
අද
දවස ඔබට
2018 සැප්තැම්බර් මස 23 වන ඉරිදා
ඉර උදාව - පෙරවරු
06.00 ට
ඉර බැසීම - පස්වරු 18.06 ට
රාහු කාලය
දිවා 16.31 ට සිට 18.00 දක්වා
රාත්‍රී 04.31 සිට 06.00 දක්වා
සුභ දිශාව -
දකුණ
මරු සිටින දිශාව - උතුර
මේෂ
අද දවස රැකියා කටයුතුවල දියුණුව ඇති වන දිනයක් බැවින් ක්‍රියාශීලිව තම
කටයුතු කරගෙන යයි. ඉදිරියට යෑමේ හැකියාව වැඩිය. සහෝදරයන්ගේ සතුටුදායක ආරංචි ලැබෙන
දිනයකි. කෙටි ගමන් බිමන් යෙදේ. ලේඛන කටයුතුවල යෙදෙන අයට සුභය. යහපත් සිතුවිලි ඇති
කරයි. ආධ්‍යාත්මික වැඩසටහන්වලට වැඩිපුර දායක වේ. ප්‍රේම සබඳතාවලට සුබයි. ගෘහ
ජීවිතය යහපත්ය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය
අංකය -
09
වෘෂභ
උත්සාහයෙන් ජීවිතය ජය ගන්නා දවසකි. භූමිය ආශ්‍රිත රැකියා කරන අයට
යහපත්ය. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. පොත්පත් ප්‍රකාශ කරන්නන් හට යහපත්ය. ඉඩම්
වාහන මිල දී ගන්නා අයට සුබය. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට රාජ්‍ය අංශයෙන් උදව් උපකාර
ලැබේ. රැකියා කටයුතුවල දී ගැටලු ප්‍රශ්න ඇතිවන දිනයකි. විදෙස් ගමන් සඳහා යහපත්
දිනයකි. ඔබට අද දිනයේ මුත්‍රාශය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකිය. සුදු පැහැයට හුරු
වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
උද්‍යෝගයෙන් දවස ආරම්භ කරයි. රැකියා කටයුතු සාර්ථක වේ. රාජ්‍ය අනුග්‍රහය
ලැබේ. උසස්වීම්වලට නව පත්වීම්වලට සුබයි. අද දින කෙටි ගමන් බිමන් යෙදේ. තැන්පත්
ධනයේ අඩුවීමක් පෙන්වයි. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. අධ්‍යාපන කටයුතුවලට යහපත්
දිනයකි. ගෘහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න ඇතිවිය හැකිය. ආදර සබඳතාවලට යහපත් දිනයකි.
උෂ්ණාධික රෝග ඇතිවිය හැකිය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය -
05
කටක
රැකියා කටයුතුවලට යහපත් දවසකි. වගා කටයුතු කරන අයට යහපත් ප්‍රතිඵල
ලැබේ. අන් අයගේ සිත් වසඟ කරන විදිහේ කතාවක් ඇති වේ. ගෘහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න ඇති
වේ. වැයපස ඉහළ යයි. පියාට අයහපත්ය. අද දවසේ සතුරන් ප්‍රබල විය හැකිය. අධ්‍යාපන
කටයුතු සාර්ථක වේ. ශරීර සෞඛ්‍ය ගැන වඩාත් ප්‍රවේසම්වන්න. දණහිස් රෝග, මුත්‍රා ආබාධ වැනි රෝගාබාධ ඇතිවිය හැකිය. කහ සුදු
වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය
අංකය - 02
සිංහ
ආදායම් තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබේ. ඉදිරියට යෑමේ ශක්තිය වැඩි
දවසකි. දීර්ඝ ගමන් බිමන් යෙදේ. පියාගේ දේපළවලට උරුමකම් කීමට හැකි දවසකි. රැකියා
කටයුතුවල දියුණුව ඇති වේ. රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි. අධ්‍යාපන කටයුතුවල ගැටලු, ප්‍රශ්න පැන නැඟී. සහෝදරයන්ට අපල ඇති වේ. ආධ්‍යාත්මික
කටයුතුවලට සහභාගී වීම ශුභයි. මුත්‍රාශය, උදරය ආදී ස්ථානවල
රෝගාබාධ ඇති වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
රැකියාවේ නව දියුණුවක් ඇති වන දවසකි. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ.
රාජ්‍ය අංශයේ රැකියාවල නියුතු අයට උසස්වීම් ලැබේ. බැංකු කටයුතු, මූල්‍ය කටයුතු ආදියට සුබ දවසකි. අධ්‍යාපන කටයුතුවල
දියුණුව ඇති වේ. මවට අයහපත් දවසකි. ගෘහ ජීවිතය සාමකාමීව ගලා ගෙන යයි. මිත්‍රයන්
නිසා පාඩු කරදර සිදු වීමට නියමිතය. වළලුකර ආදියෙන් පීඩා ඇති වේ. රසවත් ආහාරපාන
ආදිය භුක්ති විඳීමට ලැබෙයි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
අද දවස ඔබේ කතාවට අමුතු බලයක් ලැබෙයි. අන් අය ඔබේ වචනයට අවනත වීමක්
සිදුවෙයි. ඔබේ රැකියාවේ කටයුතු සාර්ථක කරගෙන යෑමට හැකි වේ. නිෂ්ඵල ගමන් යෙදේ.
සහෝදරයන්ට අපල ගෙන දෙයි. යාන වාහන ඉඩම් මිල දී ගන්නා අයට යහපත්ය. මවට සුබ දවසකි.
මවගේ උරුමයන් ලැබේ. සිතේ සැනසීම ඇතිවන දවසකි. අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. ජලය ආශ්‍රිත
අනතුරු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය
- නිල්, ජය අංකය
- 06
වෘශ්චික
මනා හික්මීමෙන් කටයුතු කරන දිනයකි. ලිපි ගනුදෙනු සන්නිවේදන කටයුතුවලට
යහපත්ය. අද දිනයේ ඉදිරියට යෑමේ ශක්තිය වැඩිය. නිෂ්ඵල ගමන් බිමන් යෙදේ. ජලය ආශ්‍රිත
රැකියාවල නියුතු අයට යහපත්ය. චෙක්පත් ආදී මූල්‍ය කටයුතුවලට බාධා ඇති වේ. නීති
විරෝධී ලෙස මුදල් ඉපයීමට සිතයි. ගෘහ ජීවිතයේ ගැටලුකාරී ප්‍රශ්න පැන නැඟේ. අධ්‍යාපන
කටයුතුවලට බාධාවන් ඇති වේ. හදිසි අනතුරු සිදුවිය හැකිය. පංච වර්ණ මල් පූජා කරන්න.
ජය වර්ණය - රතු,
ජය අංකය - 09
ධනු
අන්‍යයන්ගේ සැප පහසුව වෙනුවෙන් වැඩ කරන දිනයකි. කතාවේ දැඩි බවක්
ඇතිවිය හැකිය. උරුමයන් ලැබීමට යහපත්
දවසකි. ආධ්‍යාත්මික වැඩ සටහන්වලට වැඩිපුර කාලය කැප කරයි. ගෘහ ජීවිතය යහපත්ය.
වෙළෙඳාම්වල නියුතු අයට වැඩි වාසි අත් වේ. පොත්පත් අලෙවි කරන්නන්, පොත්පත් ප්‍රකාශ කරන්නන්, ලේඛන කලාවේ නියුතු අයට අද දිනයේ යහපත් වේ. මුත්‍රාශය සම්බන්ධ රෝගාබාධ,
අර්ශස් අමාරු සෑදිය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය -
රන්වන්, ජය අංකය
- 03
මකර
ආත්ම විශ්වාසයෙන් ශක්තියෙන් ජීවිතය ජය ගන්නා දවසකි. ඉඩම් වාහන මිල දී
ගන්නා අයට සුබය. ලේ ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබේ. රාජ්‍ය අංශයේ රැකියා කරන අයගේ
උසස්වීම් හා නව පත්වීම්වලට කරදර බාධා ඇතිවිය හැකිය. ජලය ආශ්‍රිත කටයුතුවලින් හානි
සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ආදායම් තත්ත්වය යහපත් වේ. අධ්‍යාපන කටයුතුවලට
බාධා ඇතිවිය හැකිය. හෘදය ආශ්‍රිත ලෙඩ රෝග ඇතිවිය හැකිය. කහපාට වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
පවුලේ සමඟිය දියුණුව ඇතිවන දිනයකි. කම්කරුවන්ට යහපත් දවසකි. පොදු සේවා
කටයුතු සාර්ථක වේ. මව් පාර්ශවයේ ඥාති සබඳතා තර වන දිනයකි. හවුල් ව්‍යාපාරවලින් ලාභ
ඇති කරයි. ආගමික කටයුතුවලට නැඹුරු වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති විය හැකිය.
මිතුරකුගේ හමුවීමක් සිදු වේ. මිල දී ගැනීම් විකිණීම්වලට යහපත් දිනයකි. බඩවැල් ආබාධ
ඇතිවිය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
වෘත්තීයමය වශයෙන් සාර්ථක දවසකි. වෙළෙඳ ගිවිසුම්වලින් වාසි අත්වේ.
නිවාස ඉඩම් යාන වාහන මිල දී ගන්නා අයට යහපත් වේ. මව්පස ඥාතීන්ගෙන් උදව් උපකාර
ලැබේ. පොත්පත් අලෙවි කරන අයට පොත් ප්‍රකාශකයන්ට සුබයි. තමන් භාර ගත් දෑ හොඳින් නිම
කර ගැනීමට හැකි දිනයකි. අධ්‍යාපන කටයුතුවලට අයහපත්ය. නඩුහබවලින් ජය ගැනීමට හැකිය.
අක්මාගත හා උදරාබාධ වැනි රෝගවලවලින් ප්‍රවේසම් වන්න. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,
ජය අංකය - 03
|sinhala baby names|sinhala baby names 2019|sinhala baby
names list|sinhala baby names list with meaning|sinhala baby names arisen
ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book
2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with
meaning|sinhala baby names and meanings|sinhala baby boy names with
meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala
baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names
2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala
baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby
names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu
boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h
baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase
lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna
palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna
palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya
tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august
2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu
kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday
2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu
kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya
monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu
kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya
sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu
kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019
july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: