Ada dawase lagna palapala 2018-11-09 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 නොවැම්බර් මස 09 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 05.59
ඉර බැසීම  - පස්වරු 17.49
රාහු කාලය
දිවා 10.29 සිට 11.58 දක්වා
රාත්‍රී 22.29 සිට 23.58 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
තැන්පත් ධනය ද වැය කර ආර්ථික අපහසුතා ඇති කරවිය හැකිය. මුහුණ නිකට ආදී ශරීර ස්ථානවල යම් ආසාත්මිකතා මතු කරවිය හැකි දිනයකි. සංගීතය නැටුම් ආශ්‍රිත කටයුතුවල නිරත අයගේ හැකියාවන් අද දිනය තුළ වර්ධනය වේ. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති හදිසි අනතුරු ආදිය අද දිනයේ ඇති කරවිය හැකිය. පවුල් සබඳතා සඳහා අද දිනය සුබදායක දිනයක් නොවේ. ප්‍රේම සබඳතා සඳහා සුබදායක දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
රැකියා කරන ස්ථානවල දී වැඩි උද්යෝගයකින් කටයුතු කරනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට මතක ශක්තිය පිළිබඳ ගැටලු ඇති කරයි. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද අද දිනයේ සුබදායක නැත. ව්‍යාපාරිකයන්ට යහපත් ලෙස දිනය ගත කළ හැකිය. බොහෝ පිරිසක් අතර ඔබගේ කීර්තිය පැතිර යන දිනයකි. මිතුරු මිතුරියන් අතර ඔබ විශේෂ අයකු වනු ඇත. මුහුණේ ශ්‍රියාව වෙනුවෙන් වැඩි කාලයක් ගත කරන දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
පොත්පත් කියවීම, මිලදී ගැනීම ආදිය සඳහා රුචිකත්වය වැඩි කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී මතක තබා ගැනීමේ ශක්තිය දූ දරුවන්ට ගැටලු ඇති කරවිය හැකිය. යුග දිවියේ තම ආධිපත්‍යය පැතිරවීමට යෑම අසුබකාරී දේ කරවිය හැකිය. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් අද දිනයේ යම් උපදේශාත්මක වදන් ලබා දෙනු ඇත. නීතිය හා සම්බන්ධ ලියකියවිලි කිහිපයකට අත්සන් තැබීමට ද අද දිනයේ සිදු වේ. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
ලිපි ලේඛන කටයුතු පොත්පත් ලිවීම ආදී දේවල නිරත අයට තම හැකියාවන් උපරිම කරගත හැකි දිනයකි. කාලත්‍ර පාර්ශවයේ අද දිනයේ ඔබ බලාපොරොත්තු වූ සහාය ලබා ගැනීමට නොහැකිවනු ඇත. හුදකලා බවක් නිරූපණය කරන දිනයකි. අසනීප තත්ත්වයක් වෙනුවෙන් මුදල් වැය කිරීමක් පෙන්නුම් කරයි. ලාභ බලාපොරොත්තුව කරන බොහෝ දේ තුළින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා කරගත නොහැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
පිය පාර්ශ්වයෙන් ආධාර උපකාර ඉල්ලීමට අද දිනය සුබ දායකය. රෙදිපිළි, විසිතුරු දේ මිලට ගැනීම සඳහා වැය පාර්ශවය අධික කරවයි. රැකියා ස්ථානවල දී විවිධ අන්දමේ චෝදනා අපවාද ආදියට ලක් විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. තෙල් සහිත ආහාර අද දිනයේ ඔබ පීඩාවට පත් කරවිය හැකිය. යුග දිවියේ සාමය සතුට ලැබෙන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. ක්‍රීඩා ජයග්‍රහණ හිමිවන දිනයකි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ආවේගකාරී තත්ත්වයන් මතු කරන අද දිනයේ ඔබගේ මානසික සුවය අහිමි කරවයි. ඉතා කල්පනාවෙන් කටයුතු කරන්න. හිස ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් හෝ අක්ෂි ආබාධ මතු කරවිය හැකිය. ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට දරන ප්‍රයත්නයන් සාර්ථක කරවයි. මිතුරු සබඳතා සඳහා බාධාකාරී තත්ත්වයන් නිර්මාණය කරයි. මවු පාර්ශ්වයේ යම් අසනීප තත්ත්වයක් වෙනුවෙන් මුදල් වැය වීමක් බලාපොරොත්තු විය හැකිය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
හවුල් ව්‍යාපාර ආදියේ නිරතවන පිරිස් අද දිනයේ කල්පනාකාරි විය යුතුය. වචන හුවමාරු මත ගැටුම් ආදිය නිසා යම් ගැටුම්කාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. උදරයේ පහළ අසනීපගති මතු කරවන දිනයකි. කල්පනාකාරීව කටයුතු කරන්න. තැන්පත් ධනය වැය කිරීමට හේතුවන දිනයකි. මවු පාර්ශවයේ අය තත්ත්වය ඉහළ යා හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරවයි. ජලයෙන් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
වැඩිමහල් සහෝදරයකුගේ දේපළ ඉඩකඩම් මිල දී ගැනීමක් ගැන ආරංචියක් ඔබට ලැබෙනු ඇත. ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවල නිරත අයගේ ආදායම් තත්ත්වය වර්ධනය කරවිය හැකිය. තම අභිමතය ක්‍රියාත්මක කිරීමට යෑම නිසා මිතුරන් අතර ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කෙරේ. සතුරු කරදර ආදිය අවම කරගෙන තම ජයග්‍රහණ කරා ළඟා කරවිය හැකිය. පිය පාර්ශ්වයේ ලැබීම් සඳහා අද දිනය සුබදායක වේ. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
නිවසේ යම් අලුත්වැඩියා සම්බන්ධ කටයුත්තක් යෙදිය හැකි දිනයකි. මවුපස වැඩිහිටි ඥාතියකුට අපලකාරි තත්ත්වයක් මතු කරවිය හැකිය. හෘද රෝග ආදිය සම්බන්ධ අවදානමක් ඇති නිසා ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුය. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අද දිනය තුළ සාර්ථකව නිම කර ගැනීමට අවස්ථාව සැලසේ. බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධ කටයුතු සඳහා අද දිනයේ ඔබගේ වැඩි මැදිහත් වීමක් දැකිය හැකිය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
මිතුරු සබඳතා සඳහා අද දිනය සුබදායක නොවනු ඇත. යම් ගැටලු සහගත තත්ත්වයන් නිසා මානසික පීඩනය ද අධික කරවනු ඇත. රැකියා කරන ස්ථානවල දී තම මතය තහවුරු කිරීමට යෑම ප්‍රධානීන්ගේ උදහසට ලක්විය හැකිය. උදරයේ ආබාධ පිළිබඳව අද දිනයේ කල්පනාකාරී විය යුතුය. කාලත්‍ර පාර්ශවයේ කටයුතු වෙනුවෙන් වැඩි වැයක් දැරීමට වන දිනයකි. ආදායම් තත්ත්වය ද වර්ධනය කර ගැනීමට හැකියාව ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
නිවසට ප්‍රභූ අමුත්තන් පිරිසක් පැමිණීමට ඉඩ ඇත. රසවත් ආහාර අද දිනයේ ඔබගේ ප්‍රීතිය පිණිස වේ. උදරයේ පහළ අසනීප ගති නිසා සවස් කාලයේ යම් අපහසුතාවන් මතු කරවිය හැකිය. සේවක කාරකාදීන් අද දිනයේ ඔබ බලාපොරොත්තු වන සේවය උපරිම අයුරින් ලබා දෙනු ඇත. මවුපස මාමා කෙනකුගෙන් අද දිනයේ ඔබට විශේෂ ප්‍රදානයන් බලාපොරොත්තු විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුබදායකයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
ලිපි කටයුතු ආදියට අත්සන් කරන විට දෙපාරක් සිතා බලා කටයුතු කළ යුතු දිනයකි. වැඩිමහල් සහෝදරයකුගේ දරුවකු සම්බන්ධ අසුභ ආරංචියක් අද දිනයේ ඔබට ලැබෙනු ඇත. ඔබ බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට ගෞරවයට ලක්වන දිනයකි. නිවසේ වැඩ කටයුතුවල දී කාලත්‍ර පාර්ශවයේ සහයෝගය ඔබට ඉතා හොඳින් ලැබෙනු ඇත. මවුපස ලැබීම් පිණිස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අද දිනය සුබදායක නොවේ. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.