
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-28
අද දවස ඔබට
2020 ජනවාරි මස 28 වන අඟහරුවාදා
ඉර උදාව - පෙරවරු 06.29 ට
ඉර බැසීම - පස්වරු 18.18 ට
රාහු කාලය
දිවා 15.29 සිට 16.58 දක්වා
රාත්‍රී 03:29 සිට 04.58 දක්වා
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර
මේෂ
රැකියා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය
හැකිය. දවසේ කාර්යයන් සඳහා කාල වේලාව කළමනාකරණය අපහසු වේ. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක්
පෙන්වන දිනයකි. ලාභ අපේක්ෂාවන් ඉහළ යා හැකිය. ගමන් බිමන් අධික කරවන දිනයකි. ගෙදර
දොර අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. දූ දරුවන්ගේ කටයුතුවලට
සුබදායක නැත. අසනීපගති, හදිසි අනතුරු ආදිය ද
පෙන්නුම් කරයි. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේ.
ආදායම් තත්ත්වය සුබදායක නැත. වැටුප් වර්ධක ආදියට බලපෑම් ඇති වේ. පොත්පත් ආශ්‍රිත
කටයුතු වෙනුවෙන් වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. ප්‍රීති උත්සව,
ප්‍රිය ජනක දේ සඳහා ආරාධනා ලැබිය හැකිය. සහෝදරයකුගේ කාර්යයක්
වෙනුවෙන් වැයක් පෙන්නුම් කරයි. ඇසුරු කරන අය අතර මතභේදයන්ට ලක්විය හැකිය. මිතුරු
සබඳතාවලට ද සුබදායක නැත. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
නව මිල දී ගැනීම් කිහිපයක් සඳහා වැය පාර්ශවය අධික
කරවයි. කලකින් හමු නොවූ හිතවතකු ඔබ සොයා පැමිණේ. අධ්‍යාපන කටයුතුවල ජයග්‍රහණ ලබාගත
හැකි දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. රැකියා කටයුතුවල උසස්වීම් ඇති කරවයි.
බලාපොරොත්තු වන සුබ කටයුතු ආරම්භ කිරීම සඳහා බාධා පැමිණේ. තම සිතුවිලි අයහපත් විය
හැකිය. ආගමානුකූල දේට යොමු වීම මානසික සංවරයට වැදගත් වේ. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය
වර්ග පූජා කරන්න. ජය වර්ණය - කොළ,
ජය අංකය - 05
කටක
සංචාරක කටයුතුවල නියැළි අයට අද දිනය සුබදායකය. සතුරු
කරදර ඇති විය හැකි නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. ශරීරයේ අධික වියළි බවක් පෙන්වන
දිනයකි. යාන වාහන කටයුතුවලින් ලාභ ලද හැකිය. උදරයේ පහළ අසනීප ගති මතු කරයි. අධ්‍යාපන
කටයුතුවලට සුබයි. බලාපොරොත්තු රහිත වැයක් පෙන්වන දවසකි. සමීපතම හිතවතකුගේ කාර්යකට
මැදිහත් වීමට සිදු වේ. පිට පළාත්වල ගමන් බිමන් ආදිය සිදුවිය හැකිය. ආගමික
සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02
සිංහ
නව රැකියා අවස්ථා බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන්
මල්පල දරයි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න.
නින්දේ දී මැසි මදුරු ආදීන්ගෙන් කරදර විය හැකිය. ආගමික භක්තිය වර්ධනය වන දිනයකි.
අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. ගමන් බිමන් කටයුතු සඳහා වැඩි කාලයක් සහ ශ්‍රමයක්
වැය වේ. බොහෝ පිරිසක් සමඟ කරන කටයුතු කිහිපයකට මැදිහත් වීමට වේ. වැඩිපුර ප්‍රමාණයක්
රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
තම බුද්ධිමත් තීරණ අනාගත ආයෝජනයන් බවට පත් වේ.
දරුවන්ගේ කටයුතුවලට වැඩි කාලයක්, ශ්‍රමයක් කැප
කිරීමට වේ. ගේදොර අලංකරණ කටයුතු වෙනුවෙන් වැය පාර්ශවය අධික වේ. තෙල් සහිත ආහාර
අගුණදායකය. තමා දරන නිලතලවලින් කීර්තියක් අත්කර ගත හැකි දිනයකි. ක්‍රියාශීලීව හා
කඩිසරව තම කාර්යයන් ඉටුකර ගත හැකිය. රැකියා කටයුතුවල අවශ්‍යතා වෙනුවෙන් ගමන් බිමන්
යෙදිය හැකි දිනයකි. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - කොළ, ජය අංකය -05
තුලා
තම කථිකත්වය
ප්‍රයෝජනයට ගෙන බොහෝ පිරිසක් හික්මවා ගත හැකිය. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ මතභේද
ඇති විය හැකි නිසා කල්පනාකාරී වන්න. උසස් අධ්‍යාපන කටයුතුවල දී බාධා,
අවහිරතා මතු වේ. සෙම් රෝග ඇති වේ. ව්‍යාපාරික කටයුතුවලින් ලාභ
අපේක්ෂා කළ හැකිය. ගෙදර දොර කටයුතු නිසා දවසේ සවස් කාලය විඩා බර වේ. ඉඩකඩම්,
යාන වාහන වැනි කටයුතුවල දී වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න. ධාන්‍යාහාර
හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
දෛනික කටයුතුවල දී අනතුරුකාරී දේ විය හැකි නිසා
කල්පනාකාරී විය යුතුය. අධ්‍යාපනය ලබන දරුවන්ට මඳක් බාධක එල්ල වන දිනයකි. දූ
දරුවන්ගේ අසනීපගති ද මතු කරවිය හැකිය. වැය පාර්ශවය අධික වන දිනයකි. මිතුරු සබඳතාවල
දී කල්පනාකාරී විය යුතුය. අක්ෂි ආබාධ ආදිය මතු කරවිය හැකිය. ගෘහ ජීවිතය තරමක්
කලබලකාරී වේ. කලක පටන් නිම කිරීමට නොහැකිව තිබූ දෙයක් නිම කර ගැනීමට අවස්ථාව
සැලසේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය -09
ධනු
අධ්‍යාපන කටයුතුවල දී යම් බාධාකාරී වීම් විය හැකිය.
රථ වාහන ගමනා ගමනයේ දී හා නිවසේ කටයුතුවල
දී අනතුරුකාරී දේ පිළිබඳ කල්පනාකාරී වන්න. ආහාරපාන පිළිබඳ විශේෂ සැලකිල්ලක්
දැක්විය යුතු දිනයකි. ගනුදෙනු ආදියේ දී කල්පනාකාරී විය යුතුය. දුර බැහැර ගමන්
කිහිපයක් නිසා තරමක් අවිවේකී දිනයක් වේ. පවුලේ සමඟිය,
සාමය රැක ගැනීමට කල්පනා කළ යුතුය. නිවාස පිළිබඳ සිහිනය සැබෑ කරවන
දිනයකි. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය -03
මකර
ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීම සඳහා වැඩි කාලයක්
යොමු කරයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය.
තම දෛනික ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. දණහිස් ආශ්‍රිත රෝගාබාධ හෝ
වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ආදායම් තත්ත්වය සුබදායක වුවත් වැය පාර්ශ්වය
ද අධික කරවයි. ජාතික වැදගත්කමකින් යුතු කාර්යයක් සඳහා යෙදවෙයි. මිතුරු සබඳතා
අලුත්වන දිනයකි. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය -08
කුම්භ
වාද විවාද ආදියට සිත යොමුවන අතර වචන භාවිතය ප්‍රවේශමෙන්
කළ යුතුය. තම කටයුතු වෙනුවෙන් කාලත්‍ර පාර්ශවයේ සහයෝගය ද ලැබෙයි. වැය පාර්ශවය අධික
කරවන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා අවහිරතා එල්ල විය හැකිය. හදිසි අනතුරු
ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. සමාජශීලී කටයුතු වෙනුවෙන් වැඩි කාලයක්,
ශ්‍රමයක් කැප කිරීමට වේ. හිත මිතුරන් සමඟ ප්‍රීතියෙන් කාලය ගත කළ
හැකිය. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06
මීන
බොහෝ පිරිසක් අතර පිළිගැනීමට ලක්වන අදහස් උදහස්
කිහිපයක් ඔබ අතින් ප්‍රකාශ වේ. යහපත් මිතුරු සබඳතා ගොඩ නැඟෙනු ඇත. හදිසි අනතුරු හා
අනපේක්ෂිත රෝගාබාධ ආදිය මතු කරවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
කාර්යබහුල දිනයකි. ගේ දොර අලංකරණ කටයුතු සඳහා කාලය වැඩිපුර යොදවයි. කාලත්‍ර පාර්ශවයේ
සහාය අපේක්ෂා කළ හැකිය. වැය පාර්ශවය අධික කරවන දිනයකි. එළඟිතෙල් හා රතු ඇඳුම්
දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: