Ada dawase lagna palapala 2018-10-17 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 17 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 05.57
ඉර බැසීම  - පස්වරු 17.54
රාහු කාලය
දිවා 11.57 සිට 13.26 දක්වා
රාත්‍රී 23.57 සිට 01.26 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ
ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා දරන උත්සාහය සඵල කරවයි. භූමිය සම්බන්ධ කටයුතුවල දී වංචාකරුවන්ගෙන් ප්‍රයෝගවලට හසුවිය හැකි නිසා කල්පනාකාරී වන්න. ගමන් බිමන්වල දී හදිසි අනතුරු ආදිය ඇති කරවයි. දණහිස් ආබාධ ඇති අය ප්‍රවේසම් වන්න. කලකින් ඉටු නොවූ කාර්යයක් වැඩි කාර්යක්ෂමතාවයකින් ඉටු කර ගැනීමට අවස්ථාව සැලසේ. ඒ සඳහා හිතවතුන්ගේ උපකාර ද ලැබේ. ආගමික භක්තිය වැඩි කරවන දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
තරග විභාග ආදියට ඉදිරිපත් වන අයට අද දිනය ඉතා සුබදායකය. උදරයේ පහළ කොටස ආශ්‍රිත වේදනා ඇති කරයි. හවුල් ව්‍යාපාර ආදියෙන් පාඩු සිදුවිය හැකිය. කල්පනාකාරී වන්න. එදිනෙදා කටයුතු වෙනදාට වඩා වේගවත්ව සිදු කරයි. අරමුණුවලින් තොර ගමන් කිහිපයක්  යෙදේ. එය ධන හානිවලට ද හේතු වේ. මව් පාර්ශ්වයෙන් ලැබිය යුතු දේ සම්බන්ධ කතිකාවතක් ඇති වේ. ප්‍රේම සබඳතාවල දී කලහකාරී බව සිත් රිදවීම්වලට හේතු වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු වන ජයග්‍රහණ ලැබේ. රසායන විද්‍යා කේෂ්ත්‍රයේ නිරත අයට නව සොයා ගැනීම් සඳහා ඉතා සුබ දිනයකි. රථ වාහනවල අලුත්වැඩියා ආදිය ඇති කරවිය හැකිය. පපුව ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවන දිනයකි. මානසික ඒකාග්‍රතාව බිඳ වැටිය හැකිය. අනවශ්‍ය ගමන් බිමන් කිහිපයක් යෙදේ. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට සුභ දිනයක් නොවේ. යම් ගැටලුවක් නිසා ඔබ දෙගිඩියාවෙන් පසුවන දිනයකි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
රථ වාහනවලින් අනතුරු හෝ අලාභ ඇතිවන දිනයකි. උකුල් ඇටය ආශ්‍රිත ආබාධ ඇති පිරිස් අද දිනය තුළ ප්‍රවේශම් වන්න. හදිසි ධන ලාභ ඇති කරවයි. නිවසේ බඩු බාහිර ආදිය පරිහරණයේ දී කල්පනාකාරී විය යුතුය. කැඩීම් බිඳීම් වලට ඉඩ ඇත. රැකියාවේ උසස්වීමක් ගැන තිබූ අපේක්ෂා බිඳී යයි. ආයතන ප්‍රධානීන් තම අණසක සේවා ස්ථානයේ පතුරවයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ මතක ශක්තිය දුර්වල කොට බාධක පමුණුවයි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
කලා කටයුතුවල නිරත අයට විශේෂ ජයග්‍රහණ අත්වන දිනයකි. කාලත්‍රයාට අසනීප ඇති කරයි. සතුරු කරදර නිසා ඔබ පීඩාවට පත්විය හැකිය. දණහිස් ආබාධ ආදියෙන් ප්‍රවේශම් වන්න. නිවසේ කටයුතු කිහිපයකට මැදිහත්වීමට වේ. ඥාතීන් කීප දෙනෙකු නිවසට පැමිණෙනවා ඇත. මවු පාර්ශවයේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙස වීමට සිදු වේ. වෙනදාට වඩා වීර්යයෙන් කටයුතු කරන දිනයකි. රැකියා ස්ථානයේ තමාගේ කාර්යයන් ප්‍රශංසාවට ලක් වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
සුරතල් සතුන් හෝ කෘමි සතුන්ගෙන් ඇතිවන රෝගාබාධවලින් ප්‍රවේසම් වන්න. සහෝදරයන් සමඟ මත ගැටුම් ඇතිවිය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. හවුල් ගිවිසුම් ආදියෙන් පාඩු සිදුවිය හැකි දිනයකි. මුත්‍රා ආබාධ ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට තම හැකියා සඳහා ඉතා සුබදායක දිනයකි. මතක ශක්තිය වෙනදාට වඩා වර්ධනය වේ. රූපලාවණ්‍ය කටයුතු වෙනුවෙන් වැඩි වැයක් දැරීමට වන දිනයකි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
කාලත්‍ර පාර්ශවයේ යම් මතභේද මතු කරවිය හැකිය. කල්ගතව තිබූ අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට ගැනීමට අද සුබ දිනයකි. ඒ සඳහා සුදුසු වෛද්‍යවරුන් හමු වනු ඇත. සහෝදරයකුගේ ක්‍රියාවක් සම්බන්ධයෙන් යම් වචන හුවමාරුවලට පැටලිය හැකිය. කල්පනාකාරී වන්න. තෙල් සහිත ආහාර නිසා ඇති කරන ආබාධවලට හේතුය. තම වික්‍රමය පෙන්වා කරන කුමන කටයුත්තකින් වුව ද ජය ලබයි. රැකියා ස්ථානවල දී ආයතන ප්‍රධානීන්ගේ අවධානය දිනා ගනී. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික
පවුලේ ඥාතීන් අතර අසමඟිය වර්ධනය වන කරුණු කිහිපයක් යෙදේ. පිය පාර්ශවයේ ඥාතිවරියකගේ අවශ්‍යතාවකට දුර ගමනක් යෙදේ. ආදායම් තත්ත්වය සුබයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ උද්යෝගිමත්භාවය වැඩිකරවා ජයග්‍රහණ අත්පත් කර දෙයි. සම්මුඛ පරීක්ෂණ ආදියට ඉදිරිපත් වන අයට ඉතා සුබදායකය. යුග දිවි සබඳතා කටයුතුවලට බාධා පමුණුවයි. මළබද්ධය වැනි රෝගාබාධවලින් පෙළෙන අයට අද දින සුබදායක නැත. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
සහෝදරයකුගේ කටයුත්තක් වෙනුවෙන් ලිපි කටයුතු කිහිපයක් වේ. නිවසේ කටයුතු වඩාත් අලංකාරව හා ක්‍රමවත්ව සිදුවන දිනයකි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. විදේශ රැකියා බලාපොරොත්තුව සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන දිනයකි. ආවේගශීලී ගති ඉස්මතු වන නිසා සෑම කටයුත්තකදී ම ඉවසීමෙන් කටයුතු කරන්න. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ මතක ශක්තිය දුර්වල කරයි. ධනය වර්ධනය සඳහා කරන සැලසුම්වලට රජයේ උදවු හිමි වේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
තරග විභාග ආදියෙන් තමා බලාපොරොත්තු වන ජය ලැබිය හැකිය. අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. ජලය ආශ්‍රිත කටයුතුවල දී අනතුරු සිදුවිය හැකි නිසා කල්පනාකාරී වන්න. පවුල් සබඳතා තර වේ. ඔබගෙන් බොහෝ පිරිසක් උපදෙස් ලබා ගනියි. කාලත්‍රයාගේ ආදායම් තත්ත්වය වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. ස්ත්‍රීන්ගේ ගර්භාෂය ආශ්‍රිත රෝගී තත්ත්වයන් උත්සන්න විය හැකිය. කල්ගත වූ අසනීප සඳහා සුවය ලැබෙන දිනයකි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
අධ්‍යාපන කටයුතුවල නිරත අයට එතරම් සුබ දිනයක් නොවේ. ප්‍රේම සබඳතාවලට බාධා ගැටලු ඇති කරයි. සොර සතුරු බිය ඇතිවිය හැකි නිසා තම බඩුබාහිරාදිය ප්‍රවේශම් කරගන්න. අයහපත් මිතුරුන් නිසා තමාගේ සමාජ සබඳතා අපකීර්තියට ලක්විය හැකිය. ගමන් බිමන් කිහිපයක් නිසා මනසේ සතුට අහිමි වේ. තැන්පත් ධනයට සුභ නැත. නිවසේ බඩුබාහිරාදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු දිනයකි. මවු පාර්ශවයේ ඥාතීන්ට අපලකාරී වේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
රැකියාවේ උසස්වීම් ආදිය බලාපොරොත්තු වන අයට සුබදායකයි. වැටුප් වර්ධක ආදිය ලැබේ. නිවාස, ගේ දොර, යාන වාහන සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. උදරයේ පහළ අසනීප ගති ඇති කරයි. කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තම උත්සාහය මත ජයග්‍රාහී ඉලක්ක සපුරා ගැනීමට මාර්ගය විවර වේ. ඥාතියකුගේ කටයුත්තක් වෙනුවෙන් දුර බැහැර ගමන් කීපයක් යෙදේ. එමඟින් දවසේ වැඩ කටයුතු වැඩි වෙහෙස කරයි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.