Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-23

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-23 

අද දවස ඔබට

2020 නොවැම්බර් මස 23 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 06.05
ඉර බැසීම - පස්වරු 17.51
රාහු කාලය
දිවා 07.35 සිට 09.04 දක්වා
රාත්‍රී 19.35 සිට 21.04 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
වියදම් බහුල වේ. තැන්පත් මුදලක් නිකරුණේ වියදම් කිරීමට වන බැවින් පරීක්ෂාකාරී වන්න. හවුල් ව්‍යාපාරවල යෙදෙන්නන්ට පාඩු විය හැකි බැවින් කල්පනාකාරීව තීරණ ගන්න. අන්‍යයන්ට උදව් උපකාර කිරීමට යෑමෙන් අපහසුතා ඇති වේ. ඉවසීමෙන් වැඩ කටයුතුවල යෙදීමට මතක තබා ගන්න. මිතුරු සබඳතා පළුදු විය හැකිය. නියපොතු, දිව සම්බන්ධ ආබාධ ඇති විය හැකි නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.
වෘෂභ
ප්‍රීතිමත් දිනයකි. ආදායම් තත්ත්වය යහපත්ය. විනෝදයෙන් දවස ගෙවීමට හැකි දිනයකි. පැවති ගැටලු විසඳීමට හැකියාව ලැබේ. යුග දිවිය සාමකාමීව ගෙවී යයි. රූපය සම්බන්ධ වෙනදාට වඩා වැඩි උනන්දුවක් ඇති වේ. ඒ සම්බන්ධයෙන් වෙහෙසයි. ශරීර සෞඛ්‍යය යහපත්ය. අන් අයගේ ගෞරවයට පාත්‍ර වේ. කලාකාමී බව වැඩි දියුණු වේ. ආත්ම අභිමානය ලැබෙයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    කළු තල පරිත්‍යාග කරන්න.
මිථුන
මානසික පීඩාවන් ඇති වන බව පෙනේ. පවුල් ජීවිතය සම්බන්ධ යම් යම් ගැටලු ඇති වීමට හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ගනුදෙනුවල දී පාඩු විය හැකි බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම්විය යුතුය. අනවශ්‍ය වියදම් වලට හිත යොමු වේ. රැකියාවේ ගැටලු ඇති වේ. අපරික්ෂාකාරී ක්‍රියා හේතුවෙන් රෝහල්ගත වීම්, බන්ධනාගාර ගතවීම් විය හැකිය. කෝපය පාලනය කළ යුතුය. වස විස ශරීර ගතවීම් ඇති වීමට පුළුවන. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.
කටක
බලාපොරොත්තු ඉටු නොවන දිනයකි. ආදායම් තත්ත්වය පහළ යයි. පවුල් ජීවිතවලට යහපත් නොවේ. ආදර සබඳතාවලට අවහිරතා ඇති වේ. මවගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධ වෙහෙසීමට වේ. මිත්‍රයන් සමඟ ගනුදෙනුවල දී හොඳ හිත පළුදු වීමට ඉඩකඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවලට තිබූ උනන්දුව අඩු වේ. සෙම් රෝග, මුත්‍රා අමාරු ඇති වීමේ හැකියාව ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
සිංහ
තම ගෞරවයට හානිවන කටයුතු සිදුවීමට ඉඩකඩ පවතී. රැකියාවේ යම් යම් ගැටලු ඇති වීමට හැකි බැවින් නිවැරදිව සිතා බලා කටයුතු කරන්න. පියපස ඥාතීන් සමඟ ආරවුල් ඇති වීමට ඉඩකඩ පවතී. මුදල් ගනුදෙනුවලින් පාඩු සිදු වේ. දූ දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත් වේ. රාජ්‍ය උදහසට ලක්වන කටයුතු විය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. පියාගේ ධනය නිකරුණේ වැය කිරීමට සිදු වේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.
කන්‍යා
විදේශ සංචාර පිළිබඳ බලාපොරොත්තු ඇති අයට එම සිහින බොඳවී යන ලකුණු පෙනේ. උසස් අධ්‍යාපන කටයුතුවලට උනන්දුව අඩු වේ. මානසික පීඩාවන් ඇති වේ. පියාට තරමක් අපල තත්ත්වයක් පෙන්නුම් කරන අතර ඔහුගේ දේපළ පිළිබඳ නීතිමය ගැටලු ඇති වේ. ජලයෙන් ප්‍රවේශම් විය යුතුය. මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. ආගමික කටයුතුවල යෙදීමෙන් මෙම අවහිරතා මඟ හරවා ගත හැකිය. තිරිසන් සතුන්ගෙන් ප්‍රවේසම්වන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.
තුලා
හදිසි ධන ලාභවලට උරුමකම් කියයි. මානසික වේදනාවලට සහනය ලැබෙයි. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකිය. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධාවන් ඉවත්ව යයි. දරුවන්ගේ දේපළ, ඉඩකඩම්, යාන වාහන ලාභ ලැබේ. ගරු නම්බුනාම, පදවි තානාන්තර ලැබීමේ වාසනාව ලැබෙයි. ජීවිතයේ ලෝකෝත්තර බව ගැන හිතමින් ආගමික කටයුතුවලට ප්‍රමුඛතාව දෙනු ලබයි. දණහිස් ආබාධ ආදිය ඇති කරවිය හැකිය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
වෘශ්චික
අර්බුධකාරී තත්ත්වයන් පවුල් ජීවිතයේ දැකිය හැකිය. පදිංචි ස්ථානයේ වෙනසක් ඇති විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුභ දිනයක් නොවේ. ආදායම් තත්ත්වය පහළ බසී. කලහකාරී,  ප්‍රශ්න ඇති වීමට හැකි බැවින් පරීක්ෂාකාරීව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවිය හැකිය. තුනටිය ආශ්‍රිත ආබාධ, අර්ශස් රෝග ඇති වීමේ තත්ත්වයන් පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබදායකය. ජය වර්ණය - රතු,   ජය අංකය - 09,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
ධනු
සතුරු කරදරවලින් ප්‍රවේශම් විය යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවලට එතරම් යහපත් නොවන අතර බලාපොරොත්තු කඩවීම් විය හැකිය. මුදල් ගනුදෙනුවල දී ප්‍රවේශම් විය යුතුය. රැකියාව සම්බන්ධ ගැටලු ඇති වේ. රෝගීන්ට   උපස්ථාන කිරීමට අවස්ථාවක් ලැබෙයි. දූ දරුවන්ගේ මුදල් තත්ත්වය පහළ බසී. සහෝදරයන් සමඟ වාද විවාදවල පැටලීමේ ඉඩකඩ වැඩිය. යන එන ගමන්වල දී ප්‍රවේශම්වන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
මකර
දරුවන් සම්බන්ධ කලක් තිස්සේ තිබූ බලාපොරොත්තු ඉටුවන දිනයකි. අධ්‍යාපන ජයග්‍රහණ ලැබේ. නිවාස ඉඩකඩම් වාහන ලාභ හිමි වේ. ආදායම් මට්ටම සරු වේ. සුබ කටයුත්තකට ආරාධනා ලැබේ. ආදර සබඳතාවලට සුබයි. මව්පිය ආශීර්වාදය ලැබේ. දරුඵල අපේක්ෂාවෙන් සිටි අයට තම බලාපොරොත්තු ඉටු වේ. කලා කටයුතුවලින් සිතේ සතුට වැඩිවන දිනයකි. යහපත් සමාජ කාර්යයකට දායකවීමට අවස්ථාව ලැබෙයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
කුම්භ
නිවාස, ඉඩකඩම් ලාභ සහිත දිනයකි. ගෘහ ජීවිතය සැපවත් වේ. කීර්තිය, ජයග්‍රහණ ලැබෙන දිනයකි. මවුපස ඥාතීන් සමඟ සබඳතා ගොඩනැගේ. කෘෂිකාර්මික කටයුතුවලින් අමතර ආදායම් ලැබේ. දරුවන් සම්බන්ධ අමතර වියදමක් දැරීමට වේ. පොළොව ආශ්‍රිත කටයුතුවලින් වාසි අත් වේ. නැති වූ දෙයක් ලැබීමට හේතු වේ. පපුව ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීවන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   බණ පොතක් පූජා කරන්න.
මීන
විදේශ සංචාර බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. කෙටි ගමන්වලින් වාසි සැලසේ. ලිපි ලේඛන කටයුතුවලට උනන්දුවක් ඇති වේ. අන්‍යයන්ගේ උදව් උපකාර ලැබෙන දිනයකි. මව සම්බන්ධව යම්කිසි වියදමක් දැරීමට සිදු වේ. යහපත් මිතුරු සබඳතා ගොඩ නැගෙනු ඇත. ලාභ ලැබෙන දිනයකි. ශාස්ත්‍රීය අධ්‍යාපනයට හිත යොමු වේ. හෘදයාබාධ සම්බන්ධ අවදානමක් ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.


















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.