
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-12
අද දවස ඔබට
2020 ජනවාරි මස 12 වන ඉරිදා
ඉර උදාව - පෙරවරු 06.26 ට
ඉර බැසීම - පස්වරු 18.12 ට
රාහු කාලය
දිවා 16.56 ට සිට 18.25 දක්වා
රාත්‍රී 04.56 සිට 06.25 දක්වා
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - උතුර
මේෂ
ඉක්මනින් තීරණ හා කලබලකාරී බව තම මානසිකත්වයට බාධා
ඇති කරයි. විරුද්ධවාදීන්ට එරෙහිව නැඟී සිටියි. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. කාලත්‍රයාට
අසනීප ගතියක් මතු කරයි. තැන්පත් ධනයට සුබ දිනයක් නොවේ. අරපිරිමැස්ම ගැන උනන්දු
වන්න. සහෝදරයකුගේ කාර්යයකට මැදිහත් වේ. ආගම දහමට ලැදියාව වැඩි දිනයකි. විදේශ
රැකියා බලාපොරොත්තු වන අයට සුබයි. ධාර්මික මිතුරන් ඇසුරට ලැබේ. පෙර භවයේ කළ කුසල්
ඉස්මතු වන දිනයකි. ඉර බැසීමට විනාඩි 45
කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
සමාජ සේවා කටයුතුවල දී තම ප්‍රශංසාවට ගෞරවයට පාත්‍ර
වේ. ගෘහ ජීවිතය මඳක් කලබලකාරී ස්වභාවයක් උසුලයි. කල්පනාවෙන් කටයුතු කරන්න. රෝහල්
සේවයේ නියුතු අයට වැඩ කටයුතු අධික කරයි. නැතිනම් රෝහලකට යෑමට සිදු වේ. රැකියා කරන
ස්ථානවල දී වැඩි පිරිසකගේ ප්‍රශංසාවට ඔබ කළ ක්‍රියාවක් හේතු වේ. පොත්පත් ලිපි ලේඛන
ආශ්‍රිත රැකියාවල නිරත අයට යහපත්ය. සමාජයේ ප්‍රබල ඇගයීමකට ඔබ ලක්වේ. කුරුල්ලන්ට
කෑමට ආහාර දමන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
රැකියාවේ යම් වෙනසක් ඇති වීමට ඉඩකඩ පවතී. සමාජයේ ඉහළ
පුද්ගලයන්ගේ උපකාර ලැබේ. නිවසේ කටයුතුවල දී තම ආධිපත්‍ය පතුරවයි. තැන්පත් ධනයට
ගැටලු ඇති කරයි. නිවසට අමුත්තන් කිහිප දෙනෙකු පැමිණේ. උරහිස් ආබාධ ආදිය මතු කරවන
දිනයකි. උසස් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වීමට දැරූ උත්සාහය සඵල වේ. ඔබට තරග
විභාගවලින් ජය ලැබේ. ශිෂ්‍යත්ව ලාභ හිමියි. හවුල් ව්‍යාපාරවල යම් යම් අර්බුද හට
ගනී. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
වීර්යය අධික දිනයකි. දරුවකුගේ සුභදායක ආරංචියක්
ලැබේ. සතුරන් මෙල්ල කරගත හැකිය. උදරයේ පහළ කොටස ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයක් මතු
විය හැකිය. කල්පනාකාරී වන්න. කාලත්‍රයාගේ සහාය වැඩ කටයුතුවලට ලැබෙන දිනයකි. පහන්
සිතිවිලි ඇති වේ. නිරවුල් මනසකින් යුතුව වැඩ කිරීමට හැකියි. යම් යම් කාර්යයන්වල දී
බාධා ඇති වුව ද ඒවා ජය ගැනීමට තරම් මානසික තත්ත්වය ප්‍රබල වේ. ආදායම් වියදම් සමානව
ගලා යයි. ඥාති සබඳතා වර්ධනය වේ. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය
- ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ආමාශගත රෝග හට ගැනීමට
ඇති ඉඩකඩ වැඩියි. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවන දිනයකි. මිත්‍රාදීන්ගෙන් ලැබෙන
උපකාර අඩු වේ. නිර්මාණකරණයට ඉතා සුබ දිනයකි. යහපත් අදහස් ඇති වේ. අභිමානයෙන් යුතුව
දවස ගත කරයි. විවාහකයන්ට ජයයි. ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. තරගවලට ඉදිරිපත් වන්නන්ට
ජය හිමි වෙයි. අනුන්ගේ කටයුතුවලට උදවු කිරීමට වෙහෙස වන දිනයකි. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
යුග දිවිය තුළ තිබූ ගැටලු නිරාකරණය කරගත හැකිය.
හිතුවක්කාරී ගති ඉස්මතු වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපන
කටයුතුවලට අවහිරතා මතු වේ. දූ දරුවන්ගේ ප්‍රශ්න ගැටලුවලට අද දිනයේ වැඩි මැදිහත්
වීමක් සිදු වේ. වැය පක්ෂය අධිකයි. සිතුවිලි ආවේගශීලී වේ. ආර්ථික දියුණුවට අවස්ථා
පෑදේ. ඥානාන්විතව කටයුතු කිරීම නිසා රැකියා කරදර බොහොමයක් ඉවත් කරගත හැකිය. මැසි
මදුරු උවදුරු ඇති වේ. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය
වර්ණය - කොළ, ජය අංකය -05
තුලා
රැකියාවල නියුතු අයට උසස්වීම් ලැබේ. තම මතයට සබඳතාවන්
ඇති කර ගැනීමට උත්සාහ ගනී. එම ගන්නා තීරණ දුර්වල විය හැකිය. මිත්‍ර ආශ්‍රය නිසා
සමාජයේ තැන අහිමි වේ. විවාහකයන්ට යහපත් දරු සම්පත් හිමි වේ. අහිමි වූ දෙයක් නැවතත්
ලබයි. පපුව ආශ්‍රිත රෝගාබාධ ඇති කරයි. කල්පනාකාරීවන්න. සමාජයේ ගෞරවය සැලකිලි
වැඩියෙන් ලැබෙන දිනයකි. උසස් තත්ත්වයට පත්වේ. වුවමනාවෙන් සපුරා ගැනීමට මුදල් අත
ගැවසේ. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
ගෘහ ජීවිතයේ ගැටලු සහගත තත්ත්වයන් නිසා මනස
කලකිරෙයි. අද දිනයේ මුදල් හානියක් පෙන්වයි. ඒ ගැන කල්පනාකාරී වන්න. කාලත්‍රය සමඟ
වචන හුවමාරු ඇති වීමට හේතුයි. ගමෙන් පිට සිටින පවුලේ ඥාතියෙකුට අසුබ දිනයකි.
රැකියාවේ අවශ්‍යතාවකට දුර ගමනක් යෙදේ. හිසේ කැක්කුම් හෝ හිස ආශ්‍රිත රෝගී
තත්ත්වයන් හට ගන්නා දිනයකි. පෙර කරන ලද වැරැද්දක් නිසා තම මනස දඬුවම් විඳියි. පෙම්
සබඳතාවලට බාධා අවහිරතා මතු වේ. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය
- රතු, ජය අංකය -09
ධනු
ජලය, දියර
බීම වර්ග ආශ්‍රිත රැකියා හිමියන්ට ආදායම සරු වේ. වියදම් පක්ෂය ඉහළ යයි. හවුල් ව්‍යාපාරවලින්
වාසි නොලැබේ. විවාහ ජීවිතය යහපත්ය. මහජන සේවක කටයුතුවල දී යම් යම් බාධාකාරී
තත්ත්වයන් මතුවේ. ආගමික කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. මිතුරු ඇසුරෙන් යහපත්
ප්‍රතිඵල ලැබේ. දුවා දරුවන්ට යස ඉසුරු ගරු බුහුමන් ලැබේ. ගේ දොර ඉඩකඩම් ලැබීම
අතින් යහපත්ය අධික චිත්තවේග නිසා සිත නිතරම වෙනස් වේ. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය -03
මකර
වියදම් පක්ෂය ඉහළ යයි. තම අතේ ඇති මුදල් ඉක්මනින්
වැය වීමට අවස්ථාව උදා වේ. උෂ්ණාධික රෝග ඇති වීමට පුලුවන. ලේ ඥාතීන් සමඟ අමනාපකම්
ඇති වේ. කල්පනාකාරීව කටයුතු කරන්න. නොගැළපෙන මිතුරු ඇසුරක් ජීවිතයට බාධාකාරී විය
හැකි බැවින් ප්‍රවේශම් වන්න. තරගවලින් ජය අත් වේ. සතුරන් ජය ගැනීමට පහසු දිනයකි.
කරගෙන ආ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑමේ දී යම් යම් බාධා හා අවහිරතා වැඩි වේ. මිදි
හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය
අංකය -08.
කුම්භ
තම සැලසුම් සහගත කාර්යයන්වලට බාධා මතුවිය හැකිය. ඒවායින්
ජය ගැනීමට තරමක් වෙහෙසීමට සිදු වේ. උගුර, කන
සහ මුඛය ආශ්‍රිත රෝග හට ගනී. යුග දිවියේ සතුට ඈත් කරවයි. පිය පාර්ශවයේ ඥාතියකුට
අපල ගෙන දෙන දිනයකි. ඥාති හිතවතුන් අතර කැපී පෙනෙන දිනයකි. තැන්පත් ධනය වැඩි වේ.
ආදායම සරු වේ. පවුල් ජීවිතය සතුටින් ගත කරයි. ගනුදෙනුවලින් ලාභ හිමි වීමට සුබ
දිනයකි. ගමන් බිමන් අධිකයි. අධ්‍යාපන කටයුතුවලට සුබයි. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට
ආහාර දිය යුතුය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
තමාගේ ගුණ යහපත්කම් ගැන අන්‍යයන් අතර ප්‍රසිද්ධ වේ.
අලසකමින් තොර බලාපොරොත්තු අත නොහරින දිනයකි. ලෞකික සැප සම්පත් නොඅඩුව ලැබේ. ජීවිතය
බාධාකාරී නොවේ. දරුවන් පිළිබඳ සුභ ආරංචියක් ලැබීමට පිළිවන. සතුරන් පරාජය වී ඔබ ජය
ලබන දිනයකි. ආමාශගත රෝග, පපුවේ හෝ පෙනහැලිවල
යම් යම් ආබාධ ඉස්මතු විය හැකිය. තම සේවකයන්ගෙන් කීර්ති ප්‍රශංසා ඔබට හිමි වේ. ප්‍රිය
සම්භාෂණවලට සහභාගි වේ. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: