
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-21
අද දවස ඔබට
2020 ජනවාරි මස 21 වන අඟහරුවාදා
ඉර උදාව - පෙරවරු 06.29 ට
ඉර බැසීම - පස්වරු 18.16 ට
රාහු කාලය
දිවා 15.29 සිට 16.58 දක්වා
රාත්‍රී 03:29 සිට 04.58 දක්වා
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර
මේෂ
ගේදොර කටයුතු ක්‍රමවත් කර ගැනීම සඳහා ඔබට කාලත්‍ර
පාර්ශ්වයේ සහයෝගය ලැබෙනු ඇත. ලොතරැයි වාසනාව ආදිය උරගා බැලීමට අද දිනය සුබදායකය.
මුදල් හා සම්බන්ධ රැකියා කටයුතුවල නිරත අය අද දිනයේ කල්පනාකාරී විය යුතුය. අධ්‍යාපන
කටයුතුවල නිරත දූ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කරවයි. කලින් ගත් තීන්දු
තීරණ කිහිපයක් නිසා අද දිනයේ පසුතැවීම්වලට ලක්විය හැකිය. ජය වර්ණය - රතු, ජය අංකය - 09, ගුණවත් කාන්තාවකට රිදී වළලු
දෙකක් පරිත්‍යාග කරන්න.
වෘෂභ
ආගම දහම කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කරයි. ඒ හා
සම්බන්ධ කටයුතු කිහිපයකට ද මැදිහත් වනු ඇත. දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට
වඩා මහන්සියක් දරන දිනයකි. උදරය සම්බන්ධ රෝගී තත්ත්වයන් අද දිනය තුළ වර්ධනය කරවයි.
තෙල් සහිත ආහාර පරිභෝජනයෙන් ගැටලු ඇති විය හැකිය. කරන කටයුතු වෙනුවෙන් වැඩි
වෙහෙසක් ගෙන ලාභ ලබන දිනයකි. භූමිය සම්බන්ධ කටයුතුවලට විශේෂිත දිනයකි. ජය වර්ණය -
නිල්, ජය අංකය - 05, දුප්පතුන්ට ඇඳ ඇතිරිලි
පරිත්‍යාග කරන්න.
මිථුන
බලාපොරොත්තු නොවූ වියදම් කිහිපයක් යෙදෙනු ඇත. අධ්‍යාපන
කටයුතුවල නිරත දූ දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරවනු ඇත. හවුල් ව්‍යාපාර කටයුතුවල
නිරත අතර මතභේද තත්ත්වයන් වර්ධනය කරවයි. ප්‍රවේශමෙන් වචන පාවිච්චි කරන්න. සිතේ
සතුට සැනසීම පහව යන දිනයකි. වැඩිහිටි අයකුගේ රෝගී තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර
කරන ස්ථානයකට යෑමට වේ. තැන්පත් ධනයට ද හානිකර දිනයකි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, කළු තල පරිත්‍යාග කරන්න.
කටක
ඇසුරු කරන අය නිසා දෝෂාරෝපණ තත්ත්වයක් එල්ල විය
හැකිය. කල්පනාකාරීවන්න. සහකාර සබඳතාවල දී යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කරවයි. රහස්
කටයුතු කිහිපයක් වෙනුවෙන් ඔබගේ සහාය යම් පිරිසක් අපේක්ෂා කරනු ඇත. ඔබ තුළ තිබූ
උද්යෝගය අද දිනයේ මඳක් ඈත් කරවයි. ආගමික කටයුතු සඳහා වැඩි නැඹුරුතාවක් ඇති කරවන දිනයකි.
කරගෙන ආ කටයුතුවල ද යම් කල් දැමීමක් කරයි. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02, වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.
සිංහ
දරුඵල අපේක්ෂාවෙන් සිටින විවාහකයන්ට අද දිනය
සුබදායකය. අක්ෂි ආබාධ හෝ උගුර, කන ආශ්‍රිත
ආබාධ තත්ත්වයන් වර්ධනය කරවයි. කලකින් හමු නොවූ මිතුරකු ඔබ සොයා පැමිණෙන දිනයකි.
නිවසේ සැප පහසුව බලාපොරොත්තු වූ ආකාරයෙන් ලැබිය හැකිය. වටිනා උපකරණ හෝ ආභරණ මිලට
ගැනීමට සුබදායකය. අධ්‍යාපන කටයුතුවලින් පැහැදිලි ජයග්‍රහණය ලැබිය හැකිය. ප්‍රිය
සම්භාෂණයකට ආරාධනා ලැබෙයි. ප්‍රීතිමත් දිනයකි. ජය වර්ණය - රතු, ජය අංක - 01, මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
කන්‍යා
නිවෙසට වටිනා බඩුබාහිර ආදිය මිල දී ගැනීමට අද දිනය
සුබදායකය. උසස් අය සමඟ මිතුරු සබඳතා වර්ධනය කරගත හැකිය. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ
ලැබිය හැකි දිනයකි. උගුරේ ආබාධ හෝ සෙම් රෝග ආශ්‍රිත රෝගී තත්ත්වයන් මතු කරවයි.
කරගෙන ආ කටයුතුවලින් වැඩි ලාභ අත්පත් කරගත හැකි දිනයකි. වෙළඳ ව්‍යාපාර ආදියේ බදු
මුදල් ආදිය ගෙවීමට විය හැකිය. රැකී රක්ෂාවල නිරත අයගේ වැටුප් වර්ධක ආදිය හිමිවනු
ඇත. ජය වර්ණය - කොළ,
ජය අංකය -05,
ගලා යන ජලයට බුලත් දමන්න.
තුලා
සහෝදර සබඳතා සඳහා යම් බාධාකාරී තත්ත්වයන් මතු කරවයි.
කල්පනාකාරීවන්න. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් විය
යුතුය. ගෘහ ජීවිතය යහපත් කරන දිනයකි. නිවාස ගේ දොර අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක්
කැප කරයි. ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවල නිරත අයගේ බලාපොරොත්තු සඵල කරවනු ඇත. අධ්‍යාපන
කටයුතුවල විශේෂ ප්‍රගතියක් ද අද දිනයේ ලැබිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ආගමික සිද්ධස්ථානයකට හකුරු
පරිත්‍යාග කරන්න.
වෘශ්චික
තරග විභාග ආදියෙන් ජයග්‍රහණ අත්පත් කරගත හැකිය. තමා
කරන කටයුතුවලට කාලත්‍ර පාර්ශවයේ වැඩි සහයෝගයක් අපේක්ෂා කළ හැකිය. තනතුරු,
නම්බුනාම අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වේ. ප්‍රේම
සබඳතා සඳහා වැඩිහිටි පාර්ශවයේ ආශිර්වාද ලබාගත හැකිය. ඉඩකඩම් දේපළ මිල දී ගැනීමට හා
ඒ සම්බන්ධ ව්‍යාපාරවලට සුබදායක දිනයකි. කලා කුසලතාවන් වර්ධනය කරගත හැකිය. ජය වර්ණය
- රතු, ජය අංකය
-09, එළඟිතෙල්
හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
ධනු
විවාහ ජීවිතය තුළ මත ගැටුම් ඇති කර ගනියි. නිවස තුළ
වැඩි කාලයක් ගත කිරීමට වන දිනයකි. මුත්‍රා ආසාදන හෝ උදරයේ පහළ වේදනාකාරී තත්ත්වයන්
පෙන්නුම් කරයි. සතුරු කරදර ඈත් කරවන දිනයකි. රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ
බලාපොරොත්තු ඈතට යයි. සිතේ සතුට සැනසුම නොරැඳෙන දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී හා
තරග විභාග ආදියේ දී ඔහු බලාපොරොත්තු වූ ජයග්‍රහණ නොලැබෙනු ඇත. ජය වර්ණය - රන්වන්, ජය අංකය -03, උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට
ආහාර දිය යුතුය.
මකර
ගෙදර දොර කටයුතුවල සාමය සමඟිය රැඳෙනු ඇත. යුග දිවි
සබඳතාවලට සුභ දිනයකි. ඉඩකඩම් දේපළ මිල දී ගැනීමට අද දිනය සුබදායකය. අධ්‍යාපන
කටයුතුවල නිරත දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරයි. ප්‍රේම සබඳතාවල දී කලහකාරී
තත්ත්වයන් මතු කරවිය හැකිය. ශරීර සෞඛ්‍යයට යහපත් දිනයක් නොවේ. බෝවන රෝගවලින් ප්‍රවේශම්
විය යුතු දිනයකි. කල්ගතව නතර කර තිබූ කාර්යයක් අද දිනය තුළ නිම කර ගැනීමට හැකිය. ජය
වර්ණය - නිල්, ජය අංකය -08, ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ
දුම් දෙන්න.
කුම්භ
ගෙදර දොර ජීවිතය සැප සේ ගත කිරීමට බාධාවන් පැමිණිය
හැකිය. පිය පාර්ශවයේ දේපළක් පිළිබඳ අයිතිය ඉල්ලීමට අද දිනය සුබදායකය. අධ්‍යාපන
කටයුතුවලින් හා තරග විභාග ආදියෙන් ජයග්‍රහණ අත්පත් කරගත හැකිය. දණහිස් ආබාධවලට
හේතු වේ. ආගමික භක්තිය වැඩි කරවන දිනයකි. විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ
අරමුණු ඉටු කරගත හැකිය. වන්දනා ගමන් හෝ කෙටි ගමන් කිහිපයක් අද දිනයේ යෙදෙනු ඇත. ජය
වර්ණය - නිල්, ජය අංකය - 06, උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග
කරන්න.
මීන
පවුලේ අයකුගේ කටයුත්තක් වෙනුවෙන් ගමන් බිමන්
කිහිපයක් ඇති කරයි. පවුල් සබඳතාවල දී තම ආධිපත් යද පතුරවනු ඇත. මුදල් යොදවා කරන
කටයුතුවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කරවා ජයග්‍රහණ අත්පත්
කරවන දිනයකි. උරහිස් ආබාධවලට හේතුයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ගේ කටයුතු
සාර්ථක කරයි. විවාහ අපේක්ෂාවෙන් සිටි තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටු කරන දිනයකි.
ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03, සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: