
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-24
අද දවස ඔබට
2020 දෙසැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා
ඉර
උදාව - පෙරවරු 06.20 ට
ඉර
බැසීම - පස්වරු 18.03 ට
රාහු
කාලය
දිවා
13.50 සිට 15.19 දක්වා
රාත්‍රී
01.50 සිට 03.19 දක්වා
සුභ
දිශාව - උතුර
මරු
සිටින දිශාව - දකුණ
මේෂ
අධ්‍යාපන
කටයුතුවල දී වෙනදාට වඩා ප්‍රගතියක් පෙන්නුම් කරයි. දරුවන්ට රෝගී තත්ත්වයක් ඇති
කරවිය හැකිය. ගේ දොර අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් කැප කරයි. දේශපාලන කටයුතුවල
නිරත අයට සුබදායකය. වෙනදාට වඩා ප්‍රීතිදායක දිනයකි. වෙළඳ ව්‍යාපාර කටයුතුවලින්
බලාපොරොත්තු වන ලාභ ලැබිය හැකිය. අනවශ්‍ය වැය පාර්ශවය ද ඉහළ යයි. කරන කටයුතුවලට
අසල්වැසි පුද්ගලයන්ගෙන් උදවු ලැබෙයි. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය
වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
ඔබ
ආශ්‍රය කරන අයගේ ප්‍රශංසාවට හේතු වන කරුණු කීපයක් ඔබ අතින් ඉටු වේ. හිස ආශ්‍රිත
වේදනාකාරී තත්ත්වයන් මතුවිය හැකිය. ආදායම් තත්ත්වය සුබදායක නැත. අතමාරුවක් කර
ගැනීමට ද සිදුවිය හැකිය. ඔබ මෙතෙක් කරගෙන ආ කටයුතුවල යම් අඩාල වීමක් ද අද දිනයේ
සිදු වේ. වෙනදා නොමැති කඩිසර බවක් අද දිනයේ ඔබ තුළ පෙන්වයි. නඩුහබ ආදියට පැටලීමක්
සිදුවිය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක්
තබන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
තරග
විභාගවලින් ජය ලැබීමට අද දිනය සුබදායකය. මුත්‍රාශය සම්බන්ධ ආබාධ මතු කරයි. සුළු
අසනීප ගති තත්ත්වයන් මතු කරවන දිනයකි. ඔබගේ ධෛර්යය වෙනදාට වඩා ප්‍රදර්ශනය කෙරේ.
හිස ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකි නිසා කල්පනාකාරී වන්න. ශරීරයේ
බාහිර අලංකරණය සඳහා වැඩි කාලයක් ඔබ කැප කරනවා ඇත. යම් පුද්ගලයන්ගෙන් නින්දා අපහාස
ඔබ වෙතට අද දිනයේ පැමිණිය හැකිය. ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
සෞන්දර්යාත්මක
දේ පිළිබඳව කටයුතු කරන අයට විශේෂ දිනයකි. රැකියා කරන ස්ථානයේ දී වචන හුවමාරු ආදිය
සිදුවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. පදිංචි ස්ථානයේ යම් ගැටලුකාරී
තත්ත්වයන් මතු කරවිය හැකිය. යාන වාහනවල අලුත්වැඩියා කිරීම් ආදිය සඳහා කාලය වැය
කරයි. මවට හෝ මවුපස ඥාතියකුට අසුබදායක දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් වැඩි
ලාභ අත් කරවයි. වටිනා බඩුබාහිර ආදිය අස්ථානගත වීමක් පෙන්නුම් කරයි. ආගමික සිද්ධස්ථානයකට
හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
පුණ්‍ය
කටයුතු කිහිපයක් සඳහා ඔබගේ දායකත්වය ලබාදේ. තමාගේ පෙර කුසල බලය මතු කරවිය හැකිය.
මුහුණේ යම් ආබාධකාරී තත්ත්වයන් පෙන්වන දිනයකි. හිසේ කැක්කුමක් නිසා දවසේ සවස් කාලය
ඔබ පීඩාවට පත් කරවයි. අහංකාර ගතියක් සිත තුළ මතු කරවන දිනයකි. අඹු සැමියන් අතර
වැඩි අවබෝධයක් තබා ගත හැකිය. අලංකරණ කටයුතු සඳහා වැඩි වියදමක් දැරීමට අද දිනයේ
සිදු වේ. ආදර සබඳතාවලට අද දිනය ඉතා සුබදායකය. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය
යුතුය. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
ඉතා
ළඟින් ඇසුරු කළ හිතවතුන් කිහිපදෙනකු ඔබ සමඟ අමනාප විය හැකිය. නිවසේ කටයුතුවල දී
ආවේගශීලී නොවීමට වග බලාගන්න. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබිය හැකිය. උදරයේ පහළ
වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. ආදායම් තත්ත්වය සුබදායක නැත. ණය ගනුදෙනුවලට
මැදිහත් විය හැකිය. බැංකු ඇපකර ආදියට අත්සන් තැබීමට සුභ දිනයක් නොවේ. කරගෙන ආ
කටයුතුවල යම් වෙනස්වීමක් ද අද දිනයේ සිදු වේ. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග
කරන්න. ජය වර්ණය - කොළ,
ජය අංකය - 05
තුලා
තම
මතය තහවුරු කර විශේෂ ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. ප්‍රීති උත්සවවලට සහභාගි වීම
සඳහා ආරාධනාවක් ලැබෙයි. බාල සහෝදරියක් සමඟ යම් මතභේද තත්ත්වයක් මතු කරවිය හැකිය.
උදරයේ පහළ වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. ආර්ථික තත්ත්වය සුබදායක වේ. අලංකාරය
පිණිස හේතුවන දේ සඳහා වැඩි වියදමක් දරයි. සංචාරක කර්මාන්තයේ රැකියාවල නියුතු අයගේ
ආදායම් තත්ත්වය වර්ධනය වීමට හේතු වේ. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06
වෘශ්චික
දේපළ, වස්තු ආදියට බාහිර
පුද්ගලයන්ගේ බාධාකාරී තත්ත්වයන් මතු කරවයි. වාත රෝග නිසා ශරීරයට පීඩා ඇති කරවයි.
බොරු චෝදනා නිසා අද දිනයේ ඔබගේ වැඩකටයුතු අඩාල විය හැකිය. නිවසේ වැඩි කාර්යක්ෂම
බවක් පෙන්නුම් කරන දිනයකි. තමා නොදැනුවත්ව වන කාර්යයක් නිසා වැඩි අලාභයක් පෙන්නුම්
කරයි. ඥාති සබඳතාවලට සුභ දිනයක් නොවේ. ගැබිනි මව්වරුන් අද දිනයේ ඉතා කල්පනාකාරීව
සිටිය යුතුය. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
ඥාතීන්ගේ
විශේෂ ගෞරවයට ඔබ පාත්‍ර විය හැකිය. ඒ පවුලේ වැඩ කටයුතුවලට කාර්යක්ෂම දායකත්වයක්
ලබා දීමෙනි. යුගදිවි සබඳතාවල දී ගැටලුකාරී තත්ත්වයන් මතු කරවයි. ආරක්ෂක අංශවල
රැකියාවලට සුබදායක දිනයකි. ශරීර සනීපය එතරම් යහපත් නොවන දිනයකි. වෙළෙඳ ව්‍යාපාරවල
නිරත අයට සතුරු කරදර ආදිය මතු කරවිය හැකිය. ගුප්ත විද්‍යා වැනි දේවලින් වැඩි
අවස්ථා ලබා ගැනීමට මනස වෙහෙසවයි. අධ්‍යාපන කටයුතුවලට සුභ දිනයකි. ධාන්‍යාහාර හෝ
තෙල් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
වැඩිහිටි
ඥාතියකුට අපලකාරි තත්ත්වයක් මතු කරවයි. බලාපොරොත්තු රහිත අනතුරු ආදිය විය හැකි
නිසා රථවාහන ධාවනය දී කල්පනාකාරී වන්න. මිතුරු සබඳතාවලට අද දිනය සුබදායක නැත.
වටිනා දෑ ආරක්ෂා කරගත යුතුයි. සිත් තැවුල් හා දුක් දොම්නස් නිසා දවසේ වැඩකටයුතු
අඩාල කරවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත අයට අද දිනය සුබදායක නැත. ඉගෙනීමේ
කටයුතුවලට දැඩි කලබලකාරී බව බාධා කරයි. සිතිවිලි යහපත් නොවේ. ගුණවත් කාන්තාවකට
රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
අලංකාර
ලෙස සිටීම සඳහා වැඩි කාලයක් කැප කරයි. සතුරු බිය ඇති කරන දිනයකි. හෘදය සම්බන්ධ
රෝගී තත්ත්වයන් මතු කරවිය හැකිය. කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතුවල දී ඔවුන්ගේ
හිතුවක්කාරී බව ඔබගේ අප්‍රසාදයට ලක් වේ. ඔබගේ යම් නුරුස්නා ගති පැවතුම් නිසා ඉතා
ළඟින් සිටි මිතුරන් කිහිපදෙනෙක් ඔබත් සමඟ අමනාප වෙනවා ඇත. උෂ්ණ රෝග හෝ උදරයේ
ගිනියම් රෝග ඇති කරවිය හැකිය. නිදි සුවය අහිමි වේ. ගලා යන ජලයට බුලත් දමන්න. ජය
වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
දේපළ
ඉඩකඩම් යානවාහන සම්බන්ධ ගැටලු තත්ත්වයන් ඇති කරයි. උදරයේ පහළ අසනීප තත්ත්වයන් මතු
කරවිය හැකිය. ප්‍රීති උත්සව ප්‍රිය සම්භාෂණ ආදියට ආරාධනා ලැබෙයි. ගමෙන් පිට සිටින
අයකුගේ බලාපොරොත්තු නොවන හමුවීමක් අද දිනය තුළ වේ. අහිමි වී ගිය රැකී රක්ෂා තනතුරු
නැවත ඉල්ලා සිටීමට අද දිනය සුබදායකය. විශේෂ ධන ලාභ ඇති කරවන නිසා ලොතරැයි වාසනාව
ආදිය උරගා බැලීමට සුදුසුයි. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: