
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 February | 2020-02-06
අද
දවස ඔබට
2020 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව - පෙරවරු 06.29 ට
ඉර බැසීම - පස්වරු 18.20 ට
රාහු කාලය
දිවා 13.59 සිට 15.28 දක්වා
රාත්‍රී 01.59 සිට 03.28 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව
- දකුණ
මේෂ
ඉවසීමෙන් යුතුව කටයුතු
කිරීමට සුදුසු වන දිනයකි. වයෝවෘද්ධ පුද්ගලයන්ගෙන් ගුරුහරුකම් හිමි වීමේ ඉඩක් පවතී.
ආගම දහමට සම්බන්ධ කටයුතුවල දී ප්‍රධානත්වයක් ගනී. ඉගෙනුම ලබන්නන් ඒ සඳහා වැඩි
පරිශ්‍රමයක් දැරීමට වේ. ව්‍යාපාර කටයුතුවල නිමග්න වන්නන් හට ඉන් යහපත් ප්‍රතිඵල
ලබා ගැනීමට හැකි වනු ඇත. දෙවියන් වන්දනා කටයුතුවල දී විෂ්ණු දෙවියන් හට ද පුද
සත්කාර කිරීමට පෙළඹීම නිසා වැඩි යහපතක් සලසා ගැනීමට අවස්ථාව හිමිවිය හැකිය. ජය
වර්ණය - රතු, ජය
අංකය -
09, නෙළුම්
මලක් පූජා කරන්න.
වෘෂභ
පවුල් දිවියේ
විවාහ යුවල අතර සිදුවන විහිළු තහළු වුව ද සීමා කළ යුතු දිනයකි. මුත්‍රා ආබාධ ද මතු
වීමට ඉඩ ඇත. පවුල් ප්‍රශ්න ඉවසීමෙන් හා ඉක්මනින් නිරාකරණය කර ගැනීමට වග බලාගත
යුතුය. උදරය ආශ්‍රිත සෞඛ්‍යමය ගැටලු ද ඇති විය හැකිය. දූ දරුවන්ගේ අධ්‍යාපනය
සම්බන්ධව පවතින ගැටළු නිරාකරණය සඳහා වෙහෙසිය යුතුය. අද දිනය තුළ පැමිණෙන අසුබ අවම
කර ගැනීම සඳහා ආගමික වතාවත් ආදියෙහි නියැලී සිටීමෙන් උපද්‍රව දුරු කර ගැනීමට හැකිවනු ඇත.ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
ජීවිතය තුළ
ලෞකික දේවල්ට වඩා ලෝකෝත්තර දෙය කෙරෙහි නැඹුරු විය හැකිය. ආදර සබඳතාවල දී යම් හේතු සාධක මත විවිධ කලකිරීම් හට
ගැනීමට ඉඩ ප්‍රස්ථා පැවතිය හැකිය. ගංගා, මුහුද ආශ්‍රිත කටයුතු හරහා විපත් ගෙන ඒමේ කිසියම් ප්‍රවණතාවක් පවතී. ඒ
සම්බන්ධ කටයුතුවල නිරත අය ප්‍රවේශම්වන්න. දේපළ සම්බන්ධ හවුල් ගිවිසුම් අත්සන්
තැබීමේ දී දෙවතාවක් සිතා බැලිය යුතුය. කලා කටයුතුහි නිරතවන්නන්ට ජාත්‍යන්තර අවස්ථා
ද හිමි විය හැකිය.ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
සතුරන් සමඟ
ආරවුල් ආදියට මැදි වීමට ඉඩ යෙදෙන දිනයක් වීමට ඉඩ ප්‍රස්තා පැවතිය හැකිය. නීතිමය
ගැටලු ආදියට මුහුණ දීමට සිදුවිය හැකි නිසා ප්‍රවේශම් විය යුතුය. රැකියා ස්ථානවල දී
කලබලකාරී ස්වභාවයක් පවතී. සහෝදරයන් හා සමගියෙන් කටයුතු කරයි. කායික හෝ මානසික පීඩා
යෙදිය හැකි අතර වෙහෙසකර බවක් ද දැනෙයි. මුත්‍රා රෝග ආදියෙන් අවදානමක් ඇත. කොයි
ලෙසකින්වත් අවදානම් සහගත ක්‍රියා ආදියට යොමු නොවී සිටිය යුතු වේ. ජය වර්ණය - ක්‍රීම්
පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
සමාජශීලී හෝ
ආගමික කටයුතු ආදියේ නිරත වීමේ ප්‍රවණතාවක් ඇත. කලා විෂය ක්ෂේත්‍රයේ නිරත වූවන්
උදෙසා එහි නව අධ්‍යාපනික තොරතුරු රැස්කර ගැනීමට ඉඩ ප්‍රස්ථා ලද හැකිය. විනෝද
කටයුතුවල නිරත වීමට එතරම් ඇලුම් නොකරයි. සාහිත්‍ය ප්‍රබන්ධ නිර්මාණකරුවන්ට සුබදායී
වනු ඇත. උසස් පුද්ගලයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වන දිනයක් වීමට ඉඩ ප්‍රස්ථා
පැවතිය හැකිය. පවුලට සම්බන්ධ නොයෙක් පින්කම් ආදියට යොමු වීමේ ඉඩකඩ පවතී.ජය වර්ණය -
රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
කුලී ගෙවල්වල
පදිංචිකරුවන් හට යම් අපහසුතා යෙදිය හැකිය. තමා යමක් භාරගෙන කටයුතු කිරීමේ දී ඒ
සඳහා සැලකිලිමත් විය යුතුය. ගේ දොර සුද්ද පවිත්‍ර කර තබා ගැනීමට වෙහෙසී කටයුතු
කරයි. පවුලේ අවශ්‍යතා සම්බන්ධව ද ඉතා ඕනෑකමින් සොයා බැලීමක යෙදේ. හෘද රෝග ආදියෙන්
ප්‍රවේශම් විය යුතුය. දරුවන් සඳහා ද විවිධ වියදම් පවතින නිසා මුදල් තැන්පත් වැය
වීමක් පෙන්වනු ඇත. කලකින් හමු නොවූ මිතුරෙකුගේ ඇසුරක් බලාපොරොත්තු විය හැකි
දිනයකි. ජය වර්ණය - කොළ, ජය අංකය
-05, ගිතෙල්
මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
දේවාල හා
දෙවියන් ගැවසෙන ස්ථාන ආදියට යොමු කරවයි. සන්නිවේදන මාධ්‍යයන්හි කටයුතු කරන්නන්ගේ
හැකියාවන් හොඳින් ඉස්මතු කිරීමේ හැකියා පවතී. කලා කුසලතා ප්‍රකට වන දිනයක් විය
හැකිය. වෘත්තිය තුළ ප්‍රධානත්වයක් ලැබේ. තම ඥානය මෙහෙයවා කරන කටයුතු සඵල වීමට ඉඩකඩ
පවතී. උපන් කුසලතා වැඩි දියුණු වන දිනයකි. සතුරන් ඇති වීමේ ප්‍රවණතාවක් ද පවතී.
හදිසි අසනීප තත්වයන් උද්ගතවීමට හේතු පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු
දිනයකි.ජය වර්ණය - නිල්, ජය අංකය
- 06, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
හදිසි ධන ලාභයක්
මතුවිය හැකි නිසා ලොතරැයි කටයුත්තකට යොමු වීම ද වැදගත් විය හැකිය. පැවති අසනීපවල
වැඩි වීමක් දක්නට ලැබේ. නිදහස් මත දැරීමට උත්සාහ කරයි. සහෝදර සහෝදරියන්ගේ උපකාර
ලැබිය හැකිය. පැරණි යාන වාහන විකිණීමෙන් ලාභ ලැබිය හැකි දිනයක් වේ. ලෞකික සැප
සම්පත් ළඟා කර ගැනීමට උත්සාහ දරයි. ආගමික කටයුතු ආදියේ නිරත වීමේ ප්‍රවණතාවක්
පවතී. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ අලස බවක් පෙන්වන දිනයකි.ජය වර්ණය - රතු, ජය අංකය -09, නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
පොදු ජනයාගේ
යහපත උදෙසා ක්‍රියා කරන දිනයක් වේ. හවුල් කටයුතු සඳහා උනන්දුවෙන් ක්‍රියා කළ
හැකිය. වෙහෙස මහන්සි වී කෙරෙන ඕනෑම රාජකාරියකට යොමු වී කටයුතු කළ හැකිවන දිනයකි.
පවුල් සාමාජිකයන්ගෙන් තම කටයුතුවලට බාධා පැමිණිය ද ඒවා ඉවසා දරාගෙන තම කටයුතු නිම
කරයි. යමක් ගැන පසුතැවිල්ලෙන් පසුවන දිනයක් විය හැකි නිසා කටයුතු සංවිධානයේ දී
දෙවරක් කල්පනා කළ යුතුය. කෙසේ වෙතත් අවදානම් සහිත ක්‍රියාවලට හවුල් නොවී සිටීමට
කල්පනාකාරීවන්න.ජය වර්ණය - රන්වන්, ජය අංකය -03, ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
ආගමික කටයුතුවල
නිරතවන්නන්ට තම උත්සාහයෙන් යහපත් ප්‍රතිඵල උදා
කරගත හැකි දිනයක් වනු ඇත. සතුරන් ද ඇතිවිය හැකි නිසා පුද්ගලයන් සමඟ ආශ්‍රය
කිරීමේ දී අන්‍යයන් ඊර්ෂ්‍යා නොසිතන පරිදි ක්‍රියාකළ යුතු වේ. ගුප්ත ශාස්ත්‍ර
අත්හදා බලන්නන් ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුය. මහලු අය සඳහා උපස්ථායක සේවයේ
යෙදෙන්නන්ට ද අද දිනයේ තම කුසල් දියුණු කර ගැනීමේ අවකාශ පවතී. නින්දට බාධාවන්
යෙදෙන තත්ත්වයන් යෙදිය හැකිය.ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
ගේ දොර කටයුතු
උදෙසා විය පැහැදම් විය හැකි නිසා ධනය රැස් කිරීමට බාධා යෙදේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ
ගැටළු යෙදිය හැකිය. තම දරුවන්ට අපලකාරි දිනයක් වේ. නරක මිතුරන් උදෙසා විය පැහැදම්
වීම් තුළින් පවුලේ අර්බුද හට ගනී. මුත්‍රා රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
රැකියා කටයුතුවල දී ප්‍රවේසමින් කටයුතු කළ යුතු වන්නේ අනවශ්‍ය කරදර පැටලීමට හැකි
බැවිනි. දවස යහපත්ව හා ආගමානුකූලව ගෙවීමෙන් බාධක මැඩගත හැකිය. දුර ගමනක් යෙදේ.ජය
වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
මීන
ආධ්‍යාත්මික
කටයුතු වෙනුවෙන් මනස වෙහෙසන දිනයක් විය හැකිය. හවුල් කටයුතුවලට සුබදායක වේ.
මිතුරන් සමඟ වැඩි ආශ්‍රයක් යෙදීමට ඉඩ පවතී. රැකියාවේ කාර්ය බහුලත්වය වැඩි දිනයකි.
වෙහෙසකාරී තත්ත්වයක් දැනේ. කාලත්‍රයාට අනතුරුදායක දිනයක් නිසා ඒ පිළිබඳව
සැලකිලිමත් විය යුතුය. කුසල් වැඩීම සඳහා යොමු වී කටයුතු කිරීම වැදගත් වේ. ස්නායු
ආබාධ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු දවසකි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ මතක
ශක්තිය වැඩි කරන දිනයකි.ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: