Ada dawase lagna palapala 2018-10-10 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 10 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 05.58
ඉර බැසීම  - පස්වරු 17.57
රාහු කාලය
දිවා 11.58 සිට 13.27 දක්වා
රාත්‍රී 23.58 සිට 01.27 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත
මේෂ
උපක්‍රම යොදා කරන වැඩවලට දක්ෂ වෙයි. තමාගේ යහපත පිණිස දුර ගමනක් යෑමට සිදු වේ. දරුවන්  සම්බන්ධයෙන් ප්‍රීති වීමට අවස්ථාව උදා වේ. රැකියා ස්ථානයේ කාර්යක්ෂමව වැඩ කරයි. ඔබ ගෞරවයට හා ප්‍රසිද්ධියට පත්වේ. රාජකාරියේ දී ප්‍රශංසා හිමි වේ. කාලත්‍රයාගේ උපකාර ලැබේ. ණය මුදලක් පියවීමට අවස්ථාව සැලසේ. විවාහකයන්ට දරුඵල බලාපොරොත්තු ඉටුවන දිනයකි. සේවක පාර්ශ්වයෙන් ගැටළු සහගත දේ සිදු වේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
ආදායම් වියදම් සමානව ගලා යයි. ඥාති සබඳතා වර්ධනය වේ. වීර්යය අධික දිනයකි. දරුවකුගේ සුභදායක ආරංචියක් ලැබේ. නිරෝගීමත් දිනයකි. පහන් සිතුවිලි ඇති වේ. නිරවුල් මනසකින් යුතුව වැඩ කිරීමට හැකිය. යම් යම් කාර්යයන්වල දී බාධා ඇති වුව ද ඒවා ජය ගැනීමට තරම් මානසික තත්ත්වය ප්‍රබල වේ. සතුරන් මෙල්ල කරගත හැකිය. උදරයේ පහළ කොටස ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයක් මතුවිය හැකිය. කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
ආගම දහමට ළැදියාව වැඩි දිනයකි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුභයි. ධාර්මික ඇසුරට ලැබේ. පෙර භවයේ කළ කුසල් ඉස්මතු වන දිනයකි. ඉක්මන් තීරණ හා කලබලකාරී බව තම මානසිකත්වයට බාධා ඇති කරයි. විරුද්ධවාදීන්ට එරෙහිව නැගී සිටියි. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. කාලත්‍රයාට අසනීප මතු කරයි. තැන්පත් ධනයට සුබ දිනයක් නොවේ. අරපිරිමැස්ම ගැන උනන්දු වන්න. සහෝදරයකුගේ කාර්යයකට මැදිහත් වේ. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
අධ්‍යාපනය ලබන්නන්ට යහපත් පරිසරයක් උදා වෙයි. පපුව ආශ්‍රිත සෙම් රෝග හට ගනී. රැකියා ස්ථානයේ රාජකාරි බහුල දිනයකි. තමාට හිමි දේවල් අස්ථාන ගතවිය හැකිය. කල්පනාකාරී වන්න. මවගේ උදව් උපකාර ලැබේ. වාහන මිල දී ගන්නන්ට යහපත්ය. ගෘහ ජීවිතය සාමකාමී වේ. සිතේ සැනසීමෙන් තම කටයුතු ඉටු කරගත හැකියි. තෙල් සහිත ආහාර උදරයේ ගැටලු ඇති කරයි. කලකින් හමුනොවූ මිතුරකු හමුවීමට අවස්ථාවක් සැලසේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
පොදු සේවා සඳහා කාලය කැප කරයි. අසනීප තත්ත්වයේ පසුවන්නන්ට සුවය ලැබේ. බැංකු කටයුතු සම්බන්ධ ගැටලුව ඇති වීමට පුළුවන. ගෘහ ජීවිතයට බාධක කරදර පැමිණේ. තමා පදිංචි ස්ථානයේ ගැටලු ඇති වෙයි. සතුරන් ඉදිරියේ පසු නොබසින දිනයකි. මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබේ. අධ්‍යාපනයේ නිරතවන්නන්ට එතරම් සුබ දිනයක් නොවේ. අනතුරු ඇති කරවන බැවින් කල්පනාකාරී වන්න. දිනයේ සවස් කාලයේ අලස බව ඇති කරයි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ගෙදර දොර වැඩ කටයුතු පිළිවෙලයි. සේවකයන්ගේ වැරදි අතටම හසුකර ගනියි. ප්‍රේම සබඳතාවලට බාධක ගෙන දේ. පවුලේ අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් දුර ගමනක් යෙදේ. රැකියා ස්ථානවල තම හැකියාව ප්‍රදර්ශනය කරයි. ආගමික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වයි. මහජන සම්බන්ධතාවලට සුභ දිනයකි. වැඩිහිටියන්ගෙන් උරුම වස්තු හිමි වේ. බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගනියි. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
රැකියාව සම්බන්ධයෙන් ඇති අවුල් තත්ත්වය මඟ හැරේ. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ආධ්‍යාත්මික වැඩසටහන්වලට දායක වන දිනයකි. වාහන මිල දී ගන්නන්ට වාසි සැලසේ. මවුපස ඥාතීන්ගේ උදවු උපකාර ලැබේ. ඉඩකඩම්වලින් නොසිතූ ආදායම් ලැබේ. නිවාස ගොඩනැගිලි ඉදි කරන්නන්ට වාසි සැලසේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වන දිනයකි. මංගල යෝජනා සාර්ථක වේ. ගෘහ ජීවිතයට අදාළ කටයුතුවල දී ඉවසීම හුරු වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.

වෘශ්චික
රැකියා ස්ථානයේ යහපත් පරිසරයක් ගොඩනැගේ. පිය උරුමයේ දේපළ ලැබෙයි. තම හැකියා දියුණු වන දිනයකි. දරුවන්ගේ අධ්‍යාපනයට කාලය කැප කිරීමට සිදු වේ. නිවසේ බඩුබාහිර ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. කැඩීම් බිඳීම්වලට හේතු වේ. ආදායම් ලැබීම් අතින් දුර්වල මට්ටමක සිටියි. මිත්‍රයන් සමඟ අමනාපකම් ඇති වේ. වැඩිමහල් සහෝදරයෙකුගේ ගැටලූවකට මැදිහත් වේ. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
තම අතේ ඇති මුදල් ඉක්මනින් වැය කිරීමට අවස්ථාව උදා වේ. උෂ්ණාධික රෝග ඇතිවීමට පුළුවන්. ලේ ඥාතීන් සමඟ අමනාපකම් ඇති වේ. කල්පනාකාරීව කටයුතු කරන්න. නොගැළපෙන මිතුරු ඇසුරක් ජීවිතයට බාධාකාරී විය හැකිය. තරගවලින් ජය අත්වේ. සතුරන් ජය ගැනීමට පහසු දිනයකි. කරගෙන ආ වැඩ කටයුතු ඉදිරියට යයි. එහිදී යම් යම් බාධා හා අවහිරතා වැඩි වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට සුබදායක දිනයකි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
විවාහ ජීවිතය යහපත්ය. මහජන සේවක කටයුතුවල දී යම් යම් බාධාකාරී තත්ත්වයන් මතු වේ. ආගමික කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. මිතුරු ඇසුරෙන් යහපත් ප්‍රතිඵල ලැබේ. දුවා දරුවන්ට යස ඉසුරු ගරු බුහුමන් ලැබේ. ගේ දොර ඉඩකඩම් ලැබීම අතින් යහපත්ය. අධික චිත්තවේග නිසා හිත නිතරම වෙනස් වේ. ජලය, දියර බීම වර්ග ආශ්‍රිත රැකියා හිමියන්ට ආදායම් සරු වේ. වියදම් පක්ෂය ඉහළ යයි. හවුල් ව්‍යාපාරවලින් වාසි නොලැබේ. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
ගනුදෙනුවලින් ලාභ හිමි වීමට සුබ දිනයකි. ගමන් බිමන් අධිකයි. තම සැලසුම්ගත කාර්යයන්වලට බාධා මතුවිය හැකිය. ඒවායින් ජය ගැනීමට තරමක් වෙහෙසීමට සිදු වේ. ඥාති හිතවතුන් අතර කැපී පෙනෙන දිනයකි. තැන්පත් ධනය වැඩි වේ. ආදායම සරු වේ. පවුල් ජීවිතය සතුටින් ගත කරයි. උගුර, කන හා මුඛය ආශ්‍රිත රෝග හට ගනී. යුග දිවියේ සතුට ඈත් කරවයි. පිය පාර්ශවයේ ඥාතියකුට අපල ගෙන දෙන දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
 
මීන
රැකියාවල නියුතු අයට උසස්වීම් ලැබේ. තම මතයට සබඳතාවන් ඇති කර ගැනීමට උත්සාහ ගනී. එම ගන්නා තීරණ දුර්වල විය හැකිය. යහපත් ආශ්‍රය නිසා සමාජයේ උසස් තැනක් හිමි වේ. සමාජයේ ගෞරවයට සැලකිලි වැඩියෙන් ලැබෙන දිනයකි. ප්‍රභූ තත්ත්වයකට පත් වේ. වුවමනාවන් සපුරා ගැනීමට මුදල් අත ගැවසේ. දරු සම්පත් හිමි වේ. අහිමි වූ දෙයක් නැවතත් ආපසු ලබයි. පපුව ආශ්‍රිත රෝගාබාධ ඇති කරයි. කල්පනාකාරී වන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.   


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.