Ada dawase lagna palapala 2018-09-30 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 සැප්තැම්බර් මස 30 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 05.59 
ඉර බැසීම  - පස්වරු 18.02
රාහු කාලය
දිවා 16.30 ට සිට 18.00 දක්වා
රාත්‍රී 04.30 සිට 06.00 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර
මේෂ
ව්‍යාපාර කිරීමේ දී ඔබට පාඩු විය හැකි වේ. ආදර සබඳතාවල දී බාධා වේ. අන් අය සමඟ කටයුතු කිරීමේ දී තම මතය අනුව ක්‍රියා කිරීමේ දී කරදර ඇතිවිය හැකිය. කෙටි ගමන් යෙදෙන දවසක් වේ. ඉගෙනීමේ කටයුතුවලට අලසකමක් දැනේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවනු ඇත. එමඟින් තිබූ අසහනකාරී තත්ත්වය වැඩිවන දවසකි. සුරතල් සතුන්ගෙන් ප්‍රවේසම්වන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
තමාගේ ජීවිතය සම්බන්ධව සියලු කටයුතු වඩාත් සාර්ථක වේ. සිතේ සැනසීම ඇති වේ. විවිධ උත්සවවලට සහභාගී වීමට හැකියාව ඇති වේ. අලංකාර නිවාස ලැබීම් ඇති වේ. සංගීතයට වැඩි නැඹුරුතාවක් දක්වයි. එම අංශයෙන් අධ්‍යාපනය කරන ශිෂ්‍යයන්ට උසස් ප්‍රතිඵල ලැබෙන දවසකි. ආදායම් තත්ත්වය යහපත් වේ. උද්යෝගයෙන් හා සතුටින් දවස ගත වේ. කෙටි ගමන් බිමන් යෙදිය හැකිය. මවගෙන් බොහෝ උපකාර ලැබෙයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන 
සහෝදරයන් සමඟ විනෝද චාරිකා ආදිය යෙදේ. ප්‍රේම සබඳතා ගොඩනැඟේ. වාහන ආදී දේවල් මිල දී ගැනීමට හැකියාව ඇති දිනයකි. පවුලේ ප්‍රීතිය වර්ධනය වන දිනයකි. අන් අයගේ රැකියාව කරගෙන යෑමට උදවු ලැබෙන දිනයකි. පවුලේ ප්‍රීතිය වර්ධනය වන දිනයකි. සෑම කටයුත්තකදීම බුද්ධිමත් තීරණ ගැනීම හේතුවෙන් තමාට තිබූ කරදර අඩු වේ. අසල්වැසියන් සමඟ සුහදශීලීව ගත කරයි. සහෝදරියකගෙන් සුභ ආරංචියක් ලැබීමට ඉඩ ඇත. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
පවුල් ආරවුල් ඇතිවිය හැකි දිනයකි. ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ. ප්‍රේම සබඳතාවලට බාධා ඇති වේ. තම උරුමයෙන් ලැබෙන දේවලට ගැටලු ඇති වේ. පවුලේ අසමඟිය හේතුවෙන් කටයුතුවලට බාධා ඇති වන දිනයක් වේ. උගුර ආශ්‍රිත රෝග ඇති වන දිනයක් වේ. ජලය ආශ්‍රිත ළිං, වැව්, පොකුණු ආදියෙහි නෑමෙන් ආරක්ෂාකාරී විය යුතුය. මවගේ පාර්ශ්වයෙන් උපකාර ඉල්ලීමට පෙළඹෙන දවසක් වේ. දරුවන් පිළිබඳ සුබදායී බවක් ඇති වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
තම ගරුත්වය අන් අයගේ විවේචන ඇති වේ. රැකියාව කිරීමේ දී ගැටලු තත්ත්වයක් ඇති වේ. අවංකත්වය අඩුවන නිසා පාඩු වේ. මවු පාර්ශවයේ උදවු ලැබෙන දිනයකි. ආඩම්බරකාරී ගති මතු වීමෙන් ප්‍රේම සබඳතාවලට බාධා ඇති වේ. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වීම මත හිතට සහනයක් දැනේ. විවාහ දිවියේ සෞභාග්‍යවත් බව අඩු වේ. ඇස්වල ආබාධ ඇති වීමට හැකියාව ඇත. ආගමික කටයුතු කෙරෙහි සිත් යොමු කිරීම වැදගත් වේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
පවුලේ ප්‍රීතිය අහිමි වන දිනයකි. ඥාතීන්ගෙන් විරුද්ධකම් ඇති වේ. නින්දට බාධා ඇතිවිය හැක. නිතර සැකයෙන් කල් ගත කරන දිනයකි. වියදම් තත්ත්වය ඉහළ යයි. වංචාවලට හසුවීමට ඉඩ ඇත. ගෘහ ජීවිතය අවබෝධයෙන් ගත කළ යුතුය. තමාගේ සකසුරුවම්භාවය අඩු වේ. අන් අය සමඟ ගනුදෙනු කිරීමේ දී බොහෝ කල්පනාකාරී විය යුතු දවසකි. නීති මාර්ගික කටයුතුවලට යොමු වීමට ඇති බැවින් කල්පනාකාරී විය යුතුය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
සියලුම සුභ ප්‍රාර්ථනා ඉෂ්ට වන දිනයකි. මෙතෙක් තිබූ  ගැටලුවලට විසඳුම් ලැබෙන දිනයකි. විවාහ ජීවිතයට සෞභාග්‍යමත් කාලයක් උදා වේ. ආභරණ අලංකාර ඇඳුම් පැළඳුම් ආදිය ලැබීමට අද දවසේ හැකියාව ලැබේ. පවුලේ ප්‍රීතිය වඩාත් වර්ධනය වේ. රැකියාවේ උසස් වීමක් ඇති දිනයකි. සියලුම මාර්ගවලින් ආදායම් තත්ත්වය වැඩි වේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. පිය පාර්ශ්වයෙන් උරුමකම් ලැබේ. ඉතා සුබ දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.
වෘශ්චික
රාජ්‍ය අංශවලින් රැකියා කටයුතුවලට උදවු ලැබේ. රූපලාවණ්‍ය ආයතන පවත්වන අයට සුබයි. අන්‍යයන්ට ප්‍රියශීලී බව නිසා සමාජයෙන් පැසසුම ලැබේ. කලාකාමී සිතිවිලි ඇති වන දවසක් වේ. රඟපෑම් ආදියෙහි යෙදෙන අයට සම්මාන ආදිය ලැබීමට ඉඩ ඇති දිනයකි. නව මිතුරු සබඳතා ගොඩනැඟේ. රැකියාවේ දියුණුවක් සේම හදිසි ධන වාසනා ලැබෙන දිනයකි. පීනස ආදි රෝග මතුවිය හැකිය. දරුවන්ගේ අධ්‍යාපනයට සුබයි. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
ආගම දහම තුළ නිරන්තරයෙන් කටයුතු කරන දිනයකි. උසස් අධ්‍යාපනය හැදෑරීමට පිටරට සංචාරක කටයුතු හිමි දිනයකි. අලංකාර දේවල් නැරඹීම සඳහා පවුලේ අය සමඟ ක්‍රියා කරන දවසකි. ව්‍යාපාරවලින් ලාභ වේ. මවගේ අසනීප නිසා තරමක් කාලය වැය වේ. බිරියගේ පාර්ශ්වයෙන් උදවු ලැබෙන දිනයකි. රක්ත වාත වේදනා ආදී රෝග සෑදීමට ඉඩ ඇත. දුර දක්නා නුවණ නිසා බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව ඇත. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
දවසේ සිතට අසතුටුදායී ආරංචියක් ලැබීමට ඉඩ ඇත. ප්‍රීතිය අහිමි වේ. ආර්ථික කටයුතුවලට බාධා ඇති වේ. අනතුරු ආදිය සිදුවීමට ඉඩ ඇත. සහෝදරයන්ගේ කටයුතුවලට බාධා මතු වේ. සතුරු කරදර ඇතිවන නිසා මුදල් ගනුදෙනුවල දී ප්‍රවේශම් විය යුතුය. පිත්තාශයේ ආබාධ අවධානයෙන් සිටිය යුතුය. විනෝද චාරිකා යෑමේ දී දිය ආශ්‍රිත නෑමෙන් විමසිලිමත් විය යුතුය. අධ්‍යාපන කටයුතු ආදියේ දී ජයග්‍රහණය ලබාගත හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
විවාහ ජීවිතය සෞභාග්‍යවත් වේ. ප්‍රේම සබඳතාවලට තිබූ ගැටලු විසඳේ. අන් අයගේ මතයට ගරු කරන ස්වභාවයක් ඇත. ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කෙරේ. දරුවන් අතර ද සාමකාමී බව වැඩි වේ. පවුලේ අය සමඟ ප්‍රීති උත්සවවලට යෑමට අවස්ථා උදා වේ. වැඩිහිටියන්ට ගෞරව කිරීම තුළින් යහපත් සබඳතාවක් ගොඩනැඟේ. හිත මිත්‍රාදීන් සමඟ විනෝදයෙන් ගත කිරීමට හැකියාව ඇති දිනයකි. විදේශ රටවලින් උපකාර ලැබේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
සතුරු කරදර අඩු ප්‍රීතිමත් දිනයකි. මෙතෙක් කර ආ වැඩවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේ. වැඩිහිටියන්ට උපස්ථාන කිරීමට සිත් දෙන දවසක් වේ. තම සහෝදරයන් රැකියා දියුණුවට උපකාර කරයි. දරුවන්ගේ මුදල් තත්ත්වය යහපත්ය. සුරතල් සතුන්ගෙන් ප්‍රවේසම් විය යුතු දිනයකි. කෙටි ගමන් බහුල දිනයක් ද වේ. දණහිස් ආශ්‍රිත රෝග ඇති වීමට ඉඩ ඇති බැවින් සැලකිලිමත් විය යුතුය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
 

No comments:

Powered by Blogger.