනීමේ අවදානමක් පවතී. කල්පනාකාරී වන්න. මිතුරු ඇසුරට සුබ
නැත. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02
සිංහ
අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දේ. අද දිනයේ දී තරමක්
පීඩාකාරී හේතු ඇති කරන දිනයකි. පියාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔබ සතු මුදල් වැය
කරන්නට සිදු වේ. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී ගැටළු ඇති විය හැකිය. කල්පනාකාරී
වන්න. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. සමාජයේ විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමේ දී ඔබ
කල්පනාකාරී විය යුතුය. නීතිමය ලියකියවිලි අත්සන් තැබීමේ දී තරමක් කල්පනාකාරී වන්න.
බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
විදේශ ශිෂ්‍යත්ව හා රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු
වන අයට සුබදායක ආරංචි ලැබෙන දිනයකි. සමාජය තුළ හා පවුල් ජීවිතය තුළ කටයුතු කිරීමේ
දී ඔබ වෙනදාට වඩා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයකි. දේපළ ඉඩකඩම්වලින් ලාභ
පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබදායකය. අවිවාහක අයට යහපත්
මංගල යෝජනා ස්ථිර කරගත හැකිය. සමාජය තුළ කතා කරන පුද්ගලයකු බවට පත් වේ. ඉර බැසීමට
විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය -05
තුලා
අන්‍යයන් සමඟ වචන හුවමාරුවේ දී වෙනදාට වඩා
ඉවසිලිවන්තව හා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. තමා බාරගත් ක්‍රියාවක් ප්‍රශංසනීය
ලෙස අවසන් කිරීමට අවස්ථාව ලැබේ. අද ඔබ හදිසි අනතුරු ආදියට ද ලක්විය හැකි බැවින්
කල්පනාකාරීව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාරවලින් ලැබීම පෙන්නුම් කරයි. ප්‍රේම
සබඳතාවලට බාධා මතු වේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. ජලය ආශ්‍රිත
ක්‍රියාවලින් වළකින්න. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
රැකියා කටයුතුවල ලැබීම් ගෙන දෙන දිනයකි. තම සිතට එන
අදහස් එලෙසම ක්‍රියාත්මක කිරීමට ගොස් ඔබට අද දිනය තුළ හොඳ නමට කැළලක් ඇති වීමේ
අවදානමක් පවතී. එම නිසා ඔබ අද කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. වෙළඳාම් ආශ්‍රිත
රැකියා කටයුතුවල නිරත වන්නන්ට අද දිනයේ නොසිතූ ලාභ හිමි වේ. ඇස් ආශ්‍රිත රෝගාබාධ
තත්ත්වයන් මතුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. නීතිමය ගැටලු ඇති කළ හැකිය. කළු තල
පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය -09
ධනු
අද දිනය තුළ ඔබට රහස් සතුරු කරදර එල්ල වන දිනයකි.
මවගේ අසනීප තත්ත්වයන් වෙනුවෙන් ඔබට වෙහෙසීමට සිදුවේ. වැය පාර්ශ්වය ඉහළ යනු ඇත.
වෙළඳ කටයුතුවලින් බාධා එල්ල වේ. මානසික පීඩා ආදිය ගෙන දෙන බැවින් ආගමික කටයුතුවල
යෙදීම සුබදායකයි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. හවුල් ගිවිසුම් ආදියට අත්සන්
තැබීමේ දී දෙවරක් කල්පනා කළ යුතු දිනයකි. අයහපත් මිතුරු ඇසුර සුබ නැත. වියළි ආහාර
හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය -03
මකර
බොහෝ දුරට ඔබ අද දිනය තුළ ආගමික කටයුතුවල නිරත වීම
තුළින් එළැඹෙන බාධා මඟ හරවා ගත හැකිය. ඔබගේ වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. උසස් අධ්‍යාපන
කටයුතුවල නිරත දරුවන්ට තරමක් බාධාකාරී වේ. රජයේ දඬුවම්වලට ලක්විය හැකි බැවින් ගමන්
බිමන් ආදියේ දී කල්පනාකාරීවන්න. සතුරු පීඩාවලින් මෙන්ම රෝග පීඩාවලින් ද ආරක්ෂා විය
යුතු දිනයකි. අයහපත් මිතුරු ඇසුර අවදානම් සහගතය. උරග සතුන්ගෙන් ප්‍රවේසම් වන්න. කෝවිලකට
හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය -08.
කුම්භ
රැකියා කරන ස්ථානවල දී තමා බොහෝ පිරිසකගේ නායකයකු
බවට පත්වේ. අද දිනය තුළ දූ දරුවන්ගේ වැඩ කටයුතු කෙරෙහි වැඩි කාලයක් ශ්‍රමයක් කැප
කිරීමට සිදුවන දිනයකි. මුදල් වියදම් කිරීමේ දී දෙවරක් සිතා බලා වියදම් කිරීම
තුළින් නිෂ්ඵල වියදම් අඩු කරගත හැකිය. උසස් අධ්‍යාපනයේ නිරත අයට විදේශ ශිෂ්‍යත්ව
සඳහා ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායකය. උදරයේ පහළ අසනීප ගති මතු කරවිය හැකිය. මල්,
සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ඉවසිලිවන්තව අද දිනය තුළ කටයුතු කිරීම තුළින් හවුල්
ව්‍යාපාර ආදියෙන් වාසි ළඟා කරගත හැකිය. ආදායම් මාර්ග තුළ යම් වර්ධනයක් පෙන්නුම්
කරයි. විවාහ ජීවිතය තුළ දී අද දිනයේ ඔබ ඉවසිලිවන්තව කටයුතු කරන බවක් පෙනේ. නිවාස
කුලියට දීමේ දී හා කුලියට ගැනීමේ දී ප්‍රවේශමෙන් කටයුතු කරන්න. වැඩිමහල් සහෝදර
සහෝදරියන්ගෙන් ඔබට අද දිනයේ උදවු උපකාර ලැබෙනු ඇත. යහපත් අසල්වාසීන් ඇසුරට ලැබේ. අලුයම
අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: