
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-25
අද දවස ඔබට
2020 නොවැම්බර් මස 25 වන බදාදා
ඉර උදාව - පෙරවරු 06.06 ට
ඉර බැසීම -
පස්වරු 17.51
රාහු කාලය
දිවා 12.06
සිට 13.35 දක්වා
රාත්‍රී 00.06
සිට 01.35 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව
- නිරිත
මේෂ
දැනුම සහ කුසලතාවන් පුහුණු කිරීම තුළින් උසස්
තත්ත්වයකට පත්වීමේ හැකියාව පවතී. ආදායම් තත්ත්වය යහපත් අතට හැරේ. යහපත් මිතුරු
ඇසුරක් පවත්වාගෙන යා හැකි දවසකි. ඉංජිනේරු, වෛද්‍ය,
බ්‍රෝකර්වරු වැනි වෘත්තිකයන්ට රැකියාමය වාසිදායක තත්ත්වයන් උදා
වේ. විවාහ අපේක්ෂකයන්ගේ සිහින සාර්ථක නොවේ. දේපළ පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන්ට
මුහුණපෑමට වේ. මුත්‍රාශය වැනි ශරීර කොටස්වල රෝගී තත්ත්වයන් ඇති වේ. ජය වර්ණය - රතු, ජය අංකය - 09, තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
වෘෂභ
උද්යෝගයෙන් වැඩ කිරීමට අපහසු දිනයකි. දේපළ ලබා
ගැනීමේ දී ගැටලුකාරී තත්ත්වයන් මතු වේ. දූ දරුවන්ගේ නිලතලවල උසස් වීමක් දක්නට
ලැබේ. ස්වර්ණාභරණ මිල දී ගැනීමේ අවස්ථාවන් ජනිත වේ. සිතෙහි ස්ථාවරත්වයක් වෙනදාට
වඩා ඇති වේ. නඩුහබවලට පැටලී සිටින අයට අවාසිදායක තත්ත්වයක් උදා කරයි. උසස් අධ්‍යාපන
කටයුතුවලට බාධා පැමිණේ. ඇස්වල ආබාධ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය දිනයකි. ජය වර්ණය
- නිල්, ජය අංකය - 05, දුප්පතුන්ට ඇඳ ඇතිරිලි
පරිත්‍යාග කරන්න.
මිථුන
සිත් ඇදගන්නා සුළු පෞරුෂත්වයක් හිමි වන දිනයකි.
විනෝදය ගෙන දෙන ස්ථානවලට සහභාගී වීම සඳහා ආරාධනා ලැබේ. විරුද්ධ අදහස් ඇති අය තම
මතයට එකඟ කරවා ගත හැකි වේ. පෙම් සබඳතා ගොඩනැගේ. ගෘහ ජීවිතයේ අදාළ කටයුතු සාර්ථක
වේ. ලිපි කටයුතු හා ගෘහස්ථකරණය වැනි
අංශවල විශේෂ දියුණුවක් ඇති කරවයි. දරුවන් බලාපොරොත්තුව සිටින අයගේ ප්‍රාර්ථනා
පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මතු කරයි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
උට්ඨාන වීර්යයෙන් වැඩකළ යුතු වේ. ආදායම් තත්ත්වය
සුබදායක නොවේ. නීතිමය කටයුතු හෝ නඩුහබවලට මුහුණ දී සිටින අයට ගැටලුකාරී තත්ත්වයන්
ඉස්මතු වේ. පවුලේ සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය සබඳතාව වර්ධනය වේ. අන් අයට උදව් උපකාර
කිරීමට සිත යොමුවන දිනයකි. දුර බැහැර ගමන් බිමන් යෙදේ. ලෙඩ දුක් සුව වීමේ ප්‍රවණතාවක්
ඇති කරයි. රැකී රක්ෂාවේ දියුණුවක් හෝ උසස් වීමක් සිදුවිය හැකිය. ජය වර්ණය - ක්‍රීම්
පාට,
ජය අංකය - 02, ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
සිංහ
පොදු යහපත කෙරෙහි සිත යොමු කෙරෙන දිනයකි. පියාගේ
සතුට,
අභිවෘද්ධිය කෙරෙහි අවධානය යොමු කෙරේ. තමාගේම අයගෙන් ලැබෙන
දෝෂාරෝපණයන්ට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබේ. දරුවන්ගේ වෙනදාට වඩා දියුණුවක්
දක්නට හැකි වේ. ඉඩකඩම් යාන වාහන දේපළ මිල දී ගැනීමට වාසිදායක තත්ත්වයන් ගෙන දෙයි.
තම දරුවන්ගේ යාළු මිත්‍රාදීන් පිළිබඳව ද ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ද වඩා
සැලකිය යුතු දවසකි. ජය වර්ණය - රතු,
ජය අංක - 01,
එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
කන්‍යා
රූපලාවණ්‍ය
කටයුතු සහ ගෘහ අලංකරණය ආදිය කෙරෙහි වඩාත් අවධානය යොමු කෙරේ. රූපලාවණ්‍ය
ආයතන පවත්වාගෙන යන වෘත්තිකයන්ට සහ ඒ ආශ්‍රිත වෘත්තීන්වල යෙදී සිටින අයට වඩාත්
වාසිදායක තත්ත්වයන් උදා වේ. බැංකුවේ තැන්පත් ධනය අඩුවීමේ ප්‍රවණතාවක් ඇති වේ.
නිදහස් මත දැරීමෙන් පාඩු සිදුවේ. අසනීප සහ ලෙඩ රෝග සම්බන්ධයෙන් වෙනදාට වඩා
සැලකිලිමත් විය යුතුය. ජය වර්ණය - කොළ, ජය අංකය -05, වියළි ආහාර හා තෙල්
දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.
තුලා
ඉඩකඩම් සඳහා ඇති
නඩුහබ සම්බන්ධයෙන් අවුල් සහගත තත්ත්වයක් ඇති කරයි. අධ්‍යාපනය පසුබෑමකට ලක්
කරයි. සූදු සහ ඔට්ටු වැනි ධනයට හානිවන ක්‍රියාකාරකම්වලට සිත වඩාත් යොමු කරයි.
ආදායම් පාර්ශ්වය අසතුටුදායක වේ. ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නන්ට තරමක් දුරට
සැනසිලිදායක තත්ත්වයක් උදා කරයි. මවගෙන් මූල්‍යමය උපකාරයක් ලැබීමේ භාග්‍ය ලැබේ.
භාරගත් වැඩක් නිසි ලෙස නිම කිරීමේ අවස්ථාවක් ඇති වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, බණ පොතක් පූජා කරන්න.
වෘශ්චික
පෙර පින් සහිත උපන් කුසලතාවන් මතු කෙරෙන දිනයකි.
නාවික,
මුතු, මැණික්, ජලය
ආශ්‍රිත රැකියාවල නියුක්තිකයන්ට වඩාත් වාසි සහගතය. ජනප්‍රියත්වය ඉහළ යෑමට අවශ්‍ය
වටපිටාව සැකසේ. විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටි අයට බාධා පැමිණේ. පෙම්වතුන් හට
ගැටලු මතු කරයි. වියදම අධික වේ.
හවුල්කරුවන්ගේ ධන තත්ත්වය පහත වැටේ. පදිංචි ස්ථාන වෙනස්වීමේ හැකියාවක් ද
ඇති වීමට පුළුවන. සෙම් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් සමනය කරයි. ජය වර්ණය - රතු, ජය අංකය - 09, උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට
ආහාර දිය යුතුය.
ධනු
මංගල යෝජනාවක් බොහෝ දුරට සාර්ථක වනු ඇත. පෙම්වතුන්ට
ද සුබ දිනයකි. මෙතෙක් පැවති බිය පක්ෂකම් දුරු වීමේ ස්වභාවයක් ඇති වේ. වෙහෙස මහන්සි
වී වැඩ කටයුතු කිරීමෙන් ආදායම තරමක් දුරට හෝ වැඩි කරගත හැකිය. දූ දරුවන්ගේ
දියුණුවක් දැකිය හැකිය. ඉඩකඩම් මිල දී ගැනීමේ දී සහ විකිණීමේ දී අන් පාර්ශවයන්ට
වඩාත් වාසි සහගත වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන වඩාත් ප්‍රවේශම් විය යුතුය. ජය වර්ණය -
රන්වන්, ජය අංකය - 03, ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
මකර
සෘජු තීරණ ගැනීමෙන් තම පෞරුෂත්වය ගොඩනගා ගැනීමට ක්‍රියා
කරයි. යකඩ සහ වානේ, රසායනාගාර සහ ඒවා
වෙළඳාම් කරන අය හට වැඩි වාසි ගෙන දෙයි. ප්‍රීති ජනක අවස්ථාවලට සහභාගි වීම කෙරෙහි
සිත් යොමු කෙරේ. පවුලේ සතුටු සහ අභිවෘද්ධිය කෙරෙහි වෙනදාට වඩා වෙහෙසීමක් දක්නට
ලැබේ. ව්‍යාපාරික හවුල්කරුවකු පිළිබඳව අසතුටුදායක ආරංචියක් ලැබේ. භූමියේ සැඟවුණු
සම්පත්වලින් ප්‍රයෝජනයක් ගත හැකි දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
කුම්භ
මානසික පීඩාවලින් මිදී වැඩ කටයුතු කළ හැකි දිනයකි.
සංගීතය වැනි කලාකාමී කටයුතුවලට සිත යොමු කෙරෙන දිනයකි. විනෝද ගමන්,
කෙටි දුර ගමන් බහුල වේ. ලොතරැයි ආදියෙන් ජය ලැබීමේ භාග්‍යයක්
උදාවන දවසකි. තෘණ භූමි, ගොවිපලවල් ආශ්‍රිත රැකියාවලින්
පාඩු සිදුවීමේ අවදානමක් ඇති වේ. විවාහ අපේක්ෂකයන්ට සතුටුදායක ආරංචියක් ලැබේ. ව්‍යාපාරික
කටයුතු වර්ධනය වීමෙන් ආදායම් තත්ත්වය උසස් වේ. විදේශගත වීමට අපේක්ෂා කරන අයගේ
බලාපොරොත්තු ඉටු කරයි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග
කරන්න.
මීන
ඉඩකඩම්, මෝටර් රථ මිල
දී ගැනීමේ දී වාසි සහගත අවස්ථාවන් උදා වේ. කිරි නිපදවීම, කෘෂිකර්මය
සහ ඊට අදාළ නිෂ්පාදන කර්මාන්තවල නියුක්තිකයන්ගේ ආදායම සරු වීමක් සිදු වේ. ඒ තුළින්
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට ද හැකියාවක් ඇති වේ. දරුවන්ගේ ශරීර සෞඛ්‍යය
පිරිහීමක් සිදු වේ. ඒ ගැන වඩාත් සිත යොමු කළ යුතු දිනයකි. පවුලේ සාමාජිකයින්
පිළිබඳ මනා අවබෝධයක් ලැබීමට හේතු සාධක යෙදේ. ජය වර්ණය -
රන්වන්, ජය අංකය -
03, කෝවිලකට හෝ පන්සලකට
ධාන්‍ය වර්ග පූජා කරන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: