
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 February | 2020-02-29
අද දවස ඔබට
2020 පෙබරවාරි මස 29 වන සෙනසුරාදා
ඉර උදාව -
පෙරවරු 06.23 ට
ඉර බැසීම - පස්වරු 18.22 ට
රාහු කාලය
දිවා 09.23
සිට 10.52 දක්වා
රාත්‍රී 21.23
සිට 22.52 දක්වා
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
හවුල් ව්‍යාපාර නව ගිවිසුම් ආදියට එළඹීම සඳහා අද
දිනය සුබදායකය. යහපත් පවුල් සබඳතා ගොඩ නැගෙනු ඇත. ගේ දොර කටයුතු වෙනුවෙන් පවුලේ
අයගේ සහයෝගය ලබමින් කටයුතු කරයි. වෙළෙඳ ව්‍යාපාර ආදියට ද සුබදායක දිනයකි. තෙල්
සහිත ආහාර වර්ග අද දිනයේ ඔබට පීඩාකාරී දේ විය හැකිය. ප්‍රේම සබඳතා ආදියට සුබදායක දිනයකි. ගනුදෙනු ආදියේ දී ප්‍රවේශම්
විය යුතුය. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ මතු කරයි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින්
සැරසෙන්න. ජය වර්ණය - රතු,
ජය අංකය - 09
වෘෂභ
පවුලේ සමඟිය සතුට රැඳෙන දිනයකි. දූ දරුවන් අතරේ වැඩි
කාලයක් ගත කිරීමට සිදු වේ. පැරණි හිත මිතුරන් කිහිපදෙනෙකු හමුවීමට අවස්ථාව සැලසේ.
පුණ්‍ය කටයුතු වෙනුවෙන් කාලයක් යොමු කරනු ඇත. හදිසි අනතුරු ආදිය පෙන්නුම් කරන
දිනයක් නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. ආහාරපාන ආදිය ගැනීමේ දී සෞඛ්‍ය තත්ත්වය
පිළිබඳව කල්පනා කළ යුතුය. නිම කිරීමට නොහැකිව තිබූ කාර්යයක් නිම කිරීමට හැකි වේ.
සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
සාමය සමඟිය පවුල තුළ රැඳෙනු ඇත. බාධා අවහිර මතු
වුවත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකි වනු ඇත. ප්‍රේම සබඳතා ආදියට
සුබදායක දිනයකි. යහපත් දරු උපත් බලාපොරොත්තු වන අයට අද දිනය සුබදායකය. විනෝද ක්‍රීඩා
ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් ආදියෙන් අද දිනය ඔබ සතුටක් ලබයි. පැරණි හිත මිතුරන්
කිහිපදෙනෙකු හමුවීමට අවස්ථාව සැළසේ. වැඩිහිටි පිරිසකගෙන් ආශිර්වාද ලබා ගනු ඇත. අද
දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය
වේ. රසවත් ආහාරපාන ආදිය නිවසේ පිළියෙල වනු ඇත. ඈත ප්‍රදේශයක සිටින ඥාතියෙකුගේ
පැමිණීමක් ද බලාපොරොත්තු වන්න. කෘෂි කර්මය හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රගතියක්
පෙන්වන දිනයකි. නව නිවාස ආදියට ප්‍රවිෂ්ට වන අයට අද දිනය සුබදායක වනු ඇත. සම්ප්‍රදායික
හා කෞතුක දේවල් පිළිබඳ හැඟීම් අලුත්වන දිනයකි. වැය පාර්ශවය අධික වේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය
අංකය - 02,
සිංහ
ජාතික හැඟීම් මතුවන ආකාරයේ උත්සව ආදියට සම්බන්ධ වීමට
අවස්ථාව සැලසේ. හදිසි මිතුරු හමු සංවිධානය වේ. යහපත් අල්ලාප සල්ලාපය අද දිනයේ ඔබගේ
මානසික ප්‍රබෝධය පිණිස වේ. දූ දරුවන්ට හදිසි අනතුරු ආදිය පෙන්නුම් කරන නිසා ඒ
පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද බාධාකාරී දේ වේ.
උරහිස් ආශ්‍රිත ආබාධ තත්ත්වයන් මතු කරවිය හැකිය. ආගමික භක්තිය වැඩි වේ. රතු පැහැයට
හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
තැන්පත් ධනය වැය කරවා ආර්ථික තත්ත්වය අයහපත් කරයි.
රූපලාවණ්‍ය අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. නිවසේ කටයුතු
පිළිවෙළකට තබා ගැනීමට උත්සාහ කරන දිනයකි. රසවත් ආහාරපාන අද දිනයේ ඔබගේ මනදොළ
සපුරාලනු ඇත. දූ දරුවන්ගේ කටයුතුවල දී අනතුරු ආදියෙන් ප්‍රවේශම් කරගන්න. තම වචන
භාවිතය බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාව පිණිස හේතු වනු ඇත. ආගමික සිතුවිලි වර්ධනය කරවයි.
නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
සාමාන්‍ය දින චර්යාව වෙනස් වන දිනයකි. කාර්යබහුලත්වය
ඔබගේ විවේකය අඩු කරයි. බොහෝ පිරිසක් සමඟ සාමූහික කාර්යයන්වලට මැදිහත් වීමට සිදු
වේ. ඥාති හිතවත්කම් අලුත් කර ගැනීමට ඉඩකඩ අවස්ථාව සැලසේ. නිවසේ කාර්යයන් සඳහා
පවුලේ අන් අයගේ සහයෝගය ලැබෙනු ඇත. තම පෞරුෂය පිළිබඳ අභිමානයක් ඇති වේ. වැය පාර්ශ්වය ඉහළ යන අතර අන් අයගේ සතුට
වෙනුවෙන් විය හැකිය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.
වෘශ්චික
පවුලේ අය සමඟ ප්‍රීතියෙන් ගත කිරීමට අවස්ථාව ලැබෙනු
ඇත. ගේ දොර කටයුතු ද වෙනදාට වඩා අධික කරවන දිනයකි. තම කාල වේලාව කළමණාකරණය කර
ගැනීමට වෙහෙසක් දැරීමට වේ. කල්ගතව තිබූ ගනුදෙනු කිහිපයකින් නිදහස් වීමට අද අවස්ථාව
සැලසේ. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාකාරී සිදුවීම් පෙන්වයි. අන්‍යයන් සමඟ
අදහස් හුවමාරු කර ගැනීමේ දී කල්පනාකාරී වන්න. ආගමික සිතිවිලි වර්ධනය කරවයි. පංච
වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
ආදායම් තත්ත්වය සුබදායක වුවත් වැය පාර්ශ්වය ද ඉහළ යන
දිනයකි. රෙදිපිළි හා රූපලාවණ්‍ය ව්‍යාපාරවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරයි. සමාජ
කාර්යයන් සඳහා වැඩි මැදිහත් වීමක් දක්නට ඇත. ඒ වෙනුවෙන් ඔබ සමාජ ගෞරවයට ද පාත්‍ර
වේ. මිතුරු සබඳතා අලුත් වනු ඇත. තමා වෙත පැමිණෙන අය පහසුවෙන් අවබෝධ කර කර ගැනීමට
අවස්ථාව ලැබෙයි. ආගමික භක්තිය වර්ධනය වන දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය
වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
වියදම් අධික කරවන දිනයකි. පවුලේ අය සමඟ වැඩි කාලයක්
ගත කිරීමට අවස්ථාව සැලසේ. සමාජයේ බොහෝ පිරිස් අතර ඔබ ප්‍රධානියකු බවට පත් වේ. කලක්
තිස්සේ නිම කිරීමට නොහැකිව තිබූ දෙයක් සාර්ථක ලෙස අවසන් කළ හැකිය. ආගමික භක්තිය
වැඩි කරවා ඒ පිළිබඳ කටයුතුවලට ද යොමු කරවයි. වැඩිහිටි ඥාතීන් ද අවවාද අනුශාසනා ලබා
ගත හැකි දිනයකි. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් වන්න. කහපාට වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
ආගමික භක්තිය වැඩි වේ. පවුලේ අය සමඟ එවැනි ස්ථානවලට
යෑමක් ද පෙන්නුම් කරයි. රෙදිපිළි ඇඟලුම් ආශ්‍රිත දේ මිල දී ගැනීමට වැය පාර්ශවය
අධික කරවයි. යහපත් මිතුරු සබඳතා ගොඩනැගෙන දිනයකි. සම්භාෂණ ආදියට ද ආරාධනා ලැබෙයි.
කෙටි ගමන් කිහිපයක් යෙදෙන දිනයකි. විදේශ ගමන් අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු සඵල
කරයි. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. විවේකය අඩු විය හැකිය. අද දින
නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය
අංකය - 06
මීන
වැඩි කලබලකාරී බවකින් යුතු දිනයකි. වැය පාර්ශවය අධික
කරවනු ඇත. නිවසේ කටයුතු සඳහා වැඩි කාලයක් වැය කරයි. වැඩිහිටි අයගේ ආශිර්වාද ලබා
ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. මවු පාර්ශවයේ අසනීපගති මතු කරවිය හැකිය. ජලය ආශ්‍රිත
විනෝද ක්‍රීඩා ආදියේ දී ඉතා කල්පනාකාරී විය යුතුය. රසවත් ආහාරපාන අද දිනයේ ඔබ
තෘප්තිමත් කරනු ඇත. මිතුරු සබඳතා ආදිය පැවැත්වීමේ දී කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: