Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-03

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-03

අද දවස ඔබට

2020  ජනවාරි මස 03 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.23
ඉර බැසීම  - පස්වරු 18.07
රාහු කාලය
දිවා 10.53 සිට 12.22 දක්වා
රාත්‍රී 22.53 සිට 00.22 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
යහපත් දේ අසන්නට ලැබෙන එවැනි දේ ප්‍රකාශ කරන දිනයකි. ගැඹුරු ශාස්ත්‍ර ධර්ම අධ්‍යයන කටයුතුවල නියැළෙන අයට තම ශක්තීන් ඉස්මතු කරගත හැකිය. තමා වෙත පැමිණෙන අසුබ දේ කල් තබා වටහා ගැනීමට ශක්තිය ලැබෙයි. පිය පාර්ශවයේ ආධාර උපකාර ලැබෙන දිනයකි. ආගම දහම පිළිබඳ සිතුවිලිවලින් හදවත පිරී යනු ඇත. තමාගේ පෙර පින් බලය ඉස්මතු කර ගැනීම සඳහා ආගමික වතාවත්වල නියැළීමට සුභ දිනයකි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
පිය පස ඥාතීන්ගෙන් උදවු ලබා ගත හැකි දිනයකි. ණය දීම්, ණය ගැනීම් ආදී කටයුතුවල දී දෙවරක් කල්පනා කළ යුතුය. තමාට එරෙහිව ඇති චෝදනා එල්ල විය හැකි දිනයක් නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. තැන්පත් ධනය වැය වීමේ ප්‍රවණතාවක් ද පෙන්වන දිනයකි. තමාට එරෙහිව සතුරු බලවේග හිස එසවිය හැකි දිනයකි. තමා සමඟ සේවය කරන අයගෙන් වැඩි සහයෝගයක් ලැබිය හැකිය. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
කිරි ආශ්‍රිත නිෂ්පාදනවල විශේෂ ලාභ ඇති කරන දිනයකි. මවු පාර්ශ්වය සතු දේපළවල අයිතිය සම්බන්ධයෙන් ඔබට සුභදායක ආරංචියක් ලැබෙනු ඇත. පැරණි දේ පිළිබඳ ආශාව වර්ධනය වන දිනයකි. පෞද්ගලික කටයුතු කිහිපයක් වෙනුවෙන් ගමන් කිහිපයක් යෙදෙනු ඇත. පවුලේ අයකුගේ අවශ්‍යතාවක් සඳහා බෙහෙත් වර්ග මිලට ගැනීමට සිදුවේ. කුලී නිවාසවල ජීවත්වන අයට අද දිනය විශේෂ වනු ඇත. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
සුරකුම්පත් කොටස් ආදී ව්‍යාපාරවලට අද දිනය සුවිශේෂීය. තම කථිකත්වය වර්ධනය කර ගැනීමට ඉඩකඩ ලැබෙන දිනයකි. යහපත් පවුල් සබඳතා ගොඩනැඟෙනු ඇත. අසල්වාසීන් අතර සහයෝගය ගොඩනැඟීම සඳහා වන කරුණු කිහිපයක් ඔබ අතින් ඉටු වේ. වෙළෙඳාම් ආදියෙන් බලාපොරොත්තු වූ ධනය ලබා ගත හැකිය. සංගීතය, ගීත ගායනා වැනි කටයුතුවලින් අද දිනයේ ඔබට ජයග්‍රහණ ලැබෙනු ඇත. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
මිතුරු සබඳතාවලට සුබදායක දිනයකි. නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් කැප කිරීමට සිදුවනු ඇත. ආදායම් තත්ත්වය ද සුබදායක වේ. හවුල් ව්‍යාපාරවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. දුර බැහැර සිටින ඥාතියකුගේ හමුවක් බලාපොරොත්තු වන්න. යහපත් සිතුවිලි ඇති කරන දිනයකි. සතුට සාමය රැඳෙනු ඇත. ශරීර සෞඛ්‍ය යහපත්ය. කලක් තිස්සේ නිමා කිරීමට නොහැකිව තිබූ කාර්යයක් නිම කිරීමට අවස්ථාව ලැබේ. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
කලක් තිස්සේ තමා සිතා සිටි යහපත් කාර්යයන් සඵල කර ගැනීමට අවස්ථාව සැලසේ. තමා භාරගත් කාර්යයන් නිසි ලෙස නිම කරයි. ධනය අතින් ද අද දවස යහපත්ය. ප්‍රේම සබඳතා සඳහා සුබදායක දිනයකි. මවු පාර්ශවයේ අසනීප තත්ත්වයක් පිළිබඳ ආරංචියක් ලැබෙයි. සෙම් රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. යහපත් මිතුරු සබඳතා ගොඩනැඟෙනු ඇත. සහෝදර සහෝදරියන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබේ. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
ලෞකික කරුණු යහපත් කර ගැනීම සඳහා වැඩි කාලයක් කැප කරනු ඇත. වෙළෙඳ හා වාණිජ කටයුතුවල නියැළි අයගේ ආදායම් තත්ත්වය වර්ධනය වේ. පිය පාර්ශවයේ මූල්‍යමය උපකාර ඉල්ලීම් සඳහා අද දිනය සුබදායකය. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. රැකියාවේ අවශ්‍යතාවක් සඳහා දුර බැහැර ගමනක් යෙදිය හැකිය. තම කීර්ති නාමයට සුබදායක දිනයකි. බොහෝ පිරිසකගේ ඇගයීමට ලක් වනු ඇත. ආහාර ගැනීමේ දී ප්‍රවේශම් වන්න. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
මිල දී ගැනීම් හා විකිණීම් කටයුතුවල විශේෂ ලාභ ඇති කරවන දිනයකි. රසවත් ආහාර පාන ආදිය රසවිඳීමට අවස්ථාව ලැබෙයි. තම සහෝදර ආදීන්ගේ පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කිරීමට වේ. යුග දිවියේ සාමය සතුට රැඳෙනු ඇත. යහපත් ආකාරයේ ගිවිසුම් ආදියට එළඹීමට අද දිනය සුබදායකය. මහජන සම්බන්ධතා ආදී කටයුතුවල නියැළි අයට අද දිනය යහපත්ය. උදරාබාධ ආදිය ඇති කරයි. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
රැකියාව පිළිබඳ ගැටළු කිහිපයක් මතු කරවීමේ අවධානමක් පවතී. කල්පනාකාරීවන්න. ආගමික කටයුතු වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වීමට සිදුවේ. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ තත්ත්වයන් මතු කරවිය හැකිය. රූපලාවණ්‍ය ආදී ක්ෂේත්‍රවල නි‍‍යැලි අයගේ ආදායම් තත්ත්වය වර්ධනය කරවයි. දුර බැහැර ගමන් යෙදිය හැකි දිනයකි. විදේශ ගමන් ආදිය ද බලාපොරොත්තු වන අයට සඵල කරගත හැකිය. ජලය ආශ්‍රිත කටයුතු අසුබ ඇති කරයි. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03
මකර
අධ්‍යාපන කටයුතුවල කරන පර්යේෂණ ආදිය සාර්ථක ලෙස නිම කළ හැකිය. කාලත්‍ර පාර්ශවයෙන් ත්‍යාග ආදිය ලැබීමේ ඉඩකඩ පවතී. උපදේශාත්මක වදන් කිහිපයක් අද දිනයේ ඔබට අසන්නට ලැබෙනු ඇත. යහපත් දරු උපත් බලාපොරොත්තු වන අයට සුබදායකය. විනෝදාත්මක නිර්මාණ ආදියේ නියැළි අයට තම කටයුතු සාර්ථක කරගත හැකිය.  ආගමානුකූලව සිතිවිලි වර්ධනය ද අද දිනයේ වනු ඇත. මැසි මදුරු උවදුරු ඇති කරයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
අවිවාහක අයට යහපත් විවාහ යෝජනා ස්ථිර කරගත හැකිය. නව ආදායම් මාර්ග විවර කරවන දිනයකි. දවසේ අවසාන භාගය දැඩි වෙහෙස කර බවක් මතු කරවිය හැකිය. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ තත්ත්වයන් පෙන්නුම් කරයි. අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නියැළෙන අය දැඩි කල්පනාවෙන් පසු විය යුතුය. පිය පාර්ශ්වය පිළිබඳ අසුබදායක ආරංචියක් අසන්නට ලැබෙයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
කුඩා දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වේ. ගංගා, ඇළ දොළ ආශ්‍රිතව විනෝද වීමට අද දිනය සැපදායකය. බාල සහෝදරයකු පිලිබඳව සුභදායක ආරංචියක් ද ලැබෙනු ඇත. දේව භක්තිය වැඩි කරවන දිනයක් වේ. මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නියැළි අයට අද දිනය සාර්ථක දිනයකි. යහපත් නිර්මාණකරණයේ නව ප්‍රවණතා ඇතිවනු ඇත. ලිපි කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරවනු ඇත. ගිවිසුම්වලින් පාඩු වේ. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03





















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.