Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 February | 2020-02-09

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 February | 2020-02-09 

අද දවස ඔබට

2020 පෙබරවාරි මස 09 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 06.29 
ඉර බැසීම  - පස්වරු 18.21
රාහු කාලය
දිවා 16.59 ට සිට 18.28 දක්වා
රාත්‍රී 04.59 සිට 06.28 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
දුර ගමන් යෑමට වන දිනයකි. තම බලය වැඩි වීමට කරුණු යෙදේ. කෘෂිකර්මාන්තය  ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ලාබ ලැබෙයි. බලාපොරොත්තු ඉෂ්ට වේ. ආදායම් තත්ත්වය දියුණු වේ. අලුත් හිත මිතුරන් ඇසුරට ලැබෙයි. සමාජය තුළ ප්‍රියමනාප පුද්ගලයකු බවට පත් වෙයි. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවිය හැකිය. ශරීර සෞඛ්‍ය එතරම් යහපත් නොවනු ඇත. උදරාබාධ හා ආමාශගත රෝග මතුවීමට ඉඩ ඇත. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ගමන් බිමන් අධික කරවයි. බලාපොරොත්තු ඉෂ්ට වේ. ශරීර සෞඛ්‍ය යහපත් වේ. කරන කටයුතු සාර්ථකත්වයට පත්වේ. මව් පාර්ශවයේ ඥාතීන් සමඟ හමුවක් ඇති වේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගත  කිරීමට ආශා කරයි. ධාර්මික බවින් ඈත් වේ. පවිටු සිතුවිලි ඇති කරයි. හදිසි අනතුරු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අයහපත් මිතුරු ඇසුර අද දිනයේ ඔබට හිරිහැරයක් විය හැකිය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.
ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.
මිථුන
තම ප්‍රසිද්ධියට කරුණු යෙදේ. රහස් ආදර සබඳතා ඇති වේ. රෙදිපිළි ආදිය මිල දී ගැනීමට මුදල් වියදම් කරයි. ආගමික භක්තිය ඇති වේ. දුර ගමනක් හෝ පිට පළාතක සංචාරය කිරීමට අවස්ථාව උදා වේ. නිශ්චල වියදම් යෙදේ. නඩු හබවලින් පරාජය වීමට ඉඩ තිබේ. විවාහ ජීවිතය තුළ ගැටලු ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. දත් රෝග, ආහාර දිරවීමේ අපහසුතා මතු විය හැකි බැවින් ප්‍රවේශම්වන්න. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,
කටක
ධනය ලැබීමට හේතුයි. සමාජය තුළ ප්‍රසිද්ධියට පත්වේ. නිවසට අවශ්‍ය අලුත් බඩුබාහිර ආදිය මිල දී ගනියි. ගමන් බිමන් අධික කරවයි. අධ්‍යාපන කටයුතු කෙරෙහි බාධා ගෙන දෙයි. ගිවිසුම් ආදිය අත්සන් කිරීමේ දී වංචා, රැවටිලි ආදියට හසු වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. උසස් නිලධාරීන්ගේ සැලකිලි ලැබීමට ඉඩ ඇත. ලේ දෝෂ ආදිය ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,
සිංහ
විවාහ ජීවිතය සතුටින් හා සමාදානයෙන් ගත කරයි. හවුලේ කරන කටයුතුවලින් අන්‍යයන් සමඟ සුහදව කටයුතු කරයි. සමාජ සේවයට යොමු වේ. සමාජය තුළ ගෞරවයට හා කීර්තියට පත් වේ. බුද්ධිමත්ව හා ක්‍රියාශීලී ලෙස කටයුතු කරන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායකයි. උණ රෝග සෑදීමට ඉඩකඩ පවතින බැවින් ප්‍රවේශම්වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01,
කන්‍යා
සූදු ලොතරැයිවලින් පාඩු වන දිනයකි. දරුවන්ගේ කටයුතුවලට අසුබදායකයි. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ. පිය උරුමයෙන් දේපල ආදිය ලැබීමට පුළුවන. ආගමික භක්තිය ඇති කරයි. ඔබ සමාජය තුළ ගෞරවයට ප්‍රශංසාවට ලක්වන පුද්ගලයකු බවට පත් වේ. පපුව ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ පවතින බැවින් ප්‍රවේශම් විය යුතුයි. සහෝදර සබඳතා ශක්තිමත් වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,
තුලා
අධිෂ්ඨානශීලීව කටයුතු කරන දිනයකි. මිතුරු මිතුරියන් අතර මතභේදකාරී තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ පවතී. ප්‍රේම සබඳතාවලට යහපත් දිනයකි. සතුටින් විනෝදයෙන් කාලය ගත කරයි. රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. සිතිවිලි යහපත් වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මතක ශක්තිය වර්ධනය කරවයි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,
වෘශ්චික
සතුටින් විවාහ ජීවිතය ගත කරන දිනයක් බවට පත්වෙයි. බීම වර්ග ආශ්‍රිත වෙළඳාම් කටයුතුවලින් ලාභ ලැබේ. ඇඳුම් පැළඳුම් ආදියට ආශා කරයි. සහෝදර සහෝදරියන් අතර හිතවත්කම් වර්ධනය වේ. ආගමික භක්තිය හීන වේ. ශරීරය උෂ්ණාධික තත්ත්වයන් නිසා කාන්තාවන්ට ගර්භාෂ රෝග, ලේ ගමනාගමන සම්බන්ධ රෝග මතුවිය හැකි නිසා ප්‍රවේශම්වන්න. රැකියා කරන ස්ථානවල දී කල්පනාකාරී විය යුතුය. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09,
ධනු
ශරීර සෞඛ්‍යය එතරම් යහපත් නොවනු ඇත. හදිසි අනතුරු ඇති වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. කලබලකාරී ලෙස ක්‍රියා කරයි. නඩු හබවලට පැටලීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතුවල නියැළි අයට සුබදායක වේ. හවුල් ව්‍යාපාර පවත්වා ගැනීමේ දී අන් අයගේ මතයට ගරු කරමින් කටයුතු කරන්න. එසේ  නොවනු හොත් ‍ව්‍යාපාර සබඳතා බිඳ වැටීමට හේතු වේ. ප්‍රේම සබඳතාවලට සුබදායකය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,
මකර
නර්තනයට සංගීතයට කැමැත්තක් දක්වයි. කලා අංශයෙන් ඉගෙනීම් කරන දරුවන් විනෝදකාමීව දවස ගත කරයි. ප්‍රේම සබඳතා ස්ථිර වේ. ශරීර සෞඛ්‍ය යහපත්ය. ප්‍රිය වචනයෙන් කතා කරයි. ධනය ලැබීමට යහපත්ය. සිතේ සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරයි. රැකියා කරන ස්ථානවල දී අන් අයගේ ප්‍රශංසාවට ලක් වේ. යහපත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට ඉඩ ලැබෙන දිනයකි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08,
කුම්භ
සිතේ චංචල ස්වභාවයක් ඇති කරවයි. සියලු දෙනා පිළිබඳවම සැක මුසු බැල්මෙන් කටයුතු කරයි. තමාගේ කටයුතු තමාම කර ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. විවාහ සහකරුට හෝ සහකාරියට අපලදායකය. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට මතක ශක්තිය අඩු කරයි. පාපකාරී සිතිවිලි සිත තුළ ඇති වන නිසා ආගම දහම පිළිබඳ නැඹුරුවක් දැක්වීම අද දිනයේ සුබදායකයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,
මීන
දරුවන්ගේ කටයුතු සම්බන්ධව සුබදායක නොවේ. ප්‍රේම සබඳතා කඩාකප්පල් වේ. සිත තුළ කණගාටුව ඇති වේ. වැඩිහිටි අයට ගරු කරයි. තැන්පත් ධනය වර්ධනයට කරුණු යෙදේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබෙයි. විවාහ ජීවිතය තුළ ගැටලු ඇති වේ. විදෙස් රැකියා පිළිබඳ බලාපොරොත්තු කඩ වේ. සෙම් රෝග ආදියෙන් පීඩාකාරී බවක් ගෙන දෙයි. දවසේ සියලු කටයුතුවල දී ප්‍රවේශමෙන් කටයුතු කරන්න. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,











































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.