
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-18
අද දවස ඔබට
2020 දෙසැම්බර් මස 18 වන සිකුරාදා
ඉර උදාව - පෙරවරු 06.17 ට
ඉර බැසීම -
පස්වරු 18.00
රාහු කාලය
දිවා 10.17
සිට 12.16 දක්වා
රාත්‍රී 22.17
සිට 00.16 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන
මේෂ
යහපත් මිතුරු සබඳතා සඳහා සුබදායක දිනයක් වේ. ආගමික
භක්තිය ඈත් කරවා තම සිතුවිලි අයහපත් දේ සඳහා යොමුවිය හැකිය. දණහිස් ආශ්‍රිත
ආබාධකාරී තත්ත්වයන් පෙන්නුම් කරයි. ආහාර පිළිබඳව ද කල්පනාකාරී වන්න. තම ගෞරවයට,
කීර්ති නාමයට හානි කරන දේ අද දිනයේ සිදුවිය හැකිය. ලෞකික ආශාවන්
පිළිබඳ කටයුතු කිරීම නිසා අද දිනයේ ගැටලු මතු කරයි. කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ
ලැබිය හැකිය. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය
වර්ණය - රතු, ජය
අංකය -
09
වෘෂභ
තම ආදායම් මාර්ගවල යම් වෙනස්කම් කිරීමට වන දිනයකි.
මිල දී ගැනීම් සහ විකිණීම් යන කරුණු දෙකටම සුබ දිනයක් නොවේ. මිතුරකුගේ පුත්‍රයකු
සම්බන්ධ කටයුත්තකට මැදිහත් වේ. මහජනයා අතර ජනප්‍රියත්වයට හේතු වන කරුණු යෙදේ.
විවාහ සබඳතා ස්ථිර කර ගන්නේ නම් අද දිනයේ දෙවරක් කල්පනා කළ යුතුය. ප්‍රේම සබඳතාවලට
සුබදායක නැත. හවුල් ව්‍යාපාර ගිවිසුම්වල නීතිමය ගැටලු මතු කරයි. එළඟිතෙල්,
මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
රහස් කටයුතු කිහිපයක් ඔබ අතින් අද දිනයේ වනු ඇත.
නිවාස කුලියට දීම් ආදී කටයුතුවල දී කල්පනාකාරී විය යුතුය. කෘෂිකර්මයට අදාළ ආර්ථික
කටයුතුවල ගැටලුකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. හෘදයාබාධ සම්බන්ධ අවදානමක් ඇති
බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. නිවාස, ඉඩකඩම්,
දේපළ සම්බන්ධ කටයුතුවල ගැටලුකාරී තත්ත්වයක් මතු කළ හැකිය. මවු
පාර්ශ්වයේ ඥාතීන්ට අසුබදායී දිනයකි. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට
ජලය ඉසින්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
තම වචනය නිසා ගැටලුකාරී දේ විය හැකිය. කල්පනාකාරීව
වචන හසුරුවන්න. ආගමික ලියකියවිලි සම්බන්ධව කටයුතු කිහිපයකට මැදිහත් වීමට වේ. ඇස්
ආබාධ මතු කරවිය හැකි දිනයකි. පවුල් සබඳතා සඳහා අද දිනය ශුභ දායක නැත. තැන්පත් ධනය
වැය කරවා අත මාරුවක් ඉල්ලා ගැනීමට ද විය හැකිය. කාලත්‍රයාට අසනීප ගති පෙන්වයි. බාල
සහෝදරයකු වෙනුවෙන් මුදල් වැය කිරීමක් ද සිදු වේ. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට
පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය
අංකය - 02
සිංහ
තමා ප්‍රිය කරන අයකුගේ හමුවක් අද දිනයේ බලාපොරොත්තු
විය හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ඈත්ව සිටීම අද දිනයේ සුබදායකය. හවුල්
ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නන්ට සුබදායක දිනයක් නොවේ. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ
තත්ත්වයක් මතු කරවනු ඇත. හදිසි අනතුරු ආදියෙන් අද දිනයේ ප්‍රවේශම් විය යුතුය. ණය
ගැනීම්,
ණය දීම් වැනි කරුණුවල දී දෙවරක් කල්පනා කළ යුතු වේ. කැකුළු
සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණෙනු ඇත. නව
සබඳතා ගොඩ නැඟීමේ දී ඉතා කල්පනාකාරී විය යුතුය. මංමුලාවීම් සිදුවිය හැකි දිනයකි.
යහපත් දරු උපත් සඳහා අද දිනය සුබදායක නැත. දරුවන් බලාපොරොත්තුව සිටින අය අද දිනයේ
කල්පනාකාරී විය යුතුය. ලොතරැයි දිනුම්, සුදු
ආදී කටයුතුවලින් අද දිනයේ ලාභ ඇති කරවයි. කොටස් වෙළඳපොළ කටයුතුවල අර්බුද මතු කරවිය
හැකිය. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - කොළ, ජය අංකය
- 05
තුලා
තම වටිනා බඩුබාහිර ආදිය අද දිනයේ ප්‍රවේශම් කරගත
යුතු වනු ඇත. මවගේ අසනීප තත්ත්වයන් මතු කරවිය හැකිය. වැඩිමහල් සහෝදරයෙකුගේ
කටයුත්තක් වෙනුවෙන් වෙහෙස වීමට වේ. වළලුකර ආශ්‍රිත වේදනා මතු කරවිය හැකිය. තම
අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමට අද දිනය සුබදායක නොවනු ඇත. සියලු මාර්ගවලින් ලැබෙන
ආදායම්වලට අද දිනය බාධාකාරී විය හැකිය. දේව භක්තිය වැඩි කරවා ඒ පිළිබඳ කටයුතුවලට
පමුණුවයි. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.
ජය වර්ණය - නිල්,
ජය අංකය - 06
වෘශ්චික
බලාපොරොත්තුව සිටි යමක් ළඟා කර ගැනීමට අවස්ථාව
ලැබෙයි. සතුරු කරදර නිසා මෙතෙක් පැවති අවහිරතා අද දිනයේ මඟ හැරෙනු ඇත. තම සේවක
කාරකාදීන් කාර්යක්ෂමව තම සේවය ලබා දෙනු ඇත. මානසික පීඩාවන් අවම කරගෙන දිනය ගත කළ
හැකිය. කුඩා බඩවැලේ හට ගන්නා තුවාල ආදිය දිනයේ සවස් කාලයේ යම් අපහසුතාවක් මතු කරන
බවක් පෙන්වයි. තම මාමා කෙනකු පිළිබඳ සුභදායක ආරංචියක් ලැබෙනු ඇත. කළු තල පරිත්‍යාග
කරන්න. ජය වර්ණය - රතු,
ජය අංකය - 09
ධනු
මවු පාර්ශවයේ කටයුත්තකට වැය පෙන්නුම් කරන දිනයකි.
මවුපස මාමා කෙනකුගේ රැකියාව පිළිබඳ අසුබ ආරංචියක් ලැබීමට පුළුවන. කෙටි ගමන් බිමන්
කිහිපයක් යෙදිය හැකිය. ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. තමා
කරන පර්යේෂණ හා උසස් අධ්‍යාපනයට සම්බන්ධ කටයුතුවලින් බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබේ.
සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. ආගමික සිද්ධස්ථානයකට
හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
ජීවිතය සාමාන්‍ය ව්‍යුහය වෙනස් කරවන දිනයක් බවට අද
පත් වනු ඇත. තම කාර්යක්ෂමභාව වැඩිකර ගැනීම අද දිනයේ වනු ඇත. හදිසි ගමන් කිහිපයක්
යෙදෙනු ඇත. ව්‍යාපාරික කොටස්කරුවන් අතර මතභේද ආදිය මතු කරවිය හැකිය. කල්පනාකාරී
වන්න. තමාගේ ගුණ යහපත්කම අඩු වීමට හේතුවන කරුණු යෙදේ. බොහෝ වෙහෙස මහන්සි වී වැඩ
කිරීමට සිදු වේ. කාලත්‍ර පාර්ශවයේ අසුබතාවක් ද මතු කරවයි. ගණ දෙවිඳුට පුද පූජා හා
සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්, ජය
අංකය - 08
කුම්භ
කාලත්‍ර පාර්ශවයේ අවශ්‍යතාවක් වෙනුවෙන්
කෙටි ගමන් කිහිපයක් යෙදෙන දිනයකි. පවුලේ අයකුගේ දේපළ පිළිබඳ ගැටලු ඇති කරයි.
පොත්පත් ආශ්‍රිත කටයුතුවල නියැළෙන අයට අද දිනය සුබදායක නැත. ආගම දහම පිළිබඳ සිතිවිලිවලින් අද දිනයේ ඔබ ඈත් වෙයි.
උසස් අධ්‍යාපන කටයුතුවල ගැටලු සහිත දේ නිර්මාණය කරයි. පිය පාර්ශවයේ ඥාතීන් සමඟ
ආරවුල් මතු කරවිය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට
ආහාර දිය යුතුය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වනු
ඇත. අන්‍යයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී කල්පනාකාරීව කටයුතු කරන්න. ව්‍යාපාරිකයන්ගේ
ආයතනික වියදම් වැඩි කරවන දිනයකි. දෙපතුල් ආශ්‍රිත ආබාධ තත්ත්වයන් මතු කරවිය හැකිය.
නින්ද පිළිබඳ ගැටලු ඇති කරන දිනයකි. හිතවත් අයකුගේ අසනීපයක් හේතුවෙන් රෝහලකට යෑමට
වේ. මවුපස මාමා කෙනෙකුට අසුබදායක දිනයකි. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: