Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-11

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-11 

අද දවස ඔබට

2020  ජනවාරි මස 11 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 06.26
ඉර බැසීම - පස්වරු 18.11
රාහු කාලය
දිවා 09.26 සිට 10.55 දක්වා
රාත්‍රී 21.26 සිට 22.55 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
ධනය හා වටිනා බඩුබාහිර ආදිය නැති වීමේ අවදානමක් ඇති නිසා ඒ පිළිබඳව කල්පනාකාරීවන්න. යුග දිවියේ සතුට තරමක් ඈතට යනු ඇත. රැකියා අපේක්ෂාවෙන් සිටින අයට අද දිනය සුබදායකය. කල් ගතව තිබූ අසනීප තත්ත්වයකින් සුවය ලැබීමට අද දිනයේ ඉඩකඩ ලැබෙයි. රැකියාවේ අවශ්‍යතාවයක් සඳහා උසස් පුහුණුවීම් ආදියට යොමු වීමට සිදු වනු ඇත. ඒ වෙනුවෙන් ඔබ විශේෂ ඇගයීමකට ද ලක් වේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
වෘෂභ
සුබ කටයුත්තකට අද දිනයේ ඔබට ආරාධනා ලැබෙනු ඇත. සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් අසල්වාසීන් සමඟ කටයුතු කරනු ඇත. දරුවන්ගේ සෞඛ්‍ය ගැටලු මතු කරවිය හැකි දිනයකි. කල්පනාකාරීවන්න. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරයි. යහපත් සිතුවිලි තුළින් නව නිර්මාණ බිහි කළ හැකිය. ප්‍රේම සබඳතාවලට සුභදායක දිනයකි. යහපත් මිතුරු සබඳතා ගොඩ නැඟෙනු ඇත. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ගලා යන ජලයට බුලත් දමන්න.
මිථුන
තම බාල සහෝදරයාගෙන් උදවු ඉල්ලීමට අද දිනයේ සුබදායකය. උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් දීර්ඝ ගමනක් යෙදිය හැකිය. මුත්‍රාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරයි. තමාගේ කීර්තිය වැඩිවන කරුණු කිහිපයක් අද දිනයේ සිදුවනු ඇත. මුහුණේ ප්‍රභාවත් ගතිය වැඩි කරවන දිනයකි. රූපලාවණ්‍ය කටයුතු සඳහා වැඩි කාලයක් ද යොමු කරවිය හැක. තමාගේ ඥාතීන් අතර ඉමහත් ආදරයට අද දිනයේ ඔබ පත්වනු ඇත. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
කටක
ගිවිසුම් හා කොන්ත්‍රාත් ආදිය අත්සන් තැබීමට අද දිනය සුබදායකය. මාධ්‍ය ආයතන කටයුතුවල නිරත අයගේ හැකියාවන් හා නිර්මාණශීලී බව වැඩි කරවන දිනයකි. සහෝදරයකුගේ කටයුත්තකට කෙටි ගමන් කිහිපයක් යෙදෙනු ඇත. පොත්පත් ඇසුරේ වැඩි  කාලයක් ගෙවනු ඇත. පොත්පත් ආදියේ මිල දී ගැනීම් කිහිපයක් ද සිදු කරයි. සමීපතම ඥාතීන් කිහිපදෙනකු හමුවීමට අද දිනයේ ඔබට අවස්ථාව ලැබෙයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
සිංහ
සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් යම් කාලයක් කැප කරනු ඇත. වටිනා බඩුබාහිර හා ආභරණ පිළිබඳ ඇල්මක් ඇති වන දිනයකි. කලා කටයුතුවල නියැළි අයගේ ආදායම් තත්ත්වය වර්ධනය කරයි. පියපස මාමා කෙනකුගේ හමු වීමක් සිදු වේ. යහපත් මිතුරු සබඳතා සඳහා අද දිනය සුබදායකය. තමා බලාපොරොත්තු වන ආදායම ළඟා කර ගනියි. ආරම්භ කළ කාර්යයන් අභිමතාර්ථ සරු වී ඉෂ්ට සිද්ධ කරගනු ඇත. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
කන්‍යා
ස්වර්ණාභරණ හෝ වටිනා මැණික් වර්ග අලෙවියේ නියුතු අයට අද දිනය සුබදායකය. යහපත් පවුල් සබඳතා ගොඩ නැඟෙනු ඇත. අක්ෂි ආබාධ හෝ මුහුණේ ආසාත්මිකතා ඇති කරවිය හැකිය. ආගමික ලියකියවිලි කිහිපයක් සඳහා ඔබගේ අවධානය යොමුවන දිනයකි. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙයි. ස්වඋත්සාහයෙන් කරන කියන කටයුතුවලින් වැඩි ලාභ අත් කරගත හැකිය. මැසි මදුරු උවදුරු ඇති වේ. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.
තුලා
සාහිත්‍ය නිර්මාණවල නව අංගයන් බිහි කළ හැකි දිනයකි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉටු කරයි. ව්‍යාපාරික හවුල්කරුවකු සමඟ කෙටි ගමන් කිහිපයක් යෙදිය හැකිය. සෙම් රෝග මතු කරයි. ආගමික සිතිවිලිවලින් මනස පිරී යනු ඇත. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කරන පර්යේෂණ ආදිය සාර්ථක කරගත හැකිය. පිය පාර්ශ්වයේ උදවු උපකාර ඉල්ලීම සඳහා අද දිනය සුබදායක වනු ඇත. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
වෘශ්චික
සුවඳ විලවුන් වර්ග හෝ රෙදිපිළි වැනි ව්‍යාපාරවලින් වැඩි ලාභ ලැබිය හැකිය. විදේශගතව සිටින ඥාතියකුගෙන් උදවු උපකාර ලැබෙනු ඇත. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. යහපත් යුග දිවි සබඳතා මතු කරවනු ඇත. ආදරය සෙනෙහස පිරී යන දිනයකි. හවුල් ව්‍යාපාර ආදී කටයුතුවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. නඩුහබ ආදියට පැටලීමේ ඉඩකඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   කළු තල පරිත්‍යාග කරන්න.
ධනු
පියපස  මාමාවරුන් අතර සුහදත්වය වර්ධනය කර ගැනීමට කරුණු යෙදේ. මිත්‍යා විශ්වාස ආදියෙන් ඔබගේ මුදල් වැය වීමට ඉඩකඩ සහිත දිනයකි. මානසික සතුට දිනයේ සවස් කාලයේ ඉවතට යනු ඇත. ප්‍රතිශක්තිකරණ‍යේ අඩු දිනයක් නිසා බෝවන රෝග පිළිබඳ අවධානමක් ඇත. තමාට එරෙහිව සතුරු බලවේග ක්‍රියාත්මක විය හැකි දිනයකි. නිවසේ වසන සුරතල් සතුන් ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. ජලය ආශ්‍රිත ක්‍රියාවලීන් වලකින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.
මකර
ගුප්ත ශාස්ත්‍ර ආදිය ඉගෙනීම සඳහා වැඩි උනන්දුවක් ඇති කරයි. නිවසේ බඩු බාහිර ආදිය පරිහරණයේ දී ප්‍රවේශම්කාරී විය යුතුය. පිටස්තර පුද්ගලයන් සමඟ සිදු කරන පණිවුඩ හුවමාරු ආදියේ දී දෙවරක් කල්පනා කරන්න. විවේකය ගත කිරීම පිණිස ගමනක් සංවිධානය කෙරේ. තමන්ගේ රැකියාව පිළිබඳ ගැටලු ඇති කරයි. සමාජ සුභසාධක කාර්යයන් සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරනු ඇත. ආගමික සිතිවිලිවලින් සිත පිරී යන දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
කුම්භ
කාලත්‍ර පාර්ශවයේ ආදායම් තත්ත්වය වර්ධනය වන දිනයකි. රක්ෂණ පාරිතෝෂික දීමනා ආදිය පිළිබඳව අවධානය යොමු කිරීමට අද දිනය සුබදායකය. මිතුරු සම්බන්ධතාවල දී කල්පනාකාරී විය යුතුය. පිය පාර්ශවයේ අසනීප ගති මතු කළ හැකි දිනයකි. අන්තිම කැමති පත්‍ර ආදියේ උරුමකම් ඇති වීමට අද දිනයේ ඉඩකඩ ඇත. යන එන ගමන් බිමන්වල දී හා ජලය ආශ්‍රිත කටයුතුවල දී ඉතා කල්පනාකාරී විය යුතුය. සෙම් රෝග ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.
මීන
මව සම්බන්ධ කටයුතුවලින් වෙනදාට වඩා සමීප බවක් අද දිනයේ ප්‍රකට කරයි. කෘෂිකර්මය හා කිරි නිෂ්පාදන ආදී කටයුතුවලින් විශේෂ ප්‍රගතියක් ඇති කරවනු ඇත. රැකියා ස්ථානවල කටයුතුවල දී කල්පනාකාරී විය යුතු දිනයකි. නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් කැප කරයි. රථ වාහන ආදිය මිල දී ගැනීම සඳහා අද දිනය සුබදායකය. ඔබ කිරීමට බාරගත් යහපත් දෙයක් අද දිනයේ නිම කරනු ඇත. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.


















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.