Ada dawase lagna palapala 2018-10-12 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 12 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 05.57
ඉර බැසීම  - පස්වරු 17.56
රාහු කාලය
දිවා 10.27 සිට 11.56 දක්වා
රාත්‍රී 22.27 සිට 23.56 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
තම උපදෙස් පතා කිහිප දෙනෙකු පැමිණේ. එය ඔබට ගෞරවයක් විය හැකිය. කාලත්‍ර පාර්ශවයේ දේපළ අයිතියක් පිළිබඳව කතිකාවතක් ඇති වන දිනයකි. රාජ්‍ය අංශයේ සේවය කරන අයට සුබපල ඇති කරවන දිනයකි. බලාපොරොත්තු ඉටු වේ. රැකියා ස්ථානයේ වෙනසක් බලාපොරොත්තු වේ නම් එය ඉටු වේ. වාද විවාද ආදියෙන් ජය අත්වේ. ඒත් වචන භාවිතයේ දී සැලකිලිමත් වන්න. මිතුරන් අහිමි වීමට ඉඩ ඇත. පපුව ආශ්‍රිත වේදනා ඇති කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
අහිමි වී ගිය ධනය ලැබීමට අද දින සුබ දිනයකි. යුග දිවිය සාමකාමීය. මිතුරකුගේ කටයුත්තක් නිසා මනස අවුල් කරයි. අධ්‍යාපන කටයුතුවල දී මතක ශක්තිය දුර්වල වේ. නිවසේ බඩු බාහිරාදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු දිනයකි. මුදල් වියදම් කිරීමේ දී සැලකිලිමත් වන්න. ආදායම් මාර්ග සැලසුම් කිරීමට හෝ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ දිනයක් නොවේ. ඔබගේ ආවේගශීලී කතාව අන් අයගේ අප්‍රසාදයට හේතු වේ. කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන 
තම දස්කම් ඔප් නංවා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල ජයග්‍රහණ ඇති කරගත හැකි දිනයකි. කලා ක්ෂේත්‍රයේ නිරත වූවන්ට කාර්යබහුල වේ. ළඟ ඥාතීන් වෙනුවෙන් වෙහෙසී වැඩ කිරීමට සිදු වේ. තම ජනප්‍රියතාව ඉස්මතු වේ. යුග දිවියේ සාමදානයට බාධා ඇති කරයි. මනස තුළ දැඩි නොසන්සුන්තාවක් ඇති වේ. බෙහෙත් ද්‍රව්‍ය අලෙවි කරන්නන්ගේ ආදායම සරු වේ. ගෘහ ජීවිතයේ කටයුතුවල  දී වෙනදාට වඩා ව්‍යාකූල බවක් පෙන්නුම් කරයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
තම එදිනෙදා කාර්යයන්ට අවශ්‍ය සහාය බලාපොරොත්තු පරිදි ලැබේ. දණහිස් ආබාධ ඇති කරයි. ආයෝජන ගැන දෙවරක් කල්පනා කොට සිදු කළ යුතු දිනයකි. කලකින් හමු නොවූ මිතුරකු ඇසුරට ලැබේ. හිතුමනාපයට රැකියා කටයුතු වෙනස් කිරීමට යෑමෙන් වළකින්න. සේවා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. මානසික සහනය අඩුවන දිනයකි. දරුවන්ගේ කටයුතු සඳහා අනවශ්‍ය වියදමක් දැරීමට සිදු වේ. කථික තරගවලින් ජය අත්වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
සිතට සැනසුම ගෙනෙන දිනයකි. රැකී රක්ෂා කටයුතු සඳහා යහපත් වනු ඇත. සෙම් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇතිවේ. ආගමික භක්තිය වැඩි කරයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දණහිස් ආබාධ හෝ යටිපතුල් ආශ්‍රිත වේදනා ඇති කරයි. පිය උරුමයේ දේපළ පිළිබඳ සතුටුදායක ආරංචියක් ලැබේ. නිවසේ වැඩි කාලයක් ගත කරයි. අවසන් නොවූ වැඩකටයුතුවල සාර්ථක නිමාවක් දැකිය හැකි දිනයකි. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ඉවසිලිවන්තව තම වැඩ කටයුතු කිරීමෙන් අද දිනයේ ඇති වන ප්‍රශ්න බොහෝ දුරට මඟ හරවා ගත හැකිය. වැරදි වැඩවලට සිත දිවයන නිසා කල්පනාකාරී වන්න. පළිගැනීම් පිළිබඳ සිතුවිලි පහළ වේ. අවධානයෙන් සිටින්න. සහෝදරයකුගේ උසස් වීමක් පෙන්වයි. අධ්‍යාපනයට සුබ දිනයක් නොවේ. ණය ගනුදෙනුවල දී කල්පනාකාරී වන්න. හවුල් ව්‍යාපාර කටයුතුවලින් අලාභ ඇති වීමට හේතුවෙයි. ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම ද සුබ නැත. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
උසස් පුද්ගලයන්ගේ ඇසුර ලැබීමට පුළුවන. අද දිනය වචන භාවිතය නිසා අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති කරයි. නිවසේ අලුත්වැඩියා කටයුත්තකට සිත යොමු වේ. කුලී නිවෙස්වල ජීවත්වන අයට සුබ දිනයක් නොවේ. විවාහකයන්ගේ යුග දිවිය තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකී සිටිම සුබදායකය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.

වෘශ්චික  
හදිසි පණිවුඩයක් නිසා මනසේ ව්‍යාකූලතා ඇති කරවයි. ගිවිසුම් සඳහා සුබ දිනයක් නොවේ. හවුල් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතුවලට බාධා ඇති කරයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතා සුබදායකය. මතක ශක්තිය වර්ධනය වේ. තැන්පත් ධනයට බාධා ඇති කරයි. කාලත්‍රයාට සුබ නැත. අධික ගමන් බිමන් යෙදේ. හදිසි අනතුරු පිළිබඳ කල්පනාකාරී වන්න. සෙම පිත ආශ්‍රිත රෝගාබාධ මතු කරයි. බලවත් අයගේ උපකාර ලැබෙන දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
ඉවසීමෙන් යුතුව කටයුතු කරයි. නව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සුදුසු දිනයකි. ප්‍රේම සබඳතාවලට බාධා, කරදර ඇති කරයි. ජීවිතයේ තිබූ ගැටලුකාරී තත්ත්වයන්ට සාධනීය විසඳුම් ලැබේ. යටි පතුල් ආශ්‍රිත ආබාධවලින් ප්‍රවේසම්වන්න. රැකියාවල නියුතු අයට සුබ දිනයකි. තම ගෞරවයට, ප්‍රසිද්ධියට පත්වන කරුණු යෙදේ. බොහෝ දෙනකුගේ ආදායම් මාර්ග සරුවන දිනයකි. තමා කරගෙන ආ කටයුතුවල සාර්ථක අවසානයක් දැකිය හැකිය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
අධ්‍යාපන කටයුතුවලින් ජය ගත හැකි දිනයකි. සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබයි. නිවසේ වෙනදාට වඩා සැප පහසුවක් ඇති බව පෙනේ. අවිවාහකයන්ට තනිකඩ දිවිය නිම කොට තම සහකරු, සහකාරිය සොයා ගැනීමට සුබ  දිනයකි. අනතුරු පිළිබඳ සැලකිලිමත් වන්න. විනෝදයට වැඩිපුර කාලය ගත කරයි. ලෞකික සැප කෙරෙහි ගිජු බවක් දක්වයි. ශරීර සෞඛ්‍ය දුර්වල විය හැකිය. තම සේවක කාරකාදීන් ඉතා හිතවත්ව වැඩ කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
ගින්දර, විදුලිය වැනි දේවලින් අනතුරු ඇතිවන දිනයකි. ඒවා පරිහරණයේ දී ප්‍රවේසම්වන්න. තම වැඩිමහල් සහෝදරයකුට අපලකාරී තත්ත්වයක් පෙන්වයි. පැරණි දේ ගැන මනස උනන්දුව දක්වන දිනයකි. මිතුරු සබඳතාවලට සුභ දිනයක් නොවේ. වාසනාවන්ත දරු උපත් බලාපොරොත්තු වන අයට සුබ දිනයකි. දරුවන්ගේ දියුණුව ද ඇති කරයි. දරුවන් ප්‍රසිද්ධියට පත්වෙයි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් පාඩු සිදු වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
ආගමික භක්තිය වැඩි කරවන දිනයකි. ඒ තුළින් මනසේ ඒකාග්‍රතාවය රැක ගනියි. පවුල් ජීවිතය යහපත්ය. ආදායම් තත්ත්වය සඳහා යම් බාධා ඉස්මතු වේ. තම ක්‍රියාකාරීත්වය වෙනදාට වඩා වැඩි නිසා දවසින් උපරිම ප්‍රයෝජන ලබා ගනියි. නිවසේ වැඩ කටයුතුවලට වෙනදාට වඩා උද්යෝගයකින් නියැළේ. තම මතයට විරුද්ධව වැඩ කරන්නන් අතර ඔබ ජය ගනී. වාද විවාද ඇති වීම නිසා තම දෛනික කටයුතු අවුල් සහගත විය හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.