
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-13
අද දවස ඔබට
2020 දෙසැම්බර් මස 13 වන ඉරිදා
ඉර උදාව - පෙරවරු 06.14 ට
ඉර බැසීම - පස්වරු 17.58 ට
රාහු කාලය
දිවා 16.14 ට සිට 18.13 දක්වා
රාත්‍රී 04.14 සිට 06.13 දක්වා
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - උතුර
මේෂ
විදේශ
රැකියා බලාපොරොත්තු වන අයගේ පැතුම් ඉටු කරයි. තම හිතවත් අය කිහිපදෙනකු සමඟ
අමනාපකම් ඇති කරවයි. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෙනදාට වඩා කල්පනාකාරී
විය යුතු දිනයකි. යුග දිවියේ සතුට රැඳෙන දිනයකි. අද දිනය අධ්‍යාපන කටයුතුවල නිරත
දූ දරුවන්ට මතක ශක්තිය ඈත් කරවන දිනයකි. දෛනික කටයුතුවල අලස බවක් පෙන්නුම් කරයි.
දුර බැහැර ගමන් කිහිපයක් යෙදිය හැකිය. ජය වර්ණය - රතු,
ජය අංකය - 09,
ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
වෘෂභ
නාට්‍ය
කලා හා සංගීත අංශවල අධ්‍යනය කටයුතුවල නිරත අයට සුවිශේෂිි ජයග්‍රහණ කිහිපයක් අත් කරවයි.
වටිනා බඩු බාහිර ආදිය අස්ථානගත වීමේ අවදානමක් ඇති දිනයකි. උරහිස් හෝ බාහු ආශ්‍රිත
රෝගාබාධ මතු කරවිය හැකිය. බාල සහෝදරයකුගේ කාර්යයක් සඳහා වැඩි වගකීමක් දරන කාර්යයකට
මැදිහත් වේ. රැකියා අවශ්‍යතාවක් සඳහා ගමන් කිහිපයක් යෙදිය හැකිය. ගෘහ ජීවිතයේ
ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකි දිනයකි. ජය වර්ණය - නිල්,
ජය අංකය - 05,
කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න.
මිථුන
පවුලේ
කෙනකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් අද දිනය ඔබට වෙහෙස ඇති කරවයි. ධන හානි තත්ත්වයක්
ද පෙන්නුම් කරයි. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ තත්ත්වයන් මතුවිය හැකිය අධ්‍යාපන
කටයුතුත් සඳහා ද දඅද දිනයේ සුබදායක නැත රැකියාස්ථානය ගැටලුකාරී තත්ත්වයන් මතු
කරවිය හැකිය. ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. බුද්ධිය මෙහෙයවා
කරන කටයුතුවලින් වැඩි ලාභ ප්‍රයෝජන අත් කරවයි. ජය වර්ණය - කොළ,
ජය අංකය - 05,
මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.
කටක
නිවසේ
අවශ්‍යතාව සඳහා පැරණි ගෘහ භාණ්ඩ කිහිපයක් මිල දී ගනියි. මවු පාර්ශවයේ ඥාතියකුට
අපලකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. තමා බලාපොරොත්තුව සිටි ණය මුදලක් ලැබීමට පුළුවන.
හෘදය සම්බන්ධ වේදනාකාරී තත්ත්වයන් මතුවිය හැකි නිසා කල්පනාකාරී වන්න. අද දිනය අධ්‍යාපන
කටයුතු සඳහා ඉතා සුබ දිනයකි. ජයග්‍රහණ කිහිපයක් අත් කර ගත හැකිය. නිවසින් පිටත කරන
කාර්යයන් කිහිපයකට ගෘහණිය මැදිහත් වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න.
සිංහ
රැකියා
ස්ථානවල දී ආවේගශීලී වීම පාලනය කරගත යුතුය. උසස් අධ්‍යාපන කටයුතුවල වැඩි ජයග්‍රහණ
පෙන්නුම් කරයි. නව කලාත්මක සිතුවිලි ඇති කරන නිසා කාව්‍ය නිර්මාණකරණයට සුබ දිනයකි.
තමාට වඩා උසස් මිතුරන්ගෙන් ලාභ ප්‍රයෝජන අත්කර ගත හැකිය. වැඩිහිටි පාර්ශවයේ
ආශිර්වාදය ඇතිව ප්‍රේම සබඳතා සාර්ථක කර ගනියි. දූ දරුවන්ගේ කටයුතුවලින් වෙනදාට වඩා
වෙහෙසකර තත්ත්වයක් ඇති කරවයි. ජය වර්ණය - රතු,
ජය අංක - 01,
උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
කන්‍යා
නිවසේ
රසවත් ආහාර ආදියෙන් අමුත්තන්ට සංග්‍රහ කිරීමක් සිදු කෙරේ. තැන්පත් ධනය පිළිබඳ
එතරම් ශුභ තත්ත්වයක් පෙන්නුම් නොකරයි. හිස ආශ්‍රිත වේදනාකාරී තත්තත්වයන් මතු කරවිය
හැකිය. අද දිනය තුළ ඔබට මිශ්‍රඵල උදා කරන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට
වැඩි ප්‍රතිලාභ ලැබිය හැකිය. කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවල නව සොයා ගැනීම් සඳහා
කටයුතු මෙහෙයවීමට ද අද දිනය සුබයි. ජය වර්ණය - කොළ, ජය අංකය -
05, වැඳුම් පිදුම් කරන ස්ථානයේ
රිදී යමක් තබන්න.
තුලා
හවුල්
ව්‍යාපාරවලින් පාඩු සිදු විය හැකිය. අවිවාහක අයට විවාහ ස්ථිර වීමට හැකිය. ආහාරපාන
ගැනීමේ දී ප්‍රවේශම් විය යුතුය. ශරීරයේ තෙල් ගතිය වැඩි වීම නිසා ඇතිවන අසනීප ගති
ඇති කරයි. කල්පනාකාරී විය යුතුය. ක්‍රීඩා කටයුතුවලින් ජය හිමිවන දිනයකි. කලකින්
හමු නොවූ මිතුරන් කිහිපදෙනෙකු හමුවීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවලට එතරම්
යහපත් තත්ත්වයක් පෙන්නුම් නොකරයි. පවුලේ කෙනෙකුට අසනීප තත්ත්වයක් නිසා වියදම් වැඩි
දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, සතෙක් නිදහස් කිරීමට ආධාර
කරන්න.
වෘශ්චික
නිවසට
නව සුඛෝපභෝගී භාණ්ඩ කිහිපයක් මිල දී ගැනීමේ කතිකාවතක් ඇති වේ. සම්මුඛ පරීක්ෂණ
ආදියට ඉදිරිපත් වන අයට ජයග්‍රහණ අත්පත් කරවයි. ප්‍රේම සබඳතාවලට සුභ දිනයක් නොවේ.
ආවේගශීලී ගති මතු කරවයි. කල්පනාකාරීවන්න. අද දිනය තුළ හදිසියේ ගන්නා තීරණ නිසා ඔබ
අපහසුතාවයට පත් කරවයි. මනස මෙහෙයවා කරන ව්‍යාපාර කටයුතුවලින් අලාභ පෙන්වයි. තමා
වෙත පැවැති සතුරු කරදර ආදිය ඉවතට යයි. ජය වර්ණය - රතු,
ජය අංකය - 09,
ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.
ධනු
බුද්ධිය
මෙහෙයවා කරන කටයුතුවල දී කල්පනාකාරී විය යුතුය. ආදායම් තත්ත්වය යහපත් වන අතර දුර
ගමන් හෝ විනෝද චාරිකා යෙදේ. නිවසේ කටයුතු වෙනදාට වඩා කාර්යක්ෂමව වේ. වටිනා බඩු
බාහිරාදිය නැති වීමේ අවදානමක් ඇති දිනයකි. කල්පනාකාරීවන්න. අද දිනය ඔබට සෞඛ්‍ය
තත්ත්වය යහපත් නොවේ. හදිසි වැටීම් හෝ රෝග ආදිය හට ගැනීමට ඉඩ ඇත. රැකියාවේ උසස්
වීමක් හෝ නව රැකියා බලාපොරොත්තු වන අයට යහපත්ය. ජය වර්ණය - රන්වන්,
ජය අංකය - 03,
ගලා යන ජලයට බුලත් දමන්න.
මකර
සහෝදරයකුගේ
අවශ්‍යතාවක් සඳහා ලිපි කටයුත්තක් තමා අතින් කිහිපයක් කෙරේ. උස් ස්ථානවල නැඟීම වැනි
අවදානම් සහ සහගත දේ අද දිනයේ ඔබ පීඩාකාරී කරවිය හැකිය. කල්පනාකාරීවන්න. අධ්‍යාපනය
ලබන දරු දැරියන්ට තම හැකියාවන් තුළින් වැඩි ජයග්‍රහණ ළඟා කරවයි. අද දිනය තුළ දැඩි
වෙහෙසකාරී තත්ත්වයක් මතු කරවයි. ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා කරන
කටයුතුවලට ඉතා සුබදායකය. ජය වර්ණය - නිල්,
ජය අංකය - 08, බණ පොතක් පූජා කරන්න.
කුම්භ
අස්ථානගතව
තිබූ දෙයක් පිළිබඳ යහපත් ආරංචියක් ලැබේ. තැන්පත් ධනය වැය වන දිනයකි. අධ්‍යාපන
කටයුතුවල විශේෂ ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. නිදන්ගත රෝග තිබෙන අය ඉතා ප්‍රවේශම්කාරී
විය යුතුය. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ගමන් බිමන් යෑමේ දී ප්‍රවේශම් විය යුතුය.
ආගම දහම කෙරෙහි නැඹුරුතාවක් දැක්වීම තුළින් සියලු බාධක ජයගත හැකිය. යුග දිවියේ
සතුට මඳක් ඈතට යයි. ආරවුල් ගැටුම් ගැන ද අවදානමක් පෙන්වයි. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06, ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.
මීන
ආදායම්
මාර්ග වර්ධනය සඳහා කරන කටයුතුවලින් වැඩි අවදානමක් තමා වෙත රඳවා ගැනීමට සිදු වේ.
ආගමික කටයුතු සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කරන දිනයකි. දෙපතුල් ආශ්‍රිත වේදනාකාරී
තත්ත්වයන් මතු කරවිය හැකිය. අද දිනයේ තම බලාපොරොත්තුව සිටි ගැඹුරු දේ පිළිබඳ අධ්‍යයනයට
සුබ දිනයකි. තද සීතල ප්‍රදේශවල සංචාරය සඳහා අද දිනය සුබදායක නැත. පවුලේ අය සමඟ ඉතා
සුහද සබඳතාවන් පවත්වා ගත හැකිය. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03, අලුයම අවදිව කිසිවක් පානය
නොකර සූර්යා දෙසට ජලය ඉසින්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: