
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-15
අද දවස ඔබට
2020 ජනවාරි මස 15 වන බදාදා
ඉර උදාව - පෙරවරු 06.27 ට
ඉර බැසීම - පස්වරු 18.13
රාහු කාලය
දිවා 12.27 සිට 13.56 දක්වා
රාත්‍රී 00.27 සිට 01.56 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත
මේෂ
මිත්‍රයන් සම්බන්ධ මත ගැටුම් ඇති විය හැකිය. අධ්‍යාපන
කටයුතුවල නිරත දූ දරුවන්ට යහපත් දිනයක් නොවේ. ගැටුම් ඇති කරයි. දරුවන්ට තරමක්
අපලදායක වේ. හවුල් ව්‍යාපාරවලින් පාඩු වේ. ආදර සබඳතාවල ප්‍රශ්න ඇති වීමට හැකි
බැවින් සිහි නුවණින් තීරණ ගත යුතුයි. චරිතයට කැළැල් වීමට කරුණු කාරණා යෙදිය හැකිය.
මවගේ ධනය නිකරුණේ වැය වේ. උදරය ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකිය. ප්‍රවේසම්වන්න. ජය
වර්ණය - රතු, ජය අංකය - 09,
ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.
වෘෂභ
අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති විය හැකිය. ශෝකය දනවන
පුවත් අසන්නට ලැබෙනු ඇත. විදේශගතව සිටින අයගෙන් උදවු උපකාර ලැබීමට හේතුවන දිනයකි.
දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. ඉඩකඩම් පිළිබඳ ආරවුල් ඇති වේ. සිතේ සැනසීම
අඩුවන දිනයකි. කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන්නන්ට පාඩු වේ. පවුල් ජීවිතයේ ගනු ලබන
සමහර තීරණ පිළිබඳ දෙවරක් සිතිය යුතුය. කෘමි හානි ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
මිථුන
රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙනු ඇත.
උෂ්ණ රෝග ආදිය ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. පවුල් ජීවිතයේ ගනු ලබන තීරණ
නිවැරදි වනු ඇත. ඉදිරිපත් වීමේ ගුණය පෙන්නුම් කරයි. ගෞරව,
නම්බු නාම හිමි වන දිනයකි. අන්‍යයන් අතරේ කැපී පෙනෙන ජනප්‍රිය
චරිතයක් බවට පත්වේ. කෘෂිකාර්මික කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. කඩිසර ක්‍රියාශීලි
දිනයකි. අසල්වාසීන් සමඟ සහයෝගය ඇති වේ. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, එළඟිතෙල් හා රතු ඇඳුම්
දුගීන්ට පරිත්‍යාග කරන්න.
කටක
පිය පරපුරට අයත් දේපළ ලාභ හිමි වේ. ස්වර්ණාභරණ ව්‍යාපාරකරුවන්ට
සුබයි. නහර සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. අධ්‍යාපන කටයුතුවල උද්යෝගයක් ඇති වේ.
සුරතල් සතුන් ආදීන්ගෙන් ඇති වන ලෙඩ රෝග ආදිය පිළිබඳ කල්පනාකාරී වන්න. ආදර සබඳතා
ගොඩනැඟේ. විවාහ ජීවිතය සාර්ථක වේ. පොදු සේවාවලට සිත යොමු වේ. රෝගාතුර
තත්ත්වයන්ගෙන් මිදී ශරීර සෞඛ්‍ය යහපත් තත්ත්වයට පත් වේ. නින්දට බාධා ඇති වේ. ජය
වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය
වර්ග පූජා කරන්න.
සිංහ
පුණ්‍ය භූමිවල වැඩි කාලයක් ගත කරයි. දරුවන්ගේ අධ්‍යාපන
කටයුතුවලට වැඩි කාලයක් යොදවයි. සුරතල් සතුන් ආදීන්ගෙන් පීඩා ඇති විය හැකිය. හදිසි
අනතුරුවලින් ප්‍රවේසම්වන්න. අධ්‍යාපන කටයුතුවලට උනන්දුව අඩු වේ. හොඳම මිතුරකු
පිළිබඳ විශ්වාසය බිඳ වැටෙයි. ගේ දොර කටයුතු අඩාල වේ. රෝගාතුර වූවන්ට හදිසි ශල්‍යකර්ම
කිරීමට පුළුවන. ආදර සබඳතාවලට බාධා ඇති වේ. ජය වර්ණය - රතු, ජය අංක - 01, උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට
ආහාර දිය යුතුය.
කන්‍යා
ඉගෙනීමේ කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි.
සහෝදරයන් සම්බන්ධ සුබ ආරංචි අසන්නට ලැබෙයි. විදේශ ගමන් බලාපොරොත්තුව සිටි අයට
යහපත් දිනයකි. යුග දිවි සබඳතා වර්ධනය වේ. අසනීප ආදියෙන් සුවය ලැබෙයි. සහෝදර සබඳතා
වැඩි දියුණු වේ. ක්‍රියාශීලී කටයුතු කරන දිනයකි. ලිපි ලේඛන,
ප්‍රවෘත්ති සම්බන්ධ ක්ෂේත්‍රවල නියුතු අයට යහපත් ප්‍රතිඵල
ලැබෙයි. ශිල්පීය ඥානය වැඩි දියුණු වේ. එවැනි දෑට සහභාගී වේ. ජය වර්ණය - කොළ, ජය අංකය -05, අලුයම අවදිව කිසිවක් පානය
නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
තුලා
මවගේ දේපළ සම්බන්ධ ගැටලු පැන නඟියි. හවුල් කටයුතුවලින්
පාඩු වේ. අර්ශස් අමාරු ඇති විය හැකිය. විරුද්ධ ලිංගික සබඳතාවලට යොමු වීමේ ඉඩකඩ
වැඩිය. සතුරු කරදර ඇති වේ. විවාහ ජීවිතය සම්බන්ධ අවුල් සහගත තත්ත්වයන් පෙන්නුම්
කරයි. ආදර සබඳතා බිඳ වැටෙයි. ගනුදෙනුවලින් පාඩු සිදු වේ. වාද විවාදවලට පැටලීමට
පුළුවන. කල්පනාකාරීව වචන හසුරුවන්න. ජලය ආශ්‍රිත ක්‍රීඩාවල දී ප්‍රවේසම්වන්න. ජය
වර්ණය - නිල්, ජය අංකය - 06, උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
වෘශ්චික
සහෝදරයන් සමඟ ඇතිවන මතභේදවලට එඩිතරව මුහුණ දීමේ
හැකියාව ලැබෙයි. පැවැති අසනීප තත්ත්වයන් සුව අතට හැරේ. පිය පාර්ශ්වයෙන් යහපත්
ආරංචි අසන්නට ලැබෙයි. ආගමික කටයුතුවලට යොමුවන දිනයකි. තරග විභාගවලින් ජය අත්වේ.
මූල්‍ය ආයතනයකින් අපේක්ෂාවෙන් සිටි ණය මුදලක් ලැබීමට හේතු වේ. රැකියාවේ උසස් වීම්
හිමි වේ. ව්‍යාපාරවල මුදල් තත්ත්වය යහපත් වේ. හොඳ හිත වර්ධනය වේ. ජය වර්ණය - රතු, ජය අංකය -09, වියළි ආහාර හා තෙල්
දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
ධනු
අසනීප තත්ත්වයන්ට ගොදුරු වීමට ඉඩකඩ බහුලය.
විමසිලිමත්ව කටයුතු කරන්න. ආදර සබඳතාවලට යහපත් දිනයක් නොවනු ඇත. මත ගැටුම් ඇති විය
හැකිය. කාලත්‍ර සබඳතාවල දී ආවේගයන් පාලනය කරගත යුතු දිනයකි. සතුරු කරදර ඇති විය
හැකි නිසා ප්‍රවේසම් වන්න. අනතුරුවලට ලක්වීමේ ඉඩකඩ ඇත. අධ්‍යාපන කටයුතු පිළිබඳ
තිබූ උද්යෝගය අඩු වේ. පියා සම්බන්ධව වෙහෙසීමට වේ. ජය වර්ණය - රන්වන්, ජය අංකය -03, ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
මකර
නීතිමය කරදර පැමිණිය හැකිය. ආගමික වතාවත්වලට සිත
යොමු කරන්න. දණහිස් හා යටිපතුල් සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. අධ්‍යාපන කටයුතුවලට
එතරම් සුබ දිනයක් නොවේ. විදේශගත වීම් බලාපොරොත්තු වූ අයට බාධා ඇති කරයි. වියදම්
පක්ෂය ඉහළ යා හැකිය. සතුරු කරදර බහුල දිනයකි. පරීක්ෂාකාරීව වැඩ කටයුතු කළ යුතුය.
නීතිමය ගැටළුවලට මුහුණ දීමට සිදු වේ. ස්ථාන මාරුවීම් විය හැකිය. ජය වර්ණය - නිල්,
ජය අංකය -08, බණ පොතක් පූජා කරන්න.
කුම්භ
ආගමික විශ්වාසයන් ගොඩනැඟෙන අතර ඒ සම්බන්ධයෙන් කටයුතුවලට
මැදිහත් වන දිනයකි. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම්
විය යුතුයි. අතමිට සරු වේ. දේපළ ලැබීම් සහිතයි. ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාව ඇති
බැවින් කැපී පෙනෙන චරිතයක් බවට පත් වේ. රැකියාවේ උසස්වීම් ලැබෙයි. අධ්‍යාපන
කටයුතුවලින් ජයග්‍රහණ අත් වේ. අන් අයගේ යහපත සඳහා වෙහෙස වන දිනයකි. ජය වර්ණය -
නිල්,
ජය අංකය - 06, සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
මීන
අන් අය අතර කීර්තියට හා ගෞරවයට නිතැතින්ම පාත්‍ර වේ.
රෙදිපිළි,
රන් ආශ්‍රිත ව්‍යාපාරිකයන්ට වාසි හා ලාභ හිමි වේ. මව්පිය සම්බන්ධ
සුබදායක ආරංචි ලැබෙයි. කාලත්‍ර සබඳතා වර්ධනය වන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය.
වාසනාවන්ත දිනයකි. බලාපොරොත්තු ඉටු වේ. එඩිතරව, නිර්භීතව
ගැටලුවලට මුහුණ දීමේ හැකියාව පවතී. ශරීර සෞඛ්‍ය යහපත්ය. අනවශ්‍ය දෙයට වියදම් කරන
බැවින් වියදම බහුල දිනයක් නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, කැකුළු සහල්වලින් තැනූ
කිරිබත් දන් දෙන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: