
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-02
අද දවස ඔබට
2020 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව - පෙරවරු 06.22 ට
ඉර බැසීම - පස්වරු 18.07 ට
රාහු කාලය
දිවා 13.52 සිට 15.21 දක්වා
රාත්‍රී 01.52 සිට 03.21 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ
මේෂ
දරුවන්ගේ කටයුතු සඳහා අනවශ්‍ය වියදමක්
දැරීමට සිදු වේ. කථික තරගවලින් ජය අත්වේ. තම එදිනෙදා කාර්යන්ට අවශ්‍ය සහය
බලාපොරොත්තු පරිදි ලැබේ. දණහිස් ආබාධ ඇති කරයි. ආයෝජන ගැන දෙවරක් කල්පනා කොට සිදු
කළ යුතු දිනයකි. කලකින් හමු නොවූ මිතුරෙකු ඇසුරට ලැබේ. හිතුමනාපයට රැකියා කටයුතු
වෙනස් කිරීමට යෑමෙන් වළකින්න. සේවා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය.
මානසික සහනය අඩුවන දිනයකි. ජය වර්ණය - රතු,
ජය අංකය - 09,
මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
වෘෂභ
විනෝදයට වැඩිපුර කාලය ගත කරයි. ලෞකික
සැප කෙරෙහි ගිජු බවක් දක්වයි. ශරීර සෞඛ්‍ය දුර්වල විය හැකිය. තම සේවක කාරක ආදීන්
ඉතා හිතවත්ව වැඩ කරයි. අධ්‍යාපන කටයුතුවලින් ජය ගතහැකි දිනයකි. සම්මුඛ පරීක්ෂණ
සමත් වේ. නිවසේ වෙනදාට වඩා සැප පහසුවක් ඇති බව පෙනේ. අවිවාහකයන්ට තනිකඩ දිවිය නිම
කොට තම සහකරු සහකාරිය සොයා ගැනීමට සුබ දිනයකි. අසල්වැසියන්ගේ කටයුතු පිළිබඳ
සැලකිලිමත් වන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 05,
දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
මිථුන
අහිමි වී ගිය ධනය ලැබීමට අද දිනය සුබ
දිනයකි. යුග දිවිය සාමකාමීය. මිතුරකුගේ කටයුත්තක් නිසා මනස අවුල් කරයි. අධ්‍යාපන
කටයුතුවල දී මතක ශක්තිය දුර්වල වේ. නිවසේ බඩු බාහිර ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ
යුතු දිනයකි. මුදල් වියදම් කිරීමේ දී කල්පනාකාරී වන්න. ආදායම් මාර්ග සැලසුම්
කිරීමට හෝ හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ දිනයක් නොවේ. ඔබගේ ආවේගශීලී කතාව අන්
අයගේ අප්‍රසාදයට හේතු වේ. කල්පනාකාරී වන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගුණවත් කාන්තාවකට රිදී වළලු
දෙකක් පරිත්‍යාග කරන්න.
කටක
ඉවසිලිවන්තව තම වැඩ කටයුතු කිරීමෙන් අද
දිනයේ ඇතිවන ගැටලු බොහෝ දුරට මඟ හරවා ගත හැකිය. වැරදි වැඩවලට සිත දිව යන නිසා
කල්පනාකාරීවන්න. පළිගැනීම පිළිබඳ සිතිවිලි පහළ වේ. අවධානයෙන් සිටින්න. සහෝදරයකුගේ
උසස් වීමක් පෙන්වයි. අධ්‍යාපනයට සුබ දිනයක් නොවේ. ණය ගනුදෙනුවල දී කල්පනාකාරී
වන්න. හවුල් ව්‍යාපාර කටයුතුවලින් අලාභ
ඇති වීමට හේතුය. ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම ද සුබ නැත. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.
සිංහ
අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ.
සිතට සැනසුම ගෙනන දිනයකි. රැකී රක්ෂා කටයුතු සඳහා යහපත් වනු ඇත. ආදායම වර්ධනය වන
තත්ත්වයන් ඇති වේ. ආගමික භක්තිය වැඩි කරයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දණහිස්
ආබාධ හෝ යටිපතුල් ආශ්‍රිත වේදනා ඇති කරයි. පිය උරුමයේ දේපළ පිළිබඳ සතුටුදායක
ආරංචියක් ලැබේ. නිවසේ වැඩි කාලයක් ගත කරයි. අවසන් නොවූ වැඩ කටයුතුවල සාර්ථක
නිමාවක් දැකිය හැකි දිනයකි. ජය වර්ණය - රතු,
ජය අංක - 01,
කළු තල පරිත්‍යාග කරන්න.
කන්‍යා
ගිවිසුම් සඳහා සුභ දිනයක් නොවේ. හවුල්
ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතුවලට බාධා ඇති කරයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතා
සුබදායකය. මතක ශක්තිය වර්ධනය වේ. තැන්පත් ධනයට බාධා ඇති කරයි. කාලත්‍රයාට සුභ නැත.
අධික ගමන් බිමන් යෙදේ. හදිසි අනතුරු පිළිබඳ කල්පනාකාරී වන්න. සෙම පිත ආශ්‍රිත
රෝගාබාධ මතු කරයි. බලවත් අයගේ උපකාර ලැබෙන දිනයකි. හදිසි පණිවුඩයක් නිසා මනසේ ව්‍යාකූලතා
ඇති කරවයි. ජය වර්ණය - කොළ, ජය අංකය -05, උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට
ආහාර දිය යුතුය.
තුලා
හවුල් ව්‍යාපාර කටයුතුවලින් පාඩු වේ.
ගින්දර විදුලිය වැනි දේ වලින් අනතුරු ඇතිවන දිනයකි. ඒවා පරිහරණයේ දී ප්‍රවේසම්වන්න. තම වැඩිමල් සහෝදරයකුට අපලකාරි
තත්ත්වයක් පෙන්වයි. පැරණි දේ ගැන මනස උනන්දුව දක්වයි. මිතුරු සබඳතාවලට සුභ නොවේ.
වාසනාවන්ත දරු උපත් බලාපොරොත්තු වන අයට සුබ දිනයකි. දරුවන්ගේ දියුණුව ඇති කරයි.
දරුවන් ප්‍රසිද්ධියට පත් වෙයි. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
වෘශ්චික
තම දස්කම් ඔප් නංවා උසස් අධ්‍යාපන
ක්ෂේත්‍රවල ජයග්‍රහණ ඇති කරගත හැකි දිනයකි. කලා ක්ෂේත්‍රයේ නිරත වූවන්ට කාර්යය
බහුල වේ. ළඟම ඥාතීන් වෙනුවෙන් වෙහෙසී වැඩ කිරීමට වේ. තම ජනප්‍රියතාව ඉස්මතු වේ.
යුග දිවියේ සමාදානයට බාධා ඇති කරයි. මනස තුළ දැඩි නොසන්සුන්තාවක් ඇති වේ. බෙහෙත්
ද්‍රව්‍ය අලෙවි කරන්නන්ගේ ආදායම සරු වේ. ගෘහ ජීවිතයේ කටයුතුවල දී වෙනදාට වඩා ව්‍යාකූල
බවක් පෙන්නුම් කරයි. ජය වර්ණය - රතු,
ජය අංකය -09,
ගලා යන ජලයට බුලත් දමන්න.
ධනු
නව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සුදුසු
දිනයකි. ප්‍රේම සබඳතාවලට බාධා කරදර ඇති කරයි. ජීවිතයේ තිබූ ගැටලුකාරී තත්ත්වයන්ට සාධනීය
විසඳුම් ලැබේ. යටිපතුල් ආශ්‍රිත ආබාධවලින් ප්‍රවේසම්වන්න. රැකියාවල නියුතු අයට සුබ
දිනයකි. තම ගෞරවයට ප්‍රසිද්ධියට පත්වන කරුණු යෙදේ. බොහෝ දෙනකුගේ ආදායම් මාර්ග සරු
වන දිනයකි. තමා කරගෙන ආ කටයුතු සාර්ථක අවසානයක් දැකිය හැකිය. ඉවසීමෙන් යුතුව
කටයුතු කරයි. ජය වර්ණය - රන්වන්, ජය අංකය -03, උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
මකර
අද දිනය වචන භාවිතය නිසා අවාසිදායක
තත්ත්වයක් නිර්මාණය කරන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති කරයි. නිවසේ
අලුත්වැඩියා කටයුත්තකට සිත යොමු වේ. කුලී නිවාසවල ජීවත්වන අයට සුබ දිනයක් නොවේ.
විවාහකයන්ගේ යුග දිවිය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකි බැවින් කල්පනාකාරී
වන්න. ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකී සිටීම සුබදායකය. උසස් පුද්ගලයන්ගේ ඇසුර ලැබීමට
පුළුවන. කෙටි ගමන් බිමන් ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08, කැකුළු සහල්වලින් තැනූ
කිරිබත් දන් දෙන්න.
කුම්භ
රැකියා ස්ථානයේ වෙනසක් බලාපොරොත්තු වේ
නම් එය ඉටු වේ. වාද විවාද ආදියෙන් ජය අත් වේ. එහෙත් වචන භාවිතයේ දී සැලකිලිමත්
වන්න. මිතුරන් අහිමි වීමට ඉඩ ඇත. තම උපදෙස් පතා කිහිප දෙනෙකු පැමිණේ. එය ඔබට
ගෞරවයක් විය හැකිය. කාලත්‍ර පාර්ශ්වයේ දේපළ අයිතියක් පිළිබඳව කතිකාවතක් ඇතිවන
දිනයකි. රාජ්‍ය අංශයේ සේවය කරන අයට සුබපල ඇති කරවන දිනයකි. බලාපොරොත්තු ඉටු වේ.
දණහිස් ආබාධ ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය -
06, මිදි හෝ මිදි යුෂ
පරිත්‍යාග කරන්න.
මීන
ආගමික භක්තිය වැඩි කරවන දිනයකි. ඒ
තුළින් මනසේ ඒකාග්‍රතාව රැක ගනියි. පවුල් ජීවිතය යහපත්ය. ආදායම් තත්ත්වය සඳහා යම්
බාධා ඉස්මතු වේ. තම ක්‍රියාකාරීත්වය වෙනදාට වඩා වැඩි නිසා දවසින් උපරිම ප්‍රයෝජන
ලබා ගනියි. නිවසේ වැඩ කටයුතුවලට වෙනදාට වඩා උද්‍යොගයකින් නියැළේ. තම මතයට විරුද්ධව
වැඩ කරන්නන් අතර ඔබ ජය ගනී. වාද විවාද ඇති වීම නිසා තම දෛනික කටයුතු අවුල් සහගත
විය හැකිය. ණය ගැනීම් ආදියෙන් අසුබයි. ජය වර්ණය - රන්වන්,
ජය අංකය -
03, බණ පොතක් පූජා කරන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: