Ada dawase lagna palapala 2018-10-01 | අද දිනට පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 01 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 05.59
ඉර බැසීම - පස්වරු 18.01
රාහු කාලය
දිවා 07.30 සිට 09.00 දක්වා
රාත්‍රී 19.30 සිට 21.00 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
සිත් ඇදගන්නා කතාවෙන් හා ක්‍රියාශීලී කඩිසර ක්‍රියාකාරකම් නිසා අන් අයගේ සිත් දිනා ගනී. ලේඛන කලාවේ නිරත අයට උසස්වීම් ලැබේ. සමාජයේ යහපත පිණිස කටයුතු කරයි. පියාගේ සතුට අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කරයි. ගුප්ත විද්‍යාව හා ජෝතිශ්‍යය කෙරෙහි නැඹුරුවක් ඇති වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට සුබදායකය. දණහිස් ආබාධ ආදිය මතුකර විය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
සිතේ මානසික අසහනය හා දුර්වලතාව ඇති වීමට පුළුවන. විමසිලිමත්භාවය අඩු නිසා කරන කියන වැඩවලට බාධා හානි වේ. අන්‍යයන්ගේ මතයට ගරු නොකර තමන්ගේ මතයටම කටයුතු කිරීමට පෙළඹේ. ප්‍රේම සබඳතා ඇති වේ. ආර්ථික තත්ත්වය වරින්වර වෙනස් වීමට පුළුවන. ගිවිසුම් ආදියට අත්සන් තැබීමට අද දිනය සුබදායක නැත. උත්සව අවස්ථාවන් සඳහා සහභාගිවීමට අවස්ථාව සැලසේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
ගේ දොර දේපළවල දියුණුවට බාධා පැමිණේ. මවුපියන් සමඟ අමනාපකම් ඇති වීමට ඉඩ තිබේ. උෂ්ණාධික ගතිය නිසා හිසේ අමාරු වැනි රෝග බලපායි. සහෝදරයන්ගේ කටයුතුවලට සහයෝගය ලබා දෙයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබදායක දිනයකි. සුරතල් සතුන් ආදීන්ගෙන් බාධා පැමිණිය හැකිය. යන එන ගමන් බිමන්වල දී අනතුරු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
රැකියාවෙන් ප්‍රසිද්ධියක් ලැබෙන දිනයකි. ලියකියවිලි හා යන්ත්‍ර සූත්‍රවලට අදාළ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සහෝදරයන්ගේ දියුණුව ඇති වේ. විවේකය අඩු වී නිතර කලබලකාරී ස්වභාවයකින් යුතුව කටයුතු කරයි. ආර්ථික තත්ත්වයෙන් උසස් අය ඇසුරට ලැබෙයි. විවාහ ජීවිතය තුළ සතුටින් සමාදානයෙන් කටයුතු කරයි. සෙම් දෝෂ නිසා කන්වල අමාරු ඇති වීමට ඉඩ තිබේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
ස්ථාන මාරුවීම් හෝ පදිංචි ස්ථානයන්හි වෙනසක් සිදුවීමට ඉඩකඩ ඇත. අන්‍යයන්ට උදවු උපකාර කිරීමට යෑමෙන් තමාට කරදරවලට මුහුණ පෑමට සිදු වේ. නව නිර්මාණ කටයුතුවල නිරත වේ. උසස් අධ්‍යාපන කටයුතු සඳහා උසස් අයගේ උදවු උපකාර ලැබේ. විවාහ ජීවිතයේ සතුට දියුණුව ඇති වේ. ඉඩම් දේපළ ආදිය පිළිබද දියුණුව ඇති වේ. තෙල් සහිත ආහාර අනුභවය නිසා රෝගාබාධයන් ඇතිවිය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
රැකියාවෙන් බලාපොරොත්තු වූ උසස්වීම් නොලැබී යයි. පියාට අපල ගෙන දෙයි. විවාහ ජීවිතේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. අධ්‍යාපන කටයුතුවල උසස් ප්‍රගතියක් පෙන්නුම් කරයි. මිතුරු සබඳතා නිසා ගැටලු ඇතිවිය හැකිය. ජලය ආශ්‍රිත කටයුතුවලින් අනතුරු ඇතිවිය හැකිය. රෝග අවදානමක් ඇති බැවින් කල්පනාකාරී වන්න. විදේශ ගමන් ආදිය ඉල්ලුම් කිරීමට සුබ දිනයක් නොවේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
එඩිතර කඩිසර ඉරියව්වලින් යුක්තව ක්‍රියා කරයි. වාද විවාද සඳහා සහභාගී වීමට අවස්ථා උදා වේ. ප්‍රේම සබඳතා ඇති වේ. ඉඩකඩම් යන්ත්‍ර සූත්‍රවලින් ලාභ ලැබේ. රෝග පීඩා සමනය වේ. මවු පිය උරුම හිමිකම් ලැබේ. රැකියා උසස්වීම් ආදිය ලැබෙන දිනයකි. තම පවුලේ අයගෙන් දෝෂාරෝපණයට ලක්විය හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට බාධාකාරී තත්ත්වයන් පැන නැඟිය හැකිය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
ආත්ම අභිමානයෙන් යුතුව කටයුතු කර කීර්තිය ප්‍රසිද්ධිය ලබා ගනී. නුවණ යොදවා කටයුතු කිරීම තුළින් යහපත් ප්‍රතිඵල උදා වේ. දරුවන්ට රෝග පීඩා ඇති වීමට පුළුවන. ප්‍රේම සබඳතා කඩාකප්පල් වේ. ඉගෙනීමට තරමක් බාධා එල්ල වේ. මවට අපල ගෙන දේ. රැකියා ව්‍යාපාරයන් දියුණුව අඩු විය හැකිය. උෂ්ණාධික රෝගාබාධ ආදියෙන් පීඩා ගෙන දිය හැකි නිසා කල්පනාකාරී වන්න. සතුරු කරදර ඈතට යයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
දුර දිග නොබලා කටයුතු කරයි. ඉගෙනීමේ දක්ෂතාතාව අඩු වේ. ආර්ථික අපහසුතාවලට නිතර නිතර මුහුණ පෑමට සිදු වේ. රැවටිලිවලට හසුවීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. විවාහ ජීවිතයේ ප්‍රශ්න මතු වේ. දරුවන්ගේ දුර්වලතා මතු වේ. උෂ්ණාධික රෝග ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මානසික සහනය සඳහා ආගමික කටයුතුවල නිරත වන්න. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
එඩිතරකම හා කඩිසරකම නිසා ජයග්‍රහණ ඇති වේ. ගේ දොර ඉඩකඩම් ලාභ ලැබෙයි. යහපත් ආර්ථික මාර්ග උදා වේ. සමාජයේ පුද්ගලයන් සමඟ සුහදත්වයෙන් යුතුව ක්‍රියා කරයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නැටුම් ගැයුම් වැනි ශාස්ත්‍රීය අංශවලට නැඹුරුතාවක් දක්වයි.අලුත් යාන වාහන මිල දී ගැනීමට ලැබේ. ආගමික භක්තියෙන් යුතුව කටයුතු කරයි. පපුව ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08 
කුම්භ
දක්ෂ කතාවෙන් සාරවත් අදහස්වලින් යුක්තව කටයුතු කර අන් අයගේ සිත් දිනා ගැනීමට සමත් වේ. නව නිර්මාණ කිරීමට පෙළඹේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගත කරයි. විවාහ ජීවිතයේ සතුට ඇති වේ. ලේඛන කටයුතුවලින් බලාපොරොත්තුවන ප්‍රතිඵල නොලැබී යා හැකිය. කෘමි සතුන්ගෙන් ඇතිවිය හැකි රෝග පීඩා ආදිය අද දිනයේ ඔබව අපහසුතාවයට පත් කරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ඥාති හිත මිතුරන්ට අවශ්‍ය උදවු උපකාර ලබා දේ. ප්‍රේම සබඳතා ආදියට බාධා යෙදීමට පුළුවන. මිල මුදල් ඉඩකඩම් වලින් වාසි තත්ත්වයක් ඇති වේ. විවාහ ජීවිතයේ දියුණුවට කටයුතු යෙදේ. දරුවන්ට අපල අසනීප ඇති වීමට පුළුවන. මවු පාර්ශවයෙන් දේපළ උරුම ලැබෙයි. දත්වල අමාරු සෑදීමට පුළුවන. රථ වාහන ගමනා ගමනයේ දී කල්පනාකාරීවන්න. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුබදායක දිනයක් නොවේ. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


|sinhala baby names|sinhala baby names 2019|sinhala baby names list|sinhala baby names list with meaning|sinhala baby names arisen ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book 2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with meaning|sinhala baby names and meanings|sinhala baby boy names with meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names 2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
 

No comments:

Powered by Blogger.