Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-31

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-31 

අද දවස ඔබට

2020 ජනවාරි මස 31 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.29
ඉර බැසීම  - පස්වරු 18.19
රාහු කාලය
දිවා 10.59 සිට 12.28 දක්වා
රාත්‍රී 22.59 සිට 00.28 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
ඉංජිනේරු හෝ කාර්මික අංශවල යෙදී සිටින්නන් ඔවුුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන අතර ඉන් පැසසුම් ලද හැකිය. ලෞකික දේවලට අදාළ වන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා සමත් වේ. වෙළඳ කටයුතු ආදියට ද සුබදායක වේ. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කැපී පෙනෙන ආකාරයෙන් ක්‍රියා කරයි. පොදුජන සේවය වෙනුවෙන් මහන්සි වී කටයුතු කෙරෙන දිනයක් වීමේ ඉඩකඩ පවතී. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කර ජයග්‍රහණ ලබා ගත හැකි දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න.
ජය වර්ණය - රතු,   ජය අංකය  -  09, 
වෘෂභ
දේව ඇදහිලි, මන්ත්‍ර ශාස්ත්‍ර ආදියට වැඩි නැඹුරුවක් යෙදිය හැකිය. ලෙඩ රෝග තත්ත්වයක් සමනය වීමේ කරුණු යෙදේ. තමාගේ තත්ත්වය පහත හෙළීමට බලා සිටි අයට වැරදිය හැකිය. දරුවන්ගේ ගණිතමය ඥානය වැඩි දියුණු කර ගැනීමට හැකි දිනයකි. නීති අංශයේ රැකියා කටයුතු කරන්නන්ගේ තර්ක හමුවේ අන් පාර්ශ්වය අසරණ විය හැකිය. පොත්පත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට වෙනදාට වඩා වැඩි ලාභ ප්‍රයෝජන හිමි වීමේ භාග්‍ය පවතී. ප්‍රචාරක කටයුතු සාර්ථකය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,   
මිථුන
සතුරන්ගෙන් එල්ල විය හැකි හිරිහැරවලින් ගැලවී සිටීමට හැකි දිනයකි. කෙරෙන කර්මාන්ත ආදිය සාර්ථක කරවයි. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ලැබෙයි. රැකියාව තුළ උසස් වීම් ද ඇති කරයි. ජලය සම්බන්ධව කටයුතු ආදියේ  යෙදීමෙන්  ප්‍රවේශම් සහගත විය යුතුය. කලහ කිරීම් ආදියට පැටලීමේ ස්වභාවයක් පවතින නිසා විමසිලිමත් විය යුතුය. විවිධ දෝෂාරෝපණයන් එල්ල විය හැකි වුවද ඒවාට සාර්ථකව මුහුණ දීමේ ශක්තියක් පවතී. අද දින රස කැවිලි දන් දෙන්න.ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,
කටක
හවුල් ව්‍යාපාර කරන්නන්ට මහජන ගනුදෙනුවලින් ලාභ හිමිවීමේ ප්‍රවණතාවක් පවතී. පවතින වෙළඳ සබඳතා පුළුල් වීමේ හැකියාවක් ඇත. දරුවන්ද තම හැකියාව මත ප්‍රකට වීමේ ස්වභාවය පවතී. හොඳ එකමුතු හැඟීමක් පවතින බැවින් සමාජ කටයුතු ආදියේ දී මුල්තැන හිමි වේ. විවාහ දිවියේ පවතින අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම සාර්ථක වීමේ ලකුණු පෙන්නුම් කරයි. මැසි මදුරු ආදී සතුන්ගෙන් හිරිහැර, කරදර හා ලෙඩ රෝග ඇතිවන බැවින් කල්පනාකාරීවන්න. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,
සිංහ
පෞද්ගලික සතුරන් සිටී නම් ඔවුන්ට ඔබට විරුද්ධ වීමට අපහසු වේ. නීති ගැටලු ආදිය ඉදිරිපත් වන්නේ නම් ඔබට ඒවායින් ජයග්‍රහණය ළඟා කරගත හැකි වටපිටාවක් ගොඩනැගේ. විභාග ආදියෙන් ජයග්‍රහණ අත්විය හැකිය. උදරය ආශ්‍රිතව හටගත් රෝගාබාධ වේ නම් ඉන් සුවය අත්විය හැකිය. කිසියම් නව ශක්තියක් ශරීරයේ ක්‍රියාත්මක වන දිනයකි. රැකියාවේ මෙතෙක් පැවැති බාධක ගැටලු වේ නම් ඉන් තරමක හෝ සහනයක් ලැබීමට ඉඩ ප්‍රස්තා පවතී. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - රතු,  ජය අංක - 01,
කන්‍යා
ගර්භණී කාල සීමාවෙහි සිටින්නියන් ආරක්ෂා සහිතව අද දිනය ගත කළ යුතුය. ආදරවන්තයන් අතර භේද වීම් යෙදිය හැකිය. දරුවන් සමඟ කතා කිරීමේ දී ඉවසීමෙන් කටයුතු කළ යුතුය. දරුවන්ගේ කටයුතු සොයා බැලිය යුතුය. නැතහොත් ඔවුන් සම්බන්ධ ප්‍රශ්න ආදියට මුහුණ පෑමට ඉඩ ඇති කරුණු මතුවේ. විශාල ව්‍යාපෘති භාරගෙන ක්‍රියා කළ අයට විශාල ලාභ ලැබීමේ ප්‍රවණතාවක් යෙදිය හැකිය. හවුල් කටයුතුවල නියැළෙන්නන් ඒ සඳහා විවිධ ප්‍රයෝජන භාවිතා කිරීමට අවකාශ පවතී. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - කොළ,   ජය අංකය -05,
තුලා
වෙනදාට වඩා නිවසහි මුල් තැන ගෙන කටයුතු කිරීමට හැකිය. ඔබ තුළ මානසික ප්‍රමුදිතභාවයකින් යුතු වන දිනයක් වේ. ඕනෑම කටයුත්තක් ඉවසීමක් ඇතිව කෙරෙන බැවින් කිසිවෙකුටත් ඔබව තරහ ගැස්විය නොහැකි වේ. ගන්නා තීන්දු තීරණ අභිවෘද්ධියට හේතු විය හැකිය. සෑම කටයුත්තකටම දුරදිග බලා තීරණ ගන්නා නිසා අද යහපත් දිනයකි. තමා භාරගත් කටයුතු ඉතා ක්‍රියාශීලීව නිම කිරීමට හැකි වටපිටාවක් ගොඩනැගේ. කාලත්‍රයාගේ රැකියා කටයුතු වලින්ද ලැබීම් පවතී. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න.ජය වර්ණය - නිල්,   ජය අංකය - 06, 
වෘශ්චික
නොසෙල්වෙන ආත්ම විශ්වාසයකින් කටයුතු කරයි. මතක ශක්තිය දියුණු කිරීමේ කටයුතුවල නිරත වේ. උසස් අධ්‍යාපනික කටයුතුවල නිරත වන්නන් හට ධෛර්යය හිමි වේ. කලාකරුවන්ට ඔවුන්ගේ වෘත්තීමය විශේෂ දක්ෂතා පෙන්වීමට හැකියාව ලැබිය හැකි දිනයකි. ඉංජිනේරු හෝ ගණිත ක්ෂේත්‍රවල නියැළී සිටින්නන් අත්හදා බලන පර්යේෂණවල සාර්ථකත්වයක් හිමිකර ගත හැකිය. දේශපාලන කටයුතුවල නිරත වූවන් අද දිනයේ පතුරුවන කතා මහජනයා තුළ ප්‍රකට ආකර්ෂණීය තත්ත්වයන් ඇති වේ. පංච වර්ණ මල් පූජා කරන්න.ජය වර්ණය - රතු,   ජය අංකය -09,
ධනු
අසනීප තත්ත්වයන්වලින් සහනයක් ලැබීමට හැකි දිනයක් වේ. වාග් චාතුර්ය බලවත් දිනයක් වන නිසා අන්‍යයන් තම කතාවට යටහත් පහත් වන ස්වභාවයක් පවතී. කතාකර නොපරදින ස්වභාවයක් වේ. පොළොව ආශ්‍රිත කටයුතුවල යෙදෙන්නන් හට මැණික් ආදියෙන් වාසි සහගත විය හැකිය. රැකීරක්ෂා ආදියේ පදවි තානාන්තර හිමිවිය හැකිය. ආරක්ෂක ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්ට තම වෘත්තිය හැකියාව හොඳින් පෙන්විය හැකි දිනයක් වනු ඇත. ණය දීම් සහ ගැනීම්වලදී ප්‍රවේශම් විය යුතුය. අද දින නිර්මාංශව සිටින්න.ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03, 
මකර
අද දිනයේ ඔබට ඕනෑම ගැටළුකාරී තත්ත්වයක් දරා සිටීමේ මනා හැකියාව පවතී. ආදායම් හිමිකර ගැනීමට ගන්නා උත්සාහයන් අපතේ නොයයි. එම නිසා ඒවා අතහැර දැමීම අවාසි සහගත වේ. සහකරුට තරමක අපල සහගත සෞඛ්‍යමය ගැටලු යෙදීමට පවතින බැවින් සැලකිලිමත්ව සිටිය යුතුය. ඔබට විරුද්ධව යෙදෙන කුමන්ත්‍රණ ආදියෙන් බේරී සිටීමට වෙර දැරීමට විය හැකිය. දරුවන්ගේ හිතුවක්කාරකම් නිසා ඔබගේ මනස ව්‍යාකූල වීමේ ඉඩකඩ පවතී. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - නිල්, ජය අංකය -08, 
කුම්භ
සිහි මූර්ජා වීම්, නින්ද නොයෑම් ආදී ගැටලු ඇති කළ හැකිය. ණය තුරස් ආදිය පියවීම උදෙසා උත්සාහ කළ හැකි වේ. වංචා ආදියට අසුවීමට ඉඩ පවතින නිසා ඒ පිළිබඳව අවධානයෙන් පසු විය යුතුය. රහස් සතුරු බලවේගයන්ට බුද්ධිමත්ව හා සාර්ථක ලෙස මුහුණ දීමට උත්සාහ ගනී. ශාස්ත්‍රීය කටයුතු කෙරේ වැඩි නැඹුරුවක් සහිතව ක්‍රියා කිරීමට ඉඩ පැවතිය හැකිය. ඉඩකඩම් ආශ්‍රිත ව්‍යාපාරයන්හි නිරතවන්නන් හට ගැටලු රාශියකට මුහුණ පෑමට සිදු වේ. අද දින නිර්මාංශව සිටින්න.ජය වර්ණය - නිල්, ජය අංකය - 06,
මීන
මිත්‍රයන් සමඟ කටයුතු කිරීමේ දී වාසිදායක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතී. පොදු සේවා කටයුතුවල දී කැපී පෙනෙන චරිතයක් විය හැකිය. දෙවියන් කෙරෙහි භක්තිමත් බව වැඩි වේ. අහිමි වී ගිය දෙයක් නැවත ගොඩනගා ගැනීම සඳහා වඩාත් උනන්දු වේ . කාන්තා පක්ෂයට අවශ්‍ය දෑ වෙළදාම් කිරීමේ දී වඩාත් ලාභ ඉපැයිය හැකි වේ. ණයට මුදල් ලබා දෙන්නන්ට නියමිත මුදල් නැවත ලැබිය හැකි දිනයකි. තම යහපත් අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමට සුදුසු දිනයකි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න.ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,













































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.