Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-13

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-13 

අද දවස ඔබට

2020  ජනවාරි මස 13 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 06.27
ඉර බැසීම - පස්වරු 18.12
රාහු කාලය
දිවා 07.57 සිට 09.26 දක්වා
රාත්‍රී 19.57 සිට 21.26 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
පියපස ඥාතීන් අතර මත භේදකාරී තත්ත්වයන් මතු කරවයි. ගව මහේෂාදීන්ගෙන් පාඩු විය හැකිය. මවුපස මාමා කෙනකුට අද දිනය සුබදායක දිනයකි. අයුතු චෝදනා ආදිය ඉදිරිපත් වීම නිසා ඔබට අපවාද ඇසීමට වේ. කල්පනාකාරී වන්න. කාලත්‍රයාගේ රෝගී තත්ත්වයක් මත ප්‍රතිකාර කරන ස්ථානයකට යෑමට හැකිය. සතුරන් මර්දනය කරමින් තම ඉලක්ක කරා ගමන් කිරීමට අද දිනය සුබදායක දිනයකි. වචන භාවිතයේ දී ප්‍රවේශම් වන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    බණ පොතක් පූජා කරන්න.
වෘෂභ
තමාගේ පෞරුෂත්වය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය විය හැකිය. දේශපාලන ආදී කටයුතුවල නියැළෙන අය අද දිනයේ තම වචන පාවිච්චිය පිළිබඳ දෙවරක් කල්පනා කළ යුතුය. අක්ෂි ආබාධ, දන්ත ආබාධ ආදිය මතු කරවිය හැකි දිනයකි. තමා කරන කටයුතුවල දී ඉවසීම ප්‍රගුණ කරගත යුතුය. ජීවිතයේ දුක් කම්කටොලු විඳීම සඳහා හේතු වන දේ විය හැකි නිසා ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. මවගෙන් උදවු ලැබෙයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ගලා යන ජලයට බුලත් දමන්න.
මිථුන
හවුල් ව්‍යාපාර ආදියේ කටයුතුවලින් අලාභ සිදුවිය හැකිය. තමාගේ ශරීර ශක්තිය හීන වීමේ අවදානමක් ඇති දිනයකි. විදේශ රටවල ජීවත්වන අය තම කටයුතුවල දී ආත්ම ගෞරවය පිළිබඳ කල්පනා කළ යුතුය. මුත්‍රාශය හෝ ප්‍රජනන ඉන්ද්‍රිය සම්බන්ධයෙන් ආබාධ මතු කරවිය හැකිය. අප්‍රකට වන කරුණු කිහිපයක් අද දිනයේ ඔබ අතින් වනු ඇත. අවිවාහක අයට ඉදිරිපත්වන මංගල යෝජනා ආදිය පිළිබඳ දෙවරක් කල්පනා කර බලන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
කටක
මවු පාර්ශවයේ ඥාතීන් අතර අසමඟිය වර්ධනය වන දේ වේ. රථ වාහන ආදිය ධාවනයේ දී ප්‍රවේශම් වන්න. නිවාස කුලියට දීම, කුලියට ගැනීම ආදී කටයුතුවල දී කල්පනාකාරී වන්න. වැය පාර්ශවය අධික කරවන නිසා අවධානයෙන් එම කටයුතු සිදු කරන්න. ආගමික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දැක්වීම සුබදායකය. හෘද රෝග අවධානමක් ඇත. නිවාස ගේ දොර පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් පැන නැඟිය හැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
සිංහ
අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ කටයුතුවලට බාධාකාරී දේ විය හැකිය. ප්‍රේම සබඳතාවලට ද අද දිනය සුබදායක නැත. මාධ්‍ය ක්ෂේත්‍රවල නිරත අය තම කාර්යයවල දී දෙවරක් කල්පනා කළ යුතුය. විනෝදය පිණිස කරන රැකියාවලින් වැඩි ලාභ අත් කරයි. යහපත් දූ දරුවන් බලාපොරොත්තු වන අයට අද දිනය සුබදායක නැත. අයහපත් ඇසුර නිසා අද දිනයේ ඔබගේ ආත්ම ගෞරවයට හානි සිදුවිය හැකිය. ජලයෙන් අනතුරු ඇති වේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
කන්‍යා
කෘෂිකර්ම ආදී කටයුතුවලින් තම බලාපොරොත්තු වූ ලාභ ලබා ගනියි. මවුපිය දෙපළට අසුබදායී දේ අද දිනයේ සිදුවිය හැකිය. ඒ පිළිබඳ කල්පනාකාරීවන්න. පාදවල ඉහළ කොටසේ ආබාධ මතු කරයි. තමාගේ හොඳ නමට බාධාකාරී දේ විය හැකිය. ලෞකික ආශාවන් පිළිබඳ ලුහුබඳින ක්‍රියාවන් නිසා අද දිනයේ ඔබ අපහසුතාවයට පත්වනු ඇත. රැකියාවේ ස්ථාවරත්වය පිළිබඳව ගැටළුකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකිය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
තුලා
මලල ක්‍රීඩා වැනි අංශවල නිරත අයට ජයග්‍රහණ ලැබේ. කාලත්‍රයාගේ රැකියා තනතුරු ආදිය පිළිබඳ අසුබදායී පණිවුඩ ලැබිය හැකිය. පිය පාර්ශවයේ අසනීපගති මතු කරවිය හැකි නිසා ඒ පිළිබඳව කල්පනාකාරීවන්න. උරහිස් බාහු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවයි. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ලිපි ගනුදෙනු ආදි‍යේ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුය. ණය ගනුදෙනු නොකරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.
වෘශ්චික
නීතිමය ගැටලු නිසා අද දිනයේ පීඩාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. තමා පදිංචි ස්ථානයේ යම් වෙනසක් සිදු වීමට ඉඩ ඇති දිනයකි. මැසි මදුරු ආදී උවදුරුවලින් ප්‍රවේශම් විය යුතුය. ආගමික භක්තිය සිතින් ඈත් කරන දිනයකි. දෙපතුල් ආබාධ මතු කරයි. මානසික පීඩාවන් අධික විය හැකි දිනයකි. සුවබර නින්දකට ද බාධා සිදුවිය හැකිය. තමා සිත රැඳි ප්‍රීතිය ඉවතට යනු ඇත. කාලත්‍ර පාර්ශවයේ හදිසි අසනීපගති මතු කරවයි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
ධනු
වැඩිමහල් සහෝදරයකුගේ අසුබ ආරංචියක් අද දිනයේ සවනට වැටෙනු ඇත. මිතුරු සබඳතාවල දී වංචාකාරී දේ විය හැකිය. තමා භාරගත් කාර්යයන් නිම කිරීමට අතපසු වීම නිසා කිසිවකුගේ දෝෂාරෝපණයට ඔබ ලක්වනු ඇත. දණහිස් ආබාධ මතු කරවයි. තම අභිමතාර්ථයන් යහපත් ලෙස මුදුන් පමුණුවා ගැනීමට අද දිනයේ බාධා විය හැකිය. සූදු, ඔට්ටු ආදී කටයුතුවල නිරත අයගේ බලාපොරොත්තු බිඳ දමයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
මකර
ව්‍යාපාරික කොටස්කරුගේ අසුබදායක කරුණු කිහිපයක් පිළිබඳව ඔබගේ සවනට වැටෙනු ඇත. වැඩිමහල් සහෝදරයාගෙන් උදවු ඉල්ලීමට දිනය සුබදායකය. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකිය. පියාගේ සෞඛ්‍ය තත්ත්වයට බාධාකාරී දේ කරයි. ගැඹුරු දේ පිළිබඳ ශාස්ත්‍රීය කටයුතුවල යෙදෙන පිරිසට අද දිනය සුබදායක නැත. වෙහෙසකර ගමන් බිමන් කිහිපයක් නිසා දවස පීඩාකාරී විය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   කළු තල පරිත්‍යාග කරන්න.
කුම්භ
කාලත්‍රයාට හදිසි අනතුරු ආදී දේ සිදුවිය හැකිය. කල්පනාකාරීවන්න. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට අද දිනයේ සිදුවන නිසා දවසේ සවස් කාලයේ අලස බවක් මතු කරයි. තමාගේම ඥාති පිරිස් අතර දෝෂාරෝපණයට ලක්විය හැකි නිසා එම කටයුතුවල දී ප්‍රවේශම් විය යුතුය. ජනප්‍රියත්වය පතා කරන කටයුතුවලින් තමා බලාපොරොත්තු වන ප්‍රතිඵල ළඟා කරවයි. හිස කැක්කුම් ආදි රෝගීන් තත්ත්වයක් මතු කරවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.
මීන
කාලත්‍රයාගේ වැය තත්ත්වය අධික වන දිනයකි. වැඩිමහල් සහෝදරයාගේ රැකියාව පිළිබඳව ගැටලු සහිත තත්ත්වයන් මතු කරවයි. ආදායම් ලබන කටයුතු සඳහා සුබදායක නැත. යහපත් මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව සැලසේ. හදිසි අනතුරු ආදියේ අවදානමක් ඇති නිසා ජලය ආශ්‍රිත හා අනෙකුත් අවදානම් සහිත දෙයින් ප්‍රවේසම්වන්න. නීතිමය කටයුතුවලින් තමාට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන බැවින් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.