Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-25

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-25 

අද දවස ඔබට

2020  ජනවාරි මස 25 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 06.29
ඉර බැසීම - පස්වරු 18.17
රාහු කාලය
දිවා 09.29 සිට 10.58 දක්වා
රාත්‍රී 21.29 සිට 22.58 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
අසනීප හා හදිසි අනතුරු අවදානමක් ඇති දිනයකි. ඒ පිළිබඳව කල්පනාකාරීවන්න. වැඩිහිටි අයකුගේ උපදෙස් හා අනුශාසනා ලැබීමට ඔබ අද වාසනාවන්ත වනු ඇත. දූ දරුවන්ගේ අසනීපගති පෙන්වන දිනයකි. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ජයග්‍රහණ ලද හැකිය. අද දිනයේ ඥානාන්විතව කටයුතු කරයි. ගවේෂණශීලී අධ්‍යයන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන දිනයකි. ගමන් බිමන් අධික වීම නිසා වැය පාර්ශවය ද ඉහළ යනු ඇත. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.
වෘෂභ
පිය පාර්ශවයේ අසනීප තත්ත්වයක් සදහා වැය පෙන්නුම් කරයි. තමා අකමැති පුද්ගලයකුගේ අහඹු හමුවීමක් වනු ඇත. කාලත්‍ර පාර්ශවයේ ධන හානි ආදිය පෙන්නුම් කරන නිසා ඒ පිළිබඳ කල්පනාකාරී විය යුතුය. ජලය ආශ්‍රිත කටයුතුවලින් ප්‍රවේශම් විය යුතුය. කඩිසරව හා මනා කල්පනා ශක්තියෙන් යුතුව දෛනික වැඩ කටයුතු වේ. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ කටයුතු සඵල කරවනු ඇත. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
මිථුන
තම සේවක කාරක ආදීන් සමඟ සුහදත්වය වර්ධනය කරන කටයුතු කිහිපයකට ඔබ යොමු වේ. ආහාර රටාව පිළිබඳ අවධානය යොමු කිරීම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරවනු ඇත. කුඩා බඩවැල ආශ්‍රිත රෝගී තත්ත්වයන් මතු කරවන දිනයකි. නිවෙසේ වාසය කරන සුරතල් සතුන්ට හානි කර දිනයකි. තමාට එරෙහි සතුරු බලවේග හිස ඔසවන දිනයකි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.  
කටක
රැකියාවේ අවශ්‍යතාවන් මත ගමන් බිමන් කිහිපයක් ද විය හැකිය. මහජන සම්බන්ධතා කටයුතුවලින් සුබ ප්‍රතිචාර ලැබෙයි. ආදායම් තත්ත්වය සුබදායක වුවත් වැය පාර්ශ්වය ද අධික කරයි. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් පෙන්වයි. තමා බොහෝ පිරිසක් අතර ගෞරවයට පාත්‍ර වන දිනයකි. කලකින් හමු නොවූ මිතුරන් පිරිසක් හමු වීමට අවස්ථාව සැලසේ. ඔබගේ කතා විලාශය අන් අයගේ පැසසුමට ලක්වනු ඇත. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.
සිංහ
උසස් අධ්‍යාපන කටයුතුවලට විදේශගත වීමට බලාපොරොත්තු වන අයගේ අදහස් ඉෂ්ට වේ. පිය පාර්ශවයේ ලැබීම් සඳහා සුබදායක දිනයක් වේ. ජාතික වැදගත්කමකින් යුත් අවස්ථාවන් හෝ එවැනි කතාවන් සඳහා සහභාගී වීමට ඉඩකඩ ලැබෙනු ඇත. දණහිස් ආබාධ මතු කරවයි. ආගමික භක්තිය වැඩි කරවා ඒ පිළිබඳ ක්‍රියාකාරකම්වලට යොමු වනු ඇත. නිවසේ කටයුතු ක්‍රමවත් කර ගැනීම සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
කන්‍යා
තරගකාරී අවස්ථාවන් කිහිපයකට යොමු වීමට අවස්ථාව සැලසේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. හවුල් ගිවිසුම් හා කොන්ත්‍රාත්වලට අස්සන් තැබීමට අද දිනය සුබදායක වේ. මුත්‍රාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් ඇති විය හැකිය. පවුලේ අය අතර කැපී පෙනෙන අයෙක් බවට පත් වේ. කලා කටයුත්තකට වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කරයි. රෙදිපිළි ආශ්‍රිත ව්‍යාපාරවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
තුලා
ආධ්‍යාත්මික කටයුතුවලින් මනසට සහනයක් උදාකර ගැනීමට කල්පනා කරයි. නිවසේ වැඩ කටයුතු කිරීමට කාලය කළමනාකරණය කළ නොහැකි වනු ඇත. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. උදරයේ පහළ අසනීපගති මතු කරවිය හැකිය. සිතිවිලි තුළින් නිර්මාණ බිහි කිරීමට අද දිනය සුබදායකය. යහපත් දරු උපත් බලාපොරොත්තුවන විවාහකයන්ගේ ප්‍රාර්ථනා සඵල කරවනු ඇත. ප්‍රේම සබඳතා ආදියට යහපත් වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. 
වෘශ්චික
නව ගිවිසුම් කොන්ත්‍රාත් ආදිය අත්සන් කිරීමට අද දිනය සුබදායකය. පියාගේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. අයහපත් පුද්ගලයන්ගේ ඇසුර නිසා නොයෙක් අපවාදයන්ට හා කටකතා ආදියට ලක් විය හැකි නිසා ඇසුරු කරන අය පිළිබඳ කල්පනාකාරී වන්න. නව නිර්මාණවල ප්‍රගතියක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල නියැළි දූ දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වේ. ජාතික හැඟීම් සිතුවිලි ඉස්මතුවන දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
ධනු
උසස් අයගේ ඇසුර හිමිවන දිනයකි. ඥාති සබඳකම් ද වර්ධනය වනු ඇත. ඔබගේ ඥාතීන් අතර ඔබ විශේෂ ප්‍රශංසාවට ලක් වේ. පියාගේ කටයුත්තක් වෙනුවෙන් නීතිමය උපදෙස් පැතීමට විය හැකිය. ස්වයං රැකියා සහ තමාගේම කටයුතුවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. අනවශ්‍ය ගමන් බිමන් කිහිපයක් සඳහා වැය පාර්ශ්වය ඉහළ යයි. නිවසේ අලංකරණ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ශ්‍රමයක් කැප කරයි. ප්‍රිය සම්භාෂණ ආදියට ඇරයුම් ලැබෙයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
මකර
පවුලේ ප්‍රීතිය උතුරා යන දිනයකි. වගකීම් සහිත කාර්යයන් කිහිපයක් ඔබට පැවරෙනු ඇත. අන් අයගේ සැපත සතුට වෙනුවෙන් වැය කිරීම් කිහිපයක් කරයි. විදේශගත ඥාතීන්ගෙන් ලැබීම ආදිය පෙන්නුම් කරයි. ලලිත කලා සහ වෙනත් කලා කටයුතුවල නියැළි අයට සුබදායකය. යහපත් මිතුරු සබඳතා ගොඩනැඟෙනු ඇත. සියලුම ආකාරයේ ලැබීම්වලට සුබදායක වේ. සුහදශීලී බව තුළින් ඔබ සමාජයේ බුහුමනට ලක් වේ. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   බණ පොතක් පූජා කරන්න.
කුම්භ
නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් යොමු වනු ඇත. පවුලේ අයගේ සහයෝගය ද ඒ සඳහා ලැබෙනු ඇත. හෘදය සම්බන්ධ ආබාධ හෝ සෙම් රෝග ඇති විය හැකිය. මවුපස ඥාතීන්ට ද අසුබදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. නිවාස, ඉඩකඩම්, යාන වාහන ආශ්‍රිත ව්‍යාපාරවලින් ලාභ ලද හැකිය. අන් අයගේ සතුට වෙනුවෙන් යම් වැය කිරීමක් පෙන්නුම් කරයි. හිතවත් අයගේ සංග්‍රහ ආදිය භුක්ති විඳීමට අවස්ථාව ලැබෙයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
මීන
කාලත්‍ර පාර්ශවයෙන් ත්‍යාග ආදිය ලැබීමට ඔබ සුදුස්සකු වනු ඇත. ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. තම බාහිර පෙනුම සහ පෞරුෂත්වය පිළිබඳ වටිනාකමක් ඇති කරවන දිනයකි. අයහපත් මිතුරු ඇසුර තුළින් ඈත් වී සිටීම අද දිනයේ සුබදායකය. යහපත් සිතුවිලි තුළින් මනස ප්‍රබෝධවත් වනු ඇත. නිවසේ වැඩ කටයුතු ද ඉතා ක්‍රමවත්ව හා පිළිවෙලකට වේ. රූපලාවණ්‍ය කටයුතු හා රෙදිපිළි නිෂ්පාදන ආදියෙන් ලාභ ලැබිය හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.














































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.