
අද
දවස ඔබට
2018 සැප්තැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව - පෙරවරු
06.00 ට
ඉර බැසීම - පස්වරු 18.07 ට
රාහු කාලය
දිවා 13.30 සිට 15.00 දක්වා
රාත්‍රී 01.30 සිට 03.00 දක්වා
සුභ දිශාව -
උතුර
මරු සිටින දිශාව - දකුණ
මේෂ
අදහස් ප්‍රකාශ කිරීම මඟින් අන්‍යයන්ගේ සිත් දිනා ගනියි. රැකියාවට
අදාළව යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීමට අවස්ථාව උදා වේ. බොහෝ කලක් පැවති නීතිමය
ගැටුමක් සමථයකට පත් වේ. ආගමික භක්තියෙන් යුක්තව කටයුතු කරයි. සමාජමය කටයුතු කෙරෙහි
සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ප්‍රසිද්ධියට පත්වේ. තැන්පත්ව ඉවසිලිවන්තව ක්‍රියා
කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට ජයග්‍රහණ ලද හැකිය. උදරාබාධ ආදියට හේතු
වේ. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
බලාපොරොත්තු රහිත කරදර බාධක ගෙන දෙයි. රැකියාව නිසා ශරීර සෞඛ්‍යයට
බාධා පැමිණේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති
වේ. ධනය නාස්ති වීමට කරුණු යෙදේ. තම දියුණුව පිළිබඳ සිතා කටයුතු කරයි. මවුපස
ඥාතීන් සමඟ සුහදව කටයුතු කරයි. තුනටිය අමාරු ඇති වීමේ අවදානමක් පවතින බැවින්
කල්පනාකාරීව කටයුතු කරන්න. කලකින් හමු නොවූ මිතුරකු ඔබ සොයා පැමිණීමට පුළුවන. ජය
වර්ණය - නිල්,
ජය අංකය - 05,
ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
උනන්දුවෙන් උත්සාහයෙන් අයුක්තියට එරෙහිව කටයුතු කරයි. සහෝදරයන්ගේ
දියුණුව පිණිස කටයුතු සිදු කරයි. තම හැකියාව හා දක්ෂතාවය නිසා සමාජයේ උසස්
තත්ත්වයන් හිමි වේ. පවුල් ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව
කටයුතු කරන්න. කාලත්‍ර පාර්ශ්වයට අසනීපගති ඇති වේ. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාභ
හිමි වේ. සතුරු කරදර ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - කොළ, ජය අංකය -
05, ගිතෙල් මිශ්‍ර
පහනක් දල්වන්න.
කටක
තම මතයම ස්ථිර කර ගැනීම සඳහා කටයුතු කරයි. අසරණ දුගී දුප්පත් අයවලුන්
හට පිහිට වීමට ඉදිරිපත් වේ. පදිංචි ස්ථානයේ වෙනසක් සිදු වේ. මවට අපල ගෙන දෙයි.
යන්ත්‍ර සූත්‍රවලට අදාළ රැකියාවලින් දියුණුව සැලසේ. ලේ දෝෂ සෙම් රෝග වැනි රෝගාබාධ
තත්ත්වයන් මතු වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. මාධ්‍ය ක්ෂේත්‍රයේ
කටයුතු කරන අයට අද දිනයේ කල්පනාකාරී විය යුතුය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
රාජ්‍ය අංශයේ රැකියා කරන අය සඳහා උසස් තනතුරු හිමි වේ. විනෝදයට කාලය
නොයොදවා ප්‍රයෝජනවත් ලෙස කාලය ගත කරයි. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබෙයි. විවාහ
ජීවිතයේ සතුට සාර්ථකත්වය උදා වේ. පවුලේ කටයුතු උනන්දුවෙන් යුතුව කරයි. ශරීර සෞඛ්‍යයට
යහපත් වේ. පියාට තරමක් අපලදායකය. අයහපත් මිතුරු ඇසුර අද දිනයේ ඔබ අපහසුතාවන්
නිර්මාණය කරයි. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
මවුපිය ගුරුවරුන්ට ගෞරවයෙන් යුක්තව උදවු උපකාර කරයි. අධ්‍යාපන හෝ
විදේශ ගමන් බිමන් යෙදීමට ඉඩ යෙදේ. තම උත්සාහයෙන් කටයුතු කර ධනෝපාය මාර්ග සාර්ථක කර
ගනියි. විවාහ ජීවිතය සාමකාමීව ගත කරයි. පියාගේ දේපළ උරුමකම් ආදිය හිමි වේ. අවිවාහක
අයට යහපත් මංගල යෝජනා ආදිය උදා වේ. ප්‍රේම සබඳතා සාර්ථක වේ. යාන වාහන ඉඩකඩම්
ආදියෙන් පාඩු සිදුවිය හැකිය. ජය වර්ණය - කොළ, ජය අංකය -05, ගිතෙල් මිශ්‍ර පහනක්
දල්වන්න.
තුලා
ස්වකීය උත්සාහයෙන් තම කටයුතු සාර්ථක කර ගනියි. සමාජයේ ගෞරවයට පාත්‍ර
වේ. රැකියාවේ නිලතල උසස්වීම් ලැබීමට පුළුවන. වාද විවාදවලින් ජය අත්වේ. ආර්ථික
දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරයි. අවිවාහක අය තම විවාහ ආදිය ස්ථිර කර
ගැනීමේ දී වඩා කල්පනාකාරී විය යුතුය. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට සුබදායක ආරංචි
ලැබෙන දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
ආගම දහම කෙරෙහි භක්තියෙන් යුක්තව ක්‍රියා කරන දිනයකි. සමාජයේ යහපත
පිණිස ක්‍රියා කිරීමට ගොස් ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ. ගේ දොර අලුත්වැඩියා සඳහා
කාලය ධනය වැය කරයි. විවාහ ජීවිතයේ බාධාකාරී තත්ත්වයන් මතු වේ. දුර බැහැර වන්දනා
ගමන් ආදිය යෙදෙයි. මිතුරන්ගේ උදව් උපකාර ලැබෙයි. දරුවන්ගේ වියදම් අධික වේ. උදරාබාධ
ආදිය මතු කරවීමේ අවදානමක් පවතී. ජය වර්ණය - රතු, ජය අංකය -09, නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
මවුපිය පාර්ශවයෙන් දේපළ උරුමකම් හිමි වේ. විවාහ ජීවිතය සාමකාමී ලෙස
ගෙවෙයි. ආගමට දහමට ළැදිව කටයුතු කරයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ. විදේශගතව සිටින
හිතවත් ඥාතියකුගෙන් විශේෂ උපකාර ආදිය බලාපොරොත්තු විය හැකිය. හවුල් ගිවිසුම් සහ
කොන්ත්‍රාත් ආදියෙන් බලාපොරොත්තු වූ ලාභ නොලැබිය හැකිය. කාලත්‍ර පාර්ශ්වයට අසනීප
තත්ත්වයන් මතු කරයි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
මකර
වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුව සැලසේ. බාහිර අලංකරණය හා පිරිසිදුකම
කෙරෙහි සැලකිල්ලෙන් කටයුතු කරයි. විවාහ ජීවිතයේ දියුණුව ඇති වේ. රැකියාවේ උසස්වීම්
ලැබීමට පුළුවන්. උගත් උසස් මිතුරන් ඇසුරට ලැබෙයි. ඉගෙනීමට බාධා මතු වේ. දරුවන්ට
අසනීපගති මතු කරයි. කරදර බාධක සහිත ගමන් බිමන් යෙදීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව
දෙවරක් කල්පනා කර තීරණ ගත යුතුය. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
පාලන බලය හා සංවිධාන ශක්තියෙන් යුතුව කටයුතු කරයි. දේපළ ඉඩකඩම් මිල දී
ගනියි. විවාහ ජීවිතයේ සතුට සමාදානය ඇති වේ. ආගම දහම පිළිබඳව භක්තියෙන් කටයුතු
කරයි. කලකින් හමු නොවූ මිතුරකු හදිස්සියේ හමුවීමට අවස්ථාව ලැබෙයි. ශල්‍යකර්ම ආදිය
සිදු කරන අයෙකුට ඔබ අතින් විශේෂ පරිත්‍යාගයක් සිදු කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත
දූ දරුවන්ට සුබදායකය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
උපායශීලී කතාවෙන් අන් අයගේ සිත් දිනා ගනී. ඉගෙනීමට දක්ෂ වේ. මව්
පාර්ශ්වයේ උදව් උපකාර ලැබෙයි. ප්‍රේම සබඳතා ගොඩනැගෙන දිනයකි. තම දක්ෂතා නිසා ප්‍රසිද්ධියට
හා ගෞරවයට පාත්‍ර වේ. කාලත්‍ර පාර්ශ්වයට අසනීපගති ඇති වීමට පුළුවන්. දත්වල අමාරු
සෑදීමට පුළුවන. රැකියා කරන ස්ථානවල දී තම දක්ෂතාව නිසා උසස්වීම් ආදියට නිර්දේශ
වීමට තරම් වාසනාවන්ත දවසකි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
|sinhala baby names|sinhala baby names 2019|sinhala baby
names list|sinhala baby names list with meaning|sinhala baby names arisen
ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book
2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with
meaning|sinhala baby names and meanings|sinhala baby boy names with
meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala
baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names
2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala
baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby
names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu
boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h
baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase
lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna
palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna
palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya
tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august
2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu
kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday
2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu
kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya
monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu
kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya
sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu
kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019
july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: