Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-20

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-20 

අද දවස ඔබට

2020  ජනවාරි මස 20 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 06.28
ඉර බැසීම - පස්වරු 18.15
රාහු කාලය
දිවා 07.58 සිට 09.27 දක්වා
රාත්‍රී 19.58 සිට 21.27 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
සිතේ සැනසීම අඩුවන දිනයකි. පවුල් ජීවිතයේ ආරවුල් ඇති වීමට පුළුවන. ඇස් හා දත් ආශ්‍රිත රෝග ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. දුර බැහැර ගමන්වල යෙදෙන අයට බාධාකාරී දේ විය හැකියි. වියදම් බහුල වේ. ප්‍රමාණය ඉක්මවා කටයුතු කිරීමෙන් කරදරවලට පැටලීමට පුළුවන. නීතිමය ගැටලු ඇති වේ. තම පවුල, දූ දරුවන් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට වේ. හැකිතාක් ආගමික කටයුතුවල නිරත වන්න. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ඇඟලුම් ආශ්‍රිත ව්‍යාපාරවලින් පාඩු විය හැකිය. සතුරන්ගෙන් පීඩා ඇති කරයි. නිවසේ ඇති කරන සුරතල් සතුන් ආදීන්ට අයහපත් දිනයකි. ශරීර සෞඛ්‍ය පිරිහේ. දෝෂාරෝපණයට ලක්වන දිනයකි. ජීවිතය සම්බන්ධ යම් යම් ගැටළු ඇති වීමට පුලුවන. ධන හානිය ඇති වීමට හේතු වේ. ආයතන ප්‍රධානීන්ගේ උදහසට ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. කීර්තිය පළුදු වන කරුණු කාරණා යෙදෙන දිනයකි. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
පියා සහ ඔහුගේ දේපළ සම්බන්ධව ගැටලු ඇති විය හැකි බැවින් දුරදිග බලා කටයුතු කරන්න. විදේශ ගමන් සඳහා සුබ නොවේ. නව දැනුම සොයා පොත්පත් පරිශීලනය කිරීමේ උනන්දුව ඇති වේ. රජයේ බදු මුදල් හෝ දඩ මුදල් ගෙවීමට සිදුවිය හැකිය. ගේ දොර අලංකරණයට කාලය කැප කරයි. අධ්‍යාපන කටයුතුවලට එතරම් යහපත් දිනයක් නොවේ. මවගේ රෝගී තත්ත්වයක් පිළිබඳ වෙහෙසක් දරයි කාලත්‍රයාට අසනීප මතු කරයි. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
රැකියා ස්ථානයේ ගැටලු ඇති වීමට හා සතුරු කරදර ඇති වීමට පුලුවන. උදාසීන බවක් පෙන්නුම් කරයි. ධන හානි වේ. හදිසි අනතුරු ඇති වීමට හැකි බැවින් ප්‍රවේශම් වන්න. අවමන් අපහාසවලට පත්විය හැකිය. පවුල් ජීවිතයේ ගැටුම් ඇති වීමට පුළුවන. ස්වසන පද්ධතිය ආශ්‍රිත හා පීනස යන අසනීප තත්ත්වයන් ඇති විය හැකිය. මිතුරු සබඳතාවලට සුබදායක නොවේ. වියදම් පක්ෂය අධික වන දිනයකි. ප්‍රිය සම්භාෂණවලට ඇරැයුම් ලැබෙයි. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
හදිසි අනතුරු හෝ රෝහල්ගත වීම් ආදිය ඇතිවිය හැකි බැවින් සිහි  නුවණින් කටයුතු කරන්න. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවිය හැකිය. මානසික පීඩාවන්ට ගොදුරු වන දිනයකි. වස විස ශරීරගත වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම්වන්න. මිතුරු සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. ආහාර රටාවේ වෙනසක් සිදුවිය හැකි දිනයකි. අන්‍යයන් සමඟ අදහස් හුවමාරුවේ දී අපහසුතා ඇති වේ. සතුට, සොම්නස ඈත් වන දිනයකි. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
රූපලාවන්‍ය කටයුතුවලට අමතර මුදලක් වැය කරයි.  පිය පාර්ශවයට අදාළ දේපළක්  සම්බන්ධ ගැටලු මතු වේ. අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණ ලැබේ. යහපත් මිතුරු සබඳතා ගොඩනැඟෙන දිනයකි. සංගීතය, කලාව ආශ්‍රිත හැකියාවන් වැඩි දියුණු කරයි. ආදායම් මාර්ග අවහිර වේ. පොදු සේවාවලට යොමු වීමෙන් පාඩු සිදුවිය හැකිය. ආදර සබඳතා බිඳ වැටේ. මිහිරි ආහාරපාන රස විඳීමට ඉඩ ලැබේ. ගිවිසුම් ආදියට සුබ නැත. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
යාන වාහන ඉඩකඩම් ලාභ ලැබේ. මව් පාර්ශ්වයෙන් හදිසි ධනයක් ලැබීමට හැකිය. වාද විවාදවලින් ජය අත් වන අතර නව මිතුරු සබඳතා ගොඩනැඟේ. අර්ශස් රෝග, පණු අමාරු ආදිය ඇති විය හැකිය. යුග ජීවිතය ප්‍රීතිමත් වේ. අවිවාහකයන්ට යහපත් මංගල යෝජනා උදා වේ. මවුපිය ආශිර්වාදය ලැබෙන දිනයකි. හවුල්කරුවන් සමඟ ගනුදෙනුවලට වාසි අත් වේ. තැන්පත් ධනය වැඩි වේ. රථ වාහන ධාවනයේ දී කල්පනාකාරී වන්න. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
අධ්‍යාපන කටයුතුවලට එතරම් යහපත් නොමැත. නින්දා අපහසවලට ලක්විය හැකි බැවින් පරීක්ෂාකාරීව වැඩ කටයුතු කරන්න. ප්‍රේම සබඳතාවල දී කලහකාරී තත්ත්වයක් මතුවිය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. තරග විභාගවලින් ජය අත් වේ. පියපස ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි. පැවති අසනීප තත්ත්වයන් සුව වීමේ ලකුණු පහළ වේ. රැකියාව සම්බන්ධ දියුණුවක් ඇති වේ. මිතුරු සබඳතා තර වේ. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
තම සහකරුගේ හෝ සහකාරියගේ රැකියාවේ නව තනතුරු ලාභ ලැබිය හැකිය. අසල්වැසියන් සමඟ මතභේද ඇති කරවයි. ගිවිසුම් කොන්ත්‍රාත්වලින් යහපත් ප්‍රතිඵල ලැබෙයි. උරහිස් හා බාහු ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. පොත්පත් හා ලිපි ලේඛන කටයුතුවලින් වාසි අත්වේ. මුද්‍රණ කටයුතු ආශ්‍රිත ව්‍යාපාරිකයන්ට ලාභ අත් වේ. සහෝදර සබඳතා වැඩි දියුණු වේ. කෙටි ගමන් යෙදේ. විදේශ ගමන් සාර්ථක වන දිනයකි. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03
මකර
මවුපස ඥාතීන් සමඟ සබඳතා ගොඩනැඟේ. ආගම දහම පිළිබඳ නැඹුරුවක් දක්වයි. ප්‍රභූ පිරිස් සමඟ සබඳතාවලට ඉඩ ඇත. ආහාර අජීර්ණ ඇති වීමට පුළුවන. හෘද රෝග අවදානමක් ද පෙන්වයි. කල්පනාකාරීවන්න. දරුඵල අපේක්ෂාවෙන් සිටි අයට එම සිහිනය සැබෑ වීමේ ලකුණු පහළ වේ. ආදර සබඳතා ජය ගනී. උසස් අධ්‍යාපනයට සිත යොමු වේ. සුබ කටයුත්තකට ආරාධනා ලැබේ. රැකියා කටයුතුවල වර්ධනයක් ඇති කරයි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08
කුම්භ
දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙහෙසක් දැරීමට වේ. මවුපියන් සතු දේපළ සම්බන්ධව තිබූ ගැටලු නිරාකරණය වේ. නඩුහබවලින් ජය ලැබෙයි. පොළොව ආශ්‍රිත සම්පත්වලට අවධානය යොමු වේ. දරුවන්ගේ මතක ශක්තියට බාධා ඇති කරයි. නිවාස ඉඩකඩම් ලාභ සහිතයි. මවට වැඩි සැලකිල්ලක් දක්වයි. යාන වාහන සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවිය හැකිය. යකඩ ආශ්‍රිත රැකියාවලින් ලාභ ලැබෙයි. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
රාජ්‍ය බලය සම්බන්ධ කටයුතුවලට මැදිහත් වීමට අවස්ථාව ලැබේ. හවුල්කරුවන් සමඟ දේපළ පිළිබඳ ගැටලු ඇති විය හැකි බැවින් ඒ සඳහා වෙහෙසීමට වේ. උදරයේ පහළ කොටස ආශ්‍රිතව වේදනාකාරී තත්ත්වයක් මතු කරයි. තැන්පත් ධනය වියදම් වේ. රැකියාව සම්බන්ධ ගැටලු මතු වේ. විරුද්ධ ලිංගිකයන් සමඟ සබඳතාවලට සිත යොමු වේ. කෘෂිකාර්මික කටයුතුවලින් පාඩු සිදුවිය හැකිය. කීර්තියට හානි ගෙන දෙයි. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3


No comments:

Powered by Blogger.