
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-11
අද දවස ඔබට
2020 දෙසැම්බර් මස 11 වන සිකුරාදා
ඉර උදාව - පෙරවරු 06.13 ට
ඉර බැසීම - පස්වරු 17.57
රාහු කාලය
දිවා 10.43 සිට 12.12 දක්වා
රාත්‍රී 22.43 සිට 00.12 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන
මේෂ
උසස්
ඉගෙනීම් කටයුතුවල නිරත අයගේ විදේශ අධ්‍යාපන ගමන් පිළිබඳ සිහින සැබෑ කරයි.
අස්ථානගතව තිබූ දෙයක් හදිසියේ ඔබට හමුවනු ඇත. මිතුරු සබඳතා සඳහා සුභ දිනයක් නොවේ.
කලකිරීම් සහ සිත් බිඳීම් ඇති කරවිය හැකිය. හදිසි ධන ලාභ ආදිය භූමිය ආශ්‍රිත
කටයුතුවලින් ඇති කරවයි. වෙනදාට වඩා ඉදිරිපත්වීමේ ගතිය ඇති කරවන දිනයකි. රැකියා
ස්ථානයේ සිදුවන අසාධාරණයක් පිළිබඳ ඔබ හඬ අවදි කරයි. ජය වර්ණය - රතු,
ජය අංකය - 09,
දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
වෘෂභ
වැඩිහිටියකුගේ
අසනීපයක් සම්බන්ධයෙන් වැඩිපුර කාලයක් යොමු කරයි. හවුල් ව්‍යාපාරවල කටයුතුවලින්
අලාභ විය හැකිය. ත්‍යාග ආදිය ලැබීමට ඉඩකඩ ඇති දිනයකි. ආගම දහමට සම්බන්ධ කටයුත්තක්
වෙනුවෙන් සැලසුමක් සකස් කෙරේ. දරුවන්ගේ කටයුතුවල දී වෙනදාට වඩා වෙහෙසකර බවක් ඇති
කරවන දිනයකි. දෙපතුල් ආශ්‍රිත වේදනා මතු කරයි. රැකියා කටයුතු වෙනුවෙන් දුර බැහැර
ගමන් හෝ වෙහෙසකාරීව කටයුතු කිරීමට වේ. ජය වර්ණය - නිල්,
ජය අංකය - 05,
ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.
මිථුන
තමාගේ
උපදෙස් නොතකා වැඩ කිරීම නිසා දරුවකු අපහසුතාවයට පත් වේ. සහෝදරයකුගේ කටයුත්තක්
වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට වේ. තමා අතින් ලිපි කටයුතු කිහිපයක් වනු ඇත. අධ්‍යාපනය
ලබන දරුවන්ට සුබදායක දිනයකි. අක්ෂි ආබාධවලින් ප්‍රවේශම් වන්න. දැඩි සේ විශ්වාස කළ
පුද්ගලයකු නිසා අද දිනයේ ඔබ අපහසුතාවයට පත්විය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න.
තීරණ ගැනීමේ දී දෙවරක් සිතා බැලිය යුතු දිනයකි. ජය වර්ණය - කොළ,
ජය අංකය - 05,
වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
කටක
රැකියා
ස්ථානවල වෙනදා නොමැති ප්‍රබෝධයකින් කටයුතු කළ හැකිය. දූ දරුවන්ගේ අධ්‍යාපන
කටයුතුවලින් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ළඟා කරයි. මංගල කටයුතු සඳහා අද දිනය
සුබදායක නැත. වංචාවලට හසු වීමට ඉඩකඩ පවතී. ආගමික කටයුතු සඳහා වැඩි නැඹුරුවක් ඇති
කරවන දිනයකි. ලාභ බලාපොරොත්තුව කරන කටයුතුවලින් ලාභ නොලබයි. දණහිස් ආබාධ ආදිය
මතුකර විය හැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට,
ජය අංකය - 02, උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
සිංහ
යාන
වාහන කටයුතුවල නිරත අයගේ ලාභ තත්ත්වයන් වැඩි කරවයි. උදරාබාධ හා දණහිස් ආබාධ ආශ්‍රිත
වේදනාකාරී තත්ත්වයන් නිසා ඔබ අපහසුතාවයට පත් කරවයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ
මතක ශක්තිය දුර්වල කරවයි. අද දිනය ඔබට
නොසිතූ යහපත් දේ ළඟා කරවන දිනයකි. විනෝද චාරිකා ආදියට ආරාධනා ලැබිය හැකිය. හදිසි
ධන ලාභ ආදිය ඇති කරවන නිසා ලොතරැයි වාසනාව උරගා බැලීම යහපත්ය. ජය වර්ණය - රතු,
ජය අංක - 01,
කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
කන්‍යා
රැකියාවේ
කටයුතුවල දී මුදල් සම්බන්ධ දේ නිසා අපහසුතාවට පත්විය හැකිය. කල්පනාකාරී වන්න.
දිනයේ සවස් කාලයේ දී අසහනකාරී සිතිවිලිවලින් ඈත්ව ප්‍රබෝධවත් මනසකින් කටයුතු කළ
හැකිය. තමා බලාපොරොත්තු නොවූ ත්‍යාගයක් ඔබට ලැබිය හැකිය. යුග දිවි කටයුතුවල දී
ආවේගශීලී නොවීමට කල්පනාකාරීවන්න. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. සහෝදරයකුගේ
කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට වන දිනයකි. ජය වර්ණය - කොළ, ජය අංකය -
05, සතෙක් නිදහස්
කිරීමට ආධාර කරන්න.
තුලා
නිවසට
තමා බලාපොරොත්තු නොවූ ප්‍රභූ පුද්ගලයෙකු පැමිණීම වේ. වෙහෙසකර දුර බැහැර ගමන් නිසා
කාලය ශ්‍රමය මෙන්ම ධනය ද වැය කරයි. හිසේ අමාරු ගති මතු කරවිය හැකිය. නව
නිර්මාණකරණයේ යෙදෙන අයට අද ඉතා සුබදායක
දිනයකි. බලාපොරොත්තුව සිටි අයකුගෙන් තමාගේ මනසේ සතුටුට හේතුවන කරුණක් අසන්නට ලැබේ.
වැඩිහිටි අයකුගේ කටයුත්තක් වෙනුවෙන් රෝහල් සම්බන්ධ කටයුත්තක නිරත වේ. ජය වර්ණය -
නිල්, ජය අංකය - 06, මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
වෘශ්චික
කලා
කටයුතුවල නිරත අයගේ ආදායම් තත්ත්වය වර්ධනය කරයි. නිවසේ වටිනා බඩු බාහිර ආදිය
අස්ථානගත වීමේ අවදානමක් ඇත. කල්පනාකාරී වන්න. රැකියා කටයුතුවල නිරත අයට සතුටින් එම
කටයුතු කරගත හැකිය. නව රැකියා බලාපොරොත්තු වන අයට ද සුබදායක දිනයකි. වැඩිහිටියන්ගේ
ආශිර්වාද ප්‍රේම සබඳතා සඳහා ලබාගත හැකිය. විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ පැතුම්
ඉටු වේ. යුග ජීවිතය සාමකාමී වේ. ජය වර්ණය - රතු,
ජය අංකය - 09,
උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
ධනු
තැන්පත්
ධනය ආදිය නිකරුණේ වියදම් වීමට කරුණු යෙදීම නිසා කල්පනාකාරී වන්න. ඔබ බලාපොරොත්තු
නොවූ අයෙකුගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබෙනු ඇත. එය ඔබගේ රැකියාව සම්බන්ධයෙන් සුභ
ආරංචියක් වේ. දණහිස් ආබාධ ආදිය මතුකර විය හැකි දිනයකි. අධිෂ්ඨානයෙන් සහ උත්සාහයෙන්
ජීවිතයේ එදිනෙදා කටයුතු සාර්ථක කර ගන්නා දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ
බලාපොරොත්තු සඵල කරවයි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ධාන්‍යාහාර හෝ තෙල් දන්
දෙන්න.
මකර
නිවසේ
කටයුතුවලින් යම් වෙහෙසකාරී බවක් ඇති කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවලින් වෙනදාට වඩා
ප්‍රගතියක් අත් කරගත හැකිය. කාලත්‍ර පාර්ශවයේ අසනීපයක් පිළිබඳ පෙන්නුම් කරයි.
විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. නව මිතුරු සබඳතා කිහිපයක්
ගොඩනැඟේ. ඔබ දැඩිව තැබූ විශ්වාසය නිසා යම් පසුතැවීම් ද ඇති කරයි. එබැවින්
කල්පනාකාරීව දෛනික කටයුතු සිදු කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -
08, බණ පොතක් පූජා
කරන්න.
කුම්භ
අධ්‍යාපනය
ලබන දූ දරුවන්ගේ කටයුතු සඳහා එතරම් සුබදායක දිනයක් නොවේ. තම වටිනා බඩුබාහිර ආදිය
ප්‍රවේශම් කරගත යුතු දිනයකි. නිවාස ඉඩකඩම් ආදී ව්‍යාපාරවල නිරත අයට ලාබ ඇති කරයි.
පපුව ආශ්‍රිත වේදනාකාරී තත්වයන්වලින් අද දවසේ ඔබ පීඩාවට පත් කරවයි. කලක් අත පසුව
තිබූ කාර්යයක් නිම කර ගැනීමට අද දිනයේ අවස්ථාව උදා වේ. යුග ජීවිතය තුළ ඔබ
බලාපොරොත්තුවන සාමය සතුට හා සෙනෙහස පිරී යයි. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06, ගලා යන ජලයට බුලත් දමන්න.
මීන
සහකාර
සබඳතා සඳහා සුබදායක දිනයක් නොවේ. වචන හුවමාරු ආදිය විය හැකිය. රජයේ දඬුවම් ආදිය
විය හැකි නිසා රථ වාහන ධාවනයේ දී කල්පනාකාරී වන්න. කලකින් හමු නොවූ මිතුරකු ඔබ
සොයා පැමිණෙනු ඇත. දවසේ වැඩකටයුතු අලස බවකින් යුතුව වන දිනයකි. තැන්පත් ධනය පිළිබඳ
ගැටලු සහගත තත්ත්වයක් මතු කරවයි. උදරයේ පහළ කොටස ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයක් මතු
කරවයි. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03, කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය
වර්ග පූජා කරන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: