Ada dawase lagna palapala 2018-10-09 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 09 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 05.58
ඉර බැසීම - පස්වරු 17.58
රාහු කාලය
දිවා 14.58 සිට 16.27 දක්වා
රාත්‍රී 02:58 සිට 4.27 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  
මේෂ
උරුමයෙන් ලැබෙන දේපළ හිමි වීමට ඉඩ ඇත. සතුරු පීඩාවලින් ජය ලබයි. හදිසි තීරණ ගැනීමෙන් පාඩු සිදුවිය හැකි‍ය. එමනිසා කල්පනාකාරීව තම කාර්යයන්හි යෙදීම මැනවි. ගෘහ ජීවිතයේ කටයුතුවල දී සුළු පසුබැසීමක් හට ගනී. ආදායම් ලැබීම මෙන්ම වියදම් ද අධික වේ. උරහිස් හෝ පෙනහළු ආශ්‍රිත ආබාධ මතුවිය හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත අය අවධානයෙන් සිටිය යුතු දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ආර්ථික දියුණුවට අවස්ථා පෑදේ. ඥානාන්විතව කටයුතු කිරීම නිසා රැකියා කරදර බොහෝමයක් ඉවත් කරගත හැකිය. යුග දිවිය තුළ තිබූ ගැටලු නිරාකරණය කරගත හැකිය. දූ දරුවන්ගේ ප්‍රශ්න ගැටලුවලට අද දිනයේ වැඩි මැදිහත්ව වීමක් සිදු වේ. වැය පක්ෂය අධිකයි. සිතිවිලි ආවේගශීලී වේ. හිතුවක්කාරී ගති ඉස්මතු වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවලට ද අවහිරතා මතු වේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
නඩුහබවල දී ජය අත්වේ. චිත්ත පීඩාවලින් වැළැකීමට ආගමික කටයුතුවල යෙදීම වඩාත් යහපත්ය. නිවසින් බැහැර දුර ගමනක් යෑමට සිදු වේ. ගමන් බිමන් වැඩිපුර යෙදෙයි. බුද්ධිය මෙහෙයවා කරන වැඩවලට සුබ නැත. වැඩිහිටි අවවාද නොරුස්සයි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ගනුදෙනුවල දී ප්‍රවේශම්වන්න. මහජන සම්බන්ධතා කාර්යවල දී සැලකිලිමත් වන්න. උදරයේ පපු කොටසේ වේදනා ඇතිවිය හැකිය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
තමාගේ ගුණ යහපත්කම් ගැන අන්‍යයන් අතර ප්‍රසිද්ධ වේ. අලසකමින් තොර බලාපොරොත්තු අත්නොහරින දිනයකි. ලෞකික සැප සම්පත් නොඅඩුව ලැබේ. ගෘහ ජීවිතය බාධාකාරී නොවේ. දරුවන් පිළිබඳ සුභ ආරංචියක් ලැබීමට පිළිවන. සතුරන් පරාජය වී ඔබ ජය ලබන දිනයකි. ආමාශගත රෝග පපුවේ හෝ පෙණහැලිවල යම් යම් ආබාධ ඉස්මතු විය හැකිය. තම සේවකයන්ගෙන් කීර්ති ප්‍රශංසා ඔබට හිමි වේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
කෙටි ගමන් බිමන් යෙදේ. පොළොව ආශ්‍රිත කටයුතුවලින් වැඩි ආදායමක් ලැබේ. ඉඩකඩම්, ගේ දොර, යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ. ප්‍රයෝගවලට හසු වීමට සිදු වේ. උද්යෝගයෙන් වැඩ කළ හැකි දිනයකි. බොහෝ කාලයක් තිස්සේ පැවතුණු ගැටලුවක් විසදේ. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් දවසකි. ප්‍රේම සබඳතාවලට බාධා පැමිණිය හැකිය. උෂ්ණාධික රෝග හට ගනී. චිත්ත ශක්තියෙන් සියලු ගැටලුවලට මුහුණ දුන්නොත් ජය ලැබේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
පියාට ඉතාමත් සුභයි. ප්‍රේමවන්තයන්ට බාධක මඟ හැරේ. අඹුසැමි සබඳතා වර්ධනය වේ. ගෘහ ජීවිතය යහපත්ය. නිවසට අමුත්තන් පිරිසක් පැමිණේ. සහෝදරයන්ගේ කාර්යයක් සඳහා කාලය ශ්‍රමය කැප කරයි. ඔබගේ උපදෙස් බොහෝ දෙනා පිළිගනී. වාසනා ගුණය ඉස්මතු වී පෙනෙන දිනයකි. උසස් සිතුවිලි අනුව ක්‍රියා කරයි. ආධ්‍යාත්මික අංශයට වැඩි නැඹුරුවක් ඇත. වැඩිහිටියන්ගේ උපකාර ලැබේ. උසස් අධ්‍යාපනයට ජයයි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
ඥාති සම්බන්ධතා වර්ධනය වේ. උසස් අධ්‍යාපනයට නැඹුරුතා ඇති වේ. හැරගිය හිත මිතුරන් නැවත එක් වේ. විදේශ සංචාර බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. එදිනෙදා කටයුතු වෙනදාට වඩා උද්යෝගයෙන් සිදු කරයි. ශරීරයේ ලේ ගමන පිළිබඳ සැලකිලිමත් වන්න. ධෛර්ය හීන වන දිනයකි. ශරීරයේ දෙඅත්, උරහිස් ආශ්‍රිත රෝගාබාධ හට ගනියි. සිතේ දුබල ගතිය ඉස්මතු වේ. දේපළ ඉඩකඩම් ගෙවල් දොරවල් වැනි නිශ්චල දේපලවලින් වාසි අත්වේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික
සමාජ සේවා කටයුතුවල දී තමා ප්‍රශංසාවට ගෞරවයට පාත්‍ර වේ. කලබලකාරී ස්වභාවයක් උසුලයි. කල්පනාවෙන් කටයුතු කරන්න. රෝහල් සේවයේ නියුතු අයට වැඩ කටයුතු අධික කරයි. පොත් ලිපි ලේඛන ආශ්‍රිත රැකියාවල නිරත අයට යහපත්ය. ඔබ සමාජයේ ප්‍රබල ඇගයීමකට ලක් වේ. විදේශගත වීමට යහපත්ය. රැකියා කරන ස්ථානවල දී වැඩි පිරිසකගේ ප්‍රශංසාවට ඔබ කළ ක්‍රියාවක් හේතු වේ. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
අධ්‍යාපන කටයුතු සාර්ථකයි. මංගල යෝජනාවලට සුබයි. ගෘහ ජීවිතය අවබෝධයෙන් යුතුව ගත කරයි. හවුල් ව්‍යාපාර ආදියේ යෙදෙන අයට සුබදායක ක්‍රියාශීලි දිනයකි. සේවකයෝ ද මහත් උනන්දුවෙන් වැඩ කරයි. මවු පාර්ශවයේ කෙනකුගේ රෝගී තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙයි. කාලයක් තිස්සේ නිම නොකළ වැඩ අවසන් වේ. අලංකාරය වෙනුවෙන් මුදල් වියදම් වේ. ආමාශයේ උෂ්ණ රෝග හා ස්ත්‍රීන්ට ගර්භාෂයේ දෝෂ ඇති කරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
පෙම් සම්බන්ධතාවලට බාධා අවහිරතා මතු වේ. ගෘහ ජීවිතයේ ගැටළු සහගත තත්ත්වයන් නිසා මනස කලකිරෙයි. අද දිනයේ මුදල් හානියක් පෙන්වයි. හිසේ කැක්කුම් හෝ හිස ආශ්‍රිත රෝගී තත්ත්වයන් හට ගන්නා දිනයකි. පෙර කරන ලද වැරැද්දක් නිසා තම මනස දඬුවම් විඳියි. ඒ ගැන කල්පනාකාරී වන්න. මුත්‍රා රෝග උදරාබාධ ඇති වීමට හේතුයි. ගමෙන් පිට සිටින පවුලේ ඥාතියකුට අසුබ දිනයකි. රැකියාවේ අවශ්‍යතාවයකට දුර ගමනක් යෙදේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
සමාජයේ ඉහළ පුද්ගලයන්ගේ උපකාර ලැබේ. නිවසේ කටයුතුවල දී තම ආධිපත්‍යය පතුරයි. තැන්පත් ධනයට ගැටලු ඇති කරයි. නිවසට අමුත්තන් කිහිප දෙනෙකු පැමිණේ. උරහිස් ආබාධ ආදිය මතුකරවන දිනයකි. උසස් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වීමට දැරූ උත්සාහය සඵල වේ. ඔබට තරග විභාගවලින් ජය ලැබේ. ශිෂ්‍යත්ව ලාභ හිමියි. රැකියා ස්ථානයේ යම් යම් අර්බුද හට ගනී. රැකියාවේ යම් වෙනසක් ඇති වීමට ඉඩකඩ පවතී. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
විද්‍යාව, සාහිත්‍ය, වෛද්‍ය කටයුතුවලට සුදුසු දිනයකි. ගමන් බිමන් අධික වේ. ගෘහ ජීවිතයේ ප්‍රීතිය අඩුයි. රහස් තොරතුරු හෙළි වෙයි. එමනිසා කතා කිරීමේ දී ප්‍රවේශම් වන්න. නිවසේ වැඩකටයුතුවල දී කඩිසර වේ.  අවස්ථානුකූලව තම කාර්යයන් බාධාවකින් තොරව ඉටුකර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේ. සහෝදරාදීන්ගේ සබඳතා අඩු වේ. කථික විවාද වැනි තරගවලින් ජය ලැබේ. මුත්‍රා ආබාධ, දණහිස් ආබාධ ආදිය ඇතිවිය හැකිය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.