Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-26

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-26 

අද දවස ඔබට

2020 නොවැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 06.06
ඉර බැසීම  - පස්වරු 17.51
රාහු කාලය
දිවා 13.36 සිට 15.05 දක්වා
රාත්‍රී 01.36 සිට 03.05 දක්වා
සුභ දිශාව             - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
සිහි නුවණින් වැඩ කටයුතු ආරම්භ කළ හැකි දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී  ඉතා ඉක්මනින් අවබෝධ කර  ගැනීමේ ශක්තියක් ඇති වේ. සූදු ක්‍රීඩාවේ යෙදෙන්නන්ට ජය ලැබීමේ හැකියාවක් පවතී. ලේඛන කලාවට සම්බන්ධ වෘත්තිකයන් වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවන තත්ත්වයක් මතු වේ. ප්‍රේම සම්බන්ධතාවලට එතරම් සුබදායී අවස්ථාවන් නැත. දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායි ආරංචියක් ලැබේ. කෘෂිකාර්මික කටයුතුවල නියැළි පුද්ගලයන්ට වඩාත් වාසිදායක වේ.  ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
දවස ආරම්භයේ සිට ක්‍රියාශීලීභාවයෙන් තොර දිනයකි. කල් අල්ලා පවතින අසනීප තත්ත්වයන් සුව වේ. ප්‍රේම සබඳතාවලට වැඩිහිටි ආශිර්වාදය නොලැබීමෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වේ. තමා ආකල්ප ඉදිරිපත් කිරීමේ දී අන් අයගේ එකඟතාවන් අඩු වේ. උසස් අධ්‍යාපනය සඳහා උදව් උපකාර ලැබේ. නීතිය, තර්ක ශාස්ත්‍රය වැනි විෂයයන් කෙරෙහි යොමු වූ අයට විශේෂ වේ. වියදම් අඩු වීමෙන් සිතට සැනසිල්ලක් ඇති වේ. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
කලක් තිස්සේ උත්සුක ඉල්ලීමක් දිනා ගැනීමට හැකි දිනයකි. යුග දිවියේ දී අන්‍යෝන්‍ය අවබෝධයකින් වැඩ කටයුතු කිරීමේ නැඹුරුවක් ඇති වේ. රූපලාවණ්‍ය විලාසිතා කෙරෙහි සිත යොමු කෙරේ. මුත්‍රා රෝග වැනි ලෙඩවලින් මිදීමට හැකි වේ. උදරය සම්බන්ධ රෝගී තත්ත්වයක් උත්සන්න විය හැකිය. ඥාති සහෝදරයකු සමඟ ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති වේ. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමක් හෝ අතපසු වීමක් දක්නට ලැබේ. වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ ද ප්‍රතිඵල හීන කරයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
කටක
මංගල යෝජනාවක් පිළිබඳ අදහස වෙනස්වීමේ තත්ත්වයක් මතු වේ. ප්‍රේම සබඳතාවලට බලාපොරොත්තු සඵල නොවන දිනයකි. ව්‍යාපාරික කටයුතු අසාර්ථක වීමෙන් ආදායම් තත්ත්වය පහළ යනු ඇත. රැකියාවේ ස්ථිරත්වය සහ උසස්වීම් අපේක්ෂා කළ හැකි දිනයකි. පියාගේ උරුමයට හිමිකමක් ඇතිවන අවස්ථාවන් උදා කරයි. ඉඩකඩම් දේපළ පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතු වීමට ඉඩ ඇත. මව මුල් කරගත් කටයුතුවල දී බාධා මතු වේ. බද්දට දීම, කුලියට දීම වැනි කටයුතුවලට වඩාත් සුබදායක වේ. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
ප්‍රියමනාප පෙනුමක් මතු කරන දිනයකි. තමාගේ නමට ලැබෙන ප්‍රසිද්ධිය සහ ගෞරවය තීව්‍ර කෙරෙන සාධක යෙදේ. උත්සාහවන්තව වැඩ කටයුතු කිරීමට සිත යොමු වේ. කල්ගත වූ අසනීප තත්ත්වයක් සුව අතට හැරීමේ නැඹුරුතාවක් පවතී. රැකියා කරන ස්ථානයේ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතී. රැකියාවේ ස්ථාවරත්වය පිළිබඳව ප්‍රවේශම් විය යුතුය. මුදල් තත්ත්වය යහපත් වනු ඇත. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
දරු පිළිසිඳ ගැනීමක් පිළිබඳ බලාපොරොත්තු සහගතව සිටි අය හට සතුටුදායක ආරංචියක් ලැබේ. ආදරය දිනා ගැනීමට හැකි වීම සහ ආදර සබඳතා වර්ධනය වන දිනයකි. ආදායම් තත්ත්වය ඉහළ යෑමෙන් ඔබගේ මූල්‍ය ගැටලු  නිම කිරීමේ මහඟු අවස්ථාවන් උදා වේ. නමුත් ඔබගේ දරුවන්ට එතරම් යහපත් නොවේ. ඇස් සම්බන්ධ රෝගාබාධවලින් ප්‍රවේශම් විය යුතු දවසකි. සිහි කල්පනාවෙන් තොරව වැඩ කටයුතු කිරීමෙන් පාඩු සිදුවිය හැකිය. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05
තුලා
බුද්ධිමත්භාවයෙන් සහ සිහි කල්පනාවෙන් තොරව වැඩ කටයුතු කරන දිනයකි. ශරීර සෞඛ්‍ය පිළිබඳව ද ගැටළුකාරී තත්ත්වයන් මතු වේ. ඉගෙනීමට ඇති කැමැත්ත, ආශාව හීන කරයි. තමා සන්තක දේපළ හෝ තමා සතු වීමට ඇති දේපළ පිළිබඳ දැඩි ලෝභ සිතුවිලි මත ක්‍රියා කරයි. ජනප්‍රියත්වය ලබා ගැනීම සඳහා තම මතය නිර්භීතව ඉදිරිපත් කිරීමට ක්‍රියා කිරීමක් දක්නට ලැබේ. ගොවිපලවල් ආශ්‍රිත රැකියාවල නිරත අයට වැඩි වාසි අත්කර ගැනීමට හැකි දවසකි. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
සිත එකඟ කර ගැනීමේ ශක්තියක් පවතින දිනයක් බැවින් කලබලකාරී තත්ත්වයෙන් තොරව වැඩ කටයුතු කිරීමේ හැකියාවක් පවතී. අලුත් ඇඳුම් පැළදුම් මිල දී ගැනීමට අපේක්ෂා කරන දවසකි. මුත්‍රා ආබාධ, සැරව සහිත ගෙඩි වැනි රෝග  සුව වීමේ ප්‍රවණතාවක් ඇති කරයි. ප්‍රේම සබඳතා හා විවාහ අපේක්ෂකයන්ගේ ප්‍රාර්ථනා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතු කරයි. ව්‍යාපාරික කටයුතු සාර්ථක කෘෂිකාර්මික කටයුතුවල නියැළෙන අයට වාසිදායක වේ. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
වෙනදාට වඩා තම කායික පෙනුම පිළිබඳ කැපවීමක් දක්වන දිනයකි. ධනය ලැබීමේ අඩු භාවයක් පෙන්නුම් කරයි. ව්‍යාපාරික කටයුතුවලට වඩාත් උනන්දු විය යුතුය. ලෙඩ දුක් සුව කර ගැනීමේ හැකියාවක් වෙනදාට වඩා පවතී. විවාහ අපේක්ෂකයන්ට සුබ වාතාවරණයක් නිර්මාණය වේ. උසස් පුද්ගලයකුගේ ඇසුර ලැබීමේ භාග්‍යය උදා වේ. බාල සහෝදරයකුගෙන් හෝ මිතුරකුගෙන් ලාභ ප්‍රයෝජන ලැබේ. ගායනය ක්ෂේත්‍රයේ වැඩමුළු, විවිධ සංදර්ශනවලට සහභාගි වන අයට ජය ගැනීමට පහසු වේ. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
එඩිතර තීන්දු ගැනීමට පසුබට නොවී ක්‍රියා කරයි. ජිවිතයේ තමාට හිමි ස්ථාවරත්වය රැක ගනී. ආදායම් තත්ත්වය මදක් ඉහළ යයි. ප්‍රකාශන කටයුතුවල නියැළි පුද්ගලයන්ගේ රැකියා කටයුතු සාර්ථක වේ. ආදර සබඳතා බිඳ වැටේ. දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ කුසලතාවයන් කෙරෙහි ගැටලුකාරී තත්ත්වයන් මතු කෙරේ. දේපළ වැඩි දියුණුවට පත් වේ. මිත්‍ර ඇසුර වර්ධනය වේ. බාල සහෝදරයකු සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. අරපිරිමැස්මෙන් කටයුතු කරයි. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08 
කුම්භ
අන්‍යයන්ගෙන් ලැබෙන සහයෝගය මත උද්යෝගයෙන් වැඩ කටයුතු කිරීමට හැකි වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙයි. අධ්‍යාපන කටයුතුවල දී සාර්ථක වීමට උත්සාහ ගත යුතුය. දූ දරුවන්ගේ වියදම් අධික වීම සිදුවිය හැකිය. ස්ත්‍රීන් යටතේ රැකියාවල නිරත අයට වඩාත් වාසි ලැබේ. ආදරවන්තයන් වෙනදාට වඩා ආදරණීය බැඳීම් ඇතිකර ගනී. අක්‍රමවත් රුධිර සංසරණ තත්ත්වයන් පැවති අයගේ ක්‍රමවත් බවක් ඇති වේ. නඩුහබවලට පැටලී සිටින අයට අවාසි සහගත තත්ත්වයන් උද්ගත වනු ඇත. ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
තම ආශාවන් සහ සිතුම් පැතුම් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු දිනයකි. ඕනෑම ක්‍රියාවකට ඉදිරිපත් වීමේ ප්‍රවණතාවක් ඇති වේ. කෙසේ හෝ ආදායම වැඩිකර ගැනීමට උත්සුක වීමෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. ගෘහ නිර්මාණ ශිල්පය වැනි කලාත්මක නිර්මාණ කෙරෙහි සිත් වඩාත් යොමුවනු ඇත. නිවසේ අලංකරණ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දු ස්වභාවයක් ඇති වේ. ලේ ඥාතියකුගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකිය. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


































































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.