
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-19
අද දවස ඔබට
2020 නොවැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව - පෙරවරු 06.03 ට
ඉර බැසීම -
පස්වරු 17.50 ට
රාහු කාලය
දිවා 13.33
සිට 15.02 දක්වා
රාත්‍රී 01.33
සිට 03.02 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ
මේෂ
උද්යෝගයෙන් කටයුතු කරන දිනයකි. නායකත්වය ගෙන ක්‍රියා
කරන අතර සමාජයේ ප්‍රසිද්ධියට හා ගෞරවයට පාත්‍ර වේ. අන් අයට වූ උදව් උපකාර කිරීමට
පෙළඹේ. තැන්පත් ධනය වැය කිරීමට හේතුවන අතර සමාජශීලී කටයුතු සඳහා කැමැත්තක් දක්වයි.
රසවත් ආහාරපාන භුක්ති විඳීමට ලැබේ. ශරීර සැප පහසුව ලැබෙන දිනයකි. පවුලේ
සාමාජිකයින් වෙනුවෙන් දිනයේ වැඩි කාලයක් කැප කරයි. අධ්‍යාපන කටයුතුවලට සුබදායකයි.
ජය වර්ණය - රතු, ජය අංකය - 09,
ඉර බැසීමට විනාඩි 45 කට පෙර
දුගීන්ට පරිත්‍යාග කරන්න.
වෘෂභ
අන් අය අතරේ කැපී පෙනෙන පුද්ගලයෙක් බවට අද දිනයේ ඔබ
පත්වේ. ධනය ලැබීමට අතමිට සරු වීමට හේතු වේ. විදෙස් ගමන් සඳහා සුබදායකය. ගේ දොර,
ඉඩකඩම්, යාන වාහන ලැබීම් ඇති කරවයි. ව්‍යාපාර
කටයුතුවලට අද දිනය සුබදායකය. කලා කටයුතුවල නියැලෙන පුද්ගලයන් හට අද දිනය යහපත්ය.
අද දිනයේ අවිවේකී බවක් ඇති කරවයි. තෙල් සහිත ආහාර ඔබට පීඩාකාරී විය හැකිය. ජය
වර්ණය - නිල්, ජය
අංකය - 05, වියළි
ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
මිථුන
ගමන් බිමන් බහුලව ඇති කරවයි. වියදම් අධික කරවයි.
කතාව නිසා ගැටලු ඇති වේ. සිතේ සතුට අඩු වන දිනයකි. වගා කටයුතුවලින් පාඩු ඇති
කරවයි. පවුල් ජීවිතයේ ගැටලු ඇති වේ. අනිසි මාර්ගවලින් මුදල් ඉපැයීමට සිත් වේ.
දුරදිග නොබලා වැඩ කටයුතු කරයි. රෝගී අය වෙනුවෙන් සාත්තු කිරීමට ශ්‍රමය වැය කරයි.
ව්‍යාපාර කටයුතුවලින් පාඩු වේ. දත්වල ආබාධ ඇති කරවයි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, කැකුළු සහල්වලින් තැනූ
කිරිබත් දන් දෙන්න.
කටක
අද දිනය තුළ ඉක්මන් තීන්දු තීරණ ගැනීමට පෙළඹෙයි.
රැකියා ලැබීමට හා සියලු ලැබීම්වලට හේතු වෙයි. සමාජ විරෝධී ක්‍රියාවලට පෙලඹීමට ඉඩ
තිබේ. පවුල් ජීවිතය තුළ ගැටලු ඇති වීමට හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.
රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවක් පවතී. බුද්ධිමත්ව තීන්දු තීරණ නොගැනීම නිසා ජීවිතයට
බාධා කරදර ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02, ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.
සිංහ
පෙර පින් බලය ඉස්මතුවන දිනයකි. ආගමික භක්තිය ඇති
කරවයි. විදෙස් ගමන් බලාපොරොත්තුවන අයට ශුභදායකයි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබෙන
දිනයකි. ගුණ යහපත්කම් නිසා අද දිනයේ ඔබ අන් අයගේ ගෞරවයට පාත්‍ර වේ. උසස් අධ්‍යාපනය
ලබන අයට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. පියාගෙන් දේපළ උරුමයක් ලැබීමට හේතු වෙයි. දූ
දරුවන්ගේ දක්ෂතා දැක සතුටු විය හැකි දිනයකි. අනවශ්‍ය ගමන් බිමන් ආදිය ඇති කරවයි.
ජය වර්ණය - රතු, ජය අංක - 01, ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
කන්‍යා
සුඛෝපභෝගී සැප
පහසුකම් ලැබෙන දිනයකි. මුදල් ලාභ ලැබෙයි. යාන වාහන ඉඩකඩම් නිවාස ලාබ ලැබීමට
හේතුවෙයි. උසස් අධ්‍යාපනයට සුබදායක දිනයකි. කලා කටයුතුවල නියැළෙන අයට අද දිනය
සුබදායක දිනයකි. ලොතරැයි ලාභ ඇති කරවයි. ප්‍රිය සම්භාෂණවලට සහභාගිවීමට අවස්ථාව
සැලසේ. රසවත් ආහාරපාන භුක්ති විඳීමට ඉඩකඩ සැලසේ. ගුරුවරු වැඩිහිටි අය කෙරෙහි
භක්තිය ඇති වේ. ගෞරව ප්‍රශංසා හිමි වේ. ජය වර්ණය - කොළ, ජය අංකය -05, අලුයම අවදිව කිසිවක් පානය
නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
තුලා
තම සහකරු හෝ සහකාරිය සමඟ මත ගැටුම් ඇතිවිය හැකිය.
වස්තු හානි ඇති වේ. හවුලේ කරන කටයුතුවලින් වාසි නොලැබේ. රැකියාවේ වෙනසක් වේ.
ලොතරැයි ලාභ ලැබීමට හේතු වේ. ආදර සංග්‍රහවලට සහභාගී වීමට ලැබෙයි. බලාපොරොත්තු රහිත
මාර්ගවලින් ධනය ලැබීමට ඉඩකඩ ඇත. උගත් පුද්ගලයන් සමඟ ඇසුරට ඉඩකඩ සැලසේ. මුත්‍රා
රෝගවලට හේතු වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට සුබදායකය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
වෘශ්චික
සිතේ සතුට සමාදානය ඇති වෙයි. අසනීපයෙන් සිටි අය ද අද
දිනයේ දී සුවය ලැබෙයි. සමාජයෙන් ගෞරව ලැබෙයි. වස්තු ලාභ ලැබීමට අද දිනයේ සුබය.
කරගෙන ආ කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුවල ද දියුණුවක් ඇති වේ. ඥාති මිත්‍රාදීන්
තමා සොයා ගෙන එයි. ප්‍රිය සම්භාෂණවලට සහභාගිවීමට ඉඩ සැලසේ. රැකී රක්ෂා කටයුතු
දියුණු වේ. ශරීර සනීපය ලැබෙයි. ජය වර්ණය - රතු, ජය අංකය -09, ගලා යන ජලයට බුලත් දමන්න.
ධනු
යහපත් දරුපල අපේක්ෂා කරන අයට අද දිනය සුබපල ගෙන
දෙයි. ලෙඩ රෝගවලින් සුවය ලැබේ. එදිනෙදා කටයුතු වල දී නොසැලී ක්‍රියා කරයි. හදිසි
අනතුරු ආදිය සිදුවිය හැකි නිසා ප්‍රවේශම්කාරී විය යුතුයි. අධ්‍යාපන කටයුතු සාර්ථක
වන දිනයකි. ප්‍රේම සබඳතාවලට යහපත්ය. තාක්ෂණික, යන්ත්‍රෝපකරණ
ආශ්‍රිත රැකියා කටයුතු කරන පුද්ගලයන්ට සුබයි. මානසික පීඩා තත්ත්වයක් ඇති බැවින්
ආගමට දහමට ලැදිව කටයුතු කළ යුතු දිනයකි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ
පළඳින්න.
මකර
ගේ දොර, ඉඩකඩම්,
යාන වාහන ලැබීමට හේතුවෙයි. මව් පාර්ශ්වයෙන් උපකාර ලැබෙන දිනයකි.
ශරීර සැප පහසුව ඇති වේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. ඥාති මිත්‍රාදීන් හමු වේ. අවිවේකී
දිනයකි. අලංකාර වස්තු ලැබේ. සමාජය තුළ ප්‍රසිද්ධියට පත් වේ. හෘදයාබාධ තත්ත්වයක් ඇති
බැවින් තෙල් ආහාර ආදිය ඔබට පීඩා ගෙන දෙයි. ජල ක්‍රීඩා කරන අයට අසුබ පල ගෙන දෙයි. ඒ
අය සැලකිලිමත්ව වැඩ කටයුතු කළ යුතු වේ. ජය වර්ණය - නිල්, ජය
අංකය - 08, කළු
තල පරිත්‍යාග කරන්න.
කුම්භ
අලංකාර නිවාස, වාහන
ලාභ ලැබීමට ද ඉඩකඩම්, නිවාස, යාන
වාහන ද මිල දී ගැනීමට අවස්ථාව ලැබෙයි. කලා කටයුතුවලට යහපත්ය. පරිත්‍යාගශීලීගති ඇති
වේ. විනෝදයෙන් සතුටින් කාලය ගත කිරීමට හැකියාව ලැබෙයි. සමාජයට ප්‍රිය උපදවන්නකු
වේ. ව්‍යාපාරික කටයුතු කරන අයට යහපත්ය. මවගේ උරුමයෙන් දේපළ ලැබෙයි. උත්සාහයෙන්
වීර්යයෙන් තම වැඩ කටයුතු කර ගනියි.
සුබදායක දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග
කරන්න.
මීන
අද දිනයේ ඔබට ධනයෝගයක් ක්‍රියාත්මක වන අතර තැන්පත්
ධනය වැඩි කර ගැනීමට හැකි වේ. සංගීතයට ප්‍රිය වේ. සමාජයෙන් ගරු සැලකිලි ලැබෙයි. ප්‍රීති
උත්සවවලට සහභාගි වීමට අවස්ථාව සැලසේ. දරුවන්ගේ කටයුතුවලට එතරම් සුබ දිනයක් නොවේ.
හිත මිත්‍රාදීන් ඇසුරට ලැබෙයි. ගනුදෙනු ආදියේ දී රැවටිලිවලට හසුවීමට ඉඩකඩ ඇති
බැවින් ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කරන්න. උදරාබාධවලට හේතුයි. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03, කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: