Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-01

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-01 

අද දවස ඔබට

2020 දෙසැම්බර් මස 01 වන අඟහරුවාදා
ඉර උදාව  - පෙරවරු 06.07
ඉර බැසීම - පස්වරු 17.53
රාහු කාලය
දිවා 15.07 සිට 16.36 දක්වා
රාත්‍රී 03:07 සිට 4.36 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර  

මේෂ
ආදායම් සරු වේ. වැඩ කටයුතු අධිකයි. නිවසින් බැහැර ගමනක් යෙදෙයි. තමාට වැඩි අභියෝග පැමිණෙන දිනයකි. අභියෝගවලින් ජය අත් වේ. කඩිසර ගතිය වැඩිය. සිතිවිලිවල දැඩි ස්වභාවයක් ඇති වේ. එම නිසා බුද්ධිමත්ව කල්පනා කර තීරණ ගන්න. මවගෙන් උපකාර ලැබේ.  ඥාති සබඳතා අලුත් වන දිනයකි. තෙල් සහිත ආහාර ආදිය අහිතකර විය හැකි දිනයකි. කලක් නිම කිරීමට නොහැකිව තිබූ දෙයක් කිරීමට අවස්ථාව ලැබේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
වෘෂභ
ඥාතීන්ගෙන් කීර්ති ප්‍රශංසා හිමිවන දිනයකි. ඇසුරු කරන්නන් අතර ප්‍රධානත්වයට පත් වේ. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුභ දිනයකි. සහෝදරයකුගේ හමුවක් සිදුවිය හැකිය. පියාට යහපත්ය. පිය පාර්ශ්වයෙන් ත්‍යාග ආදිය ලැබීමට හේතු වේ. විවාහ අපේක්ෂක තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සඵල වේ. ආගමික භක්තිය වැඩි කරන දිනයකි. තැන්පත් සිතින් යුක්තව ආගමික වැඩසටහන්වලට යොමු වෙයි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ගලා යන ජලයට බුලත් දමන්න. 
මිථුන
ගෙදර දොර වැඩ කටයුතු සාර්ථකව නිම කර ගනියි. විවාහ ජීවිතයට සතුට ප්‍රීතිය ඇති වේ. ගමන් අධික වේ. තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන දිනයකි. වැඩ කටයුතු සැලසුම් සහගතව අරඹන්න. සමාජ සේවා කටයුතු ආදියට සහභාගී වේ. ආගමික වැඩසටහන්වලට මැදිහත්වීමෙන් චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීමට උත්සාහ ගන්න. අලුත් වැඩ ආරම්භ කිරීමෙන් වළකින්න. උරහිස් ආබාධ ඇති කරවයි. ප්‍රේම සබඳතා ආදියට සුබදායකය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
කටක
කීර්ති ප්‍රශංසා හිමි වේ. මිතුරන්ගේ සහයෝගය ලැබේ. මැහුම් ගෙතුම් ආශ්‍රිත රැකියාවල නියුතු අයට සුබ දායකයි. වැඩි මහන්සියකින් තොරව ආදායම් ලැබිය හැකි දිනයකි. පුරුෂ පක්ෂයට ස්ත්‍රීන්ගේ ආධාර උපකාර හා කරුණාව වැඩියෙන් ලැබේ. විනෝද තරග ආදියේ යෙදෙන්නන්ට යහපත්ය. තමන් සිටින ස්ථානයේ උසස් තත්ත්වයක් හිමි වේ. විවාහ ජීවිතයට සුබයි. සමාජීය හා ආගමික අංශයේ කටයුතුවලට නැඹුරුතාවක් පෙන්නුම් කරයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
සිංහ
සියලු වැඩ කටයුතු සාර්ථක වේ. ධෛර්යවන්තව දිරිමත්ව සියලු කාර්යයෙහි නිරත වෙයි. අලසකම නැති උද්යෝගිමත් දිනයකි. පාලන කටයුතු සාර්ථකයි. තරගවල දී ජය ලැබෙයි. ප්‍රිය සම්භාෂණ ආදියට ආරාධනා ලැබෙයි. ආදායම් තත්ත්වය සුබයි. වියදම් අඩු වේ. විවාහ ජීවිතයේ දී ගන්නා තීරණ ගැන කල්පනාකාරී වන්න. හදිසි තීරණ අනුව වැඩ කිරීම අවාසිදායකයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උරහිස් ආබාධ ඇති කරවිය හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
කන්‍යා
කලකින් හමු නොවූ මිතුරු හමුවක් සිදු වේ. තීරණ ගන්නා විට දී අන්‍යයන්ගේ උපදෙස් උපකාරය වැදගත් වේ. තමන් සිතාගෙන සිටි දෙයක් නොව වෙනත් යමක් කිරීමට හදිසියේ පෙළඹිය හැකි බැවින් කල්පනාකාරී වන්න. සමාජ සේවයට සුභ දිනයකි. පිරිස් බලය ලැබේ. ස්වකීය උත්සාහය තුළ ගේ දොර කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකිය. මිහිරි ආහාර රස විඳීමට හැකි වේ. තෙල් සහිත ආහාරවලින් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න.
තුලා
දරුවන් නිසා ඔබ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ගේ දොර කටයුතුවල කරදර බාධක මඟ හැරී යයි. තැන්පත් ධනය වැය වීමට හේතු යෙදේ. උරුමයෙන් ලැබෙන්නට ඇති දේවල් පිළිබඳ කතිකාවතක් ඇති වෙයි. රැකියා කටයුත්තක් සඳහා ප්‍රදේශයෙන් බැහැරට යෑමට සිදු වේ. මිතුරු සබඳතාවලට සුභ දිනයකි. හදිසි ධන ලාභවලට හේතුයි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට සුදුසු දිනයකි. රෝගාබාධවලින් ප්‍රවේසම්වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
වෘශ්චික
යහපත් මිතුරු ඇසුරක් ලැබේ. විනෝද චාරිකාවකට සහභාගි වේ. බලාපොරොත්තු ආදායම් ලැබේ. සෙම් රෝගවලින් පීඩා විඳි අයට සුවයක් ලැබේ. වැඩිමහල් සොහොයුරකුගේ ප්‍රීතිදායක ආරංචියක් ලැබේ. දරුවකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. ණය දීමේ දී හෝ ගැනීමේ දී සැලකිලිමත් විය යුතුය. ජීර්ණාබාධ ඇතිවිය හැකිය. ගෘහ ජීවිතය සාමකාමීව පවත්වා ගෙන යයි. අධ්‍යාපන කටයුතුවල දී අලස බවක් ඇති කරයි. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   කළු තල පරිත්‍යාග කරන්න.
ධනු
ගේ දොර කටයුතුවලට සුබයි. ක්‍රියාශීලීව තම වැඩ කටයුතුවල නිරත වෙයි. පදිංචි ස්ථානයෙන් බැහැර වීමට ඉඩකඩ ඇත. වෙළඳාමේ යෙදෙන අයට යහපත්ය. තම මව වෙනුවෙන් කාලය ධනය වැය කරයි. ඉගෙනීමට හොඳය. අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ප්‍රේම සබඳතාවලට සුබයි. තීන්දු තීරණ ගැනීමේ දී දෙවරක් සිතා බැලිය යුතුය. නව නිර්මාණකරණයේ යෙදෙන අයට යහපත් සංකල්පනා ආදිය ඇති කරන දවසකි. විදේශ ගමන්වලට සුබයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.
මකර
අභිමානයෙන් යුතුව දවස ගත කරයි. විවාහකයන්ගේ දිවිය ප්‍රීතිමත් වී ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. තරගවලට ඉදිරිපත්වන්නන්ට ජය හිමි වෙයි. අනුන්ගේ කටයුතුවලට උදව් කිරීමට වෙහෙස වන දිනයකි. අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ආමාශගත රෝග හට ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවන දිනයකි. මිත්‍රාදීන් නිවසට පැමිණෙන දිනයකි. නිර්මාණකරණයට ඉතා සුබ දිනයකි. යහපත් අදහස් ඇති වේ. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
කුම්භ
අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත් දිනයක් නොවේ. ගේ දොර සම්බන්ධ කටයුතු සාර්ථක වේ. නඩුහබ සම්බන්ධව සතුටුදායක තීන්දුවක් ලැබේ. ආදායම් තත්ත්වය යහපත් වේ. ධනය ඉපයීමට ශුරයි. ඉක්මන් තීරණ නොගත යුතුය. වෙනදාට වඩා විචාරශීලීව කටයුතු කළ යුතුය. තම මවුපියන් හා වැඩිහිටියන්ගේ උපදෙස් අවවාදවලට ඇහුම්කන් දිය යුතු දිනයකි. කලකින් හමු නොවූ මිතුරකුගේ හමුවක් වේ. යටි පතුල් ආබාධ ඇති කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.
මීන
ආදායම් තත්ත්වය සුබදායක වේ. නමුත් හවුල්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. තුනටිය, දණහිස් ආශ්‍රිත රෝග මතුවිය හැකිය. ගෘහ ජීවිතය සැපවත් කරයි. ප්‍රසිද්ධව කරන මහජන කටයුතුවලින් පාඩු විඳීමට සිදුවිය හැකිය. තම මවගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙහෙසෙයි. මනසේ කලබල නොසන්සුන් ගතියක් ඇති කරයි. සහෝදරයකුගෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. තමාට පැවරෙන වගකීම් කාර්යක්ෂමව කරයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න.























































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.