
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-22
අද දවස ඔබට
2020 නොවැම්බර් මස 22 වන ඉරිදා
ඉර උදාව - පෙරවරු 06.04 ට
ඉර බැසීම -
පස්වරු 17.50 ට
රාහු කාලය
දිවා 16.34 ට
සිට 18.03 දක්වා
රාත්‍රී 04.34
සිට 06.03 දක්වා
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - උතුර
මේෂ
විවාහ ජීවිතය සැපවත් වේ. අවිවාහකයන්ට යහපත් මංගල
යෝජනා උදා වේ. කාලයක් පැවති ගැටලුවකට නිවැරදි විසඳුම් ලැබේ. සමාජයට යහපත් කාර්යයන්
කිහිපයක් ඔබ අතින් වන නිසා ප්‍රියමනාප පුද්ගලයකු වේ. ප්‍රසිද්ධියට පත්වේ. උපදෙස්
අනුශාසනා දීමට පෙළඹේ. සෙම් රෝග, තුනටියේ ආබාධ
ඇතිවිය හැකිය. බීම වර්ග, ආහාර වෙළදාමේ යෙදෙන අයට වැඩි ලාභ
ලැබෙන දිනයකි. විනෝද ගමන්වලට ඉඩ සැලසේ. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
ව්‍යාපාරවලින් පාඩු දිනයකි. රැවටිලි ආදියට හසුවීමට
ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ආදරවන්තයන්ට මව්පියන්ගේ ආශිර්වාදය
ලැබෙයි. ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇති වේ. උදාසීන තත්ත්වයක් දැකිය හැකිය. යටි බඩේ
අමාරු ඇති වීමට හැකියාව ඇත. වැරදි තීරණවලට යොමු නොවී සිතා බලා නිවැරදි තීන්දු ගත
යුතුය. ආදායම් තත්ත්වය යහපත් නොවේ. මිතුරු සබඳතාවලට අසුබදායකය. දුප්පතුන්ට ඇඳ
ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
රැකියාවේ දියුණුවක් දැකිය හැකිය. ගර්භණී මාතාවන් ප්‍රවේශම්
විය යුතුය. උපයාගත් ධනය අනවශ්‍ය ලෙස නාස්ති වේ. කුඩා ළමයින් පිළිබඳව සැලකිලිමත්
විය යුතුය. ආදරවන්තයන්ට එතරම් යහපත් දිනයක් නොවේ. ගැටලු ඇති වීමට පුළුවන. අහංකාර
මුරණ්ඩු ගතිගුණ පෙන්නුම් කරයි. මවුපස ඥාතීන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වයි. සෙම්
රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට ද
යහපත් දිනයකි. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
ප්‍රීතිමත්, උද්යෝගිමත්
දිනයකි. ගෘහ ජීවිතයේ තිබූ බාධක, කම්කටොලු මඟ හැරේ. යාන
වාහන සිහින සැබෑ වෙන ලකුණු දිස් වේ. ඉඩකඩ සම්බන්ධ ගැටලු නිරාකරණය වේ. කෘෂිකාර්මික
හා ඊට අදාළ නිෂ්පාදන සම්බන්ධව වැඩි නැඹුරුතාවක් දක්වයි. කුලී හා බදු දීම මඟින්
වාසි සැලසේ. පියාට තරමක් අපල ගෙන දෙයි. මවුපියන් සතු දේපළ ලැබීමට සුබයි. පතල්
සම්බන්ධ කටයුතුවලින් වැඩි ලාභ ඇති වේ. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය -
ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
කෙටි ගමන්වලින් වාසි සැලසේ. අලුත් දෙයක් ඉගෙනීමට සිත
යොමු වේ. ලිපි ගනුදෙනු, ග්‍රන්ථකරණ ආශ්‍රිත
කටයුතුවල වැඩි දියුණුවක් දැකිය හැකිය. ගිවිසුම් අත්සන් කිරීමට සුභ දිනයකි.
අසාධාරණයට විරුද්ධව නැඟී සිටීම හේතුවෙන් ජනප්‍රිය චරිතයක් බවට පත් වේ. රැකියා
ස්ථානයේ ගැටලු ඇති වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. රජයේ දඬුවම්
ආදියට ලක් විය හැකි දිනයකි. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය
වර්ණය - රතු, ජය
අංක - 01
කන්‍යා
තැන්පත් ධනය වැය වේ. ආදායම් තත්ත්වය පහළ බසී. නීතිමය
ගැටලුවලට මුහුණ දීමට වේ. අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධාකාරී දේ වේ. නරක සිතුවිලි
පහළ වීමෙන් චරිතයට කැළැල් වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම්වන්න. කන සම්බන්ධව හා උගුර
ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකිය. ආගමික කටයුතුවල යෙදීමෙන් අපහසුතාවන් මඟ හරවා ගත
හැකිය. මිතුරු සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක්
පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
සෞඛ්‍යය තත්ත්වය අයහපත් වේ. කීර්තිය පලුදු වීමට
කරුණු යෙදේ. මව්පිය සතුට වෙනුවෙන් කාලය වැය කිරීමට වේ. කෙටි ගමන් බිමන් යෙදේ.
ආදායම් තත්ත්වය එතරම් යහපත් නොවේ. අන්‍යයන්ගේ දෝෂාරෝපණයට ලක්විය හැකිය. උදාසීන
තත්ත්වයක් දවස පුරා පෙන්නුම් කරයි. පවුල් ජීවිතයේ ප්‍රශ්න ප්‍රශ්න පැන නැඟී. දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන්
වෙනදාට වඩා වෙහෙසක් දැරීමට වන දිනයකි ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
සමාජයට ප්‍රිය පුද්ගලයකු වේ. විදේශ සිහිනය සැබෑ වේ.
ගුප්ත ශාස්ත්‍රයේ ඉගෙනීමට සිත යොමු වේ. පදිංචි ස්ථානයේ වෙනසක් විය හැකිය. අනවශ්‍ය
වියදමක් දැරීමට වේ. රජයේ නීතියට යටත්ව කටයුතු කරනු ලබයි. කලක් තිස්සේ සිතේ තිබුණු
බරකින් නිදහස ලැබේ. නිවැරදි තීන්දු ගත යුතුය. මිත්‍ර සබඳතා වැඩි දියුණු වේ. උදරය
හා යටිබඩ ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතුකර විය හැකිය. කල්පනාකාරීවන්න ගණ දෙවිඳුට
පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
බලාපොරොත්තු ඉටු වන දිනයකි. ප්‍රියමනාප පුද්ගලයකු
බවට පත් වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. ණයට දුන් මුදලක් ලැබීමට පුළුවන. ආදර සබඳතා
ගොඩ නැගෙයි. ලොතරැයි දිනුම් ලැබීමේ වාසනාව ඇත. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. වැඩිමහල්
සහෝදරියන් සමඟ වැඩි සබඳකම් ගොඩනැගේ. කෙණ්ඩ පෙරලීම, පීනස ආදි රෝග තත්ත්වයන් මතුවිය හැකි නිසා ප්‍රවේසම්වන්න. කෘමි සතුන්
ආදීන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
රැකියාව ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය.
ඉඩකඩම් සම්බන්ධ ආරවුල් ඇතිවිය හැකි බැවින් තීරණ ගැනීමේ දී සැලකිලිමත්වන්න. ව්‍යාපාර
කටයුතුවලින් පාඩු වේ. රැවටිලි හා වංචා ආදියට හසු වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව
කටයුතු කරන්න. විවාහ ජීවිතය සම්බන්ධව ප්‍රශ්න පැන නැඟී. ආගමික කටයුතු කෙරෙහි සිත
යොමු වේ. ඇස් රෝග, දණහිස් අමාරු ආදිය
ඇති විය හැකිය. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
ධාර්මික පුද්ගලයන් ඇසුරට ලැබේ. ආගම දහම සම්බන්ධ
කටයුතුවලට වැඩි නැඹුරුතාවක් ඇති වේ. වන්දනා ගමන් සඳහා කාලය යොදවයි. දූ දරුවන්
සම්බන්ධව වෙහෙසීමට වේ. පියාගේ දේපළ සම්බන්ධ ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකිය.
විදේශ සංචාර සඳහා එතරම් යහපත් නොවේ. උත්සව කටයුතුවලට සහභාගි වීමට අවස්ථාව ලැබේ.
කෘමි සතුන් හා ඔවුන්ගෙන් ඇති වන ලෙඩ රෝග ආදියෙන් පීඩා ඇති වේ. උදේ ධාන්‍ය වර්ග
පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය
අංකය - 06
මීන
ආදායම් තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරයි. රැකියාවේ
උසස්වීම්,
තානාන්තර හිමි වේ. ප්‍රසිද්ධ උත්සවවලට සහභාගිවීමට අවස්ථාව
ලැබෙයි. අන්‍යයන් කෙරෙහි අනුකම්පා සහගතව උදව් උපකාරවලට යොමු වන දිනයකි. ජලය
සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් විය යුතුය. අධ්‍යාපන කටයුතුවලට සුබයි. දණහිස් හා
වළලුකර ආශ්‍රිත ආබාධ මතු කරවිය හැකිය. ක්‍රීඩා තරග ආදියෙන් ජයග්‍රහණ ලැබිය හැකි
දිනයකි. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: