Ada dawase lagna palapala 2018-10-21 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 21 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 05.57 
ඉර බැසීම  - පස්වරු 17.53
රාහු කාලය
දිවා 16.27 ට සිට 17.56 දක්වා
රාත්‍රී 04.27 සිට 05.56 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර
මේෂ
රැකියාවේ උසස් වීම්වලට හේතු යෙදේ. සතුරු කරදර විය හැකිය. ගෘහ  ජීවිතයේ සහකරු හෝ සහකාරිය සමඟ කටයුතු කිරීමේ දී ඉක්මන් තීරණ නොගන්න. කලහකාරී නොවන්න. අධ්‍යාපන කටයුතු සාර්ථකය. විශේෂයෙන් තරග විභාගවලට මුහුණ දෙන්නන් හට සුබ වේ. ප්‍රේම සබඳතාවලට හේතුගෙන දේ. ආදායම් තත්ත්වය පහත බසී. ආමාශය හා මුත්‍රාශය ආශ්‍රිත ලෙඩ රෝග ඇතිවිය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ආගම දහමට නැඹුරු වන දිනයකි. වන්දනා ගමන්වලට ආරාධනා ලැබෙයි. ආදායම තරමක් දුර්වලය. කතා විලාශය බොහෝ විට සාමකාමීය. මෘදුය. ආදර සබඳතාවලට සුබදායක දිනයකි. අධ්‍යාපනය ලබන අයට මිශ්‍ර ඵල සහිතයි. උනන්දු වන්න. මිතුරන් ඇසුරු කිරීමේ දී ප්‍රවේශම් වන්න. පපුව ආශ්‍රිත රුධිර සංසරණයේ දී ගැටලුකාරී තත්ත්වයන් පැන නඟී. මැසි මදුරුවන් නිසා ඇතිවන පීඩාකාරී තත්ත්වයන්ගෙන් ප්‍රවේසම් වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
දුරදිග බලා තීන්දු තීරණ නොගන්නා නිසා හදිසි අනතුර සිදුවිය හැකිය. කතාව නොසන්සුන්කාරී ස්වභාවයක් ගන්නා නිසා ගැටුම්කාරී තත්ත්වයක් හට ගනී. ආදායම් තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරයි. අධ්‍යාපනයේ යෙදෙන අය අධිෂ්ඨානයෙන් කටයුතු සාර්ථක කර ගනී. බාහු ආශ්‍රිතව ආබාධ ඇතිවිය හැකිය. විනෝද කටයුතු නිසා රැකියාවේ බාධා අවහිරතා ඇති විය හැකිය. කලකින් හමු නොවූ මිතුරකු හමු වේ. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
හවුල් ව්‍යාපාරවලින් ආදායම් තත්ත්වය වැඩි කරගත හැකිය. ඔවුන් සමඟ ආශ්‍රයේ දී ඉවසිලිමත් වන්න. රැකියා කටයුතු සාර්ථකයි. ප්‍රේම සබඳතාවල දී ඉවසීමෙන් කටයුතු කරන්න. තරග විභාග ආදියෙන් ජය හිමි වෙයි. පියාට රෝගාබාධ, මානසික වේදනා ඇති වේ. උදරය ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. පවුලේ කටයුතුවලට වියදම් කිරීමට සිදු  වේ. නිදි සුවයට බාධාකාරී සිදුවීම් ඇති කරන දිනයකි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
සමාජ කටයුතු සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන දිනයකි. එම කටයුතු ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් කරයි. ඒ නිසා වියදම් අධික වේ. ධාර්මික කටයුතුවලට සිත යොමු වේ. අධ්‍යාපනය ලබන අයට සුභ දිනයකි. ඕනෑම දෙයක් විඳ දරා ගැනීමේ ශක්තිය ඇත. තුනටිය හා ඉණ ප්‍රදේශය ආශ්‍රිතව රෝග තත්ත්වයන් ඇති විය හැකිය. කාලත්‍රයා සමඟ කටයුතු කිරීමේ දී ඉවසිලිමත් වන්න. රැකියා ලාභ ගෙන දෙන දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.
කන්‍යා
වැය පස අධික වේ. ‍ප්‍රේම සබඳතාවලට සුභයි. අධ්‍යාපනයට යහපත් දවසකි. කාර්මික අධ්‍යාපනය ලබන්නන්ට ඉතා සුබය. තම දූ දරුවන් හිතුවක්කාරී ස්වභාවයක් පෙන්වයි. නොසැලකිලිමත් බව නිසා අනතුරු සිදුවිය හැකිය. රැකියා කරන ස්ථානවල බාධා ඇති වේ. පවුල් ජීවිතය තුළ ගැටලු ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කර සාර්ථක දවසක් කරගන්න. අද දිනයේ ආගමික නැඹුරුතාව ඉතා යහපත් වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
රැකියාවල අර්බුද පැන නඟී. එහෙත් ඒවා මධ්‍යස්ථව විසඳාගත හැකිය. සහෝදරයන් පිළිබඳව කනගාටුදායක ආරංචි ඇසීමට ලැබේ. කෙටි ගමන් බිමන් යෙදේ. ආදායම අසුභ නොවේ. ගෘහ ජිවිතය තුළ සතුට අහිමි වේ. අධ්‍යාපන  කටයුතුවල අර්බුදකාරී තත්ත්වයන් මතු වේ. සියල්ල විඳ දරා ගෙන කටයුතු කළහොත් දවස සාර්ථක කර ගත හැකිය. අයහපත් මිතුරු ඇසුර අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය කළ හැකිය. කල්පනාකාරීව වන්න. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික
කලහකාරී ලෙස හැසිරේ. සියල්ලන් තම යටතට පත්කර ගැනීමට උත්සාහ කරයි. කන් ආශ්‍රිත රෝගදායී තත්ත්වයන් ඇති විය හැකිය. දුර බැහැර ගමන් ඇති වේ. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. රැකියා අපේක්ෂකයන්ට රාජ්‍ය අංශයේ රැකියා ලැබේ. ආදායම් තත්ත්වය යහපත් නොවේ. ප්‍රේම සබඳතාවලට බාධා ඇති වේ. විවාහ ජීවිතය තුළ සතුට අහිමි වේ. මැසි මදුරු උවදුර නිසා පීඩාකාරී තත්ත්වයන් නිර්මාණය කරයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
ධාර්මික සිතිවිලි පහළ වන දිනයකි. කතා විලාශය ආක්‍රමණශීලී ස්වාභාවයක් ගනී. අධ්‍යාපනය ලබන්නන්ට හොඳ දවසකි. රැකියා ස්ථානවල ගැටලුම විය හැකිය. ප්‍රේම සබඳතාවල දී ඉවසීමෙන් කටයුතු කරන්න. ගමන් බිමන් වෙනුවෙන් මුදල් වැය කරයි. විවාහ ජීවිතය තුළ අඬදබර ඇති වේ. ඉවසීමෙන් යුතුව කටයුතු කළහොත් දවස සුභදායී කරගත හැකිය. කිට්ටුම ඥාතිවරයකුට අසුබදායී තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
උද්යෝගිමත් දවසකි. ආදායම් තත්ත්වය යහපත්ය. අධ්‍යාපන කටයුතු මිශ්‍රඵල සහිතය. විනෝදය වෙනුවෙන් දුර ගමන් යෙදිය හැකිය. සමාජයේ පිළිගත් අයගෙන් ප්‍රශංසා ලැබෙයි. විවාහ ජීවිතයේ තරමක් අඬදබර ඇති වේ. ඉක්මනින් කිපෙන සුළු ස්වභාවයක් මතු වේ. හිස ආශ්‍රිත රෝග තත්ත්වයන් මතු විය හැකිය. මනා කල්පනාවෙන් යුතුව ක්‍රියා කළහොත් අද ඔබට ජය අත්වනු ඇත. භාවනාව ආදිය ප්‍රගුණ කිරීම සුබයි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
අද දින ඔබට ජයෙන් ජය අත්වන දිනයකි. දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන කිසිවෙකුට ඔබට හානි කළ නොහැකිය. සාමාන්‍ය ආදායම් තත්ත්වයක් ඇතත් වියදම ඉතා අධික දිනයකි. අධ්‍යාපනයේ නියළෙන්නන් ඒ වෙනුවෙන් වෙනදාට වඩා මහන්සි වන්න. ප්‍රේම සබඳතා සම්බන්ධව සිත්  තැවුල් ඇති විය හැකිය. රෝගාබාධවලට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්වයි. එහෙත් හිස ආශ්‍රිත රෝගාබාධ මතුවිය හැකිය. නිදි සුවයට බාධා ගෙන දෙයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.
මීන
අද දවස ඔබට විශේෂ ධන ලාභ ඇත. ලොතරැයි දිනුම් ඇදීම් උරගා බැලීමට හොඳ දවසකි. තම සේවා ස්ථානයේ ඉතා තෘප්තිමත් ආකාරයට කාර්යය ඉටු කළ හැකිය. අධ්‍යාපනය තුළ නියැළෙන අය තම කටයුතුවල දී ඉක්මන්කාරී නොවීමට වග බලා ගන්න. ප්‍රේම සබඳතාවල දී ගැටලු ඇති විය හැකිය. තරමක් කිපෙන සුළු ස්වභාවයක් ඇත. මනා ඉවසීමෙන් යුතුව කටයුතු කර දවස සාර්ථක කර ගන්න. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.