Ada dawase lagna palapala 2018-09-26 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 සැප්තැම්බර් මස 26 වන බදාදා
ඉර උදාව   - පෙරවරු 05.59
ඉර බැසීම  - පස්වරු 18.04
රාහු කාලය
දිවා 12.00 සිට 13.30 දක්වා
රාත්‍රී 00.00 සිට 01.30 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව  - නිරිත
මේෂ
අද දවස තුළ වෙනදාට වඩා උද්යෝගයෙන් තම වැඩ කටයුතු කළ හැකිය. ආදායම් ලැබීමේ තිබූ ගැටලු නැති වේ. තම මතයට අන්‍යයන් ගරු කිරීම හේතුවෙන් සිතේ සතුට වැඩි වේ. අවිවාහක අයට විවාහ යෝජනා ඉදිරිපත් වන දිනයකි. රාජ්‍ය අංශයෙන් උපකාර ලැබේ. දුර බැහැර ගමන් යෙදෙන දිනයකි. කාර්මික ක්ෂේත්‍රයේ රැකියා කරන අයට යහපත්ය. නිරෝගීව සිටීමට හැකි දිනයක් නිසා අද දවස සුබදායී වේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ 
සංචාර කිරීමට ආරාධනා ලැබෙන දිනයකි. තම පියාගෙන් දියුණුවට උපකාර ලැබෙන නිසා ආර්ථික දියුණුවක් ඇති වේ. වාහන ලාභ ලැබීමට ඉඩ ඇත. විවාහ ජීවිත ගත කරන අයගේ නැවුම් බලාපොරොත්තු ඉටු වේ. නව මිතුරු සබඳතා ගොඩනැඟීමට සුබ වේ. අන්‍යයන්ට උදව් කරන දිනයක් බැවින් ආගමික කටයුතුවල නිරත වීමට හැකියාවක් ඇත. සෞඛ්‍ය තත්ත්වය තරමක් පිරිහේ. හෘදයාබාධ ආදියට වැඩි ඉඩක් පවතී. ප්‍රවේසම්වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
මානසික වේදනා දැනෙන දිනයක් වේ. සතුරු කරදර ඇති වේ. මේ නිසා තමා යන ගමන් බිමන් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. නීති මාර්ග ගැටලුවලට ලක්වීමට ඉඩ ඇත. හදිසි අනතුරු ආදිය ඇති වීමට හැකියාව ඇත. ගෙදර පරිසරය තුළ තමා ඉවසිලිවන්තව කටයුතු කළ යුතුය. තම වෘත්තිය කටයුතුවලට බාධා ඇති වේ. අකුසල් ක්‍රියා කිරීමට පෙළඹෙන බැවින් තමා සිත පාලනය කරගත යුතුය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
තමාගේ අදහස්වලට අන් අයගේ ගරු කිරීම හේතුවෙන් මෙතෙක් තිබූ බාධා ඉවත් වේ. හවුලේ කරන ව්‍යාපාර වලින් උසස් දියුණුවක් ඇති වේ. විදේශයන්හි ලැබීම්වලට සුභ දිනයකි. තම ඥාතීන්ගෙන් තමාට ආදරය කරුණාව ලැබෙන දිනයකි. විනෝද චාරිකා ආදිය ද යෙදිය හැකිය. යහපත් මිත්‍ර සේවනය නිසා තමාට වාසිදායක තත්ත්වයන් ඇති වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. අද දිනය පවුලේ අය සමඟ සතුටින් කාලය ගත කළ හැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
පියාගේ ඥාතීන් සමඟ ආරවුල් ඇති වීමට ඉඩ ඇති දිනයකි. අකුසල්වලට සිත යොමු වේ. හදිසි අනතුරු ආදියට ඉඩ ඇත. හිතුවක්කාරී ස්වභාවය හේතුවෙන් තමාට ගෘහ ජීවිතය තුළ යම් පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. ප්‍රේම සබඳතාවල ගැටලු ඇති වේ. ගින්දර ආශ්‍රයෙන් කරන ක්‍රියාවලින් ද ප්‍රවේශම් විය යුතුය. දැහැමි සිතෙන් අද දවසේ ක්‍රියා කළහොත් තිබූ ගැටලුකාරී තත්ත්වයන් ඉවත් කර වඩාත් සුබදායී දවසක් කර ගත හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
අධ්‍යාපනය ලබන අයගේ එම තත්ත්වයන් වඩාත් දියුණු වේ. තමා භාර ගත් වැඩ කටයුතු ඉතා සාර්ථකව අවසන් කරගත හැකිය. ආදායම් සුබ තත්ත්වයේ පවතිනු ඇත. කැළෑ ආශ්‍රිත විනෝද චාරිකා යැමට සිත් දේ. සහෝදරයන් සමඟ තිබූ අමනාපකම් දුරු වේ. ක්‍රීඩා කටයුතුවලින් ජයග්‍රහණ ලැබීමට හේතු වේ. වෙනදාට වඩා වැඩ කටයුතුවල දී කඩිසරකමක් වේ. මව් පාර්ශවයෙන් තම වැඩකටයුතුවලට සහයෝගයක් ලබා දේ. අද දවස සුභය. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
නීති ගැටලු ඇති වීමට ඥාතීන් සමඟ වාද විවාද ඇතිවිය හැකිය. එමනිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. සිතේ සැනසීම නැති වේ. ගෘහ ජීවිතය ගැටුම් සහිතයි. සතුරු පීඩා වැඩි වන දවසකි. අධ්‍යාපනයට දුර්වල බවක් ඇති වේ. වියදම් ආදිය ද වැඩි වේ. රථ වාහනවල ගමන් බිමන් යෑමෙන් ප්‍රවේශම්විය යුතුය. පපුව ආශ්‍රිත රෝග ඇති වීමට ඉඩ ඇත. විමසිලිමත්ව සෑම දෙයටම ඉදිරිපත් වුවහොත් අද දවස සුබ කරගත හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න. 
වෘශ්චික
සහෝදරයාගේ උදව් උපකාර ලැබෙන දිනයකි. කරන ව්‍යාපාර ආදියෙහි වැඩි දියුණුවක් ඇති වේ. ප්‍රබෝධයෙන් කල් ගෙවීමට හැකි දිනයකි. ඉංජිනේරු වෘත්තීන්වල යෙදෙන අයට රැකියාවේ උසස්වීම් ලැබේ. ධනය ලැබීමෙන් මෙතෙක් තිබූ ගැටලු විසඳෙන දවසකි. ප්‍රේම සම්බන්ධවලට තිබූ බාධා ඉවත් වී යහපත් දිනයක් වේ. ආගමික භක්තිය ඇති වේ. හිතුවක්කාර ගති ඉවත් වී ගෘහ ජිවිතය ද වාසනාවන්ත වේ. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න. 
ධනු
අන් අය සමඟ සුහදශීලීව කටයුතු කළ හැකි දිනයකි. බැංකු කටයුතුවලින් තමාගේ ධනය වර්ධනය වීමක් පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය සාමකාමී වේ. නව මිතුරු සම්බන්ධතා ගොඩනැඟේ. විදේශ රැකියා ලැබීමට හැකියාව ඇත. කථිකත්වය තුළින් අන් අය තමාට අවනත බවක් ඇති කරගත හැකිය. දත් රෝග සෑදීමට ඉඩ ඇත. ඥාතීන් සමඟ සමඟියෙන් සිටීමට හැකියාව ඇත. අද දවසේ ලාභ බලාපොරොත්තුවෙන් කරන වැඩ සාර්ථක වේ. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
ශරීර සෞඛ්‍ය ඉතා යහපත් වේ. රැකියාවේ ගෞරවනීය තත්ත්වයක් ඇති වේ. ආරක්ෂක අංශවල නියුතු අයට අද දවස සුබදායක වේ. සමාජ කටයුතු සඳහා වැඩිපුර කාලය ශ්‍රමය ධනය වැය කරන දවසකි. යහපත් මිත්‍ර ඇසුර ලැබේ. මෙතෙක් තිබූ කරදර අඩුවන දිනයක් වේ. දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වයන් සාර්ථක වේ. තම සහෝදරයන් සමඟ සහයෝගයෙන් වැඩ කටයුතු කරයි. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. හිසේ රෝග සෑදීමට ඉඩ ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. 
කුම්භ
චිත්ත පීඩා වැඩි දිනයකි. නිර්භීත ක්‍රියාවලට සිත පෙළඹේ. අන් අය සමඟ අදහස් හුවමාරුවේ දී ඉවසිලිමත් විය යුතුය. ආගම දහමට වැඩි නැඹුරුවක් ඇති කරගත යුතු දිනයකි. ගනුදෙනු කිරීමේ දී වංචාවලට අසු විය හැකිය. නව මිතුරු සබඳතා ගොඩ නැගීමේ දී විමසිලිමත් විය යුතුය. හදිසි අනතුරුවලට ලක් වීමට හැකියාව හෝ උෂ්ණාධික රෝග සෑදීමට හැකියාවක් ඇත. ගින්දර ආශ්‍රිත රැකියාවල නියුතු අය අවධානයෙන් නිතර සිටිය යුතුය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
යහපත් මිත්‍ර ඇසුරක් පැවතිය හැකි දිනයකි. සියලු බලාපොරොත්තු ඉෂ්ට වේ. මෙතෙක් රැකියාවේ තිබූ කරදර අඩු බවක් ඇති වේ. සොහොයුරන් වෙනුවෙන් කාලය ගත කරන්නට වේ. විවාහ අපේක්ෂිත අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වේ. අන් අයගේ සිතුම් පැතුම් අවබෝධ කර ගැනීමට හැකියාව ඇත. සියලු අපේක්ෂා මල්ඵල ගැන්වේ. මූල්‍යමය තත්ත්වය යහපත් බැවින් ගෘහ ජීවිතය හා පවුල් පරිසරය තුළ සමඟිය වඩාත් වර්ධනය වන දවසකි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3

No comments:

Powered by Blogger.