
අද
දවස ඔබට
2018 ඔක්තෝබර් මස 02 වන
අඟහරුවාදා
ඉර උදාව - පෙරවරු 05.58 ට
ඉර බැසීම - පස්වරු 18.01 ට
රාහු කාලය
දිවා 14.58 සිට 16.27 දක්වා
රාත්‍රී 02:58 සිට 4.27 දක්වා
සුභ දිශාව -
නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර
මේෂ
ලෞකික දේවල් සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වේ. ජීවනෝපාය
මාර්ගවල දුෂ්කරතා මතු වීමට පුළුවනි. නීතිමය වශයෙන් කරදර මතුවීමේ අවදානමක් පවතී.
වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබෙන දිනයකි. නිතරම තම ආධිපත්‍ය පැතිරවීමට උත්සාහ
කරයි. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති කරයි. යන එන ගමන් බිමන් ආදියේ දී ප්‍රවේසම්වන්න.
ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වේ. කරන වැඩ කටයුතු දක්ෂ ලෙස නිම
කරයි. ආගම දහමට ළැදිව කටයුතු කරයි. පියාගේ දේපළ ලැබීම්වලට බාධා පැමිණේ. විනෝද ගමන්
බිමන් ආදිය යෙදේ. සෙම් දෝෂ හේතු කොට ගෙන හිසේ රෝග පීඩා යෙදීමට ඉඩ තිබේ. ජලය ආශ්‍රිත
ක්‍රියාකාරකම්වලට නිරත අයට ප්‍රවේශම් විය යුතුය. රථ වාහන අලෙවියෙන් ලාභ ලැබිය
හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
රහස් සතුරු කුමන්ත්‍රණ සතුරු කරදර නිසා සිතේ බියෙන් කාලය ගත කිරීමට
සිදු වේ. ලේ විසවීම, හදිසි තැළීම් සිදුවීමට ඉඩකඩ
ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මිල මුදල්වලින් ආර්ථික අපහසුතාවලට මුහුණ
පාන්නට සිදු වේ. වියදම් අධික වේ. වගා කටයුතුවලින් සරු අස්වැන්නක් ලබාගත හැකිය.
මැණික් හා පතල් ආශ්‍රිත කටයුතුවලින් පාඩු සිදුවිය හැකිය. හවුල් ගිවිසුම් ආදියට සුබ
නැත. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
ගේදොර කටයුතු පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වයි. විවාහ ජිවිතයේ සමඟියට
බාධා ඇති වේ. දරුවන්ට අපල ගෙන දේ. සහෝදරයන්ගේ දියුණුව වෙනුවෙන් කාලය යොදවයි. සෙම්
දෝෂ නිසා කන්වල අමාරු ඇති වීමට පුළුවනි. පොතපතේ දැනුමට වඩා අත්දැකීමෙන් කටයුතු
කරයි. ප්‍රේම සබඳතාවලට බාධා මතු වේ. මවු පස මාමා කෙනෙකුට අසුභ දිනයකි. ජය වර්ණය -
ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
හිතුවක්කාර ගතියකින් යුක්තව කටයුතු කරයි. මුදල් සම්බන්ධ පැවැති ආරවුල්
හේතුවෙන් මවු පාර්ශවයේ ඥාතීන් සමඟ අමනාපකම් ඇති වෙයි. දේපළ හා ඉඩකඩම් පිළිබඳ
දියුණුවක් ඇති වේ. රථ වාහන අලෙවි සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරීව කටයුතු කරන්න.
හෘදය සම්බන්ධ රෝගී තත්ත්වයන් මතු කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට බාධා
අවහිරතා මතු කරවිය හැකිය. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
යන්ත්‍ර සූත්‍ර පිළිබඳ කටයුතුවල දියුණුවක් ඇති වේ. දරුවන්ට අපල යෙදිය
හැකිය. ඉගෙනීමට දක්ෂ වේ. එඩිතර හා කඩිසර වූ ඉරියව්වලින් යුතුව ක්‍රියා කරන දිනයකි.
බඩ පපුවේ දැවිල්ල, ලේ දෝෂ, සමේ රෝග හට ගැනීමේ අවදානමක් පවතී.
හවුල් ව්‍යාපාරවලින් වැඩි ලාභ ඇති කරන දිනයකි. ගිවිසුම් ආදියට අත්සන් කිරීමට අද
දිනය සුබදායක දිනයකි. ජය වර්ණය - කොළ,
ජය අංකය -05,
ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
රැකියා ස්ථානයේ එඩිතරකම හා ධෛර්යයෙන් යුතුව ක්‍රියා කිරීම නිසා ජයග්‍රහණ
ලැබෙන දිනයකි. ගේදොර දේපළ දියුණුව ඇති වේ. වැඩි දෙනෙකුගේ සිත් දිනා ගනිමින් තම
කටයුතු සාර්ථක කර ගනී. මවුපියන් සමඟ හිතවත්කම් අඩු වීමට ඉඩකඩ ඇති බැවින්
කල්පනාකාරී වන්න. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. අවිවාහක අයට යහපත් විවාහ ස්ථිර
වන දිනයකි. සමාජ සේවා කටයුතුවලින් ඔබ ප්‍රශංසාවට ලක් වේ. ජය වර්ණය - නිල්, ජය අංකය
- 06, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
ප්‍රේම සබඳතා කඩාකප්පල් වී සිත් වේදනාවන් ඇති වීමට පුළුවනි. දරුවන්ට
රෝග පීඩා ඇති වීමට පුළුවනි. නොඉවසිලිවන්තභාවය නිසා හදිසි අනතුරුවලට මුහුණ දීමට
සිදු වේ. ලියකියවිලි කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. සහෝදර සහෝදරියන් අතර හිත්
අමනාපකම් ඇති වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ.
ආහාරපාන විසවීම් නිසා රෝග තත්ත්වයන් ඇති වේ. ජය වර්ණය - රතු, ජය අංකය
- 09, නෙළුම්
මලක් පූජා කරන්න.
ධනු
ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරයි. ක්‍රියාශීලී ලෙස තම කටයුතු
කරගනී. වෙළඳාම්වලින් ලාභ ලැබේ. දුර බැහැර ගමන් බිමන් යෙදේ. විවාහ ජීවිතය පිළිබඳ
අවබෝධයෙන් කටයුතු කරයි. හිත මිතුරන්ගේ ගැටලුවලට මැදිහත් වීමට සිදු වේ. ලොතරැයි
වාසනාව ආදිය උරගා බැලීමට අද දිනය සුබදායකය. දණහිස් ආබාධ මතු කරයි. ජය වර්ණය - රන්වන්, ජය අංකය
- 03, ගුරු
දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
කරදර බාධක අභිබවා ඉදිරියට ගොස් ජයග්‍රහණ ලබා ගනී. ඉගෙනීමේ කටයුතුවල
උනන්දුවෙන් යෙදේ. ප්‍රේම සබඳතාවලට ගැටලු
මතු වේ. ගේදොර ඉඩකඩම් ලැබීමේ වාසනාව ඇති වේ. යහපත් ආර්ථික මාර්ග යෙදේ. හිසේ අමාරු
ඇතිවීමේ ඉඩකඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට
සුබදායකය. ප්‍රේම සබඳතා ආදියෙන් ජය ලබයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
කුම්භ
ශාස්ත්‍රීය දේ කෙරෙහි මෙන්ම සමාජ කටයුතු ද වැඩි කැමැත්තකින් යුතුව ක්‍රියා
කරයි. මිතුරන් අතර කැපී පෙනේ. ඉගෙනීමේ කටයුතු උනන්දුවෙන් කරයි. කලාව සම්බන්ධ
කටයුතු සඳහා මුදල් වැය වේ. ශරීරයේ උෂ්ණාධික රෝග ඇති වීමට හැකි බැවින් ප්‍රවේශමෙන්
කටයුතු කරන්න. විදෙස් ගමන් බලාපොරොත්තුවන අයට සුබදායක ආරංචි ලැබේ. සුරතල්
සතුන්ගෙන් පීඩාකාරී දේ ඇති විය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
මීන
සාධාරණ කාරුණික හැඟීමෙන් යුතුව කටයුතු සිදු කරන දිනයකි. ඉගෙනීමට බාධා
යෙදේ. ඉඩකඩම්, කර්මාන්ත යන්ත්‍ර
සූත්‍ර ආදී අංශවලින් ආදායම් තත්ත්වය ඉහළ යයි. දරුවන්ට අසනීප තත්ත්වයන් ඇති වීමට
පුළුවනි. විවාහ ජිවිතයේ සමඟියට කටයුතු යෙදේ. සහෝදරයන් සමඟ ගැටලු ඇතිකර ගැනීමට
පුළුවනි. ආර්ථික තත්ත්වය දියුණුවක් පවතී. රජයේ දඬුවම් ආදියට ලක් විය හැකිය. රථ
වාහන ධාවනයේ දී කල්පනාකාරී වන්න. ජය වර්ණය - රන්වන්,
ජය අංකය -
03, ගුරු දෙගුරුන්ට වැඳ
දවස අරඹන්න.
|sinhala baby names|sinhala baby names 2019|sinhala baby
names list|sinhala baby names list with meaning|sinhala baby names arisen
ahubudu|sinhala baby names book|sinhala baby names 2020|sinhala baby names book
2019|sinhala baby names with meaning|sinhala baby names 2019 with
meaning|sinhala baby names and meanings|sinhala baby boy names with
meaning|sinhala names for baby boy 2019|sinhala baby names for girl|sinhala
baby names for boy|sinhala names for baby girl 2019|sinhala baby girl names
2019|sinhala baby names meaning|sinhala baby names with meaning 2019|sinhala
baby names with meaning 2019|baby names sri lanka|baby names hindi me|baby
names hindu girl|baby names hannah|baby names husband and wife|baby names hindu
boy malayalam|baby names hindu girl 2019|baby names hispanic|h baby names boy|h
baby names girl|h baby names girl hindu | ada dawase lagna palapala|ada dawase
lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna
palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna
palapala 2022|rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya
tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august
2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu
kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday
2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu
kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya
monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu
kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya
sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu
kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019
july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: