Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-16

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 January | 2020-01-16 

ද දවස ඔබට

2020  ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.28
ඉර බැසීම  - පස්වරු 18.14
රාහු කාලය
දිවා 13.58 සිට 15.27 දක්වා
රාත්‍රී 01.58 සිට 03.27 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
දේපළ, ඉඩකඩම්, යාන වාහන මිල දී ගැනීමට හා විකිණීමට සුබදායකය. නව නිවෙසක  පදිංචියට යෑමට සුභ දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායක නොවනු ඇත. ගිවිසුම් ආදිය අත්සන් කිරීමේ දී නීත්‍යානුකූලභාවය පිළිබඳව දෙවරක් කල්පනා කළ යුතුය. කාර්මික අංශයේ රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබෙන දිනයකි. කලක් පැවති රෝග තත්ත්වයකින් සුවයක් ලැබිය හැකිය. නව මිතුරු සබඳතා ආදිය ඇති කරයි. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
ආගමානුකූල සිතිවිලි පහළ වන දිනයකි. වන්දනා ගමන්, විනෝද චාරිකාවලට සහභාගී වීමට ඉඩ සැලසේ. රසවත් ආහාර ආදිය අද දිනයේ භුක්ති විඳීමට අවකාශ ලැබෙනු ඇත. ආදර සබඳතා ගොඩනැඟෙන දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුභයි. තැන්පත් ධනය වර්ධනය වේ. සතුරු කරදර මතු විය හැකිය. නිර්මාණකරණයේ යෙදී සිටින්නන්ට සුබදායකය. පියාගෙන් ලාභ ප්‍රයෝජන ලබයි. ගින්දරවලින් හානි පෙන්වයි. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
ජලය ආශ්‍රිත තරගවලට පෙනී සිටින්නන්ට ජයග්‍රහණ ලැබිය හැකිය. තමාගේ පිළිගැනීම සහ ජනප්‍රියත්වය වැඩිවන දිනයකි. ඔබගෙන් ලබා ගන්නා උපදෙස් තුළින් බොහෝ පිරිසක් ප්‍රයෝජන ලබා ගන්නා දිනයකි. රැකියා කටයුතුවල යෙදී සිටින්නන්ට සුබ දිනයකි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්විය හැකි දිනයකි. ණය ගනුදෙනුවලින් පාඩු සිදු විය හැකිය. මිතුරන් සමඟ සහයෝගය මතුවිය හැකිය. ප්‍රිය සම්භාෂණවලට ඇරැයුම් ලැබෙයි. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරන දිනයකි. මානසික අසහනය වැඩි කරයි.  විවාහ ජීවිතය තුළ ගැටලු වර්ධනය වන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායක නැත. දුර බැහැර ගමන් ආදියෙන් අද දිනයේ ඔබට පීඩාකාරී තත්ත්වයන් මතු කරයි. ආදායම් ලැබීමට සුබ දිනයකි. ලොතරැයි ජයග්‍රහණ ලැබීමට ඉඩ ඇත. වැය පක්ෂය ද ඉහළ යා හැකිය. කාන්තාවක සඳහා යටි බඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් මතුවිය හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියා හානි කරයි. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.
සිංහ
ණය ගනුදෙනුවලින් නිදහස් විය හැකිය. පවුල් ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයක් වර්ධනය කරයි. ගංගා, ඇළ දොළවල දිය නෑමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. රැකියාවල නිරත අයට රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වේ. ධෛර්යය හා කාර්යක්ෂමතාව වැඩිවන දිනයකි. උදරාබාධ, දණහිස් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරයි. ගමන් බිමන් බහුල වන දිනයකි. මතක ශක්තිය වැඩි කරයි. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
උසස් අයගේ ඇසුරට පත්වන දිනයකි. රැකියා ස්ථානයේ දී ආවේගශීලී තත්ත්වයක් මතු කරයි. දේපළ, ඉඩකඩම්, යාන වාහන සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. දුර ගමන් බිමන්වලින් අධික මහන්සිය හා ධන හානි ඇති කරයි. විදේශගත වීමට බලාපොරොත්තු වන දිනයකි. ගින්නෙන් හානි විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අක්ෂි ආබාධ මතු විය හැකිය. නිදි සුවයට බාධා ඇති වේ. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
අධ්‍යාත්මික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වයි. කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් සුව අතට හැරේ. විදේශගතව සේවය කරන අයට තම කීර්තිය රඳවා ගත හැකි දිනයකි. කිරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරවලට සුබදායකයි. නීතිමය කටයුත්තකින් ජයග්‍රහණ ලැබීමට හැකිය. ලොතරැයි ජයග්‍රහණ ලැබීමට හේතුවන දිනයකි. ‍රැකියා කටයුතුවල වර්ධනයක් වේ. ක්‍රීඩා කටයුතුවල නිරත වන්නන්ට ජයග්‍රහණ ලැබිය හැකිය. මිතුරු ලාභ ඇති කරයි. ගලා යන ජලයට බුලත් දමන්න.   ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
ගේ දොර කටයුතු අධික විය හැකිය. ලිපි ගනුදෙනු ආදියෙන් වාසි සැලසේ. විදේශ රැකියා බලාපොරොත්තු අයගේ එම අදහස් ඉෂ්ට වේ. ක්‍රීඩා කටයුතුවලින් ජයග්‍රහණ ලබාගත හැකිය. ජලය  ආශ්‍රිත ක්‍රියාකාරකම්වල දී ප්‍රවේ‍ශම්වන්න. තැන්පත් ධනය වර්ධනය වේ. ලොතරැයි ජයග්‍රහණ ලැබීමට හේතුවන දිනයකි. රජයේ රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. සහෝදරයන්ගේ උදවු උපකාර ලැබිය හැකි දිනයකි. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09
ධනු
කෙටි ගමන් බිමන් අධික වේ. සිතේ නොසන්සුන්තාවක් වර්ධනය වේ. යාන වාහන, දේපළ ලැබීමට හා මිලයට ගැනීමට සුබදායක දිනයක් නොවේ. ප්‍රේම සබඳතාවල දී ආවේගශීලී ගති මතු කරන නිසා කල්පනාකාරී වන්න. ධන ලාභ ලැබීමට වාසනාව ඇත. විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ එම බලාපොරොත්තු ඉෂ්ට වේ. විවාහ ජීවිතය තුළ අනපේක්ෂිත ගැටලු ඇති කරයි. සතුන්ගෙන් හානි සිදුවිය හැකිය. වටිනා දෑ ප්‍රවේශම් කර ගන්න. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03
මකර
ආදායමට වඩා වියදම් පක්ෂය ඉහළ යා හැකි දිනයකි. ගුප්ත ශාස්ත්‍ර හදාරන්නන්ට සුභදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. මනසේ සැහැල්ලු බව ඇති විය හැකිය. ශරීර සෞඛ්‍යයට යහපත් වනු ඇත. විවාහ ජීවිතය තුළ මතභේදකාරී තත්ත්වයන් ඇති කරයි. අධ්‍යාපනික හා ක්‍රීඩා තරඟ කටයුතුවල නියැළී සිටින අයට ජයග්‍රහණ ලැබෙනු ඇත. සතුරු කරදර මතු විය හැකිය. කලෙකින් හමු නොවූ ඥාතීන් පිරිසක් හමුවීමට අවස්ථාව සැලසේ. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08.
කුම්භ
රසවත් ආහාරපාන භුක්ති විඳීමට හැකිවන දිනයකි. ගිලනුන්ට උපස්ථාන කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ඔබගේ ඇතැම් කටයුතු සමාජයේ අවමානයට, දෝෂාරෝපණයට ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ආත්ම ශක්තියෙන් යුතු දවසේ කටයුතු අරඹයි. කලබලකාරී තත්ත්වයන් මතුවිය හැකිය. ආවේගශීලී ගති මතු කරයි. කල් පවත්නා රෝග තත්ත්වයක් වර්ධනය විය හැකිය. තැන්පත් ධනය වර්ධනය වේ. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ඉඩකඩම්, දේපළ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. සේවක කාරක ආදීන්ගෙන් දෝෂාරෝපණයන්ට ලක්විය හැකිය. රජයේ දඬුවම් ආදියට ඉඩ ඇති දිනයකි. අඹුසැමියන් අතර සහයෝගය වර්ධනය වන දිනයකි. ආගමට දහමට වැඩි කැමැත්තක් දක්වයි. පියාට තරමක් අපලදායකය. රැකියා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතු විය හැකිය. හදිසි අනතුරුවලට ලක්විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03











































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.