Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-27

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-27

අද දවස ඔබට

2020  ජනවාරි මස 27 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 06.29
ඉර බැසීම - පස්වරු 18.18
රාහු කාලය
දිවා 07.59 සිට 09.28 දක්වා
රාත්‍රී 19.59 සිට 21.28 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
පොළොව ආශ්‍රිත කැණීම් කටයුතුවලින් වාසි අත්වේ. නැති වූ දෙයක් ලැබීමට හේතු වේ. පපුව ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. නිවාස, ඉඩකඩම් ලාභ සහිත දිනයකි. ගෘහ ජීවිතය සැපවත් වේ. කීර්තිය ජයග්‍රහණ ලැබෙන දිනයකි. මවුපස ඥාතීන් සමඟ සබඳතා ගොඩනැඟේ. කෘෂිකාර්මික කටයුතුවලින් අමතර ආදායම් ලැබේ. දරුවන් සම්බන්ධ අමතර වියදමක් දැරීමට වේ. නිදි සුවයට බාධා ඇති වේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.
වෘෂභ
යහපත් මිතුරු සබඳතා ගොඩ නැඟෙනු ඇත. ලාභ ලැබෙන දිනයකි. ශාස්ත්‍රීය අධ්‍යාපනයට හිත යොමු වේ. හෘදයාබාධ සම්බන්ධ අවදානමක් ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. විදේශ සංචාර බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. කෙටි ගමන්වලින් වාසි සැලසේ. ලිපි ලේඛන කටයුතුවලට උනන්දුවක් ඇති වේ. අන්‍යයන්ගේ උදවු උපකාර ලැබෙන දිනයකි. මව සම්බන්ධව යම් කිසි වියදමක් දැරීමට වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.
මිථුන
උසස් අධ්‍යාපන කටයුතුවලට උනන්දුව අඩු වේ. මානසික පීඩාවන් ඇති වේ. පියාට තරමක් අපල තත්ත්වයක් පෙන්නුම් කරන අතර ඔහුගේ දේපළ පිළිබඳ නීතිමය ගැටලු ඇති වේ. ජලයෙන් ප්‍රවේශම් විය යුතුය. මුත්‍රා අමාරු ඇති විය හැකිය. ආගමික කටයුතුවල යෙදීමෙන් බොහෝ අවහිරතා මඟ හරවාගත හැකිය. තිරිසන් සතුන්ගෙන් ප්‍රවේසම්වන්න. විදේශ සංචාර පිළිබඳ බලාපොරොත්තු ඇති අයට එම සිහින බොඳ වී යන ලකුණු පෙනේ. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
කටක
අනවශ්‍ය වියදම්වලට හිත යොමු වේ. රැකියාවේ ගැටලු ඇති වේ. අපරික්ෂාකාරී ක්‍රියා හේතුවෙන් රෝහල් ගතවීම්, බන්ධනාගාරගතවීම විය හැකිය. කෝපය පාලනය කළ යුතුය. වස විස ශරීරගත වීම් ඇති වීමට පුළුවන. මානසික පීඩාවන් ඇතිවන බව පෙනේ. පවුල් ජීවිතය සම්බන්ධ යම් යම් ගැටලු ඇති වීමට හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ගණුදෙනුවල දී පාඩු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් විය යුතුය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
සිංහ
රැකියාව සම්බන්ධ ගැටලු ඇති වේ. රෝගීන්ට උපස්ථාන කිරීමට අවස්ථාවක් ලැබෙයි. දූ දරුවන්ගේ කටයුතු නිසා මුදල් තත්ත්වය පහළ බසී. සහෝදරයන් සමඟ වාද විවාදවලට පැටලීමේ ඉඩකඩ වැඩිය. යන එන ගමන් බිමන්වල දී ප්‍රවේශම් වන්න. සතුරු කරදරවලින් ප්‍රවේශම් විය යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවලට එතරම් යහපත් නොවන අතර බලාපොරොත්තු කඩවීම් විය හැකිය. මුදල් ගනුදෙනුවල දී ප්‍රවේශම් විය යුතුය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
කන්‍යා
පදිංචි ස්ථානයේ වෙනසක් ඇතිවිය හැකිය. ප්‍රේම සබඳතාවලට සුභ දිනයක් නොවේ. ආදායම් තත්ත්වය පහළ බසී. කලහකාරී ප්‍රශ්න ඇති වීමට හැකි බැවින් පරීක්ෂාකාරීව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාරවලින් පාඩු විය හැකිය. තුනටිය ආශ්‍රිත ආබාධ, අර්ශස් රෝග ඇති වීමේ තත්ත්වයන් පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවල දී නිරත දූ දරුවන්ට සුබදායකය. අර්බුදකාරී තත්ත්වයන් පවුල් ජීවිතයේ දැකිය හැකිය. ප්‍රවේශමෙන් වචන හසුරුවන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
තුලා
අන්‍යයන්ට උදවු උපකාර කිරීමට යෑමෙන් අපහසුතා ඇති වේ. ඉවසීමෙන් වැඩ කටයුතුවල යෙදීමට මතක තබා ගන්න. මිතුරු සබඳතා පළුදු විය හැකිය. නියපොතු, දිව සම්බන්ධ ආබාධ ඇතිවිය හැකි නිසා කල්පනාකාරී වන්න. වියදම් බහුල වේ. තැන්පත් මුදලක් නිකරුණේ වියදම් කිරීමට වන බැවින් පරීක්ෂාකාරී වන්න. හවුල් ව්‍යාපාරවල යෙදෙන්නන්ට පාඩු විය හැකි බැවින් දුරදිග සිතා බලා කල්පනාකාරීව තීරණ ගන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
වෘශ්චික
මිත්‍රයන් සමඟ ගනුදෙනුවල දී හොඳ හිත පළුදු වීමට ඉඩකඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවලට තිබූ උනන්දුව අඩු වේ. සෙම් රෝග, මුත්‍රා අමාරු ඇති වීමේ හැකියාව ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය. බලාපොරොත්තු ඉටු නොවන දිනයකි. ආදායම් තත්ත්වය පහළ යයි. පවුල් ජීවිතවලට යහපත් නොවේ. ආදර සබඳතාවලට අවහිරතා ඇති වේ. මවගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධ වෙහෙසීමට වේ. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.
ධනු
පියපස ඥාතීන් සමඟ ආරවුල් ඇති වීමට ඉඩකඩ පවතී. මුදල් ගනුදෙනුවලින් පාඩු වේ. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වේ. රාජ්‍ය උදහසට ලක්වන කටයුතු විය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. පියාගේ ධනය නිකරුණේ වැය කිරීමට වේ. තම ගෞරවයට හානිවන කටයුතු වීම්ට ඉඩකඩ පවතී. රැකියාවේ යම් යම් ගැටලු ඇති වීමට හැකි බැවින් නිවැරදිව සිතා බලා කටයුතු කරන්න. ජලයෙන් හානි වේ. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
මකර
හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකිය. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධාවන් ඉවත්ව යයි. දරුවන්ට දේපළ ඉඩකඩම් යාන වාහන ලැබේ. ගරු නම්බුනාම පදවි තානාන්තර ලැබීමේ වාසනාව ලැබෙයි. ජීවිතයේ ලෝකෝත්තර බව ගැන හිතමින් ආගමික කටයුතුවලට ප්‍රමුඛතාව දෙනු ලබයි. දණහිස් ආබාධ ආදිය ඇති කරවිය හැකිය. හදිසි ධන ලාභවලට උරුමකම් කියයි. මානසික වේදනාවලට සහනය ලැබෙයි. සුරතල් සතුන්ට හානි වේ. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
කුම්භ
සුබ කටයුත්තකට ආරාධනා ලැබේ. ආදර සබඳතාවලට සුබයි. මවුපිය ආශිර්වාදය ලැබෙයි. දරුඵල අපේක්ෂාවෙන් සිටි අයට තම බලාපොරොත්තු ඉටු වේ. කලා කටයුතුවලින් සිතේ සතුට වැඩිවන දිනයකි. යහපත් සමාජ කාර්යයකට දායක වීමට අවස්ථාව ලැබෙයි. දරුවන් සම්බන්ධ කලක් තිස්සේ තිබූ බලාපොරොත්තු ඉටුවන දිනයකි. අධ්‍යාපන ජයග්‍රහණ ලැබේ. නිවාස ඉඩකඩම් වාහන ලාභ හිමි වේ. ආදායම් මට්ටම සරු වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   බණ පොතක් පූජා කරන්න.
මීන
රූපය සම්බන්ධව වෙනදාට වඩා වැඩි උනන්දුවක් ඇති වේ. ඒ සම්බන්ධයෙන් වෙහෙසෙයි. ශරීර සෞඛ්‍ය යහපත්ය. අන් අයගේ ගෞරවයට පාත්‍ර වේ. කලාකාමී බව වැඩි දියුණු වේ. ආත්ම අභිමානය ලැබෙයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. ප්‍රීතිමත් දිනයකි. ආදායම් තත්ත්වය යහපත්ය. විනෝදයෙන් දවස ගෙවීමට හැකිය. කලක් තිස්සේ නොවිසඳී පැවති ගැටලු විසඳීමට හැකියාව ලැබේ. යුග දිවිය සාමකාමීව ගෙවී යයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.














































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3


No comments:

Powered by Blogger.