
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-29
අද දවස ඔබට
2020 ජනවාරි මස 29 වන බදාදා
ඉර උදාව - පෙරවරු 06.29 ට
ඉර බැසීම - පස්වරු 18.18
රාහු කාලය
දිවා 12.29 සිට 13.58 දක්වා
රාත්‍රී 00.29 සිට 01.58 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත
මේෂ
විදේශ ගමන් බලාපොරොත්තුවන අයට සුබදායක ආරංචි ලැබෙනු
ඇත. පෙර පින් බලය ක්‍රියාත්මකවන අද දිනය තුළ ලැබීම් ආදියෙන් සපිරුණු දිනයක් වනු
ඇත. පවුල් ජීවිතය සාමකාමී ලෙස ගෙවෙන දිනයකි. පිය උරුමයෙන් දේපළ ආදිය ලැබීම් හිමිවන
දිනයකි. පවුලේ සාමාජිකයන් වෙනුවෙන් යමක් කිරීමට ඔබ අද දිනය තුළ වෙහෙසෙයි. ඉවසීමේ
ගුණය ඔබ අද දිනය තුළ වඩාත් ඇති කරගත යුතු දෙයකි. රැකියාවට සුබයි. ජය වර්ණය - රතු, ජය අංකය - 09, කැකුළු සහල්වලින් තැනූ
කිරිබත් දන් දෙන්න.
වෘෂභ
කාර්මික කටයුතුවල නිරතවන්නන්ට අද දිනයේ වාසි සැලසේ.
තමා සතු දේපළ වර්ධනයට ඉඩ සැලසේ. පුණ්‍ය කටයුත්තක් කෙරෙහි ඔබගේ දායකත්වය පෙන්වන
දිනයකි. දූ දරුවන්ගේ රෝගාබාධ සඳහා මුදල් වියදම් වේ. විදුලිය,
ගින්දර ආශ්‍රිත රැකියා කටයුතුවල නිරත වන්නේ නම් වඩාත් ආරක්ෂාකාරී
ලෙස කටයුතු කළ යුතු වේ. ව්‍යාපාර කටයුතුවල දී පාර්ශව අතර මතභේදකාරී තත්ත්වයක්
මතුවිය හැකි බැවින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, සතෙක් නිදහස් කිරීමට ආධාර
කරන්න.
මිථුන
විවාහ දිවිය තුළ තරමක් ගැටළුකාරී කටයුතු මතුවිය හැකි
බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් අද දිනයේ
සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය. සහෝදර සහෝදරියන් පිළිබඳ සුබ ආරංචි අසන්නට ලැබෙන
දිනයකි. අධ්‍යාපන කටයුතුවලට සුබදායකය. රසවත් ආහාරපාන රස විඳීමට ලැබෙන දිනයකි.
අයහපත් මිතුරු ඇසුර අද දිනයේ ඔබට යම් ගැටලුකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය.
කල්පනාකාරී වන්න. ජය වර්ණය - කොළ,
ජය අංකය - 05,
බණ පොතක් පූජා කරන්න.
කටක
ගනුදෙනු කටයුතුවල දී වංචාකරුවන්ට හසුවීමට ඉඩකඩ ඇති
බැවින් ප්‍රවේසම් වන්න. රැකී රක්ෂා කටයුතුවල දී වෙනදාට වඩා අන් අය සමඟ සුහදශීලීව
ක්‍රියා කරන උසස් නිලධාරීන්ගෙන් පැසසුම් ලබන දිනයකි. ගෘහ ජීවිතය තුළ තදබල මානසික
පීඩා නොපෙන්වයි. හවුල් ව්‍යාපාරවලින් වාසි සැලසෙනු ඇත. තම මව සමඟ ගමන් බිමන් යෑමට
ඔබට අවකාශ සැලසේ. ඉඩකඩම් යාන වාහන විකිණීම මඟින් වාසි සැලසේ. උදරාබාධ ඇති කරයි. ජය
වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ
දුම් දෙන්න.
සිංහ
අධ්‍යාපන කටයුතුවලට සුබදායක දිනයකි. වන්දනා ගමන්
විනෝද ගමන් ආදිය යෙදිය හැකිය. යහපත් මිතුරු සබඳතා වර්ධනය වන දිනයකි. සමාජයේ යහපත්
ක්‍රියා කිරීමට පෙළඹෙන දිනයකි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට අද දිනය සුභ
දිනයකි. සුළු අනතුරුවලට ලක්විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. වෙළඳාම්
කටයුතුවලින් ලාභ ලැබෙන දිනයකි. අසල්වාසීන් සමඟ පොදු කටයුත්තක නිරත වේ. ජය වර්ණය -
රතු, ජය අංක - 01, වියළි ආහාර හා තෙල්
දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
කන්‍යා
තම දක්ෂතා ඉස්මතු කර ගැනීම මඟින් ජනප්‍රියත්වයට පත්
විය හැකිය. කලා කටයුතුවල නිරත පුද්ගලයන්ට සුබඵල හිමි වේ. සතුරු කරදර මඟ හැරී යයි.
මුත්‍රා ආබාධ ඇති විය හැකි බැවින් දියර වර්ග වැඩියෙන් පාවිච්චිය තුළින් එම තත්ත්වය
මඟ හරවා ගත හැකිය. මවු පාර්ශවයේ කටයුත්තකට කාලය වැය කිරීමට සිදු වේ. කෘමි උවදුරු
ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. මාධ්‍යවල කටයුතුවල දී කල්පනාකාරී වන්න. ජය
වර්ණය - කොළ, ජය අංකය -05, උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
තුලා
යහපත් පුද්ගලයන් හා ඇසුරට ලැබෙන දිනයකි. ගෘහ ජීවිතයේ
දී තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. දරුවන් පිළිබඳ සිත සතුටු කරවන සුබ ආරංචි
ලැබීමට හැකිවන දිනයකි. ප්‍රේම සබඳතා කෙරෙහි වැඩිහිටියන්ගේ බාධා එල්ල වුව ද තම මතයට
අනුව කටයුතු කරමින් ඒවා ස්ථිර කර ගැනීමට කටයුතු කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත
දූ දරුවන්ට අද දිනයේ සුබදායකය. වන්දනා ගමන් ආදිය පෙන්නුම් කරයි. වැය අධික කරවයි. ජය
වර්ණය - නිල්, ජය අංකය - 06, අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
වෘශ්චික
අධ්‍යාපනය ලබන දූ දරුවන්ට තම මතක ශක්තිය වර්ධනය කර
ගැනීමට බාධා ඇති කරයි. ඉඩකඩම් සම්බන්ධව මෙතෙක් පැවති බාධාකාරී තත්ත්වයන් මඟහැරී
යයි. සිතේ චංචල ගතියක් ඇති වුවත් ගෘහ ජීවිතය තුළ සතුට සමාදානය රජ කරවන දවසක් බව
පෙනී යයි. රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි ඔබ මුදලක් වැය කරනු ඇත. පිය පාර්ශ්වයේ අසනීප
ගති මතු කරවිය හැකිය. විදේශගත මිතුරන්ගෙන් ලැබීම් ඇති කරයි. ජය වර්ණය - රතු, ජය අංකය -09, උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට
ආහාර දිය යුතුය.
ධනු
දරුවකුගේ දස්කම් දැක බලා ගැනීමට අවස්ථාව අද දිනය තුළ
ඔබට සැලසේ. සියලු ලැබීම් ගෙන දෙන දිනයකි. යහපත් මිතුරු ඇසුර මෙන්ම ඔවුන් සමඟ
විනෝදයෙන් කාලය ගත කිරීමට අවස්ථාව සැළසේ. රසවත් ආහාරපාන භුක්ති විඳීමට ද ලැබෙන
දිනයකි. ඥාති පාර්ශ්වයේ අයකුගේ ශෝකජනක පුවතක් අසන්නට ලැබෙයි. උදරාබාධ පිළිබඳ
අවදානමක් ඇති නිසා තෙල් සහිත ආහාරවලින් ප්‍රවේසම් වන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය -03, කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය
වර්ග පූජා කරන්න.
මකර
ක්‍රීඩා කටයුතු විනෝද ජනක ක්‍රීඩා ආදියට අද දිනයේ
සහභාගි වීමට අවස්ථාව සැලසේ. වන්දනා ගමන් යෑමට අවස්ථාව සැලසෙනු ඇත. හිතේ සතුටින්
අරඹන අද දිනය තුළ තම සහකාරිය හෝ සහකරුවා සමඟ විනෝදයෙන් කාලය ගත කරයි. අද දිනය තුළ
ඔබ සමාජයේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධත්වයට පත් වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත දූ
දරුවන්ට යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකි දිනයකි. ආහාරපාන පිළිබඳ කල්පනාකාරී වන්න. ජය
වර්ණය - නිල්, ජය අංකය -08, එළඟිතෙල් හා රතු ඇඳුම්
දුගීන්ට පරිත්‍යාග කරන්න.
කුම්භ
සහෝදර සහෝදරියන්ගේ හොඳ හිත දියුණු වී උදවු උපකාර
ලැබෙන දිනයක් වනු ඇත. හිතේ සතුට උතුරා යන ප්‍රීතිමත් දිනයකි. ආදර සබඳතා කෙරෙහි
මෙතෙක් පැවැති කරදර බාධක මඟහැරී යයි. ඔබ රැකියා ස්ථානයේ දී වැඩ කටයුතු කිරීමේ දී
හා වචන හුවමාරුවේ දී වඩාත් කල්පනාකාරී ලෙස ක්‍රියා කළ යුතුය. මන්ද ඔබගේ චරිතයට
හානිදායක වූ කටයුතු සිදු වීමට ඉඩකඩ ඇති බැවිනි. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. ජය
වර්ණය - නිල්, ජය අංකය - 06, ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
මීන
ප්‍රේම සබඳතාවලට මවුපිය ආශිර්වාදය ලැබෙන දිනයකි.
කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරවිය හැකිය. අතමිට සරුවන දිනයකි. දරුවන්ගේ අධ්‍යාපන
කටයුතුවලට සුබ ආරංචි ලැබීමට පුළුවන. කලාව ක්‍රීඩාව වැනි අංශවල නිරත වන්නේ නම් එම
අංශවලින් වැඩි ජයග්‍රහණ හිමිවන දිනයකි. දානමය කටයුතු සඳහා අද දිනයේ සහභාගි වීමට
අවස්ථාව සැලසේ. අයහපත් මිතුරු ඇසුර නිසා යම් අසුබ දේ නිර්මාණය කරයි. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03, ආගමික සිද්ධස්ථානයකට හකුරු
පරිත්‍යාග කරන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: