Ada dawase lagna palapala 2018-10-31 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 31 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 05.58
ඉර බැසීම  - පස්වරු 17.50
රාහු කාලය
දිවා 11.58 සිට 13.27 දක්වා
රාත්‍රී 23.58 සිට 01.27 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත

මේෂ
මවු පාර්ශවයේ ලාභ හෝ වෙනත් ලබා ගැනීම් පිණිස අද දිනය සුබදායකය. රෝහල් ගත වීමක් හෝ වෙනත් නීතිමය ගැටලු ආදිය පෙන්නුම් කරන නිසා දවසේ කටයුතුවල දී කල්පනාකාරී වන්න. කාලත්‍ර පාර්ශවයේ අනු දැනුමකින් තොරව යම් කාර්යයක් ඔබ අතින් වේ. කියවීමේ රුචිකත්වය වර්ධනය වන දිනයකි. ඒ පිළිබඳ වැඩි කාලයක් හා මුදල් වැය කිරීමක් කරයි. ගමෙන් පිට සිටින හිතවතකුගෙන් අසුභ ආරංචියක් ලැබෙන දිනයකි.  රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.
වෘෂභ
කල් ගතව තිබූ කාර්යයක් අද දිනය තුළ නිම කිරීමට ඉඩකඩ සැලසේ. තම සේවක කාරක ආදීන්ගේ සුබසාධනය පිළිබඳව හොඳින් කල්පනා කරන්න. රහස් පරීක්ෂණ කටයුතුවල නියැළෙන අයගේ කාර්යයන් අද දිනය තුළ සාර්ථක කර ගත හැකිය. මවු පස මාමාවරුන්ගේ උදවු උපකාර සහ ලාභ ලැබෙන කටයුතු සඳහා සුබ දායක වනු ඇත. සතුරු කරදර මර්දනය කර තම ඉලක්ක කරා පහසුවෙන් ළඟාවිය හැකිය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
රැකියා කරන ස්ථානවල දී ඊර්ෂ්‍යාකරුවන් ඔබගේ ඉදිරි ගමන වළක‍යි. මවගේ අසනීප තත්ත්වයක් අද දිනයේ පෙන්නුම් කරනු ඇත. අවිවාහක අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වේ. උදරයේ පහළ අසනීපගති මතු කරවිය හැකිය. ගිවිසුම් ආදිය අත්සන් කිරීමට හා හවුල් ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කර ගැනීමට අද දිනය ඉතා සුබදායකය. මවු පාර්ශ්වයේ මාමාවරුන්ගෙන් උදවු ලබා ගැනීමට අද දිනය සුබදායකය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක    
ආගමානුකූල සිතිවිලි හා එවැනි ගමන් බිමන් යෙදෙන දිනයකි. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ  බලාපොරොත්තු සඵල කරවනු ඇත. සබඳතා ගොඩනැගීමේ දී රැවටිලිකරුවන්ට හසුවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. මානසික සුවය උපරිමයෙන් ඇති දිනයකි. යහපත් සිතිවිලි අද දිනයේ ඔබගේ මනස ප්‍රබෝධවත් කරනු ඇත. රැකියා කටයුතුවල දී වඩා උද්යෝගිමත්ව වැඩි පිරිසක් වෙනුවෙන් සේවය සලසයි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.
සිංහ
සතුරු කරදර මර්දනය කොට තම ඉලක්ක කරා පහසුවෙන් ළඟා කරවයි. අස්ථානගතව තිබූ දෙයක් පිළිබඳ ආරංචියක් ද අද දිනයේ ලැබෙනු ඇත. නිවසේ කටයුතුවලට වෙනදාට වඩා තම ශ්‍රමය වැය කිරීමට වන දිනයකි. වැඩිහිටි අයගේ උදවු උපකාර ද ඒ සඳහා ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට තම මතක ශක්තිය වර්ධනය කරවා ජයග්‍රහණ ළඟාකර ගත හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
නිර්මාණකරණයේ යෙදෙන අයට අද දිනයේ උසස් නිර්මාණ බිහි කළ හැකිය. ආරක්ෂක අංශවල රහස් පරීක්ෂණ කටයුතු කරන අයට තම කාර්යයන් වඩා කාර්යක්ෂම ලෙස ඉටු කළ හැකි දිනයකි. යහපත් සිතිවිලිවලින් අද දිනයේ ඔබගේ මනස ප්‍රබෝධවත් වනු ඇත. ආගමානුකූල කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවනු ඇත. ඉඩකඩම් හා බෝග වගා ආශ්‍රිත කටයුතුවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
විදේශ රැකියා බලාපොරොත්තු වූ අයගේ අදහස් සඵල කරවයි. ඔබගේ උපදෙස් බලාපොරොත්තුවෙන් තම බාල සහෝදරයකු පැමිණෙන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. අධ්‍යාපන කටයුතුවල දී යම් අලස බවක් මතු කරවිය හැකිය. පොත්පත් ලිපි ද්‍රව්‍ය හා පුස්තකාල සම්බන්ධ ඇල්ම වැඩි කරවන දිනයකි. ඒ සඳහා යම් මුදල් වැය කිරීමක් විය හැකිය. දුර ගමන් කිහිපයක් යෙදිය හැකි දිනයකි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06

වෘශ්චික
යහපත් සහෝදර සබඳතා වර්ධනය වනු ඇත. පිය පාර්ශ්වයේ අසනීපගති ආදිය මතු කරවිය හැකි නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. හදිසි අනතුරු, වැටීම්, තැලීම් ආදියට හේතු විය හැකිය. කල්පනාකාරීවන්න. දිනයේ සවස් කාලය අලසගති මතුකරවා ඔබගේ දෛනික කටයුතු අඩාල කරවයි. පොත්පත් ලිපි ද්‍රව්‍ය ඇසුරේ වැඩි කලක් ගත කිරීමට සිදුවන දිනයකි. යහපත් ගිවිසුම්වලට එළඹීමට අද දිනය සුබදායකය. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින අයට ජයග්‍රහණ අත්කරවනු ඇත. වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශම් කරගත යුතු දිනයකි. මුත්‍රා ආබාධ ආදියෙන් පීඩාකාරී දේ විය හැකිය. තැන්පත් ධනය වැය කරවා ආර්ථික අපහසුතාවලට පත් කරවන දිනයකි. ණය මුදල් පවා ඉල්ලා ගැනීමට වනු ඇත. කාලත්‍ර පාර්ශවයේ අනතුරු තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
ආරක්ෂක අංශවල කටයුතු කරන අයට කාර්යබහුල දිනයකි. නිවසේ ඇති කරන සුරතල් සතුන් ආදීන්ගෙන් ඔබට යම් පීඩාකාරී දේ විය හැකිය. කල්පනාකාරී වන්න. නිවසේ අලංකරණ කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දරනු ඇත. බාල සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් යම් වෙහෙසක් දැරීමට සිදුවිය හැකිය. ඔබගේ වටිනා ලිපි ලේඛන ආදිය අද දිනයේ අස්ථානගතවීම්වලට ලක් වීමට ඉඩ ඇත. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
යහපත් ලෙස ඔබ සකසා ගන්නා ආදායම් මාර්ග අද දිනයේ ඔබට වැඩි ලාභ අත්කරවයි. ප්‍රතිඵලදායක මිතුරු සබඳතා ගොඩනැඟෙනු ඇත. වන්දනා ගමන් හෝ ආගමානුකූල කටයුත්තක් වෙනුවෙන් නිවසින් බැහැරට යන දිනයකි. තෙල් සහිත ආහාර අසුභයි. කය වෙහෙසා වැඩ කරන අයට අද දිනයේ තම ලාභ උපරිම කර ගත හැකිය. මලල ක්‍රීඩා හා වෙනත් පිටියේ ක්‍රීඩාවන්හි නියැළි අයට ජයග්‍රහණ ළඟා කරවනු ඇත. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අත දිනය සුබදායකය. ප්‍රේම සබඳතාවල දී තම මතය ජයග්‍රහණය කරවීමට යෑම සුබදායක නොවේ. සෙම් රෝග මතු කරවිය හැකි දිනයකි. වටිනා බඩු බාහිරාදිය අස්ථානගත වීමේ අවදානමක් ඇති නිසා ඒ පිළිබඳ දෙවරක් කල්පනා කරන්න. වගා කටයුතුවල නිරතව සිටින අයගේ බලාපොරොත්තු සුන් කරවන දිනයක් විය හැකිය. අස්වැන්න නෙළීම ආදියට සුබදායක නොවේ. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3



No comments:

Powered by Blogger.