Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 February | 2020-02-01

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 February | 2020-02-01 

අද දවස ඔබට

2020 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 06.29
ඉර බැසීම - පස්වරු 18.19
රාහු කාලය
දිවා 09.29 සිට 10.58 දක්වා
රාත්‍රී 21.29 සිට 22.58 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
ජලය සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් විය යුතු දිනයකි. මුත්‍රා ආබාධයන් මතු කරයි. මවගේ සෞඛ්‍ය තත්ත්වයට ද ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. ස්ත්‍රී පක්ෂයේ කටයුතු වෙනුවෙන් මුදල් වැය වීමක් සිදුවිය හැකිය. සහෝදරියකගේ රැකියාව සම්බන්ධව අවහිර බාධා මතුවිය හැකිය.  විවාහකයන්ට අතර  පීඩාවට පත් කෙරෙන විහිළු තහළු මතු වීමෙන් ගැටලු යෙදේ. චරිතය සම්බන්ධ අවමාන දෝෂාරෝපණ යෙදිය හැකි නිසා කල්පනාකාරී විය යුතුය.ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
මහජනයා සමඟ කෙරෙන කටයුතු ආදිය හොඳින් සිතා බලා සිදු කළ යුතුය. වෙළඳාමෙන් වඩාත් වාසි වාසිදායක තත්ත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකිය. ප්‍රේම සබඳතාවල ගැටලු මතු විය හැකිය. අර්ශස් වැනි රෝගයන්ගෙන් පෙළෙන්නන් වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. වැරදි හැඟීම් දැනීම් ඇති වීමෙන් නීතිමය ගැටලු මතු විය හැකිය. සංචාරක කටයුතු කරන්නන් සැලකිල්ලෙන් යුතුව වැඩ කිරීම යහපත්ය. හවුල් ව්‍යාපාර කරන පුද්ගලයන් අතර ද විවිධ මතභේද මතුවිය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
තැන්පත් ධනය වැය වීමට කටයුතු යෙදිය හැකිය. ශරීරයේ තුවාලයන් ඇති වීමේ ඉඩකඩ වැඩිය. දූ දරුවන්ගේ  අධ්‍යාපන තත්ත්වය පහත වැටීමක් හෝ කාලත්‍රයාගේ වියදමේ කිසියම් වැඩි වීමක් විය හැකිය. උණ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් එම රෝග යටපත් කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෙම තත්ත්වයන්ගෙන් පීඩා විඳීම නිසා ඇස්වලට ඉහළින් නළල ප්‍රදේශයේ පීඩාකාරී තත්ත්වයන් මතුවිය හැකිය. සනීපාරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු දිනයකි.ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසෙයි. රේස් වැනි සූදුවල යෙදීමේ ප්‍රවණතාව වැඩි බැවින් ආර්ථික ගැටලු ඇතිවිය හැකිය. ප්‍රේම  සබඳතාවලට යහපත් දිනයක් වනු ඇත. හවුල් ව්‍යාපාර කරන්නන්ගෙන් ලාභ හිමි විය හැකිය. දරුවන්ගේ ශරීර සෞඛ්‍ය සැලකිලිමත් විය යුතුය. පුද්ගලයන් සමඟ නීති විරෝධී කටයුතු පවත්වා ගැනීමට සිදුවිය හැකිය. රහස් මිත්‍රත්වයන් යෙදීමේ හැකියාව පවතී. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම තුළින් අද දවසේ කටයුතු බොහොමයක් සාර්ථක කර ගත හැකිය.ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
මව් පස ඥාතීන් සමඟ විරෝධකම් මතු විය හැකිය. කුලී නිවැසියන්ට කරදර යෙදිය හැකිය. දරුවන් උදෙසා වැඩි වියදමක් දැරීමට සිදු වේ. කෘෂිකාර්මික කටයුතු සඳහා සුබදායී දවසකි. භාරගත් කටයුතු කෙසේ හෝ නිම කිරීමට උත්සාහ කරයි. සිතෙහි සැනසුම අඩුවන අතර චංචල ගතිය වැඩිවිය හැකිය. තමාගේ සැඟවුණු තොරතුරු ප්‍රසිද්ධ වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුය. මවගේ සුබ සිද්ධිය ගැන වෙහෙසී වැඩ කිරීමට සිදු වේ. සෙම් ආබාධයන් ඇතිවිය හැකිය.ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ගිවිසුම් හෝ කොන්ත්‍රාත් අත්සන් කිරීමේ දී ලාභ දායක විය හැකිය. උසස් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතුවල ප්‍රගතියක් ඇත. කෙටි ගමන් බිමන් බහුලව යෙදිය හැකි දිනයකි. මුහුදු ගමන්වල දී කල්පනාකාරි විය යුතුය. සෙම් ගෙඩි ආදියෙන් පීඩා වේ. පියාට අපලදායක තත්ත්වයක් ඇති කරයි. දේපළ බෙදා වෙන් කිරීම් ආදියෙන් ඥාතීන් සමඟ අර්බුධ මතු වීමට  ඉඩ ඇත. ඔබ පිළිබඳ නොයෙකුත් කතා පැතිර යෑමට ඉඩ පවතී. තම ගණිතමය ඥානය වැඩිදියුණු කරගත හැකි දිනයකි.ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
පවුලේ සාමාජිකයන් පිළිබඳ වැරදි අවබෝධයකින් පසු වේ. උණ රෝග ආදී අසනීප තත්ත්වයන් වැඩිවිය හැකිය. වෙළහෙළඳාම් කටයුතුවලින් අලාභ හානි සිදු වේ. කල්පනා ශක්තිය දුර්වල වේ. කතාවෙන් වුවද සතුටක් නොලැබිය හැකි නිසා වචන ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුය. රැකියාවට සම්බන්ධ දැනුම සොයා යාමේ වැඩපිළිවෙළක් බාධක මධ්‍යයේ ඇති විය හැකිය. ගේ දොර, යාන වාහන මිලදී ගැනීම සඳහා උනන්දුවක් ඇතිවිය හැකිය. සිතේ ස්ථාවරත්වය දෙදරා යා හැකි ස්වභාවයකි.ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
අත්නොහරින උත්සහයෙන් ක්‍රියා කිරීම තුළින් සාර්ථකත්වයක් කරා ළඟාවිය හැකි දිනයකි. මුහුණේ පවතින කාන්තිමත් ස්වභාවය අඩු විය හැකිය. ආර්ථික ලාභ ප්‍රයෝජන හිමිවිය හැකි දිනයකි. හිස්කෙස්වල ස්වභාවයන් වෙනස් කිරීමට වැඩිපුර වෙහෙසිය හැකිය. තම කාලත්‍ර පාර්ශ්වයේ ඥාතීන්ගෙන් දෝෂාරෝපණයන් එල්ල විය හැකි නිසා කල්පනාකාරීත්වය අවශ්‍ය විය හැකිය. වන්දනා  ගමනකට අවස්ථාවක් පවතී. තම කීර්ති නාමය රැක ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
මානසික පීඩා මතුවිය හැකි දිනයකි. හුදකලාව සිටීමට ප්‍රියතාවක් ඇති වේ. වගා කටයුතුවලට කෘමිනාශක භාවිතයේ දී සැලකිලිමත් විය යුතුය. අසාත්මිකතා ඇති වීමට කරුණු යෙදේ. දරුවන්ට රෝග පීඩා යෙදිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. ණය තුරස් ආදියට පැටලීමේ අවකාශ පවතී. රහස් සතුරු බලවේග හිස එසවිය හැකි නිසා කල්පනාකාරී විය යුතුය. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම තුළින් අද දවසේ කටයුතු බොහොමයක් සාර්ථක කර ගත හැකිය.ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
දණ හිස් හා ඒ ආශ්‍රිත ප්‍රදේශය තුළ වේදනා ආදිය මතුවීමේ ප්‍රවණතාවක් ඇත. කොමිස් ලබන මාර්ගවලින් හෝ ධනය රැස් කිරීමේ ආශාවකින් පසුවන දිනයක් විය හැකිය. සහකාර සබඳතා තුළ එතරම් සාර්ථකත්වයක් දැකිය නොහැකිය. සමාජීය ජයග්‍රහණය හිමිකර ගැනීමට උත්සාහ වන තරමට ප්‍රතිඵල නොලැබෙනු ඇත. බැංකු කටයුතුවල දී ද අදාළ කොන්දේසි හා පොලිය සොයා නොබලා කටයුතු නොකළහොත් අමාරු තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවිය හැකිය.ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
ධීවර කටයුතුවල යෙදෙන්නන්ට එතරම් සුබ නොවේ. ස්ත්‍රී පාර්ශවය සමඟ කෙරෙන රැකියාවල දී විවිධ අර්බුද හට ගනී. දණහිස් ආබාධ හෝ වාත අමාරු මතුවීමට ඉඩ ඇත. ලෞකික කටයුතු සඳහා ධනය වැය වීමට වැඩි ඉඩක් පවතී. වෙළෙඳ හා වාණිජ කටයුතු තුලින් යම් සාර්ථකත්වයක් ඇතිවිය හැකිය. දූ දරුවන්ට රෝග ආදිය වැලඳීමේ ඉඩ ඇත. රැකියා කටයුතුවල අන්‍යයන් අතර කැපී පෙනීමට යෑම නිසා විවිධ වූ අර්බුදයන් මතුවිය හැකිය.ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
පීනස, වාත රෝග ආදියේ වැඩිවීමක් අද දිනයේ බලාපොරොත්තු විය හැකිය. ක්‍රීඩා කටයුතු සඳහා ජලය එක්රැස් වන ස්ථාන තෝරා ගැනීම යහපත් නොවේ. දූ දරුවන්ගේ අධ්‍යාපනික කඩඉම් සාර්ථක කර ගැනීමට අපහසු කරුණු යෙදේ . අන්‍යයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී විවිධ වූ බාධාවන් යෙදී වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත. අදහන ආගමට පරිබාහිර වෙනත් ඇදහිලිවලට යොමු වීමට ඉඩකඩ මතු වේ. කලකින් හමු නොවූ මිතුරකුගේ හමුවක් බලාපොරොත්තු විය හැකිය.ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.