Ada dawase lagna palapala 2018-11-16 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 නොවැම්බර් මස 16 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.01
ඉර බැසීම  - පස්වරු 17.49
රාහු කාලය
දිවා 10.31 සිට 12.00 දක්වා
රාත්‍රී 22.31 සිට 00.00 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන
මේෂ
නිවෙස තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගේ. අඹුසැමි සමගිය වර්ධනය වේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. පියාට තරමක් අපලදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. නිවාස, ඉඩකඩම් දේපළ ලැබීමේ වාසනාව ඇත. තම හැකියාවන් වර්ධනය කර ගැනීමට ඉඩකඩ සැලසෙන දිනයකි. සහෝදරයන්ගේ උදව් උපකාර ලැබෙන දිනයකි. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයට සුබදායක ආරංචි ලැබෙන දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන දිනයකි. තමාට එන සෑම අභියෝගයකටම ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාවක් පවතී. තැන්පත් ධනය වර්ධනය වේ. මුත්‍රාශය ආශ්‍රිත රෝග පීඩා මතුවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න. ගිලනුන්ට උපස්ථාන කිරීමට කැමැත්තක් දක්වයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින්නන්ට සුබදායකය. කෙටි ගමන් බිමන් යෙදිය හැකිය. තෙල් සහිත ආහාර ආදිය අද දිනයේ ඔබට පීඩා ඇති කරයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජය ලැබෙයි. විවාහ ජීවිතය තුළ තරමක් ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. ගමන් බිමන් යෑමේදී රිය අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න. අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින්නන්ට සුබදායකයි. ප්‍රේම සබඳතා ගොඩනැගේ . විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ එම  බලාපොරොත්තු ඉෂ්ට වේ . දරු ඵල අපේක්ෂාවෙන් සිටින විවාහකයන්ට යහපත් දරු උපත් බලාපොරොත්තුවන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
ආයම් මාර්ග වර්ධනය වන දිනයකි. කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන ලකුණු පහළ වේ. විවාහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න. හදිසි ගමන් බිමන් යෙදිය හැකිය. ඉඩකඩම්, යාන වාහන මිල දී ගැනීමට සුබදායකයි. ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමේ යෙදී සිටින්නන්ට සුබදායක දිනයකි. තුනටිය ආශ්‍රිත ප්‍රදේශවල රෝග පීඩා තත්ත්වයන් මතුවිය හැකිය. ප්‍රවේසම්වන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
කෙටි ගමන් බිමන් යෙදෙන දිනයකි. සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ. ආදායම් තත්ත්වයේ යහපත් වර්ධනයක් සිදු වේ. සේවක ආරවුල් ඇතිවිය හැකිය. ධෛර්යයෙන් හා ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණ ලබාගත හැකිය. ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කරයි. බඩේ අමාරු ආදී රෝගී තත්ත්වයන් මතුවිය හැකිය. වැදගත් උත්සව අවස්ථාවකට ආරාධනා ලැබෙන දිනයකි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ආදායම් තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට සාර්ථක උත්සාහයක යෙදේ.  ලොතරැයි වාසනා ලැබීමේ භාග්‍ය හිමි දිනයකි. රැකියාවන්හි නිරත අයට ශුභදායකයි. නීතිමය සම්බන්ධ කටයුතුවලින් ජයගත හැකිය. ගෘහ ජීවිතයේ සාමකාමී වාතාවරණයක් පෙන්නුම් කරයි. රාජ්‍ය අනුග්‍රහය ලැබීමට හේතු වන දිනයකි. කතාවෙන් අන්‍යයන් පාලනය කර ගැනීමට හැකිය. දුර බැහැර ගමන්වලින් ලැබෙන වෙහෙසක් පෙන්වයි. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
කීර්ති, ප්‍රශංසා, නම්බුනාම ලැබිය හැකි දිනයකි. දරුවන් සම්බන්ධයෙන් සුබදායක තොරතුරු ලැබෙයි. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ගණිතය, ඉංජිනේරු තාක්ෂණය හදාරන්නන්ට යහපත් ප්‍රතිඵල ලැබිය හැකි දිනයකි. ලිපි කටයුතු හා ග්‍රන්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවයි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇත. ප්‍රේම සබඳතාවලට සුබදායකය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
විදේශ ගතවීමට බලාපොරොත්තු වන අයගේ අදහස් ඉෂ්ට වන දිනයකි. යුග දිවිය තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ගොඩනැගිය හැකිය. නීතියේ රැහැනට අසු වූවන්ට සහනයක් සැලසෙනු ඇත. ආධ්‍යාත්මික කටයුතුවලට වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය කරන දිනයකි. සහෝදරයන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ ඇත. ධෛර්යය සහ උත්සාහය ඇතිවන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් අත්කර ගත හැකි දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් ජයග්‍රහණය ලබා ගත හැකිය. තැන්පත් ධනය වර්ධනය වේ. සිතේ නොසන්සුන්භාවය වැඩි කරන දිනයකි. හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම්වන්න. සේවකයන්ගේ චෝදනා එල්ල වීමට ඉඩ ඇත. ඇස්, කන්, නාස යන ඉන්ද්‍රියන්ගේ ආබාධ මතු වීමට ඉඩ ඇත. පවුල් ජීවිතය සාමකාමීය. අධ්‍යාපනයේ යෙදී සිටින්නන්ට සුබදායකයි. ප්‍රේම සබඳතාවලට යහපත්ය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
රැකියා කටයුතුවල නියැළෙන අයට ආයතන ප්‍රධානීන්ගේ කීර්ති ප්‍රශංසා ලැබෙන දිනයකි. රාජ්‍ය සේවයේ රැකියා ඉල්ලුම්කරුවන්ට ඉතා සුබදායකයි. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. ප්‍රේම සබඳතා වර්ධනය වේ. නිර්මාණ  කටයුතුවල යෙදී සිටින්නන්ට ඉතා සුබදායකයි. අධ්‍යාපනය ලබන අයට මතක ශක්තිය වැඩි කරවයි. ව්‍යාපාර කටයුතුවල දී කොටස් මිලදී ගැනීම ආදියට සුදුසු දිනයකි. රසවත් ආහාරපාන ආදිය භුක්ති විදීමට ලැබෙයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
ආදායම් මාර්ග වැඩි දියුණු වේ. ලොතරැයි දිනුම් ආදිය ලැබීමට වාසනාව හිමිය. ආගමට දහමට නැඹුරුව ක්‍රියා කරයි. විදේශ ගමන්වල යෙදීමට බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල විශේෂ දියුණුවක් දැකිය හැකිය. ග්‍රන්ථකරණයේ යෙදී සිටින්නන්ට සුබදායකය. යාන වාහන, ඉඩකඩම් මිල දී ගැනීමට සුදුසු දිනයකි. නිවසේ වැඩ කටයුතුවල දී වැඩි උද්යෝගයකින් කටයුතු කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
කාර්මික අංශයේ රැකියාවල නිරතවන්නන්ට සුබදායකයි. මවගෙන් හෝ ඥාතීන්ගෙන් ආධාර උපකාර ලැබිය හැකිය. ආදායම් මාර්ගවල වර්ධනයක් ලැබෙයි. ගුප්ත ශාස්ත්‍රයේ නියැළෙන්නන්ට වාසිදායකය. පවුල් ජීවිතය සාමකාමීය. කෙටි ගමන් බිමන් යෙදෙනු ඇත. හවුල් ව්‍යාපාර ආදියෙන් ලාභ අපේක්ෂා කළ හැකිය. ප්‍රේමය සබඳතාවලට සුභ දිනයකි. මිතුරන් සමඟ අද දිනයේ වැඩි ඇසුරක් පවත්වයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 

No comments:

Powered by Blogger.