
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 February | 2020-02-24
අද
දවස ඔබට
2020 පෙබරවාරි මස 24 වන සඳුදා
ඉර උදාව - පෙරවරු 06.25 ට
ඉර බැසීම -
පස්වරු 18.22 ට
රාහු කාලය
දිවා 07.55 සිට 09.24 දක්වා
රාත්‍රී 19.55 සිට 21.24 දක්වා
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව
- වයඹ
මේෂ
විදේශගතව සිටින
අයකුගෙන් ඔබට විශේෂ උපකාරයක් ලැබෙයි. සමාජ සේවා කටයුතුවල දී වැඩි පිරිසක් සමඟ
කටයුතු කිරීමට ඔබට අවස්ථාව සැලසෙයි. ඔබ පිරිසක් මෙහෙයවන්නකු බවට පත් කෙරේ. ප්‍රේම
සබඳතාවලට අද සුබදායක දිනයක් වේ. පිය පාර්ශවයේ ඥාතීයකුගේ හමුවක් සිදුවන දිනයකි.
විනෝද ක්‍රීඩා ආදියෙන් අද දිනයේ ජයග්‍රහණ ළඟා කරයි. තෙල් සහිත ආහාර නිසා උදරාබාධ
හට ගනී. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න.ජය වර්ණය - රතු, ජය අංකය - 09,
වෘෂභ
වංචා සහගත කරුණු
නිසා අද දිනයේ ඔබ අපහසුතාවයට පත් කරවයි. නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් කැප
කරයි. ඉඩකඩම් හා භූමිය සම්බන්ධ කටයුතුවලින් වැඩි ලාභ අත්වන දිනයකි. මිතුරු සබඳතා
ආදී කටයුතුවලට අද දිනය සුබදායක දිනයක් නොවේ. විදේශ ගමන් බලාපොරොත්තුව සිටින අයගේ
පැතුම් ඉටු වේ. උදරාබාධ හෝ පපුව ආශ්‍රිත වේදනා මතුකර විය හැකිය. හදිසි අනතුරුවලින්
ප්‍රවේසම්වන්න. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - නිල්, ජය අංකය - 05,
මිථුන
නිවසේ අලංකාරය
සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවන දිනයකි. රූපලාවණ්‍ය කටයුතු සඳහා ද වෙනදාට වඩා
වැඩි අවධානයක් යොමු කරයි. ඥාතීන්ගේ ප්‍රශංසාවට
ඔබ ලක්විය හැකිය. ප්‍රේම සබඳතා සඳහා සුබදායක දිනයක් වේ. ආගම දහම කෙරෙහි වැඩි කැප
කිරීමක් කරයි. මවු පාර්ශවයේ ඥාතියකුගේ හමුවීමක් සිදු වේ. රථ වාහන අලෙවි කටයුතුවල
නිරත අයගේ ආදායම් තත්ත්වය වැඩි දියුණු කරයි. දෙපතුල් ආශ්‍රිත වේදනා මතු කරවිය
හැකියි. අද දින රස කැවිලි දන් දෙන්න.ජය වර්ණය - කොළ, ජය අංකය - 05,
කටක
මනසේ සතුට ළං
කරවන දිනයක් වනු ඇත. ආර්ථික කටයුතු යහපත් වේ. ළඟම ඥාතියකු හමුවක් පිළිබඳ සුබ
ආරංචියක් ඔබට ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තම කටයුතු සාර්ථක කරගත හැකිය.
ජලය ආශ්‍රිත විනෝද ක්‍රීඩාවල නිරත අයට ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයකි. නව
මිතුරු සබඳතා කිහිපයක් ඇති කරවයි. ප්‍රභූ පිරිස් විය හැකියි. දණහිස් ආශ්‍රිත
වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - ක්‍රීම්
පාට, ජය අංකය - 02,
සිංහ
ගේ දොර කටයුතුවල
දී වෙහෙසක් මතුකර විය හැකියි. බඩු බාහිර ආදියේ ද වෙන වෙනස්කම් සිදු වේ. මුදල්
කටයුතු නිසා අද දිනයේ ඔබ අපහසුතාවයට පත් කරවයි. සහෝදරයන් සමඟ සුහදතාවන් ඇතිවිය
හැකිය. නව ව්‍යාපාර ආදියෙන් ආර්ථික තත්ත්වය වර්ධනයට සැලසුම් සැලසේ. හිතවතුන් කිහිප
දෙනෙකුගේ සම්භාෂණයකට ආරාධනා ඔබට ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක්
පෙන්නුම් කළ හැකි දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය -
රතු, ජය අංක - 01,
කන්‍යා
දූ දරුවන්ගේ
විනෝද කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා මහන්සියක් ගැනීමට සිදු වේ. තරගකාරී කටයුතු කරන
අයට තම කටයුතු සාර්ථක කරගත හැකියි. සංග්‍රහ කටයුත්තක් ඔබ නිවසේ සිදු වේ. පවුලේ
අවශ්‍යතාවක් සඳහා දුර බැහැර ගමන් ආදිය ද ඇති කරයි. කාලත්‍ර පාර්ශවයේ හදිසි අසනීප
තත්ත්වයක් මතු කරවිය හැකිය. තම උපදෙස් පතා එන අයගේ ඔබට විශේෂ ප්‍රශංසාවක් හිමි වේ.
දණහිස් ආබාධ ආදිය මතු කරවයි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - කොළ, ජය අංකය -05,
තුලා
තරග කටයුතුවලින්
බලාපොරොත්තු ප්‍රතිඵල අත් වෙයි.ප්‍රිය සම්භාෂණයකට හෝ වැදගත් උත්සව අවස්ථාවකට
සහභාගි වීමට අවස්ථාව ලැබෙයි. සෙම් රෝග ආදිය මතුවීමේ අවදානමක් ඇත. ප්‍රේම සබඳතාවලට
සුභ දිනයක් වේ. කෘමි සතුන්ගෙන් හා නිවෙස ආශ්‍රිත ඇති කරන සතුන්ගෙන් ප්‍රවේසම් විය
යුතු දිනයකි. හවුල් ව්‍යාපාර ආදියෙන් බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබෙයි. ත්‍යාග ආදිය
ලැබීමට සුභ දිනයකි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,
වෘශ්චික
ජාතික උත්සවයක් පිළිබඳ
කටයුත්තක් සඳහා ආරාධනාවක් ලැබෙයි. මිතුරු සබඳතා කටයුතුවල ප්‍රීතියක් පෙන්වන
දිනයකි. ආදායම් මාර්ගවලින් ද අපේක්ෂිත ප්‍රතිඵල අත් කරවයි. සහෝදරයකු පිළිබඳ
කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් යොමු කරවයි. දූ දරුවන්ගේ විනෝද කටයුතු වෙනුවෙන්
වෙනදාට වඩා මහන්සියක් දැරීමට සිදු වේ. උදරයේ පහළ කොටස ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන්
මතු කරවයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය -09,
ධනු
ජයග්‍රහණ
බලාපොරොත්තුව සිටි අයගේ බලාපොරොත්තු ඈතට ගමන් කරයි. උෂ්ණාධික ආහාර නිසා අද දිනයේ
ඔබ අපහසුතාවයට පත්විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. සේවක
කාරකාදීන්ගේ හමුවක් සංවිධානය වේ. නිවසේ කටයුතු වෙනදාට වඩා කාර්යක්ෂම බවකින් ඉටු වන
ආකාරය දැකිය හැකිය. මුත්‍රාශය ආශ්‍රිත ආබාධයන් නිසා ඔබ අපහසුතාවයට පත් වෙයි. අද
දින නිර්මාංශව සිටින්න.ජය වර්ණය - රන්වන්, ජය අංකය -03
මකර
ඔබගේ සෞඛ්‍ය
තත්ත්වය පිළිබඳව අද දිනය එතරම් සුබදායක නැත. විනෝද ක්‍රීඩා කටයුතුවලින් වැඩි
වාසිදායක තත්ත්වයක් මතු කරවයි. රසවත් ආහාර ආදිය පිළියෙල වේ. යුග දිවියේ
කටයුතුවලින් බලාපොරොත්තු වන සතුට ළඟා කරයි. ආදායම් ලබන කටයුතු සඳහා එතරම් සුබ
දිනයක් නොවේ. සමාජ සේවා කටයුතුවල නිරත අයට තම බලාපොරොත්තු ඉටු කරගත හැකිය. අක්ෂි
ආබාධ මතු කරවයි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08,
කුම්භ
මිතුරු සබඳතාවල
විශේෂ දියුණුවක් අපේක්ෂා කළ හැකි දිනයකි. තුන්වැනි පාර්ශවයක් හා සිදු කරන
ගනුදෙනුවල දී අවාසිදායක දේ සිදුවිය හැකිය. තරගකාරී කටයුතුවලට එළැඹීම් ආදියට
සුබදායක නැත. මුත්‍රාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයක් ඔබ අපහසුතාවයට පත් කරවයි.
සහෝදරයකුගේ හමුවක් වෙනුවෙන් වැඩි මහන්සියෙන් කටයුතු සිදු කරයි. විදේශ ගමන් ආදිය
බලාපොරොත්තු වන අයට සුබදායක නැත. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,
මීන
තරග - ක්‍රීඩාවලට
පෙනී සිටින අයට අද දිනය ඉතා යහපත්ය. විනෝද ක්‍රීඩාවලින් ජයග්‍රහණ අත් කරවයි. නිවසේ
කටයුතුවල විශේෂ දියුණුවක් පෙන්වයි. නිවසේ වටිනා බඩුබාහිර ආදිය මිල දී ගැනීමක්
සිදුවිය හැකියි. යුග දිවියේ කටයුතු සාමකාමීව සිදු වේ. පිය පාර්ශවයේ ඥාතීන්ගේ
කටයුත්තක් වෙනුවෙන් ගමන් කිහිපයක් සිදුවනු ඇත. මුත්‍රා ආසාදන ආදියෙන් ඔබ පීඩාවට
පත් කරවයි. තෙල් සහිත ආහාරවලින් ප්‍රවේසම් වන්න. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න.ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03,
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: